Thursday, January 9, 2014

ථුල්ලත්ථන මහ රජු

ථුල්ලත්ථන මහ රජු


බු.ව.424 දී රජකමට පත් ථුල්ලන්ත රජු සද්ධාතිස්ස රජුගේ පුත්‍රයාය ඓතිහාසික මූලාශ්‍ර අනුව සද්ධාතිස්ස දුටුගැමුණුගේ දැනුම් දීම මත අනුරාධපුරයට පැමිණෙද්දී ඔහු පුත් ථුල්ලන්ත ද ඒ සමග දීඝවාපියේ සිට අනුරාධපුරයට පැමිණියේය
සද්ධාතිස්ස මහළු වයසේදී ම ථුල්ලන්ත සියලු දෙනාගේ සම්මුතියෙන් රජකමට සුදුසු බැව් තීරණය කර තිබුණි සද්ධාතිස්සගේ වැඩිමහල් පුත් ලජ්ජතිස්සය ඔහු දීඝවාපියේ සිට රෝහණයේ පාලකයා වශයෙන් ක්‍රියා කළේය මෙහිදී සංඝයා වහන්සේලාගේ එකඟතාවෙන් වුවද ලජ්ජතිස්ස සිටියදී ථුල්ලන්තට රජය පැවරීම පිළිබඳව රජ පවුලේ ගැටුමකට හේතුවන්නට ඇත මෙහිදී ථුල්ලන්ත රජ කරවූයේ රට රැකීම පිණිස යනුවෙන් මූලාශ්‍රවල සදහන් පුවත අනුව කිසියම් කුමන්ත්‍රණයකින් රජ පදවිය රැක ගැනීමක් විය හැකි බවද ඇතැම් උගත්තු විශ්වාස කරති කෙසේ වුවත් රුහුණේ සිට ලජ්ජතිස්ස පිරිවරා අනුරාධපුරයට පැමිණ සතළිස් දිනක් රජකම් කළ සිය සොහොයුරාගෙන් රාජ්‍ය පැහැර ගත්තේය
ථුල්ලන්ත යන වචනයද වැදගත් අරුතක් නොදක්වන අතර මහතනයා යයි සිංහලයෙන් විහිළු නමක්ද මේ රජුට යොදා ඇත ඔහු විසින් කරන ලද විශේෂ කාර්යයක් නොමැති අතර රෝහණ ප්‍රදේශයේ කන්දර නම් විහාරයක් කර වූ බව සදහන් වූවද ඒ පිළිබද නිසි තොරතුරු නොමැත

එළාර රජතුමා

 
 
 
 
 
 
Rate This

අසේල රජු මරා දමා සිහසුන පැහැර ගත් එළාර මෙරටට පැමිණි දෙමළ ආක්‍රමණිකයකු වශයෙන් හැදින්වෙන අතර බු.ව.338 සිට 382 දක්වා හතළිස් හතර වසරක් ඔහු මෙරට පාලනය කළ බැව් වංශ කථාවල සදහන් වේ ඉහත තැනක සදහන් කළ පරිදි ඉන්දියාවේ මෙන් ම ලංකාවේද ඒ වන විට ඇති වී තිබූ දේශපාලන තත්ත්වය එළාරගේ පාලනය ස්ථාපිත කර ගැනීමට ඉවහල් වූවා විය හැකිය
එළාර බෞද්ධ පාලකයෙකු නොවූවද මහා වංශ ගත් කතුවරයා දක්වා ඇති අන්දමට ඔහු බෞද්ධ රජවරුන්ගෙන් පෙර චාරිත්‍ර අනුව යමින් මෙරට සම්මතය පරිදි ධාර්මික පාලනයක් ගෙන ගිය බවට කරුණු දක්වා තිබේ එසේම ඔහු යුක්ති සහගත පාලකයෙකු බැව් දැක්වීම පිණිස විවිධ අසාමාන්‍ය සිද්ධි ඇතුළත් කර ඉතිහාසය ගොඩ නගා ඇත දෙමළ සාහිත්‍ය කථා මෙම චරිතය ගොඩ නැංවීමට ඉවහල් වෙන්නට ඇතැයි උගත්තු මත පල කරති සිලප්පදිකාරම් කෘතියේ මනුනීති කණ්ඩ නම් රජෙකු විදි විඩංග නම් යුව රජු රියට යට කර මරණයට පත්කළ කතාව මෙහිදී සිහිපත් වන බැව් පෙන්වා දෙති
කෙසේ වුවත් අවි බලයෙන් රජකමට පත්වූවද ඒ වන විට මෙරට පැවැති බෞද්ධ සංස්කෘතියෙන් බැහැරව සම්මත බෞද්ධත්වයෙන් බැහැරව පාලනය ගෙන යාම අසීරු හෙයින් සිය අනුගාමිකයන් අතර බෞද්ධයන්ට ද විශේෂ ස්ථාන හිමි කර දී තිබුණි එළාරගේ ප්‍රධාන යෝධයා දීඝජන්තු සමනොළ කරුණා කළ අයෙකි නන්දිමිත්‍රගේ පියා ඔහුගේ සෙනෙවියෙකි සිංහලයන් මෙන්ම බෞද්ධයන් පහදවා ගැනීමේ උපක්‍රම අනුගමනය කිරීම නිසා ඔහුට වසර හතළිස් හතරක් පාලනය ගෙන යාමට හැකි විය
මෙහිදී පැහැදිලිව පෙනෙන දෙයක් නම් ප්‍රබල සිංහල බෞද්ධ බලවේගයක් රජ රටින් බිහිවීමට තිබූ අවකාශයක් එළාරගේ පාලන උපක්‍රම තුළ නොවීය එසේම ලංකාවේ විවිධ ප්‍රදේශවලින් සිය බලය ව්‍යාප්ත කර ගැනීමේදී එල්ල විය හැකි බාධක මැඩ පැවැත්වීමට පිණිස ඔහු මහවැලි නදී බඩ මෙන් ම කඳුකර පෙදෙස්වලද බලකොටු ඉදි කර ගත්තේය
කෙසේ වුවත් අවසානයේ බෞද්ධ නොවූ අනුගාමිකයෝ බෞද්ධ සිද්ධස්ථාන හා වෙහෙර විහාර අපවිත්‍ර කිරීම හා විනාශ කිරීම කරගෙන ගියහ මේ අනුව දේවානම්පිය තිස්ස රජු විසින් ගොඩනංවා තිබූ සිද්ධස්ථාන කෙළෙසීම ඔවුන් විසින් කරගෙන ගොස් ඇත මේ තත්ත්වය වර්ධනය වීම මත එළාර රජුගේ පාලනය කෙරෙහි තිබූ විශ්වාසය ජන සමාජයෙන් ගිලිහී යන්නට විය ඒ අනුව රජරට සිට රෝහණ දේශයට ඇදුණු බලවත් පිරිස් රජරට දේශයේ එක්සේසත් වෙමින් තිබූ ජාතික ව්‍යාපාරය හා එක්වීමට උනන්දු වූහ මෙහි අවසාන ප්‍රතිඵලය වූයේ දුටුගැමුණු රජු එළාරට විරුද්ධව බල සේන ගෙන සටනට පිවිසීය

අසේල රජතුමා

 
 
 
 
 
 
Rate This

බුද්ධ වර්ෂ 328 දී රජ පැමිණි අසේල රජු බු.ව.338 දක්වා වසර දහයක කාලයක් ලංකා රාජ්‍ය පාලනය ගෙන ගියේය මුටසීව රජුගේ පුත්‍රයන් අතුරින් නව වැනියා අසේල කුමරු විය කෙසේ හෝ සේන හා ගුත්තික යන දෙදෙනාගෙන් ලක් රජය බේරා ගෙන මොහු අනුරාධපුරයේ රජවිය
අසේල රජු ගැන වංශ කථාකරුවන් විස්තර දක්වා නොතිබීම නිසා වසර දහයක් වූ ඔහුගේ රාජ්‍ය කාලය පිළිබඳව සදහන් වන්නේ ඉතා මද තොරතුරුය
අස්නැව් පුත්න්ගෙන් රජය බේරා ගෙන යළි අනුරාධපුරයේ රජකම දැරුව ද මෞර්ය අධිරාජ්‍යයේ බිද වැටීමක් සමග දකුණු ඉන්දියාවේ සුළු රාජ්‍ය ස්වාධීනව නැගී සිටීමට වෙර දැරීම නිසා ඇති වූ අයහපත් ප්‍රතිඵල අසේලගේ රාජ්‍ය සමයේදී යළිත් ඉස්මතු වන්ට ඇත එහි ප්‍රතිඵලයක් වශයෙන් සොළී රටින් පැමිණි එළාර නම් වූ දමිළයෙකු වූ එළාර අසේල මරා දමා ලංකා රාජ්‍ය අල්ලා ගත්තේය
අසේල රජුට පෙර සේන ගුත්තික දෙදෙනාගේ වසර විසිදෙකක පාලන යුගය තුළ සිංහල බලය අඩපණ වී යාම හා අසේල පාලනය භාර ගත්කද එය මැනවින් ප්‍රතිෂ්ඨාපනය කර ගැනීමට ඔහුට නොහැකි වීම ද එළාරට සිහසුන පැහැර ගැනීමට පහසුවක් විය හැකි යැයි නිගමනය කෙරේ

සේන හා ගුත්තික දැන ගන්න ආසද

 
 
 
 
 
 
Rate This

අස් නැවියකුගේ පුතුන් දෙදෙනෙකු බැව් සදහන් සේන හා ගුත්තික යන දෙදෙනා සූරතිස්ස රජුගෙන් රාජ්‍යය පැහැර ගෙන තිබේ මහත් බලයෙන් යුත් ඔව්හු දමිළ නාමයෙන් වංශ කථාකරු දක්වන අතර බු.ව.306 සිට 328 දක්වා වසර 22 ඔව්හු පාලනය ගෙන ගොස් ඇත ඔවුන්ගේ පාලන කාලය වසර 22 වශයෙන් මහාවංශය දැක්වූවද දීප වංශය එය වසර 12 වශයෙන් දක්වා ඇති බැව් ප්‍රකාශිතය,එසේම ඔවුන්ගේ රාජ්‍යය සේනින්ද ගුත්ත වශයෙන් දක්වා තිබේ
ධර්මාශෝක රජුගෙන් පසු මෞර්ය අධිරාජ්‍යය බිද වැටීමෙන් එහි අවසානයේ සුංග නම් බ්‍රාහ්මණ වංශයක් බිහිවීමක් නිසා ඉන්දියාවේ මෞර්ය පාලනය දුර්වල වීමේ විපාක වශයෙන් මුහුදු මංකොල්ලකරුවන්ට හා දක්ෂිණ භාරතීන්ට මේ රටට බලපෑම් කිරීමට තිබූ ඉඩ කඩ පුළුල් විය මෙයට හේතුවන්නට ඇති බැව් අනුමාන කෙරේ සේන හා ගුත්තික දෙදෙනා අස්ස නාවික පුත්තා යනුවෙන් සදහන් වන හෙයින් ඔවුහු අස්නැව් පුතුන් වශයෙන් ඇතැම් ඉතිහාසඥයන් කරුණු දක්වති මෙයින් හැගී යන්නේ නැව් වලින් පැමිණි බලවත් සන්නද්ධ කල්ලියක් විය හැකි බවයි මේ අතර සමහර විචාරකයන්ගේ මතය නම් මේ දෙදෙනා උතුරු ඉන්දියාවට සම්බන්ධ කණ්ඩායමක නායකයන් විය හැකි බවයි
දේවානම්පිය තිස්ස යුගයේ සිටම අහිංසාව හා ධාර්මික දිවි පෙවෙතකට හුරු ව සිටි ජනතාවකට යුද්ධ හෝ ආක්‍රමණ පිළිබඳව සිත යොමු කිරීමට ඉඩකඩ නොතිබෙන්නට ඇත ඒ නිසා මෙම සේන ගුත්තිකයන්ගේ රාජ්‍ය සමය දැහැමි යුගයක් බැව් සදහන් කර තිබේ

සූරතිස්ස මහ රජු

 
 
 
 
 
 
Rate This

මහා සිව රජුගෙන් පසු ලක් රජය හිමි කර ගත්තේ බු.ව.296 දී රජ පැමිණි මහා සිව රජුගේ සොහොයුරු සූරතිස්සය වසර දහයක් රජ පදවිය හෙබවූ හෙතෙම දේවනම් පිය තිස්ස රජු සමයේ සිටම නැගෙනහිර පෙදෙසේ රජ පවුලේ අයකු වශයෙන් පාලනය පවත්වා ගෙන යන්නට ඇතැයි ඇතැම් උගත්තු විශ්වාස කරති එයම හේතු වශයෙන් දක්වන්නේ දිඹුලාගල ලෙන් ලිපියක සදහන් අය ශූර තිස නම් කුමාරයෙකු ලෙස දක්වා ඇත්තේ සූරතිස්ස මහ රජු විය හැකි බවයි මේ රජුගේ දේවිය අබි උපලා ගැන එම ලිපියේම සදහන් බවද කියැවේ
සූරතිස්ස රජු ලක් රාජ්‍ය භාර ගැනීමට පෙර හා පසුව ගගෙන් එගොඩ විහාර පන්සියයක් කරවූ බැව් දැක්වුවත් වංශ කථාවල එක පරිදි අච්ඡගිරි විහාරය,ප්‍රාවීන පබ්බත විහාරය වැනි විහාර අටක් පිළිබදව සදහන්ය මේ රජුගේ ජීවිත කාලය වසර හැටක් බැව් මහා වංශ කතුවරයා දක්වා තිබේ

මහාසිව රජතුමා

 
 
 
 
 
 
Rate This

උත්තිය රජුගෙන් අනතුරුව බු.ව.286 දී පැමිණි මහා සිව කුමරු උත්තිය රජුගේ සොහොයුරෙකි මේ රජු ගැන මහාවංසයේ සදහන් වන්නේ ඉතා සුළු විස්තරයෙකි එහෙත් දස වසක් රජකම් කළ මේ රජු පිළිබද තොරතුරු යථා පරිදි ලේඛන ගත වී නොමැත
මිහිදු හිමි සමග වැඩි ධර්ම දූත කණ්ඩායම් භද්දසාල තෙරුන් කෙරෙහි පැහැදී සිටි මේ රජු නගරංගන නම් විහාරයක් කරවා තෙරුන්ට පිදූ බැව් කියවේ තවද මහියංගණ අසල ධිලංගල නම් වූ ස්ථානයේ පිහිටි ලෙන් ලිපි දෙකක සිව නැමැති පාලකයෙකු ගැන සදහන් වේ මේ රජු මහාවංශයේ දැක්වෙන සිව රජු වශයෙන් සමහරු කරුණු දක්වා සිටිති

උත්තිය රජතුමා

 
 
 
 
 
 
Rate This

දේවානම්පියතිස්ස රජුගෙන් පසු රජකමට පත්වූයේ ඔහුගේ සොහොයුරෙකු වන උත්තිය කුමාරයාය මේ රජුගේ අභිෂේකයෙන් අටවන වර්ෂයේදී සැට වස් පූර්ණව සෑ ගිරියේ වස් එළඹ සිටි මිහිදු මා හිමියෝ පිරිනිවන් පෑහ
මෙයින් සංවේගයට පත් රජු රාජ්‍ය ගෞරව සහිතව දේහය රන් දෙණක තැන්පත් කර පෙරහැරින් අනුරාධපුරයට වැඩමවා බද්ධමාලකයෙහි ආදාහනය කරවූ බව සදහන්ය එම භූමිය ඉසි භූමංගන වූ බවත් පසුව පිරිනිවන් පානා ආර්යයන් වහන්සේලා එහි ආදාහනය කරවූ බවත් කියවේ එයින් පසු සංඝමිත්තා මෙහෙණියන් වහන්සේද පිරිනිවියෙන් ඇගේ ආදාහන කටයුතු ථූපාරාමයෙන් නැගෙනහිර ස්ථානයක කරවූ බවද සදහන්ය
වවුනියාව දිශාවේ මහ සියඹලා වැව සෙල්ලිපි දෙකක කරුණු අනුව මේ රජු කලින් උත්තර පස්ස ප්‍රදේශය පාලනය කරමින් සිටි බැව් හෙළිවන තොරතුරු දක්වා ඇත කෙසේ හෝ මේ රජුගේ රාජ්‍ය කාලය වසර දහනමයකට සීමා විය
දේවානම්පියතිස්ස රජු යුගයේ ධාර්මික දිවි පෙවෙතකට රට අනුගතව පැවැති හෙයින් උත්තිය රජ සමයේද වැසියා එම පිළිවෙත් අනුගමනය කළහ එසේම මුටසීව රජුගේ පුතෙකු වූ උත්තිය සිය සොහොයුරා වූ දේවානම්පිය තිස්ස රජුගේ ආගමික සංස්කෘතිය හා ආර්ථික පිළිවෙත් කෙරෙහි යොමු වී සිටි බැව් පෙනේ
තවත් ලිපියකින් හමුවෙමු

ලක්දිව සමගි කළ රාජ්‍යත්වය පණ්ඩුකාභය රජතුමා

 
 
 
 
 
 
Rate This

Post 7 photo
ගියපාර කතාකළේ පඩුවස්දෙව් රජතුමා ගැනනනේ.ඊයෙ තොරතුරු තාක්ෂණ ලිපිය දාන්න බැරිවුණා.ඊයෙ මට වැඩ අදිකයි.ඊයෙ තමයි වින්ඩෝස් 8 පරිගණකයට දාගත්තේ.බලන්නකෝ ඒකෙත් හැටිනේ.වෙනවයි වෙනවයි කියල ලෝක විනාසෙත් සිද්ධ වුණේ නැහැනේ.කමක් නෑ වැඩේට බහිමු.අද කතා කරන්න යන්නේ පණ්ඩුකාභය කුමාරයා ගැන.අබා චිත්‍රපටිය බලල ඇතිනේ.එහෙනම් මේ කතාව රසවිදින්න තවත් ලේසි වේවි.
මතකනේ ගියපාර ලිපියෙන් කතා කරා භාද්‍රකච්චායනා කුමරියට පුතුන් 10 දෙනෙක් සහ අන්තිමේදී එක දුවක් ලැබුන කියල. ඒ දියණිය ගේ නම තමයි “චිත්‍රා”. ඇයට දුටුවන් උමතු කරවන සුළු රූ සපුවක් තිබුණු නිසා “උන්මාද චිත්‍රා” කියල හැඳින්වුවා කියලත් දන්නවනේ.. ඉතින් මේ චිත්‍රා ඉපදුන වෙලාවේ දෛවඥයන් අනාවැකි පළ කරාලු අනාගතේදී චිත්‍රා ට පුතෙක් ලැබුනොත් ඔහුගෙන් චිත්‍රාගේ සහෝදරයින් මැරුම් කන බවට. ඉතින් මේකට කලබල උන සහෝදරයෝ ටික තීරණය කරාලු චිත්‍රා එවෙලේම මරා දමන්න. එත් ඉතින් කොයි දෙමාපියෝද එහෙම දේකට කැමති වෙන්නේ. වැඩිමහල් ම සොහොයුරා උන “අභය” ත් මේකට කැමති වෙලා නැහැ. ඒ නිසා අන්තිමේදී තීරණය කරාලු චිත්‍රා ට කිසිම පිරිමියෙක් මුණ නොගැසෙන විදියට ඇයව එක් ටැම් ගෙයක සිර කරලා තියන්න. මේ එක් ටැම් ගෙය මුර කරන්න සේවයේ යොදවල තිබුනේ “චිත්ත රාජ” සහ “කාලවේල” කියන යක්ෂ ගෝත්‍රික සේවකයන් දෙදෙනෙක්.
කොහොමහරි චිත්‍රාවගෙ නෑදෑයෙක් වෙන දිඝගාමිණී කියන කුමාරයට එක්ටැම්ගෙයට යන්න අවස්ථාව ලැබුණා.ඔහොම දවස් කිහිපයක්ම ගියාලු.ඊට පස්සෙ මොකක්ද උනේ කියල මම කියන්න කලින් කවුරුත් වගේ දන්නව ඇති.චිත්‍රාව දීඝගාමිණි සමඟ ආලෙන් වෙලුනලු.ඊට පස්සෙ චිත්‍රාවට ළමයෙක් ලැබෙන්න ඉන්න බව රජ මැදුරට ආරංචි උනාලු.
මේක අහල කෝප උන සොහොයුරන් එක් ටැම් ගෙය මුර කළ චිත්තරාජ සහ කාලවේල ට මරණ දඬුවම දුන්නලු. ඔවුන් දෙදෙනා චිත්‍රාගේ දරුවා ආරක්ෂා කරන්න යක්ෂ ආත්ම වල ඉපදුනා කියලයි ජනප්‍රවාදවල සඳහන් වෙන්නේ.. ඒ වෙලාවේ චිත්‍රාවත් මරන්න හදල මේ අයියණ්ඩිල ටික. ඒත් මවුපියන්ගේ හා වැඩිමහල් සොහොයුරා වූ අභයගේ අනුකම්පාව නිසානැවත වතාවක් මවු පියන්ගේ සහ  වැඩිමල් සොයුරාගේ අනුකම්පාව  නිසා චිත්‍රා ගේ ජීවිතය බේරුනා. පිරිමි දරුවෙක් ලැබුනොත් ඔහු මරා දමන්නත් ගැහැණු දරුවෙක් ලැබුනොත් හදා ගන්නත් එකඟ උනා. ඉතින් කවුද මේ දරුවගේ පියා? භාද්‍රකච්චායනා ගේ බෑනා කෙනෙක් වන “දීගගාමිණි” ද? නැත්නම් යක්ෂ ගෝත්‍රික “චිත්තරාජ” ද? මේක ගොඩක් දෙනා තර්ක කරන කාරණයක්.
කුමාරිය බයවුණා තමන්ට කුමාරයෙක් ඉපදුනොත් සහෝදරයින් තමන්ව මරා දමාවි කියලා.මේ දරුවා බිහි වෙන දවසේදී එදාම ඉපදුන ගෑනු දරුවෙක් සුදානම් කරගෙන හිටියලු පුතෙක් ලැබුනොතින් ළමයි දෙන්නව මාරු කරන්න. ඒක ඒ විදියටම සිද්ධ උනා. ලැබුනේ දුවෙක් කියලා මාමලා රැවටුනා. කුමාරයට නම තැබුවේ පඬුවස්දෙව් රජුගේ ත් අභය කුමරු ගේ ත් නම් එකතු කර “පණ්ඩුකාභය” කියලා. ඉතින් මේ කුමාරයාව යක්ෂ ගෝත්‍රිකයින් වෙසෙන දොරමඩලාව ගමට රහසින් පිටත් කරා.  සේවිකාවක විසින්, පැසක දාගෙන තමයි කුමාරයව ගෙනිච්චේ. ඇයට අතරමගදී හමු වෙනවා දඩයමේ ගිය, කුමාරයාගේ මාමාවරු කිහිප දෙනෙක්. ඔවුන් මේ පැස පරික්ෂා කරන්න හදද්දී චිත්තරාජ සහ කාලවේල වල් ඌරු වෙස් ගෙන එතනින් දුවපු නිසාත් මාමාවරු උන් පස්සේ දුවපු නිසාත් කුමාරයා බෙරුනාලු (මේ කතා නම් හුදු අලංකාර පමණක් වීමට ඉඩ කඩ ඇත).
කුමාරයා නිරෝගීව දොරමඩලාවේ වෙසුනා.සම වයස් ළමුන් එක්ක සෙල්ලම් කරන කුමාරයාට නිතරම නායකත්වය ලැබුනලු.කොහොමහරි කුමරියට පුතෙක් ලැබුණු බවත් ඔහු දොරමඩලාව කියන ගමේ වෙසෙන බවත් මාමලාට ආරංචි වුනාලු.මේ නිසා මාමාවරු ගොඩාක් බියෙන් ඉදල තියෙන්නෙ.දොරමඩලාවේ සියලුම පාහේ ළමුන් ගගේ දිය සෙල්ලම් කරන බව මාමලාට ආරංචි වුනාලු.දවසක් කුමාරයා යහළුවන් සමඟ දිය නෑමට ගිය බව දැනගත් මාමාවරු රාජ පුරුෂයන් යවා දිය නාමින් දියේ සෙල්ලම් කරමින් සිටි ළමුන් සියලු දෙනාම මරන්නට අණ කරාලු.මේ වෙලාවෙ පණ්ඩුකාභය කුමාරය කිමිදිල දිය යටින් ගිහින් විල අයිනේ තිබුණු ගස් බෙනයක රිංගලා සැඟවිලා ඉදලයි ජීවිතය බේරාගෙන තියෙන්නේ.ඔය සිදුවීම වෙන්නේ කුමාරයට අවුරුදු හතේදි.
ඒත් ටික කලක් යනකොට ආයෙමත් මාමලාට ආරංචි වෙනවලු කුමාරයා තවමත් දොරමඩලාවේ වෙසෙනව කියල.දොරමඩලාවට ඇස් විහිදා බලා සිටි මාමලට දවසක් ආරංචි වුනාලු කුමාරයා ගොපල්ලන් සමඟ ගවයන් බලමින් සිටිනව කියලා.ඉතිං ඒ වෙලාවෙත් රාජ පුරුෂයන් නඩා පැනලා ගමේ හිටපු ගොපලු දරුවන් සියලු දෙනාම මරල දාල.කුමාරයාත් ඒ වෙලාවේ ගවයන් බලමින් තමයි ඉදල තියෙන්නේ.ඒත් ඒ වන විට කුමාරයාව පිටත් කරලා නිවසට ගින්දර ගෙන එන්න.ඒ වෙලාවෙ කුමාරයාව හදාවඩා ගත්ත කෙනා ගින්දර එවල තියෙන්නෙ එයාගෙ පුතා අතේ.කුමාරයව ගෙදර නවත්තගෙන.එදාත් කොහොමහරි කුමාරයාගෙ ජීවිතය බේරුණාලු.
ඔතනින් පස්සෙ තමයි ඔය ගමින් අයින් කරල කුමාරයව යවන්නේ පණ්ඩුල බ්‍රාහ්මණයගෙන් ශිල්ප හදාරන්න.එතනදි පණ්ඩුල බ්‍රාහ්මණය දැනගත්තලු මේ කුමාරයා මතු රජවන කෙනෙක් කියලා.මේ නිසා කුමාරයාට හොදින් ශිල්ප ඉගැන්නුවලු.කුමාරයත් ඉතිං උගන්නන දේ හොදටමහ ප්‍රගුණ කරලා.ශිල්ප උගන්වලා කුමාරයා තරුණ වයසට පත්වුණ පසු කුමාරයාගේ උදව්වට පණ්ඩුල බ්‍රාහ්මණයා තම පුත් චන්ද්‍ර කුමාරයාත් සෙබළුන් බදවා ගැනීමට ධනයත් ලබා දුන්නලු.පණ්ඩුල බ්‍රාහ්මණයා තමාට රැකවරණය ලබාදෙන නිසා.මෙතෙක් තමා කවුදැයි රටවැසියාට වසන් කරපු පණ්ඩුකාභය කුමාරයා එය වසන් නොකළ සේනා සංවිධානය කරාලු.මේ කාලෙ සිංහලයින් සිංහ වංශිකයින් එක්ක අමනාපෙන් හිටපු නිසා පණ්ඩුකාභය කුමරුට සිංහලයින්ගෙන් නොබද සහයක් ලැබුනලු .
තම ගුරුවරයා වූ පණ්ඩුල බ්‍රාහ්මණයාගෙත් මය වූ චිත්‍රා කුමාරියගේත් යහළුවා වූ චන්ද්‍ර කුමාරයාගේත් හා වැඩිමහල් මාමා වූ අභය ගේත් ආධාර ඇතිව කුමාරයා සේනා සංවිධානය කරාලු.මේ අතරතුරදී ඔහුට දිඹුලාගලදී චේතියා නම් දක්ෂ වෙළඹක් අල්ලා ගැනීමට පුලුවන් වුනාලු.මේ වෙළමත් කුමාරයා ඉපදුණු දවසෙම ඉපදුනු එකෙක්ලු.මේ වෙළඹ ඉපදුනු බව තහවුරු වුනාමනේ චිත්‍රා කුමරියට කුමරෙකු ඉපදිනු බව න්‍යෂ්ත්‍රක්ෂයනුත් අනාවැකි බල කරල තියෙන්නෙ.මේ වෙළඹත් කුමාරයා වගේම දක්ෂ එකෙක්ලු.මේ වෙළඹ ඉදිරියේදී යුද්ධවලිදී සහය දුන්න ආකාරය ඉදිරියට කතා කරමුකෝ.
කසාගල අවට කදවුරු බැදගත් පණ්ඩුකාභය සේනා තර කරන්නේ ගිරිකණ්ඩ නම් ප්‍රදේශය කරා ගොස් ඇත. එම ප්‍රදේශය පාලනය කළ සිය මයිලණුවෙකු වූ ශිව නම් ප්‍රදේශාධිපතිගේ දියණිය ඔහුට මුණ ගැසිණි .ඇය කෙතට ආහාර රැගෙන යමින් සිටි අතර පණ්ඩුකාභය ඇයගෙන් තමාට හා තම පිරිසට ආහාර ටිකක් ඉල්ලා සිටියේය. එබැවින් කුමාරයාට රන් තැටියක දමා ආහාර පිළිගැන්වූ ඇය අනිත් පිරිසට ආහාර දීම සදහා නුග කොළ කඩා ගත්තාය .පාලි නම් වූ මේ කුමරිය අත තිබූ නුග පත් රන් තලි බවට හැරුනු බව සදහන්ය කෙසේ වුවත් කුමරිය අත ගැසූ නුග පත් රන්වන් පැහැ වූ නිසා ඇය ස්වර්ණපාලි නම් වූවාය. පණ්ඩුල බමුණාගේ අනාවැකිය සිහිගන්වමින් පණ්ඩුකාභය තෙමේ ඇය අග මෙහෙසිය කර ගත්තේය.
මේ බව දැනගත් පාලි කුමරියගේ පියා කුමාරයා සමග සටනට පැමිණියාලු.එහිදී ගිරිකණ්ඩශිව මාමාගේ සියලුම සෙනාවන් සමුලඝාතනය කරාලලු. පාලි කුමරියගේ ඉල්ලීම නිසා ගිරිකණ්ඩශිව මාමාගේ ජීවිතය බේරුණාලු.තමන්ගේ මාමා වූ ගිරිකණ්ඩ සිව මාමා සමග ඇතිවූ කහලය සිදුවූ තැන කලහගල කියලලු හදුන්වන්නෙ.ඊට පස්සෙ පාලි කුමරියගේ සොහොයුරන් පණ්ඩුකාභය කුමාරයා සමඟ සටනට ඇවිල්ල.අනේ අනිච්චං කියල ඒ ගොල්ලොන්ටනම් කුමාරයාගෙන් බේරීමක් නැතිවුණා.එවුන් සියල්ලටම උනේ මලබත් කන්න.මේ සටන සිදුවූ තැන හදුන්වන්නේ ලෝවාකඩ කියලලු.මෙයින් පසුව අභය හා ගිරිකණ්ඩ ශිව මාමාවරුන්ගේත් උදව්ව ඇතිව කුමාරයා දිඹුලාගල හා රිටිගල කඳවුරු බැන්දගෙන සේනා සංවිධානය කරාලු
දැන් ඉතිං කුමාරයාගෙන් මැරුම් කනවනම් මාමල අටයිනේ ඉතුරු වෙලා තියෙන්නෙ.ඒ ගොල්ලන් දැන් සිහි කරමු.ඔන්න කිව්වා මහාතිස්ස,උත්තිය,කුඩා තිස්ස,අසේල,විභාන,රාම,මත්තකල සහ මත්ත.ඔය ගොල්ලෙනම් කුමාරයාට නිතරම තර්ජන එල්ල කරාලු.මේ පිරිස සමඟ සටනට සැරසුණු කුමරු රිටිගල අසල කුඩා නුවර කදවුරු බැන්දලු.පණ්ඩුකාභය කුමරු සටනට එනතෙක් බලාසිටි මාමාවරු කදවුරු බැදගෙන ඉදල තියෙන්නෙ රිටිගල.කුමාරයා සෙන්පතියකු යටතේ සේනා යවා රිටිගල වටලෑවලු.කුමාරයා චේතියා වෙළඹගේ ආධාර ඇතිව මාමාවරු සමඟ සටන් කොට සෙනගින් වැඩි කොටසක්ද මරණයට පත්කරාලු.ඒක අඩඝාතනය කියල අපි හදුන්වමු.සියල්ල මැරුණේ නැහැනේ.මැරුණු මාමාවරු සහ ඒ සේනාවේ අයගේ හිස් එකට ගොඩ ගසා තිබුණු දුටු පණ්ඩුකාභය කුමාරයා හරියට එය ලබු ගොඩක් වැනියි කිව්වලු.ඒ ප්‍රෙද්ශය තමයි ලබුනෝරුව කියල පස්සෙ හැදින්වුවේ.සියලු මාමාවරු මරාදැමූ කුමාරයාට අභය මාමා විසින් රජකම ලබාදුන්නලු.දුන්නෙ නැති වුනානම් එයාටත් බඩු හම්බ වෙනවනේ.අනතුරුව උපතිස්ස ග්‍රාමය අත්හළ පණ්ඩුකාභය රජතුමා අනුරාධගාමය අගනුවර කරගත්තේය.මේ අනුරාධගාමය තොරගත්තෙ කොහොමද කියල මෙහෙමයි මහාවංසෙ සදහන් වෙන්නේ නිමි ශාස්ත්‍රෙය් සහ වාස්තු විද්‍යාෙව් දක්ෂ බමුණන් ලබා පරීක්ෂ කිරීමෙන් අනතුරුව එහි තම අගනුවර ඉදිකිරීමට පණ්ඩුකාභය කුමරු තීරණය කළේය.අනුර නැකතින් ආරම්භ වෙන විසාත් අනුරාධ නම් නම ඇති දෙදෙනෙකුම මෙහි රජකළ නිසාත් මෙයට අනුරාධපුර නමින් නම තබා රාජ්‍ය ආරම්භ කරා කියල තමයි මහාවංසෙ සදහන් වෙන්නෙ.
තම ගුරුවරයා වූ පණ්ඩුල බ්‍රාහ්මණයාගේ පුතා වූ චන්ද්‍ර කුමාරයා පුරෝහිත තනතුරට පත්කළ පණ්ඩුකාභය කුමාරයා නගරගුත්තික තනතුර ඇතිකොට එයට අභය මාමා පත්කරාලු.නගර ගුත්තික රාජකාරිය ලෙස හැදින්වූයේ රාත්‍රී කාලයේදී රාජ්‍ය පාලනය කිරීමයි.මෙය රත්ති රජ්ජක තනතුර කියාද හදුන්වයි.
විධිමත් පාලන ක්‍රමයක් ගොඩනැගූ මුල්ම පාලකයා ලෙස ඉතිහාස ගත වනුයේ පණ්ඩුකාභය රජතුමාය.එතුමා අනුරාධගාමය නගරයක් ලෙස සැලසුම් කොට එහි පරිපාලන කටයුතුද ක්‍රමවත්ව සංවිධානය කළේය.අනුරාධපුරය පාලන මධ්‍යස්ථානයක් ලෙස දිගු කලක් සුරක්ෂතව පැවතීමට අවශ්‍ය පදනම දැමූ ගෞරවය පණ්ඩුකාභය රජතුමාට හිමි විය යුතුය.
පරිබ්‍රාජකයන්ට ආරාමයක්ද අජීවකයන්ට නිවාසයක්ද බ්‍රාහ්මණයන්ට සිවිකා ශාලාවක්ද සහ සොත්ථි ශාලාච,ජෛනයනට හා නිගණ්ඪයනට ආශ්‍රමද ඉදිකරවා ඇත.එමෙන්ම නගරයෙන් පිටත චිත්තරාජ,කාලවේල අදීනට දේවාල තනවා දී ඇත.
ලක්දිව සමගි කරමින් රාජාභිෂේකය ලැබූ පණ්ඩුකාභය කුමරු අවුරුදු හැත්තෑවක් රජකම් කොට මරණයට පත්විය.ඉන්පසුව රජවූ මුටසීව කුමාරයා ගැන එන ලිපියෙන් කතා කරමු.
Visit Our New Website –  http://sinhapedia.blogspot.com/

මුටසීව රජතුමා

 
 
 
 
 
 
Rate This

කොහොමද ඉතිං දැන් ලිපි ලියන්න මට වෙන්න වෙන්නෙ නැහැ හැමදාම පමණක් දවස්වල පන්ති පමණක් දවස්වල පාසලේ ක්‍රීඩා වලට සහභාගී වෙනෝ දැන් පාඩම් කරන්නත් එපාය ඒ හින්ද තරහ ගන්න එපා ඉඩ ලැබුණු වෙලාවට අනිවාර්යයෙන් ලියනවමයි
පණ්ඩුකාභය රජුගේ හා ස්වරණපාලි කුමරියගේ පුත්‍රයා වූ මුටසීව බු.ව.176-236 දක්වා ලංකා රාජ්‍යය පාලනය කළ අතර රාජාවලිය මුටතිස්ස නමින් මේ රජතුමා හදුන්වා ඇත මහ මෙව්නා උයන කරවන ලද්දේ මේ රජු විසින් යැයි සදහන්වන අතර උයන කරවන සමයේදී අකාල මේඝයක් නිසා මේඝවන නම් වූ බැව් කියයි හෙතෙම අනුරාධපුරයේ සැට වසරක් රජකම් කර ඇතත්,මේ කාලය තුල දී ද කොතෙකුත් වැදගත් දේවල් සිදුවන්නට ඇත මේ කාලය තුලදී ද කොතෙකුත් වැදගත් දේවල් සිදුවන්නට ඇත එහෙත් ඒ පිළිබඳ තොරතුරු වංශ කථාවලට ඇතුළත් වී නොමැත
මහාචාර්ය සෙනරත් පරණවිතාන ශූරීහු විවිධ තොරතුරු උපකල්පනය කරමින් මේ රජු මුරුන්ඩ ශිව යනුවෙන් දක්වා එම රාජ සමය පිළිබඳව දීර්ඝ විවරනයක යෙදී ඇත
ඉතිහාසගත තොරතුරු අනුව මුටසීව රජුට පුත්‍රයෝ දස දෙනෙක් හා දියණිවරු දෙදෙනෙක් වූ බැව් සදහන්ය මේ සොහොයුරු පිරිස දශ බෑයන් යනුවෙන් දීප වංශය හදුන්වයි
එහෙනම් ඊළඟට ගේන්නෙ මොකක්ද කියල දැනගන්න ආස ඇතිනේ එහෙනම් අපි කවුරුත් දන්න පණ්ඩුකාභය රජු ගැන ලිපියක් ගේන්නන්කෝ කියවල විතරක් යන්න එපා ගුණ දොස් පොඩ්ඩක් ලිව්වනම් හොදනේ

ලක්දිව රජකළ පඩුවස්දෙව් රජතුමා

 
 
 
 
 
 
Rate This

Post 6 photo
ඔන්න ගිය සතියෙ කිව්වනේ ඊළඟට රජවූ කෙනා හදුන්වල දෙනව කියල.අද ඒ නම මුලින්ම කියන්නෑ.පොඩි විස්තරයක් කියල තමයි පටන්ගන්නේ.ඒ විස්තරේ අවශ්‍යමයි.
ඔන්න විජයගේ දූත පිරිස හසුන් ගෙන සිංහ පුරයට ගිය පසු ඔහුගේ සොහොයුරා වූ සුමිත්ත සිංහ පුරයේ රජකම් කරමින් ඉදල තියෙන්නේ.ඉහත සඳහන් පරිදි සුමිත්ත සිංහ පුරයේ අභිෂේක ලැබූ අතර ලක්දිව රජකම කිරීමට යෑමට කැමති කවුද කියා තමන්ගේ පුත්‍රන් තිදෙනාගෙන් ඇහුවම,බාලම පුතනුවන් වූ පඩුවස්දෙව් ලක්දිවට යෑමට කැමතිවෙලා.ඒ අනුව පඩුවස්දෙව් කුමාරයා පරිවාර කුමර කුමරියන් තිස්දෙනෙකු සමඟ ලක්දිවට ඒමට ඉන්දියාවෙන් නැව් නැගලා.ඔවුන් ලක්දිවට පැමිණිලා තියෙන්නේ පරිබ්‍රාජකයින් විදියට වෙස් වලාගෙන.විජයගේ මරණයත් පඩුවස්දෙව් කුමාරයාගේ පැමිණීමත් අතර ගණනය කිරීමට අනුව වර්ෂයක් පමණ තියනවා.එතෙක් ලක්දිව පාලනය කරල තියෙන්නේ විජය සමග පැමිණි පරිසේ නායකයෙක් වන උපතිස්ස ඇමති.අපි ඉස්සෙල්ලා කිව්ව වගේ ඔහු විසින් පිහිටුවා ගත්ත උපතිස්ස ග්‍රාමයේ තමයි රජකම් කරල තියෙන්නේ.ඔන්න පඩුවස්දෙව් ඇතුළු  පිරිස මහකනදරා නදිය ඔස්සේ ගෝකණ්ණ තිත්ථයට ගොඩ බැස විජිතපුරයේ රජකම් කළ බව මහාවංශ ඨිකාවේ සඳහන් වෙලා තියනවා.ඕකෙ තේරුම දන්නෙ නැති අයත් ඇතිනේ.ඔය විදියට පඩුවස්දෙව් ඇතුළු පරිසි මහවැලි නදිය ඔස්සේ ත්‍රිකුණාමලය වරායට ගොඩ බැස විජිත පුරයේ රජකම් කර ඇති බවයි හැඟ වෙන්නේ.පඩුවස්දෙව් ඇතුළු පරිසි ගෝකණ්ණ වරායට ගොඩ බැසල තියෙන්නේ ක්‍රි.පූ.504 දී පමණ.මේ පිරිස තමයි ලංකාවට පැමිණි දෙවන ආර්ය කණ්ඩායම. පඬුවස් දෙව් රජ තුමාත් උපතිස්ස ගම අග නුවර කරගත්ත බව  විශ්වාස කළත් ඇතැම් අය කියන්නේ එතුමා අගනුවර කරගත්තේ හලාවත ආසන්නයේ පිහිටි පඬුවස්නුවර බවයි.
ඉතින් මෙහෙම ටික කලක් ගත වෙද්දී පඬුවස්දෙව් රජතුමා ටත් විජයට උන දේ ම උනා. “අභිෂේකය සඳහා කුල කාන්තාවකගේ අවශ්‍යතාවය” පැන නැගුනා. පඩුවස්දෙව් රජුගේ බිසව විදියට ගෙන්වා ගත්තේ ශාක්‍ය කුලයට අයත් සුද්ධෝදන රජුගේ සොහොයුරා වූ අමිතෝදන රජුගේ පුතා වූ පණ්ඩුශාක්‍ය කුමරාගේ එකම දියණිය වූ භද්‍රකච්චායනා කුමරිය.භද්‍රකච්චායනා කුමරිය ලංකාවට පැමිණිලා තියෙන්නෙ තවත් පරිවාර කුමර කුමරියන් 32 සමඟ.ඒ මොකටද දන්නවද අර ඉස්සෙල්ලාව ආව විජයගේ පිරිසට බිසෝවරුන් හැටියට.ඒ විතරක් නෙවෙයි භද්‍රකච්චායනා කුමරිය ඇවිල්ල තියෙන්නෙ තමන්ගේ සොහොයුරන් සත් දෙනාගෙන් හය දෙනෙක්ම සමග.මේ පිරිස ඉන්දියාවේ නැගෙනහිර වෙරළේ පිහිටා තිබෙන තාම්‍රලිප්ති තොටුපොළෙන් නැව් නැගල ලංකාවේ නැගෙන හිර වෙරළේ පිහිටා තියෙන ගෝකණ්ණ තොටුපළට ගොඩ බැහැල තියනව කියල ඉතිහාස වංශකථා ශාක්ෂි දරනවා.ඔන්න ඔහොම තමයි ලක්දිව වාසීන් බුදුන්වහන්සේගේ ලේ නෑයින් බවට පත්වුණේ.මේ පිරිස තමයි ලක්දිවට පැමිණි තෙවන ආර්ය කණ්ඩායම.භද්‍රකච්චායනා කුමරිය සමඟ පැමිණි සොහොයුරන් ගංගා ආශ්‍රිතව ජනවාස පිහිටුවාගෙන තියනවා.දීඝයු කුමාරයා දීඝගාම මණ්ඩල හෙවත් දිගාමඩුල්ලද,රෝහණ කුමරු රෝහණ ග්‍රාමයද,අනුරාධ විසින් අනුරාධගාමද,විජිත විසින් විජිතගාමද,උරුවේල විසින් උරුවේලගාමද,රාම විසින් ගෝණාගමද පිහිටුවාගෙන තියනවා.
භාද්‍රකච්චායනා කුමරියට පුතුන් 10 දෙනෙක් සහ අන්තිමේදී එක දුවක් ලැබුනලු. ඒ දියණිය ගේ නම තමයි “චිත්‍රා”. ඇයට දුටුවන් උමතු කරවන සුළු රූ සපුවක් තිබුණු නිසා “උන්මාද චිත්‍රා” කියල හැඳින්වුවා ලු. දීප වංශයේ සදහන් පරිදි අනිත් දරුවන් වූයේ තිස්ස,උත්තිය,අසේල,විභාතරාම,සිව මත්ත,මන්තකලෙණ.චිත්තා යනුවෙනි. ඉතින් මේ චිත්‍රා ඉපදුන වෙලාවේ දෛවඥයන් අනාවැකි පළ කරාලු අනාගතේදී චිත්‍රා ට පුතෙක් ලැබුනොත් ඔහුගෙන් චිත්‍රාගේ සහෝදරයින් මැරුම් කන බවට. ඉතින් මේකට කලබල උන සහෝදරයෝ ටික තීරණය කරාලු චිත්‍රා එවෙලේම මරා දමන්න. එත් ඉතින් කොයි දෙමාපියෝද එහෙම දේකට කැමති වෙන්නේ. වැඩිමහල් ම සොහොයුරා උන “අභය” ත් මේකට කැමති වෙලා නැහැ. ඒ නිසා අන්තිමේදී තීරණය කරාලු චිත්‍රා ට කිසිම පිරිමියෙක් මුණ නොගැසෙන විදියට ඇයව එක් ටැම් ගෙයක සිර කරලා තියන්න. මේ එක් ටැම් ගෙය මුර කරන්න සේවයේ යොදවල තිබුනේ “චිත්ත රාජ” සහ “කාලවේල” කියන යක්ෂ ගෝත්‍රික සේවකයන් දෙදෙනෙක්.
එසේ වුවත් ඇගේ මයිලනුවණ් කෙනෙකු වූ දීඝ ගාමිණී කුමරු,චිත්‍රා කුමරිය රදවා සිටි එක්ටැම් මාලිගාවට පිවිසෙන්නට විය මේ වන විට අභය රජු සමග රාජ සේවය පිණිස දීඝ ගාමිණිටද යුව රජ පඩුවස්දෙව් රජු විසින් ලබා දී තිබුණි මේ තොරතුරු දැනගත් උම්මාද චිත්‍රා ඔහු හා පෙමින් බැදීම මෙම සබදතාවයට හේතු විය එහි අවසාන ප්‍රතිඵලය වූයේ දීඝගාමිනීට දාව චිත්‍රා කුමරියට පිරිමි දරුවෙකු ලැබීමයි
මේක අහල කෝප උන සොහොයුරන් එක් ටැම් ගෙය මුර කළ චිත්තරාජ සහ කාලවේල ට මරණ දඬුවම දුන්නලු. ඔවුන් දෙදෙනා චිත්‍රාගේ දරුවා ආරක්ෂා කරන්න යක්ෂ ආත්ම වල ඉපදුනා කියලයි කියන්නේ. චිත්‍රා ත් මරා දමන්න හැදුවත් නැවත වතාවක් මවු පියන්ගේ සහ  වැඩිමල් සොයුරාගේ අනුකම්පාව නිසා චිත්‍රා ගේ ජීවිතය බේරුනා. පිරිමි දරුවෙක් ලැබුනොත් ඔහු මරා දමන්නත් ගැහැණු දරුවෙක් ලැබුනොත් හදා ගන්නත් එකඟ උනා. ඉතින් කවුද මේ දරුවගේ පියා? භාද්‍රකච්චායනා ගේ බෑනා කෙනෙක් වන “දීගගාමිණි” ද? නැත්නම් යක්ෂ ගෝත්‍රික “චිත්තරාජ” ද? මේක ගොඩක් දෙනා තර්ක කරන කාරණයක්.
මාමාවරුන්ගේ විරෝධය දැන සිටි චිත්‍රා කුමරිය තමන්ට ලැබුණු පිරිමි දරුවා ගැහැනු දරුවෙකු බව අගවා එදින ම ඇගේ සේවිකාවකට ලැබුණු දියණියට සිය පුත් කුමරු හුවමාරු කර ආරක්ෂා සහිතව කුමාරයා රහසිගතව ඇති දැඩි කර ගැනීමට කටයුතු සලසා ගත්තාය පුත් කුමරුවාට පණ්ඩුකාභය යයි නම් තාබූ චිත්‍රා කුමරිය සිය සේවිකාව මාර්ගයෙන් දරුවා ඇති දැඩි කර ගත්තේ උපායන් යොදමින්ය .ලැබුනේ දුවෙක් කියලා මාමලා රැවටුනා. කුමාරයට නම තැබුවේ පඬුවස්දෙව් රජුගේ ත් අභය කුමරු ගේ ත් නම් එකතු කර “පණ්ඩුකාභය” කියලා. ඉතින් මේ කුමාරයාව යක්ෂ ගෝත්‍රිකයින් වෙසෙන දොරමඩලාව ගමට රහසින් පිටත් කරා.  සේවිකාවක විසින්, පැසක දාගෙන තමයි කුමාරයව ගෙනිච්චේ. ඇයට අතරමගදී හමු වෙනවා දඩයමේ ගිය,කුමාරයාගේ මාමාවරු කිහිප දෙනෙක්. ඔවුන් මේ පැස පරික්ෂා කරන්න හදද්දී චිත්තරාජ සහ කාලවේල වල් ඌරු වෙස් ගෙන එතනින් දුවපු නිසාත් මාමාවරු උන් පස්සේ දුවපු නිසාත් කුමාරයා බෙරුනාලු (මේ කතා නම් හුදු අලංකාර පමණක් වීමට ඉඩ කඩ ඇත).
දොරමඩලාවේදී කුමාරයා හැදී වැඩෙන්නේ යක්ෂ ගෝත්‍රිකයින් ගේ රැකවල් මැද. ඔහුට අවු. 7 ක් වෙද්දී මාමාවරු දෛවඥයින්ගෙන් දැන ගන්නවා කුමාරයා ගැන. කුමාරයා ගොපළු ගමක ඉන්න බව දැනගත් පසු සේවකයින් ලවා ගොපළු ගම් එකක් නෑර ගිනිබත් කර බිලිඳු සංහාරයක් කරනවා. මේ වෙලාවේදී කුමාරයා යහළුවන් සමග දිය කෙළියට ගිහින්. රාජ පුරුෂයන් එතනට කඩා වදිද්දී කුමාරයා ඉන්නේ ගස් බෙනයක හැංගිලා. ඒක කුමාරයා යහළුවන් පුදුම කරවන්න නිතරම වගේ කරපු දෙයක්. ඒ නිසා එදා ඔහුගේ ජීවිතය බේරුණා. කුමාරයට දොළොස් විය ලැබූ පසු නැවතත් මාමාවරුන්ට සැක පහළ වෙනවා. මේ වතාවේදී කුමාරයා බේරෙන්නේ ගින්දර ගෙන ඒමට ගෙදර යන අතරමග සිටි නිසා. කෙසේ වුවත් සම වයස් ළමයින් බොහෝ ගණනක් කුමාරයා නිසා දිවි පුදනවා.
සොළොස් විය පිරුණු කුමරු ශිල්ප ඉගෙන ගැනීම සඳහා “පණ්ඩුල” නම් බ්‍රාහ්මණයෙකු ළඟට යනවා. පණ්ඩුල බමුණාගේ පුත් “චන්ද්‍ර” ද පසු කලෙක පණ්ඩුකාභය ගේ සේනාව සමග එකතු වෙනවා. වැඩි විස්තර පණ්ඩුකාභය රජු යටතේ ලිපයෙන් දැන ගනිමු.වැඩියෙන් කියන්න ගියොත් ඒ ලිපියට විස්තර නැති වෙනවනේ.
පණ්ඩුකාභය කුමරු ඉපදුන වසරේම පඬුවස්දෙව් රජුතුමා මිය යනවා, ඒ අවු. 30 ක රාජ්‍ය කාලයකට පසුව. එනම් ක්‍රි. පූ. 504 – ක්‍රි. පූ. 474  (බු. ව. 40 – බු. ව. 70). ඉන් පසුව රජ වෙන්නේ අභය රජ තුමා (කුමරුගේ වැඩිමහල් මාමා). ඔහු අවු. 20 ක් (ක්‍රි. පූ. 474 – ක්‍රි. පූ. 454) හොඳින් රජකම් කරනවා. අභය රජු පණ්ඩුකාභය කුමරුට පක්ෂව කටයුතු කරන බවට සැක ඇති වීම නිසා අනෙක් සොහොයුරෝ ඔහුට විරුද්ධ වී රජ කම දෙවැනි සොහොයුරු “තිස්ස” ට ලබා දෙනවා. ඒත් තිස්ස රජුට (ක්‍රි. පූ. 454 – 437) හරියාකාරව රජකම් කරන්න ලැබෙන්නේ නැහැ. පණ්ඩුකාභය කුමරු ඔවුන්ට විරුද්ධව සටන අරඹන නිසා. ඒ කාලයේ රට අරාජික තත්වයක තිබුණා කිව්වොත් වඩාත් හරි.
සිංහලයේ ප්‍රථම රජුවූ පණ්ඩුකාභය රජු විස්තර ඇතුළත් ලිපියෙන් එන සතියේ හමුවෙමුකෝ.

සෙංකඩගල ඇසළ පෙරහැරේ දළදාව පැහැර ගැනීමේ කුමන්ත්‍රණයක්

 
 
 
 
 
 
Rate This

බය වෙන්න එපා මේක 1834 දී සිදුවුණු සිදුවීමක්
ඇසළ පෙරහැර ආරම්භවීමට නියමිතව තිබුණේ අගෝස්තු පස්වන දාටය ඒ 1834 අවුරුද්දයි ඉංග්‍රීසි ආණ්ඩුකාර ශ්‍රීමත් රොබට් ඩබ්ලිව්.හෝර්ටන්ට ලැබුණ රහස් තොරතුරු අනුව ඇසළ පෙරහැර නැරඹීමට පැමිණෙන දහස් ගණනින් බැතිමතුන්ගේ අධාර සහිතව දළදාව පැහැර ගැනීමේ සැලැස්මක් දියත් කිරීමට නියමිත බවයි එම කාර්ය සදහා පෙරහැර නැරමීමට පැමිනෙන උඩරැටියන්ගේද දැනට බන්ධනාගාර ගතව සිටින්නන්ගේද ආධාර උපකාර ඇතිව ක්‍රියාත්මක කරන පිරිසට ලැබීමට අපේක්ෂිත විය මහනුවර දිසාපති වුඩ්හවුස්ටද මෙම තොරතුරු ලැබී තිබුණි ඔහුට ඕනෑම කෙනෙකු අත්අඩංගුවට ගෙන නඩු විභාගයකින් තොරව මාස දහ අටක් රදවා තැබීමටද ආණ්ඩුකාරයා විසින් බලය පවරා තිබිණි ඒ අනුව ජූලි 19 දින වන විට මොල්ලිගොඩ මහ අධිකාරම්,ඇලපොත බස්නායක නිලමේ,දුනුවිල දිසාව,මද්දුම බණ්ඩා,රද්දේගොඩ ලේකම්,ගන්හතේ මුහන්දිරම්,පාලමකුඹුරේ ලියනරාල, ඇතුල්ගම බණ්ඩා යන ගිහි නායකයන්ද වෙල්ලස්සේ අනුනායක උන්නාන්සේ,දෙබැව උන්නාන්සේ,තිබ්බටුවාවේ උන්නාන්සේ,ගලගම උන්නාන්සේ,කැටකුඹුරේ උන්නාන්සේ ,කොබ්බෑකඩුව උන්නාන්සේ ආදී නායක හිමිවරුන්ද ගතව සිටි හිරකරුවන් සමග කොළඹට රැගෙන යන ලදී
ලංකාව බාරව සිටි ස්ටැන්ලි සාමිවරයා වෙත මෙම සිද්ධිය වාර්තා කරන ලදී මහනුවර පොලිස් අධිකාරිවරයා වූ කෝල්පෙපර්, ඔහුගේ පස්දෙනෙකු පමණක් වූ පොලිස් බලකාය වැඩිකරවා දෙන ලෙසත් ඔවුන්ට වැඩි වැටුපක් ගෙවන ලෙසත් එංගලන්ත රජයෙන් ඉල්ලීය මේ අතර පැවිදි සිරකරුවෙක් වශයෙන් මුරසියට පිටුවහල් කර සිටි ඉහගම උන්නාන්සේ උපැදිව ඉහගම රාළ නමින් ඉංග්‍රීසීන්ට විරුද්ධව ප්‍රංශයෙන් උදව් ලබාගැනීමට යැවීමේ සැලැස්මක් දුනුවිල නිලමේ විසින් දියත් කරන ලදී එමෙන්ම මෙරටට උපසම්පදාව ගෙන්වා ගත් සියම් දේශයෙන් කුමාරයකු ගෙන්වා ගෙන ඉංග්‍රීසීන් මෙරටින් පන්නා හැරීමේ සැලැස්මක්ද දුනුවිල සතුවිය මේ අතරතුරෙහිම ඉංග්‍රීසි ආණ්ඩුවෙන් දීමනා ලබමින් දළදාව තේවාවෙහි යෙදී සිටි භික්ෂූන් වහන්සේලා වස් එළැඹීමට යැයි පවසා සෙංකඩගලින් පිටව යෑමට ඉංග්‍රීසි ආණ්ඩුවෙන් අවසර ඉල්ලීය නමුත් ඉංග්‍රීසි ආණ්ඩුවේ සැකය වූයේ මෙම භික්ෂූන්ද සෙංකඩගලින් බැහැරව ගොස් කැරලිකරුවන්ට සහය දෙන බවටය හමුදාවේ මේජර් ජනරාල් ශ්‍රීමත් ජේම්ස් විල්සන්, යටත්විජිත ලේකම් වූ පිලිප් ඇන්ස්ත්‍රැදර්, ටර්ටන් හා දිසාපති වුඩ්හවුස් ගෙන් සමන්විත වූ විධායක කොමිටිය මෙම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය ඔවුන් තීරණය කළේ කැරළිකරුවන් සියළුදෙනාම එකම දිනයකදී එකම වේලාවට හිරභාරයට ගැනීමටය
මේවන විට මඩකලපුවෙන් ගොඩබාන ලද විශාල අවි තොගයක් හමුවීමෙන් ඉංග්‍රීසීන්ට හමුවීමෙන් ඉංග්‍රීසීන්ගේ සැකය තවදුරටත් වැඩිවිය මෙම අවි අතර තුවක්කු,කඩු,කිණිසි,වෙඩි බෙහෙත්,ගෙන්දගම්,පිස්තෝල ආදියද විය

සැලැස්ම

ටර්නර් ධාතු කරඩුව පිටතට ගැනීමට යන අවස්ථාවේ එහි තිර රෙද්දට ගිනි තබා කලබලයක් නිර්මාණය කර ධාතු කරඩුව ඉවත්කොට ඒ වෙනුවට දන්ත ධාතුවට සමාන වෙනත් දෙයක් ආදේශ කිරීමට සැලසුම් කිරීමට තීරණය කර තිබිණි දන්ත ධාතූන් වහන්සේ සමග සිංහලයාගේ බැදීම කොපමණද යන්න මේවන විට ඉංග්‍රීසිහු දැන සිටියහ එදා දන්ත ධාතුව සිංහලේ යම් නායකයෙකු අතට පත්වී නම් අපට නැවතත් සිංහලේ රජකම ලැබෙනු නොඅනුමානය මෙම තත්ත්වය අවබෝධකොට ගත් ඉංග්‍රීසි රජය රජයට දන්ත ධාතුව පිහිර ගැනීම වැළැක්වීමට පසුබට වූයේ නැත ඉංග්‍රීසි රජයට දැන් තිබෙන විකල්පය කැරැල්ලට යොදාගත් දිනයයට පෙර කැරළි නායකයන් හිරබාරයට ගෙන ඔවුන්ගේ සැලැස්ම පරාජය කිරීමය මේවන විට සිදුවීමට යන විනාශය පිළිබදව සෑහෙන ආරංචි කොළඹ ආණ්ඩුකාරයා වෙ කටකථා මගින් මෙන්ම ඔත්තු සේවා මගින්ද ලැබෙමින් පැවතුණා මඩගළපුවෙන් ගෙන්වූ අවි ආයුධ පිළිබදව තොරතුරු කොළඹට ආරංචි විය දඩගළපුවේ වරාය කොමසාරිස්ට දන්වා එම ආයුධ නිදහස් නොකිරීමටද පියවර ගන්නා ලදී මහනුවර සිටි ආණ්ඩුවේ ඒජන්ත වුඩ්හවුස් ද කොළඹට වාර්තා කළේ ඇසළ පෙරහැර විශාල ලේ ගැනීමකින් කෙළවර විය හැකි බවය අනික් අතට ඔහු කියා සිටියේ මෙම ක්‍රියාන්විතියට නායකත්වය දෙන ප්‍රධාන පිරිස් අල්ලා සිරගත කළහොත් ඔවුන්ට සහාය දක්වන සාමාන්‍ය පිරිස්ද අධෛර්යයටද පත්වන බවය ඒනිසා ඔවුන් සියළුදෙනාම හිරභාරයට ගනු ලැබීය

නායකයන් අත්අඩංගුවට

මොල්ලිගොඩ අත්අඩංගුවට ගැනීමේ කාර්යය භාරවූයේ මේජර් තෝමස් ස්කිනර්ටය ස්කිනර් මෙරටට පැමැණියේ මාර්ග ඉංජිනේරුවෙකු වශයෙන් සේවය කිරීමටය ඔහු සිලෝන් රයිෆල් රෙජිමේන්තුවේ මේජර්වරයෙකු වූ අතර ඔහු අධිකාරම් හොදින් දැන ඇදින් සිටි අයෙකු විය වෙඩි හඩක සංඥාව නිකුත්වනවාත් සමග ස්කිනර් මොල්ලිගොඩ වලව්වේ ප්‍රධාන දොරටුව කඩාගෙන ගෙට ඇතුළු විය පසුව ස්කිනර් කොළඹට වාර්තා කළේ මම ගෙට ඇතුළුවන විටම ලන්තෑරුමක් අතින් ගත් මහළු මිනිහෙක් ඉස්සරහට පැමිණ මට අවශ්‍ය මොනවාදැයි විමසීය මම තවත් සොල්දාදුවන් පිරිසක් සමග උඩුමහලට දිව ගියෙමි එහිදී මට දැකගත හැකිවූයේ අධිකාරම් තවමත් නින්දෙන් පසුවන බවය ඔහුට කිසිදු ආරක්ෂකයෙකු නොවීය මොල්ලිගොඩ අත්අඩංගුවට පත්විය එදිනම පාන්දර හතරට පමන අස්ගිරි මහ විහාරය වැටලීමට සිලෝන් රයිෆල් හමුදාවේ කපිතාන් එඩිසන් ඇතුළු පිරිසක් යොදවන ලදී
කපිතාන් ස්ටෑන්ස් දුනුවිල අත්අඩංගුවට ගැනීමට සමත් විය මේ සමගම සියළු කැරළි නායකයන් අත්අඩංගුවට ගැනීමට කපිතාන් ස්ටෑන්ස් සමත්විය
මේ සමගම සියලු කැරළි නායකයන් අත්අඩංගුවට ගෙන ඔවුන් සම්බන්ධයෙන් තිබූ සාක්ෂි රජයේ නියෝජ්‍ය අද්වකාත් ජෙරිංග් වෙත ඉදිරිපත් කරන ලදී රජයේ අද්වකාත් ඕගල් කාර් සාක්ෂි විශ්ලේෂණයකින් පසු චූදිතයන්ට විරුද්ධව නඩු විභාගයක් පැවැත්වීමට නිර්දේශ කළේය නඩු විභාගය 1835 ජනවාරි 12 0ින ඩබ්ලිව්.නොරිස් දෙවන සුප්‍රීම් විනිශ්චකාරතුමා ඉදිරියෙහි ආරම්භ විය ජූරිසභාව ඉංග්‍රීසීන් හය දෙනෙකු හා සිංහලයින් හත් දෙනෙකු ගෙන් සමන්විත විය විත්තිකරුවන් වෙනුවෙන් ස්ටැපල්ස් අද්වකාත්වරයා පෙනී සිටියේය
දින නවයක් පුරා සාක්ෂිකරුවන් විසිපහකට අධික පිරිසගේ සාක්ෂි විභාගයෙන් පසුව ජූරි සභාවේ ඒකමතික තීරණය වූයේ විත්තිකරුවන් නිවැරදිකරුවන් බවටය උඩරට රාජ්‍යයේ තවත් ‍‍‍ඓතිහාසික සිද්ධියක් මෙසේ නිමායට පත්විය
කතාව පට්ටයිනේ කමෙන්ට් එකකුත් දාල යන්න

ආව් ගිඩේ

 
 
 
 
 
 
Rate This

ගිඩේ ඩැනිෂ් නැව් සමාගම භාරව සිටි නිලධාරියා විය සෙනරත් රජු ලන්දේසීන් සමග මීට පෙරත් අත්සන් කළ ගිවිසුමේ ලන්දේසි නියෝජතයා වූ මාර්ෂලස් බොෂුවර්ස් ද වෙළද ගිවිසුම ගැන සාකච්ඡා කළේ ගිඩේ සමගය ගිඩේ ඩෙන්මාර්කයේ රජුගේ නියෝජතයා විය ගිඩේ වෙත මේ රාජකීය බලපත්‍රය ලබාදී ඇත්තේ 1618 නොවැම්බර් 26 දිනදීය එමගින් ඕලන්ද නැව්වල සේවයේ නියුතු වූ පෘතුගීසි ජාතිකයන්ටද ඩෙනිෂ් සමාගම් නැව්වල සේවයට අවකාශය ලබාදී ඇත
ඩෙන්මාර්කයේ රජු සහ සෙනරත් රජතුමා අනිතන ගෙන වැළද ගන්නා රූපයක් වෙළද සමාගමේ නැව්වල ඇද තැබීමටද ගිඩේ පියවර ගත්තේය ලංකා රජුගේ තානාපතිවරයෙකු ඩෙන්මාර්කයේ නවතා තිබීමටද වෙළද සමාගමෙන් සෙනරත් රජ ලබාගන්නා තීරුබදු ඩෙන්මාර්කයේදී තානාපති වෙත ගෙවීමටද පියවර ගන්නා ලදී ලංකාවෙන් පිටරට ගෙන ගිය භාණ්ඩ සඳහා සියයට හයක්ද ලංකාව තුළට ගෙන එන භාණ්ඩ සඳහා සියයට එකත් දෙකත් අතර බද්දක් ගෙවීමටද එකඟ විය ගිඩේගේ මූලිකත්වයෙන් ආරම්භ කරන ලද මෙම සමාගම Amalgamated East Indian Shipping Company of Denmark and Ceylon නම් විය

සෙනරත් රජු නැගෙනහිර ඉන්දීය වෙළද සමාගම සමඟ අත්සන් කළ ගිවිසුම

 
 
 
 
 
 
Rate This

යුරෝපා රටවල් නැගෙනහිර ඉන්දියානු දූපත් රටවල් සමග පැවැත්වූ වෙළද ගණුදෙනු ඩෙන්මාර්ක් ජාතිකයන්ගේ සතුටට හේතු නොවීය නොඩික් රටවල් සමඟ පැවැති යුද්ධ ආරවුල් 1603 දී පමණ සමථයකට පැමිණියත් ඩෙන්මාර්කය මේ යුද්ධවලින් හානියට පත්වූ රටක් නොවීය මෙම සටන්වලදී ඩෙන්මාර්ක් ඩැනිෂ් ජාතික නැවියන් බොහෝ දෙනෙකු නැගෙනහිර ඉන්දියානු රටවල් පිළිබඳවද සෑහෙන අවබෝධයක් ලබා තිබිණ එබැවින් නැගෙනහිර ඉන්දියානු වෙළද සමාගම ස්ථාපනය කිරීමට ඔවුහු බලවත් උනන්දුවක් දැක්වූහ
නැගෙනහිර ඉන්දියානු වෙළද සංගමය වෙළද ගිවිසුමක් ලංකාවේ සෙනරත් රජු සමග ද එවකට අත්සන් කර තිබිණ
මෙම ගිවිසුම අත්සන් කිරීමට මූලිකව ක්‍රියාකර ඇත්තේ රෝලන්ට් ක්‍රේප් නැමති ඩැනිෂ් ජාතිකයෙකි ඩෙන්මාර්කයේ කෝපන්හේගන් නුවරදී කොන්දේසි තිස්තුනක් අඩංගුව මේ ගිවිසුම ලේඛවගත කොට ඇත මෙම ලේඛනය ඩෙන්මාර්ක් රාජ්‍ය ලේඛනාගාරයේ අදටත් සුරක්ෂිතව තබා ඇති අතර කොන්දේසියේ සදහන් කරුණු තිස්තුනම ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක නොවූවද අවස්ථානුකූලව යම් යම් වෙනස් කිරීම්ද කර ඇත
සෙනරත් රජතුමාද මේ වෙළද සංගමයට සම්බන්ධ වීම සදහා ඇති කැමැත්ත දක්වා එවකට මීගමුරාළ නමින් පෙනී සිටි බොෂුවර්ස් නමැති ඕලන්ද ජාතිකයා රාජකීය සන්නසක් සමගින් ඩෙන්මාර්කයට පිටත්කර යැවීය බොෂුවර්ස් එදා ඩෙන්මාර්කයේ සිටි වෙළද අධ්‍යක්ෂ මෙන්ම ප්‍රධාන බදු නිලධාරියා වූ හෑන්ස් හෝච් හමුවීමට 1615 මැයි 09 වැනිදා ලංකාවෙන් පිටත්ව ගියේය ඔහු ජාවා අසල පිහිටි බැන්ටම් දූපත්වලදී ඕලන්ද බලධාරින් හමුවිය එම හමුවීම සිදුවූයේ නූතන ඉන්දුනීසියාවේය
බොෂ්වර්ස් එහි ළගාවන විට එහි සිටි නැගෙනහිර ඉන්දියානු වෙළද සංගමයේ අධ්‍යක්ෂකවරයා වූ ජෙහාඩ් රෙසින්ට් මියගොස් සිටි බැවින් බොෂුවර්ස්ගේ ගමනෙහි අරමුණ ඉටුකර ගැනීමට නොහැකි වූයේ මෙම අභාවයත් සමග එම සමාගමේ කටයුතුද අවුල් සහගතව තිබූ බැවිනි සෙනරත් රජතුමාගේ රාජකීය බල අඥාව ඕලන්දය සමග පමණක් වෙළද ගනුදෙනු සාකච්ඡා කිරීමට සීමා නොවූ බැවින් මීගමුරාළ කල්පනා කළේ ඩෙන්මාර්කය සමගද සාකච්ඡා ආරම්භ කිරීමටය මෙහිදී මීගමුරාළට ආරංචි වූයේ ඩෙන්මාර්කයේද නැගෙනහිර ඉන්දියානු වෙළද සංගමයක් ආරම්භ කර ඔවුන්ගේ මූලස්ථානය සදහා ආසියාවේ යෝග්‍ය දූපත් රටක් සොයමින් සිටින බවය
මේ සම්බන්ධයෙන් සාක්ච්ඡා කිරීමට එහි ප්‍රධානියා වූ ඕව් ගිඩේ හමුවිය මෙම හමුවීම ඩෙන්මාර්කයේ එවකට සිටි හතරවන ක්‍රිස්ටියන් රජතුමා ඔහුගේ දින පොතෙහි මෙලෙස සටහන් කර ඇත 1617 නොවැම්බර් 07 දින ඉන්දියාවේ පිහිටි ලංකාවේ රජතුමාගේ දූතයෙකු මෙරටට පැමිණ නොවැම්බර් 08 වැනි දින මාගේ මාලිගයේදී හමුවිය 1618 නොවැම්බර් 26 දින ඕව් ගිඩේට සම්පූර්ණ බලතල පැවරූ රාජකීය ලංඡනය සහිත අධිකාරි බලපත්‍රයක්ද නිකුත් කරන ලදී බොෂුවර්ස් නොහොත් මීගමුරාළට සෙනරත් රජතුමා විසින් රාජකීය නිල ලංඡනය සහිත අධිකාරි බලපත්‍රයක් 1615 මාර්තු 22 නිකුත් කර තිබුණි එහිදී බොෂ්වර්ස් හදුන්වා දී ඇත්තේ කුකුල් කෝරළේ මීගමු කුමාරයා ආදී වචන වලිනි
රජතුමාගේ නිල නාමය සූර්ය වංශයට අධිපති රාජ සභාවේ හා යුද සභාවේ සේනාධිනායක නාවුක හමුදාවේ කැප්ටන් ජනරාල් හා අද්මිරාල් වූද ලංකාවේ අධිරාජයා වශයෙනි
ගිවිසුමට අත්සන් තබා ඇත්තේ දුම්බර රාජකීය කදවුරේදීය මෙම පෙදෙස කරල්ලියද්දේ ගමයි එය කුසුමාසන දේවිය උපන් ගමයි
සෙනරත් රජතුමා 1613 මැයි 11 දින දී ද කොන්දේසි තිස්තුනක් සහිත ගිවිසුමක් මෙහි ලන්දේසි තානාපතිවරයා වූ ඉහතින් සදහන් කළ මාර්සෙලෙස් බෙෂුවර්ස් සමග අත්සන් කර තිබේ
මෙයින් හත් වසරකට පසු දෙවැනි වරටත් සෙනරත් රජතුමා ඩෙන්මාර්කය සමගද ගිවිසුමක් 1620 අගෝස්තු 25 දින අත්සන් තබා තිබේ එදා ඩෙන්මාර්ක් ජාතිකයන් තුන්සියයක් සමග නැව් පැමිණ ඇත්තේ ත්‍රිකුණාමලයටයි ත්‍රිකුණාමලයේ සිට ඔවුන් මඩකළපුවට පැමිණ ඇත ඔවුන් එම ප්‍රදේශය හදුන්වා දී ඇත්තේ kingdom of paligame යනුවෙනි ත්‍රිකුණාමලයේ සිට එහි පැමිණීමට හේතුව වශයෙන් දක්වා ඇත්තේ එවකට ත්‍රිකුණාමලයේ තිබූ ආහාර හිගයක් නිසා නැව්වලට කෑම සැපයීමට තිබූ දුෂ්කරතාව හා මහනුවරට මඩකළපුවේ සිට පැමිණීමට ඇති දුර ප්‍රමාණය අඩුවීම  නිසයි
ඔවුන් මැයි 08 වැනිදා ගොඩබිමින් ගමන ආරම්භ කර ඇත්තේ සිංහල තෝල්කවරයෙකු සමග හෙන්රිච් හේයස් පීටර් සහ වී සාන්නේ මාර්ටින් පින්චේ නැමති පෘතුගීසි භාෂා පරිවර්තකයාද සමගය මොවුන් සෙංකඩගල නගරයට රැගෙනවිත් නැත්තේ ඒ වන විටත් සෙංකඩගල නගරයේ පෘතුගීසින් සමග ඇති වූ සටන් නිසා ප්‍රදේශය ජනශූන්‍ය ප්‍රදේශයක්ව තිබූ බැවිනි
රජතුමා ඔවුන් හමුව ඇත්තේ ventharen යැයි ඩෙන්මාර්කයේ හැදින්වූ ස්ථානයේය එය මහවැලි ගඟ අසබඩ පිහිටි නූතන වේඬරුවයි එළාර-දුටුගැමුණු යුද්ධයේදී විහාර මහාදේවිය මේ ගමෙහි රැදී සිට ඇත ඇයට වෙඬරු ඔරුවක් පිළිගැන්වූ බැවින් එගම වෙඬරුව විය වර්ෂ 1293 සිට 1302 දක්වා රජකළ දෙවන බුවනෙකබාහු නොහොත් වත්හිමි බුවනෙකබාහු රජතුමා මෙගමින් පැවතුන අතර එගම පිරිස් එම පරම්පරාවෙන් පැවතේ
1602.05.20 දින මෙරට පළමු ඕලන්ද ජාතිකයා වූ අද්මිරාල් ජෝරිස්වෑන් සපිල්බර්ජන් ද වේඬරුවෙන් පැමිණ සෙංකඩගල අගනුවරදී පළමුවැනි විමළධර්මසූරිය රජතුමා හමුව ඇත ඕව් ගිඩේ පමණක් තුර්ය වාදනයක් සමග රජතුමා 1620.08.25 දින හමුවිය එහිදී ගිඩේ ජර්මන් භාෂාවෙන් පැවැත්වූ කථාව පරිවර්තකයෙකු විසින් පෘතුගීසි භාෂාට හරවන ලදී ගිවිසුම කොන්දේසි විසිහතරකින් යුක්ත විය එය අදටත් පැරිසියේ රාජකීය ලේඛනාගාරයේ සුරක්ෂිතව තිබේ බොෂුවර්ස් නොහොත් මීගමුරාළ මේ අතර මිය ගියෙන් ඔහුගේ වැන්දඹු භාර්යාවට සෙංකඩගල රාජධානිය අවටින් ඇගේ නඩත්තුව සදහා ආදායම් ලැබෙන පරිදි ඉඩම් පවරා දී ඇත මීගමුරාළගේ මරණය සැල වූ පසු රජතුමා සිය නියෝජිත පිරිසක්ද යවා ඇත එදා මීගමුරාළගේ වැන්දඹුව හමුව ශෝකය ප්‍රකාශ කිරීමටද පිරිසක් යවා ඇත එදා මීගමුරාළගේ වැන්දඹුව සතුවූ ඉඩම් ඇයගෙන් පසුව ගිඩේට අයත් විය එකල ගිඩේ එහි සිට සෙංකඩගල රජමැදුරට ගියේ නාරපන්නාව හරහා හුළුගගෙන් එගොඩ වී නූතන ලේ වැල්ලට පැමිණ එහිදී මහවැලි ගගෙන් එගොඩ වීමෙනි එබැවින් ගිඩේ පදිංචිව සිටි ගම පසුව ගිඩ්ඩව නම් වීද නැතහොත් ජනවහරේ පවතින ගිඩා නම් යක්ෂයෙකුගේ නමින් ගිඩ්ඩව යක්ෂ ගෝත්‍රිකයන් පදිංචිව ගිඩා නම් යක්ෂයෙකුගේ නමින් ගිඩ්ඩව යක්ෂ ගෝත්‍රිකයන් පදිංචිව සිටි ගමක් වීද සෙවීම මානව විද්‍යාඥීන්ට භාරය
තවත් ලිපියකින් හමුවෙමු කමෙන්ට් එක්ක හරි මුහුණු පොතට ලයික් එකක් දාල යන්න

පෘතුගාලයේ පල්ලියක් ගොඩනැංවූ සෙංකඩගල කළු කුමාරයා-දොන් ජාවෝ

 
 
 
 
 
 
Rate This

සෙංකඩගල රාජධානියට උරුමයක් තිබූ එහෙත් දෛවයේ සරදමකට ලක්ව රාජ්‍ය උරුමය අතහැර දමා දිවි ගලවා ගැනීමට සෙංකඩගල රාජධානියෙන් පලාගිය මේ රාජකීයයා කවුද? ඔහු මෙරටින් පලාගොස් ලිස්බන් නගරයේ ග්‍රාමීය පෙදෙසක් වූ තෙල්හෙරිස්හි ජීවත්ව සිට ස්වකීය ධනය යොදා ෆ්‍රැන්සිකානු නිකාය වෙනුවෙන් විශාල දේවස්ථානයක් ගොඩනැගීය පෘතුගීසි භාෂාවෙන් NOSSA SENHORA da CEO නමින් හැදින්වූ මෙම පල්ලිය ශාන්ත මේරි වෙත කැපකළ බව කොළඹ 04 බන්දුල නෝනිස් මයා විසින් 2006ග05ග04 දින ඩේලි නිවුස් පුවත්පතට සැපයූ ලිපියෙහි සදහන් කරයි දහසය වන ශත වර්ෂයෙහි ඉදිකර ඇති මෙම දේවස්ථානය 1755 අගෝස්තු මාසයේ පෘතුගාලයේ සිදුවූ භුමි කම්පාවකින් විනාශයට පත්ව එය නැවත 1766 දී පිළිසකර කර ගොඩනැංවූ බව එහි සදහන් නාම පුවරුව සියැසින් දුටු ආචාර්ය කේ.ඩී.පරණවිතාන  මයා 2007.07.22 දින සන්ඩේ ටයිම්ස් පතට සපයා ඇති විච්ත්‍රාංග ලිපියෙහි සදහන් කරයි එහි පළවූ දේවස්ථානයෙහි සේයා රුවක්ද මෙම ලිපියට ඇතුළත් කර ඇත එපමණක් නොව එය ඉදිකළ රාජකීයයාගේ ඡායාරූපයක්ද පල්ලියේ ඉදිරිපස ඇත දැනට අවුරුදු හාරසියයක්ද ඉක්මවූ මෙම කුමාරයාගේ මළ සිරුරද මේ දක්වා ආරක්ෂිතව එම දේව මන්දිරයෙහි තබා තිබෙන බව ලියුම්කරුවන් සදහන් කරයි බන්දුල නෝනිස් මහතා මෙම සිරුර ආපසු ලංකාවට රැගෙනවිත් සුදුස ු ස්ථානයක සංචාරකයින්ට දැකබලා ගත හැකිවන සේ තැබිය යුතු බවටද අදහසක් ඉදිරිපත් කර ඇත මෙම කළු කුමාරයා යැයි නම තාබූ පරදිම ඔහුගේ සීයා කෙනෙකු වූ වීරසුන්දර බණ්ඩාරටද මහ කළු පරාක්‍රම යන නම තැබීය

කන්නසාමිගේ වං හුං දැනගන්න ආසද මෙන්න එහෙනම් ඔබේ දැනුමට

 
 
 
 
 
 
Rate This

අවුරුදු හැත්තෑපහකට ආසන්න කාලයක් වූ වඩුග රාජ පරම්පරාවේ මෙන්ම සෙංකඩගල රාජධානියේද අවසාන ආජකීයයා වූ ශ්‍රී වික්‍රමරාජසිංහ අභාවයෙන් අවුරුදු එකසිය හැත්තෑ හතක් ජනවාරි 30 වන විට සම්පූර්ණ වේ වර්ෂ 1780 දී උපත ලබා අවුරුදු 18 ක් සම්පූර්ණ කළ,1798 ජූලි 17 අගහරුවාදා දින රජ කිරුළ පැලැන්දූ රජතුමා 1815 පෙබරවාරි 18 ඉරිදා දිනයේදී අවුරුදු දහසයයි මාස හතයි දින එකක් රජකර ඉංග්‍රීසින්ගේ සිරකරුවෙකු බවට පත්වූයේ දුම්බර මැදමහනුවර බෝමුරේ ගලේයායවත්තේ උඩුපිටිය අරච්චිගේ නිවසේදීය රජතුමා එහි සිට කොළඹට ගෙන යන ලදුව මාස එකොළහක් රදවා තබාගෙන 1816 ජනවාරි 24 දින කොන්වෝලිස් නම් නෞකාවෙන් මදුරාසියට යවන ලදී එහිදී හිරකරුවෙකු වශයෙන් හරියටම අවුරුදු දහසයක් ජීවත් වූ ශ්‍රී වික්‍රම රාජසිංහ 1832 ජනවාරි 30 ඉරු දින වෙල්ලෝරයේදී අභාවප්‍රාප්ත විය එදා පැවති සිරිත අනුව රාජානුස්මරණ තල්පත රජතුමාගේ අභාවය රටට දන්වා ඇත්තේ මෙසේය ශකවර්ෂ එක්වා දහස් හත්සිය තිස්හතට පැමිණි වර්ෂයෙහි කුඹ රවි දින රෑවත්ම තුන් පැයක් තියා ශ්‍රී වික්‍රමරාජසිංහ මහ රජුජුරුවෝ කළුරිය කළාය මිය යන විට රජතුමා පනස් හැවිරිදි අඩි හයයි අඟල් දෙකක් වූ කාළවණී දේහයකින් හෙබි ශක්තිවන්ත පුරුෂයෙක් විය ඔහු දීප්තිමත් නෙත් සගලකින් යුක්තවූ දුටුවන් සිත් ඇදගන්නා මනා පෞරශයකින් යුත් පුද්ගලයෙක් විය මෙම රාජකීයයාට කරන ගෞරවයක් වහයෙන් ඔහුගේ ජීවිත චරිතයෙන් හා පාලන සමයෙන් කරුණු ස්වල්පයක් නූතන පරපුරෙහි දැනගැනීම සදහා මෙසේ සටහන් තබමි

දෙවන වීරබාහු රජතුමා

 
 
 
 
 
 
Rate This

වීර අලකේශ්වර හා ඔහුගේ බාල සොයුරු වීරබාහු ආදිපාදවරයා අතර බලය අල්ලා ගැනීම සදහා සටනක් රයිගමදී සිදුවිය මෙම සටනින් පරාද වී වීර අලකේශ්වර මුහුදින් එතෙරට ගියේය වීරබාහු මෙහෙනවර වංශයට අයත් බවත් පස්වන බුවනෙකබාහුගේ මස්සිනා මෙන්ම ඥාති සහෝදර කෙනෙකු බවත් නිකාය සංග්‍රහයේ සදහන්ය ඔහු පස්වන බුවනෙකබාහුගේ සහෝදරියකගේ ස්වාමිපුරුෂයා වූ බැවින් මෙම ඥාති සම්බන්ධය ඇතිවිය රජතුමා සිය යුද්ධ හමුදාවට අවශ්‍ය පුහුණුව ලබාදී හමුදාව ශක්තිමත්ව තබාගත් නිසා කිසිදු ආක්‍රමණිකයෙකු මේ කාලයේදී රටට ඇතුළු වී නැත එහෙයින් වීරබාහු තුන් සිංහලේම එක් සේසත් කළ රජතුමෙකු විය රජතුමා ආගමේ දියුණුව පිණිසද අවශ්‍ය කටයුතු සිදුකොට ඇත දෙවන ධර්මකීර්ති හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ඇතිව ශාසන සංශෝධනයක් සිදු කරන ලදී රජතුමා ගම්පොල හා උඩුදුම්බර තලගුනේද සිට රාජ්‍ය කටයුතු මෙහෙයවීය රජතුමා උඩුදුම්බර අස්වැද්දූ වෙල් යායට වීරවෙල යැයි කම් කළේය වර්තමාන මිනිපේ හදගනාව රජතුමා ගොඩනැගූ සදගල නුවරයි රජතුමා සිය මාමණ්ඩියගේ රාජධානිය වූ පොළොන්නරුවට ගොස් තිබූ වැව් හා වාරි ඇළ මාර්ග අලුත්වැඩියා කොට යළි ගොවිතැන් සදහා කුඹුරු අස්වද්දා රට සහලින් ස්වයංපෝෂිත කිරීමට අවශ්‍ය පියවර ගත්තේය එමෙන්ම එහි වෙහෙර විහාර මාලිගා ආදිය ආරක්ෂාකර ප්‍රතිසංස්කරණය කිරීමටද පියවර ගත්තේය සිය මාමා වූ දඹදෙණියේ දෙවන පරාක්‍රමබාහු රජතුමා පොළොන්නරුවට කැදවාගෙන ගොස් එහිදී මෞලි මංගල්‍යයක් පැවැත්වීමටද පියවර ගත්තේය පසුව පරාක්‍රමබාහු දඹදෙණියට ආපසු කැදවාගෙන ගිය වීර නරපතියෙකි මොහු එවකට මෙරටට පැමිණි ජාවක් ආක්‍රමණිකයෙක් වූ චන්ද්‍රභාහු සමග සිය මාමා වෙනුවෙන් යුද්ධ වැදී ජාවක් හමුදාව නූතනයේ චාවාකච්චේරිය නමින් හදුන්වන ජාවක්කෝට්ටේ දක්වා පලා හැරියේය වීරබාහු යාපනේ ජාවක්කෝට්ටේ දක්වා චන්ද්‍රබාහු පලවා හැරීමට ඔහුට ආශිර්වාද කළ දෙවිනුවර උපුල්වන් දෙවියන් වෙතද ගොස් එහිදී පුද පූජා පවත්වා න්නදන නමින් එහි පිරිවෙනක්ද ඉදි කළේය පරෙවි සන්දේශය එම කරුණ වර්ණනා කරන අතර වීරබාහු රජතුමා යාපා පටුන ඉදිකළ බව කෝකිල සන්දේශයද සදහන් කරයි මේ හපන්කම් සියල්ල කළේ ඈපා පදවි දරන කාලයේය රජු වී වැඩි කලක් ගත වීමට පෙර වීරබාහු මිය ගියේය වීරබාහුගේ පුතුන් දෙදෙනා වූ දෙවන විජය ඈපා 1395 සිට 1396 දක්වා ගම්පොල මැදිවක හා පල්ලේවල සිට අවුරුද්දක් රාජ්‍යය පාලනය කර ඇත දෙවන පුතු කුමාරදිස 1396 සිට 1397 දක්වා දුම්බර වේරගම සිටද නැවත වරක් 1462 සිට 1463 දක්වා පොද්දල්ගොඩ සිටද රාජ්‍ය මෙහෙයවා ඇත ඔහුගේ තුන්වන පුත් වනරතන මහාසාමිද එකල සිටි යතිවරයෙකි වීරබාහු රජතුමා චන්ද්‍රබාහු හා කළ යුද්ධයේදී ජාවක් හමුදාව වීෂ යෙදූ ගල් ඊතල යොදාගත් බව පැවසේ රජතුමා ඒවාට නොබියව මුහුණ දී එම ආක්‍රමණිකයින් පන්නා දැම්මේය මෙරට ප්‍රථම වරට ගල් ඊතල භාවිතා වී ඇත්තේ මෙම යුද්ධයේදීය

දෙවන ජයබාහු රජතුමා

 
 
 
 
 
 
Rate This

ඔන්න මමත් ෆේස් බුක් පිටුවක් හැදුවා ගිහින් ලයික් එකකුත් දාල යන්න දාල ගියේ නැති වුණොත් මම තරහයි මම අද කියන්න යන්නේ දෙවන ජයබාහු රජතුමා ගැන ජයබාහු කියන්නෙ ඉතිං අහල පුරුදු නමක්නේ අපි අහල තියෙන්නේ ජයබාහු සේනාංකය යන නම්නේ ඒවා නෙමෙයි මේ කියන්න යන්නේ අතීතයේ රජ කෙනෙක් ගැන කියවලම බලන්නකෝ
කෝට්ටේ හයවන පරාක්‍රමබාහුගේ කනිෂ්ඨ දියණිය උලකුඩය දේවිය නොහොත් ලෝකනාථ මහා බිසෝ බණ්ඩාරගේ පුරුෂයා වූ නන්නූර්තයා හැදින් වූයේද පළමුවන ජයබාහු වශයෙනි ඔහුගේ පුතා දෙවන ජයබාහු නොහොත් ජයවීර පරාක්‍රමබාහු නමින්ද හැදින්විය පෘතුගීසීන් ඔහු මැණික් බණ්ඩාර නමින් හැදින්විය ජයබාහු මරාදමා 6වන බුවනෙකබාහු නොහොත් සපුමල් කුමාරයා රජවීය සමහර ඉතිහාසඥයන් දක්වන පරිදි තම සීයාගෙන් පසු ඔහු කෝට්ටේ 1467 සිට 1469 දක්වා අවුරුදු හමාරක් පමණ රජකම දරා ඇත

පළමුවන ජයබාහු රජතුමා

 
 
 
 
 
 
Rate This

විජයබාහුගේ මරණයෙන් පසු ඔහුගේ පුතා වූ රෝහණ දේශයේ ආදිපාදව සිටි වික්‍රමබාහුට නොදන්වා උපරාජව සිටි මහා විජයබාහුගේ සහෝදරයා ජයබාහු නමින් රජකමට පත්කර ගත්තේය ඔහුගේ බිසව වූයේ මහා විජයබාහුගේ දුව සුමිත්‍රා කුමරියයි මොහුගේ යුව රජු වූයේ මිත්තා කුමරියගේ වැඩිමහල් පුත් වූ මනාභරණයි මොහු දෙවැනි පම්භකර්ණ රාජවංශයට අයත්ය ජයබාහුගේ රාජ්‍ය කාලයේ අටවන වර්ෂයෙහි ලියා ඇති නිකවැරටිය අසලදී සොයාගත් පුවරු ලිපියක සදහන් වන්නේ පළමුවන කුලෝතුංග නම් චෝළ රජෙකුගේ දුවෙකු වීර පෙරුමාල් නම් රජුජුරුවන්ගේ බිසව වශයෙන් සිටි බවය පළමුවන විජයබාහුගේ සොහොයුරිය වූ මිත්තා කුමරියට පාණ්ඩ්‍ය කුමාරයෙකුට දාව උපන් මුලින් මනාභරණ නමින් පෙනී සිටි පසුව පළමුවන ජයබාහු රජු ඉහත සඳහන් පුවරුවෙහි නම සඳහන් රජු බව බොහෝ ඉතිහාසඥයන්ගේ මතයයි පළමුවන විජයබාහුගේ ජීවිත කාලය තුළදීම හෝ ඔහුගේ අභාවයෙන් පසුව හෝ සිදුවී ඇති මෙම විවාහයෙන් පසු චෝලයින් හා සිංහලයින් අතර පැවති යුද්ධ ආරවුල් තාවකාලිකව නතර විය ජයබාහු පන්නා දමා පොළොන්නරුවෙහි දෙවන වික්‍රමබාහු රජවිය ජයබාහු රජකමින් පන්නා දැමූ පසු රෝහණෙහි ජීවත්ව සිට මිය ගියේය ජයබාහුගේ නියම රාජ්‍ය කාලය පිළිබදව නිශ්චිත කාල සීමාවක් දැක්වීමට ‍ඓතිහාසික සාධක නොමැති නමුත් කුටෝ වැනි ඉතිහාසඥයන් ඔහු අවුරුදු තිස්හයක් රජකළ බව පවසයි ජයබාහුගේ මෞලි මංගල්‍ය ඔහුගේ පාණ්ඩ්‍ය නෑදෑයින් විසින් පවත්වා යුව රජකමට මනාභරණ තෝරා ගත්තේය මෙසේ පාණ්ඩ්‍ය නෑදෑයින්ගේ බලපෑම් එල්ල වූයේ විජයබාහුගේ නැගණිය මිත්තා කුමරිය පාණ්ඩ්‍ය වංශිකයෙකු හා විවාහව සිටි බැවිනි ඇයට උපන් දරු කුමරුන් තිදෙනාගෙන් තවත් අයෙකු තමා පසුව වීරබාහු නමින් රජවන්නේ

පළමුවන වීරබාහු රජතුමා

 
 
 
 
 
 
Rate This

සිරිවල්ලභගේ පුතා වූ මනාභරණ පසුව වීරබාහු නමින් හදුන්වන ලදී මොහු දක්ෂිණ දේශයේ රජුවිය පුන්කාගම සිය අගනුවර වශයෙන් තබාගෙන රාජ්‍ය පාලනය කළේය පුන්කාගම නූතන කෑගල්ල දිස්ත්‍රික්කයේ පිහිටි දැදිගමය නමුත් ඔහුට එහි රැදී සිටීමට හැකිවූයේ අවුරුද්දක පමණ කාලයකි නැවත වරක් රට තුළ යුද්ධ කෝලාහල ඇතිවිය එසේ වූයේ මෞලි මංගල්‍යයක් පවත්වා ඔටුනු නොපළන් රජෙකු වූ දෙවන වික්‍රමබාහු නිත්‍යානුකූල රජකමට උරුමයක් තිබූ පළමු කී ජයබාහු පන්නා දමා පොළොන්නරුවේ සිට පාලනය ගෙන යාමට විරුද්ධව සිරිවල්ලභ හා කිත්සිරිමේඝ නැවත වරක් යුද්ධ ආරම්භ කිරීමය දක්ෂිණ දේශයෙන් විශාල සේනාවක් රැස් කරවාගෙන මොවුන් යුද්ධය සදහා පොළොන්නරුවට පිටත්ව ගියත් බොධිසේන පබ්බත නම් ස්ථානයේදී වික්‍රමබාහුගේ සේනානට පරාදව පලා ගියේය පරාදව යන රජවරුන් එදා පංචයෝජනා දිස්ත්‍රික්කය නමින් හැදින් වූ අද පස් දුන් කෝරලයට පැන සැගවුණේය තවත් ලිපියකින් හමුවෙමු

පළමුවන වික්‍රමබාහු රජතුමා

 
 
 
 
 
 
Rate This

මේ රජතුමාගේ රාජ්‍ය කාලය සමහර ඉතිහාස පොත්වල ක්‍රි.ව.1029-1040 දක්වාද සමහර පොත්වල 1272-1284 දක්වාද යන වශයෙන් දක්වා ඇත මහාවංසය මොහු හඳුන්වන්නේ වික්‍රමබාහු නමිනි මොහු කස්සප නමින්ද හදුන්වයි
මොහු ක්‍රි.ව.982 සිට 1029 දක්වා රජ කළ පස්වන මහින්දගේ පුතාය මේ දෙදෙනාම සීලා මේඝ වර්ණ (619-628)රජු විසින් ඇරඹී දෙවන ලම්බකර්ණ වංශයට අයත්ය පස්වන මහින්ද චෝලයින් විසින් සිරකරුවකු වශයෙන් තබාගෙන සිටි අතරතුර ඔහුගේ මරණය සිදුවිය මේ අවස්ථාවේ දළදාව හා පාත්‍ර ධාතුව භාරව පොළොන්නරුවේ සිටි සංඝයා වහන්සේලා එම ධාතුන් සමග රුහුණට පැන ගියෝය වික්‍රමබාහුද රුහුණට පැන ගොස් අප්‍රසිද්ධව ඇති දැඩි විය මේ වන විට ඔහුට චෝලයින් කස්සප කුමාරයා අල්ලා ගැනීම සඳහා රෝහණ ප්‍රදේශයේ මෙහෙයුමක් දියත් කළත්,කුමාරයාගේ රැකවල්කරුවෝ ඔහු ආරක්ෂා කර ගැනීමට සමත් වූහ හයමාසයක් පමණ වූ මෙම චෝල මෙහෙයුම ව්‍යාරථ කර චෝලයින් පරදවා හැරීමට නායකත්වය දුන්නේ කිත්ති හා බුද්ධ යන සිංහල සෙනෙවියන් දෙදෙනාය මෙම සටන්වලදී දරුණු ලෙස තුවාල ලැබූ සොළීන් ආපසු පොළොන්නරුවට පසුබැස්සෝය මෙයින් පසුව කස්සප කුමාරයා වික්‍රමබාහු නමින් රජ වූවත.් ඇත්ත වශයෙන්ම ඔහුට පාලනය කළ හැකි වූයේ රෝහණ දේශය පමණකි මෙම කාලයෙහි නිරන්තරයෙන් පැවති චෝල ආක්‍රමණයන්ට මුහුණ දීමට වික්‍රමබාහුට සිදුවිය ඒ වන විට දකුණු ඉන්දියාවේද චෝලයින්ගේ රාජ්‍යයන් වූ කේරළ හා පාණ්ඩ්‍ය දේශයේ චෝල රාජ්‍යයට විරුද්ධව දරුණු ආක්‍රමණයක් පැවැති අතර චෝලයින්ගේ ආධිපත්‍යයට යටත්ව තිබූ පොළොන්නරුවටද මෙම ආක්‍රමණ පැතිර තිබිණ වික්‍රමබාහුද ඔහුගේ සේනාවන් සටන් සදහා සූදානම් කර තැබුවත් ඇත්ත වශයෙන්ම ඔහුට සටන් කිරීමට අවස්ථාවක් උදා වූයේ නැත ඔහු තදබල ලෙස රෝගාතුර දේවනගර යන ස්ථානයේදී අභාවප්ප්‍රාප්ත විය මෙම ස්ථානය වර්තමාන දෙවිනුවර වශයෙන් හදුන්වා දිය හැක
 
 
 
 
 
 
Rate This

කෝට්ටේ රජ කළ හයවන පරාක්‍රමබාහුගේ හදාගත් පුතෙකි හයවන පරාක්‍රමබාහුගේ සේනාධිනායකයා විය රාජාවලිය මොහු ශ්‍රී බුවනෙකබාහු නමින් හදුන්වයි හයවන පරාක්‍රමබාහුගේ මුණුබුරු වූ උලකුඩය දේවියගේ පුත් ජයබාහු මරා දමා කෝට්ටේ රජ වූයේ මොහුය යාපනේ ප්‍රාදේශීය රජු වශයෙන් සිටි සපුමල් කුමාරයා පසුව හයවන බුවනෙකබාහු නමින් කෝට්ටේ රජ විය මොහු පිළිබඳව ඇති තවත් මතයක් නම් මොහු සහ මොහුගේ සොයුරු අම්බුලුගල කුමාරයා (පසුව අටවන වීර පරාක්‍රමබාහු නමින් රජ විය) හයවන පරාක්‍රමබාහුගේ දෙවන බිසවගේ ලත් පුතුන් බවය රජුගේ අගබිසව වූයේ කීරවැල්ලේ කුමාරියකි සමහර ඉතිහාසඥයන් මොහු හඳුන්වා ඇත්තේ සෙම්බගප් පෙරුමාල් යන නමිනි ඒ යාපනයේ දෙමළ ජනතාව ඔහු හැදින්වූ නාමයයි කෝට්ටේ රජතුමාට යාපනේ සිටි ආර්යචක්‍රවර්තී උප රජු බදු ගෙවීම පැහැර හැරි බැවින් බසු අය කිරීම සඳහා යවන ලද්දේ සපුමල් කුමාරයාය සපුමල් කුමාරයාට යාපා පටුනට ගොස් යුද්ධ කොට එම උප රාජ්‍යය තමා යටතට ගෙන පෙරළා කෝට්ටේ අගනුවරට පැමිණි අයුරු සැළලිහිණි සන්දේශය විස්තර කරයි රජතුමා යාපනේ යුව රජුව සිටි සමයේ නල්ලූර් කෝව්ල ඉදි කළ බව කියයි එබැවින් අදටත් රජතුමාගේ නම නල්ලූර් කෝවිලේ දේව පූජා ස්ත්‍රෝත්‍ර ගායනවලදී කියවේ ඒ ශ්‍රී සංගබෝධි බුවනෙකබාහු නමිනි රජතුමාගෙන් පමණක් නොව බිසෝවරුන් වූ ගජවල්ලී හා මහාවල්ලිගේ නම් ද ඒ අතර වේ ශ්‍රීමත් මහා රාජාදිග රාජ්‍ය අගන්ද භූමි මණ්ඩල ප්‍රත්‍ය කන්ථ විශ්වන්ත ශ්‍රී ගජවල්ලි,මහාවල්ලි,සමේන,සුබ්‍රමණියාය පාදා රවින්ද්‍ර ජනතෲ ධශෝබන මහාදාන,සූර්යකුල මහා දිසාව ශ්‍රී ජගත් සංඝබෝධි බුවනෙකබාහු(බදාදා දිවයින 2002.09.11)සපුමල් සහ ඔහුගේ සොයුරු අම්බුලුගල කුමාරයාද පැරකුම්බා රජු කෝට්ටේ නගරයට යාමට පෙර සිටියේ නූතන කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් අම්බුලුගලය රඹුක්කන කොටගම ප්‍රදේශයේ තිබී දැනට කොළඹ කෞතුකාගාරයෙහි ඇති දෙමළ බසින් ලියූ සෙල් ලිපියකට අනුව සපුමල් කුමාරයාගේ යුද්ධවලදී සිරකරුවන් වශයෙන් අල්ලාගෙන ලද දෙමළ කාන්තාවන් පිරිසක් එවකට අම්බුලුගල රාජධානියට නුදුරු කොටගම ගමෙහි ජීවත් වන්නට ඇතැයි එච්.සී.පී.බෙල් මහතාගේ මතයයි හයවන බුවනෙකබාහු දෙමළ බස හොදින් දැන සිටින්නට ඇතැයි යන්න මෙම දෙමළ බසින් ලියූ සෙල් ලිපිය අනුව නිගමනය කිරීමට පුලුවන තවත් ලිපියකින් හමුවෙමු

තුන්වන වික්‍රමබාහු රජතුමා

 
 
 
 
 
 
Rate This

ඉතිහාසය මොහු දෙවන වික්‍රමබාහු නමින් ද හදුන්වයි කාලිංග වංශිකයෙකු වූ මොහු පොළොන්නරුවේ රජ කළ නිශ්ශංකමල්ල රජුගේ බාල සහෝදරයාය මොහු ඇරැපන්න නමින්ද හඳුන්වනු ලැබේ මොහු රජවීමට පෙර ඈපා පදවිය දරා ඇත නිශ්ශංකමල්ල රජතුමා දුන් තුලාබාරදානවලදී මොහු ද රජතුමා හා බිසවුන් දෙදෙනා වූ සුබදා හා කල්‍යාණ මහාදේවි සමග තුලාව බර කිරීම සඳහා එයට ගොඩවූ අයෙකි තුලාබර දානය යනු රජතුමා හා බිසවුන්ගේ බරට සරිලන ප්‍රමාණයට පිදෙන දානයකි වික්‍රමබාහු තාවුරු සෙනෙවිරත් නම් සෙනෙවියා සමග එක්ව නිශ්ශංකමල්ලගේ පුතා පලවා හැර රජ විය නමුත් ඔහුට රජකම දැරීමට හැකි වූයේ තුන් මාසයක් පමණය රජමාලිගය තුළදීම ඇති වූ කුමන්ත්‍රණයකින් පසුව වික්‍රමබාහු රජකමින් නෙරපා හරින ලදී 

පස්වන බුවනෙකබාහු රජතුමා

 
 
 
 
 
 
1 Vote

සවුලු බුවනෙකබාහු නමින්ද හැදින්වෙන ගම්පොල හා තලගුනේ සිට රාජ්‍යය පාලනය කළ මොහුද සවුලු පෙළපතේ රජ කෙනෙකි සවුලු පරාක්‍රමබාහු රජුගේ පුතෙකි අලගක්කෝනාර සහ සේනාධිලංකාර සෙනෙවියන් විසින් මොහු රාජසභාවේදී අනුමැතිය ඇතිව පස්වන බුවනෙකබාහු නමින් සිංහාසනාරූඪ කරවීය රාජරත්නාකාරය පවසන්නේ මොහු අලගක්කෝනාරම බවය නමුත් ඉතිහාසඥයන් මෙම මතය බැහැර කරයි දේවමන්ත්‍රී කුමාරයා රජුගේ අගමැති විය මෙම රජුගේ රාජප්‍රාප්තියෙන් පසුව රටවැසියා දෙපිලකට බෙදීමෙන් පාලනය දුර්වල විය එක් පිරිසක් පණ්ඩිත වික්‍රමබාහුගේ පුත්‍රයා වූ අත්තනායක ඈපාණන්ගේ පක්ෂ ගත් අතර,අනිත් පිරිස රජතුමාට පක්ෂපාතීව දැක්වීය දෙපාර්ශවය අතර ආරවුල් ඇතිවීමෙන් රට දුර්වල වීමේ වාසිය ලබා ගත්තේ පඬිරටින් පැමිණි ආර්ය චක්‍රවර්තී ගම්පොල සිටි රජතුමාගේ බලඇණි විනාශ කර දමා යාපා පටුනෙහි බලය තහවුරු කර ගැනීමෙනි ආර්ය චක්‍රවර්තී ගම්පොල සිටි රජතුමාගේ බලඇණි විනාශ කර දමා යාපා පටුනෙහි සිට ගම්පොල සිටි රජතුමාගෙන් කප්පම් ගෙන්වා ගත්තේය මේ අතර අලගක්කෝනාර මියගියෙන් රයිගම් ප්‍රදේශය වන්නි බුවනෙකබාහුගේ මුණුබුරා වූ වීර අලකේශ්වරයන්ගේ පාලනයට පත්වීය අලකේශ්වර කෝට්ටේ ප්‍රාදේශීය රජුව සිටි කුමාර අලකේශ්වර කෝට්ටෙන් පලවා හැර කෝට්ටේ රාජධානියේද පවුරු පදනම් ශක්තිමත් කර කෝට්ටේ තම පාලනය යටතට පත්කර ගත්තේය වීර අලකේශ්වර යාපනයේ ආර්ය චක්‍රවර්තී විසින් අයබදු එකතු කිරීම සඳහා කෝට්ටේට එවූ පිරිසක් මරා දැම්මේය මෙහිදී ඇතිවූ යුද්ධයකදී යාපනයේ ආර්යචක්‍රවර්තීගේ පිරිස මරා දමා අලකේශ්වර ජය අත්කර ගත්තේය බුවනෙකබාහු මාතලේ ප්‍රදේශයදී මුහුණ දුන් ආර්යචක්‍රවර්තී සේනාවට බියේ පලා ගියෙන් වැඩ උන්නල දිව් යන්නෙන් හින්න වූ අන්පලදිව්වන්නි උන්නැහේ යන නම දුම්බර කඩඉම්පොත බුවනෙකබාහුට දී ඇත මෙයින් පසු අගමැති දේවමන්ත්‍රීගේ ප්‍රධානත්වයෙන් මාතලේ ඌව තුන්කිඳ සහ කන්ද උඩරට පසේරට ජනතාව එක්ව සතුරු සේනා සමූහ ඝාතනය කර දැමීය බුවනෙකබාහු රජතුමා අස්ගිරි විහාරයේ දියුණුව පිණිස කටයුතු කළේය මෙම සටන්වලින් පසුව ගම්පොලට ආපසු එනවිට දේව මන්ත්‍රී සොයුරන් ප්‍රදේශයේ බලය තහවුරු කර ගැනීමෙන් තමා රූකඩයක් බවට පත්ව ඇති බව අවබෝධ විය මෙහි සඳහන් දේව මන්ත්‍රීගේ සොයුරිය වූ ජයසිරි දේවිය රජතුමාගේ බිසොව බව මයුර සන්දේශය සඳහන් කරයි ගුරුලුගෝමී පඬිතුමාගේ මුණුබුරු වූ කවීශ්වර කවියා මුල්ම සන්දේශ කාව්‍ය වන මයුර සන්දේශය රචනා කළේ ගම්පොල යුගයේදීය තවත් ලිපියකින් හමුවෙමු

හෙළයේ තුන්වන විජයබාහු රජතුමා

 
 
 
 
 
 
Rate This

කාලිංග දේශයේ මාඝ නම් ආක්‍රමණිකයාගේ විසි එක් අවුරුදු පාලනය ශ්‍රී ලංකා ඉතිහාසයේ අඳුරුතම කාල පරිච්ඡේදයක් විය මාඝ ලංකාවේ බෞද්ධ වෙහෙර විහාර විනාශ කළේය පොළොන්නරුවේ රජකළ නිශ්ශංකමල්ල රජු පවා ගියේය මේ ආක්‍රමණිකයාගේ කෲර පාලනයෙන් මේ රට බේරාගෙන යළි රටට සමෘද්ධිය උදාකළේ තුන්වන විජයබාහු මහරජතුමාය තුන්වන විජයබාහු නමින් රජවූයේ දුම්බර ගලහිටියාවේ බෝධිරාජ කුමාරයාය මැද මහනුවර ඉරගල නුවර ගලමුදුනේ බලකොටුවක් සාදාගෙන එයට ගලේනුවර යැයි නම තබා එහි සිටි මේ කුමාරයා ප්‍රදේශවාසී සියලුදෙනාගේම සහයෝගය ලබා ගනිමින් කොත්මලේ ඇතුළු මලය රටේ තම ආධිපත්‍ය පළමුව ගොඩනගා ගත්තේය මේ වන විට මාඝගෙන් ආරක්ෂාව පතා නිශ්ශංකමල්ලගේ බිසව කල්‍යාණවතීද සොළී ආක්‍රමණයකදී මාරස්සන අසල බෝපිටිය ගමේ අප්‍රකටව ජීවත්ව සිට ඇත කොත්මලේ ප්‍රදේශයේ විජයබාහු රජතුමා සිටි ප්‍රදේශය අද විජයබාකන්ද නමින් ප්‍රසිද්ධය මාඝගේ කෲර පාලනය අවසන් කරමින් කොත්මලේ පුසුල්පිටිය විහාරයේ සඟවා තිබූ ශ්‍රී දන්තධාතුව හා පාත්‍රාධාතූන් වහන්සේද තම භාරයට ගත් රජතුමා නූතන කෑගල්ල ප්‍රදේශයේ එදා බිල්ලසේල නමින් දැක්වූ අද බෙලිගල නම් පර්වත මුදුනෙහි මාලිගාවක් ගොඩනගා ආරක්ෂක පවුරු සාදා දළදාව එහි තැන්පත් කළේය බෙලිගල ඉදිකළ දළදා මැදුරෙහි අද ශේෂව ඇත්තේ ගල්කුළුනු තිබූ සලකුණු පමණය බෙලිගල රජමහා විහාරයද ක්‍රමයෙන් දිරාපත්ව යමින් පවතී බෙලිගල සිට මහත් උත්සවශ්‍රීයෙන් මහදිගටම පෙරහර පවත්වා දඹදේණියට ධාතූන් වහන්සේ වැඩම කළේ මේ රජතුමාය රජතුමා දිනපතාම මෙම ධාතූන් වහන්සේලා උදෙසා දිනකට තුන්වරක් බැගින් මල්පහන් පූජා පැවැත්වීය ධාතූන් හා බැදී චාරිත්‍ර විදි දිනපතාම ඉෂ්ට කිරීමට හැකිවන පරිදි භික්ෂූන් වහන්සේලාට නේවාසිකව සිටීම සඳහා සංඝාවාස ඉදිකළේය එපමණක් නොව එම ප්‍රදේශයෙහි අලංකාර බව ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය දිය පො‍කුණු ජලතටාක,මල්වතු ආදිය පිහිටුවමින් එම ප්‍රදේශය දැකුම්කළු රමණීය භූමිභාගයක් විලසින් දියුණු කළේය මාඝ ආක්‍රමණය නිසා රටට අහිමි වී ගිය පොතපත නැවත ලියා තැබීම සඳහා ඒ පිළිබඳව දැනීම හා හැකියාව ඇති උගත් පිරිස් ගෙන්වා ගෙන ඔවුන්ට සියලු සැප පහසුකම් සලසවාදී පොතපත නැවත ලිවීම ආරම්භ කළේය ඔවුන් ලියූ පොත්පත්වල බරට රන් කහවනු ලබා දුන්නේය ගුරුලුගෝමී පඬිතුමා අමාවතුර ලියුවේද මේ සමයෙහිය එමෙන්ම රජතුමාගේ ආරාධනයෙන් මහබෝධිය මුල්කොට ලියූ ධර්මප්‍රදීකාව ග්‍රන්ථය ලියා ඇත්තේද මේ කාලයේදීය රජතුමා හත්දවසක් පුරාම උපසම්පදා කර්මය සිදු කිරීමට අවශ්‍ය පහසුකම් සලස්වාදී මහා සංඝයාවහන්සේලාටගේ දියුණුවට මෙන්ම සමගියටද අවශ්‍ය පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ලබා දුන්නේය පොළොන්නරුවෙහි දාස්තොට උදකුක්බේප සීමා මාලකයක් ඉදිකර උපසම්පදාව ලබාගැනීමට පහසුකම් සැපයුවේය තමාගේ නමින්ද විජයසුන්දරාරාමය කරවා එය මහා සංඝයා විෂයෙහි පූජා කළේය ක්‍රි.ව.1232 තුන්වන විජයබාහු විසින් ඇරඹී දඹදෙනි යුගය ශත වර්ෂයකට වැඩි කාලයක් යාලහුව,කුරුණෑගල ආදී ප්‍රදේශයන්ද රාජ්‍ය මූලස්ථානය කොට ගෙන ක්‍රි.ව.1341 දක්වා ඔහුගේ මුනුබුරු පස්වන විජයබාහු දක්වා පැවතියේය එදා මාඝගේ සැහැසිකම්වලට බියෙන් පොළොන්නරුවෙන් රැකවරණය සඳහා පැන ආ නිශ්ශංකමල්ල රජතුමා බෝධිරාජ කුමාරයාට භාණ්ඩාගාරික තනතුර හා ගම්වර දුන් බව කිවුල්ගම සෙල්ලිපියේ සඳහන්ය සිරිසඟබෝ කාළිංග විජයබාහු චක්‍රවර්තී ස්වාමීන් වහන්සේට පළමුවෙන් හීලෑපුර පෑලවිය ගුල්පිටි බෝධි පාඹුලේ දරුවන් රාජ්‍ය පක්ෂ පාත්‍රවැ ශාස්ත්‍ර ප්‍රහාර ලදින් කළ දස්කමට මෙවන් මුත්භසපටන් පිහිටි රජයෙබද මැන්දිවක් සංවැල්ල,ආචු වැලිමඩ ලියන්ද ආචු තැන සිටවූ ගල් ටැංකු ඇතුළත් කුඹුරු හා මිනිසුන් ගසකොළ හා වල්පිට හා පමුණුකොට ලියා දුන් නිසායා ද්‍රවිඩ බලය නැති කිරීමට නිශ්ශංකමල්ල රජුට උදව් කළ නිසාම මේ රජතුමා රාජපක්ෂ වන්නි උන්නැහේ නමින්ද හඳුන්වා ඇත මොහු ආරම්භ කළ දඹදෙණිය යුගය සිංහල භාෂා සාහිත්‍යයේද දීප්තිමත් යුගයක් විය මේ කාලය තුළ මුව්දෙවිදාවත හෙරණ සිඛ විනිස,අමාවතුර,සුසද්ද සිධිය,යෝග නිම්නය,ධර්ම ප්‍රදීපිකාව,සුකෝදාලංකාරය,සද්ධම්මරත්නාවලිය,චුත්තෝදය,පූජාවලිය,ධාතුමංජුසාව,බුත්සරණ,දාඨාවංශය,සමන්තකූට වර්ණනාව,රසවාහිනිය,සිදත් සඟරාව ආදී ග්‍රන්ථ රැසක්ම ලියා ඇත ගුරුලුගෝමී පඬිවරයා ජීවත්වූයේද මේ රාජ්‍ය සමයේය රජතුමාගේ ආදාහනය සිදුකර ඇත්තේ අත්තනගල්ලේ විහාර භූමියේය එසේ සිදු කරන ලද්දේ රජතුමා ළමැණි සිරිසඟබෝ පරපුරෙන් පැවත ආ අයකු බැවිනි රජතුමා විජයබාහු විහාරය නමින් වත්තල විහාරයක්ද ඉදිකරවා ඔහුගේ සෙයුරු 6වන විජයබාහු මුහුදුබඩ ආරක්ෂා කිරීම සඳහා 

හෙළයේ හය වන පරාක්‍රමබාහු – ශ්‍රී පරාක්‍රමබාහු

 
 
 
 
 
 
Rate This

ඔන්න ගොඩාක් කාලෙකින් තමයි රජකෙනෙකු ගැන සවිස්තරාත්මකම ලිපියක් සකස් කර ගත්තේ කියවලාම බලන්නකෝ හය වන විජයබාහු සිරකරුවෙක් වශයෙන් පත් වූ පසු රජුගේ ඇමැති අලකේෂ්වර විජයබාහු රජුගේ පුත් කුමරා මරා දැමීමට කුමන්ත්‍රණය කළ නිසා රජ බිසව සුනේත්‍රා දේවිය සිය පුත් කුමාරයා සමඟ කෑගල්ලේ ගලබොඩ කෝරළේ පොල්වත්ත ගමේ ජීවත් වූ බව එච්.සී.පීත බෙල් ඔහුගේ කෑගලු පුරාවෘත්තයේ සඳහන් කරයි දහසය විය පැමිණෙත්ම මොහු අලකේෂවර ඝතනය කොට රජවූයේ ශ්‍රී පරාක්‍රමබාහු නමිනි මොහු 1415 පටන් කෝට්ටේ අගනුවර කොට සිය පාලනය ඇරඹීය මොහු සිය අගමෙහෙසිය වශයෙන් කීරවැල්ලේ බිසවක් ගෙන්වා ගත්තේය ඔහුගේ රාජසභාවෙහි වූයේ වසන්තයේ මල් පිපී ගිය රුකක් මෙන් වූ ඒකනායක මැති,කිසිම අක්‍රමනිකතාවකට හෝ වංචාවකට සමබන්ධ නොවූ වික්‍රමසිංහ මහ අධිකාරම්,සේනානායකවරු,වාසල මුදලිවරු,අරමුදලේ ලේකම් මුදලිවරු හා වාසල මුකවෙටිවරුන්ය හංස සන්දේශය රජතුමාගේ රාජ සභාව වර්ණනා කර ඇත රජතුමාගේ යුද්ධ හමුදාවද හංස සන්දේශය වර්ණනා කර ඇත මේ රජතුමා ආරක්ෂාකර රැකදෙන ලෙස කෑරගල වනරතන සංඝරාජ හිමියන් වෙත නෝට්ටේ සිට යැවූ සංදේශය හංස සන්දේශයයි රජතුමාගේ කීරවැල්ලේ බිසවට දාව උපන් උලකුඩය නොහොත් ලෝකනාථ කුමරියට පුත් රුවනක් ලබා දෙන ලෙස ඉල්ලා කෝට්ටේ සිට කැලණයේ විභීෂන වෙත යැවූ සංදේශය සැළලිහිණි සංදේශයයි රජතුමා කෝට්ටේ තෙමහල් දළදා වහන්සේ සඳහා නවරත්න මැණික් එබ්බවූ රන් කරඩුවක්ද එයින් වැසී යන පරිදි නා නා මැණික් වර්ග එබ්බවූ රන් කරඩුවක්ද යොදා දළදාව ආරක්ෂා කළේය රජතුමා කෝට්ටේ සංඝයා වහන්සේලාට මාසයක් මාසයක් පාසා දන්දීමට රට පුරා සිටින සංඝයා වහන්සේලා විෂයෙහි අවුරුදු පතා සිවුරු පිරිකර සහිතව දානයද නොකඩවා පිරිනමා හා සංඝාරාමය ආරම්භ කළේය රජතුමාගේ පාලන සමයෙහි ගුත්තිල කාව්‍යය,කාව්‍යශේකරය,ලෝවැඩ සඟරාව,බුදු ගුණ අලංකාරය,වැනි උසස් ග්‍රන්ථ රචනා කර රට තුළ ශාස්ත්‍රීය ප්‍රබෝධයක් ඇති විය පැරකුමිබා රජතුමා ගැන පවතින තවත් මතයක් නම් මේ කුමරාගේ බාල කාලය හතර කෝරළයට අයත් අම්බුලුගල ගත වූ බවය මොහුගේ සොයුරු මායාදුන්නේ පසුව හතර කෝරලේ ප්‍රාදේශීය රජ වූයේ පරාක්‍රමබාහු කොට්ටේ අගරජු වූ පසුවය රජතුමාට චන්ද්‍රවතී හා උලකුඩය නොහොත් ලෝකනාථ නමින් දූවරු දෙදෙනෙක් විය පළමු සඳහන් කළ සැළලිහිනි සංදේශ ලෝකනාථ බිසවට පුතෙකු ඉල්ලා යැවූ සංදේශයයි රජතුමාට පුතුන් නොසිටි නිසා හදාගත් පුතුන් තිදෙනා වූයේ අම්බුලුගල කුඩා කුමාරායා සහ ජයබාහු කුමාරයාය ජයබාහු පසුව තොටගමුවේ රාහුල නමින් ප්‍රසිද්ධියට පත් විය ශ්‍රී රාහුල නමින් ප්‍රසිද්ධියට පත් විය ශ්‍රී පරාක්‍රමබාහු නොහොත් හයවන පරාක්‍රමබාහු අවුරුදු පනස් දෙකක් රජකර ඔහුගේ මුනුබුරා වූ උලකුඩය දේවි ලෝකනාථ බිසව ලත් පුත් කුමරුවා ජය වීරපරාක්‍රමබාහු නොහොත් 2වන ජයබාහු යැයි නම් තබා සංහාසනාරුජ කොට මිය ගියේය රජතුමා දෙවිනුවර කිහිරැල පිරිවෙනෙහි නඩත්තුව සඳහා එම පන්සලට නූතන 
 
 
 
 
 
 
Rate This

ගොඩාක් කාලෙකින් තමයි පරිගණකය ළග වාඩිවුණේ මුලින් හිතුන පෝස්ට් එකක් දාන්න මට හිතුන මේ පාර වෙනස් දෙයක් දාන්න මේක නම් ඉතිහාසය ඉගෙන කාටත් උපකාර වේවි එය තමයි දෙවන රාජසිංහ රජු තමන් හීන දැක හිටපු පෘතුගීසීන් පලවා හැරීම සාර්ථක කරගැනීම සඳහා ලන්දේසීන් සමඟ ඇතිවූ ගිවිසුමය මෙම ගිවිසුම නිසා රජතුමාගේ හීනය සාර්ථක වූවත් පසුව ලන්දේසීන් බලකොටු බාරදුන්නේ නැත එම නිසා රජතුමා ලන්දේසීන්ට විරුද්ධව කටයුතු කළේය ලන්දේසීන් පෘතුගීසීන්ට වඩා ප්‍රබල රණශූරයෝ වූහ ඉතිහාසයේ ඉගුරු දී මිරිස් ගත් එකම රජතුමා ලෙස දෙවන රාජසිංහ රජු නම් කර හැක මටත් අමතක වුණා කියන්නේ ආවෙ ගිවිසුම ගැන තාම රජු ගැන නේ කතා කළේ මෙන්න ගිවිසුම හෙළයේ ඉතිහාසයෙන්
  • පෘතුගීසීන් පලවා හැරීම සඳහා ලන්දේසීන් දෙවන රාජසිංහ රජුට උදව් දිය යුතුය
  • යුද්ධය සඳහා යන සියලු වියදම් රජු විසින් දැරිය යුතුය
  • වියදමු ගෙවූ පසු ලන්දේසීන් බලකොටු රජුට යළි ලබා දිය යුතුය
  • ලන්දේසීන්ට වරායන්ද වෙළදාමේ තනි අයිතියද ලබා දිය යුතුය
ලන්දේසීන් පෘතුගීසීන් මෙරටින් පලවා හැරියත් එය සඳහා ගිය මුදල් රජු ගෙවූවත් ලන්දේසීන් බලකොටු රජුට ලබා දුන්නේ නැත යුද්ධය නිකං කර ගෙන රටක් අල්ල ගත්ත හැටි දැනුත් මේ වගේ සිංහලයෝ වන අප මේ වගේ වැඩ කරන්නේ නැතුව ජීවිතය ජය ගනිමු තවත් ලිපියක් සමගින් හමුවෙමු

දෙවැනි පණ්ඩිත් පරාක්‍රමබාහු රජතුමා

 
 
 
 
 
 
1 Vote

දඹදෙණි යුගය ලංකාවේ රාජධානි ඉතිහාසය තුළ සාහිත්‍යය සඳහා මහඟ සේවාවක් සිදුවූ යුගයකි එම කාලයෙහි රජ කළ රාජ්‍ය නායකයන්ගේද අනුග්‍රහය ලැබූ නිසාම මෙතරම් සාහිත්‍ය කෘති ගණනාවක් බිහිවීමට හේතු විය දඹදෙණි රජ සමයේ රජ කළ දෙවැනි පණ්ඩිත පරාක්‍රමබාහු රජු සිංහල සාහිත්‍ය වංශයට එකතු කළ කවි සිළුමිණ කාව්‍ය ග්‍රන්ථය ඉතා උසස් සාහිත්‍ය කෘතියකි කවි සිළුමිණ කාව්‍ය ග්‍රන්ථය ඉතා උසස් සාහිත්‍ය කෘතියකි කවි සිළුමිණයෙහි කර්තෘත්වය පිළිබඳව නොයෙකුත් මතවාද තිබුණත් එය දෙවැනි පණ්ඩිත පරාක්‍රම බාහු රජතුමා විසින්ම කළ එකක් බවට සාක්ෂි ලැබී තිබේ ඔහු තම ලේඛන කලාව තමාටම ආවේණික ශෛලියකින් පවත්වාගෙන ගිය බවට කවි සිළුමිණ ආරම්යේම ඉඟියක් කර තිබේ
තමාවරචස නොදිස්      - නේ මෙරමා දොස් දිස්නේ
නුවන් බැහැර නඟමන් – තමාමුත් නොදිස් නේ කිමිද
කවිදිළුමිණ ට අමතරව පරාක්‍රමබාහු රජතුමා විසින් රචනා කර ඇති කෘති දෙකකි
  • විශුද්ධි මාර්ග සන්නය
  • වන විනස සන්නය
කලිකාල සංගීත සාහිත්‍ය සර්වඥ පණ්ඩිත පරාක්‍රමබාහු යන ගරු නාමයෙන් පණ්ඩිත පරාක්‍රමබාහු රජතුමා හඳුන්වන ලදී මොහු රාජ්‍ය පාලකයෙකු මෙන්ම අධ්‍යපනය හා ආගම නඟා සිටුවීම සඳහාද විශාල මෙහෙවරක් කරන ලද අයකු බව පෙනේ කුරුණෑගල පිරිවෙණ,දඹදෙණි පරාක්‍රමබාහු පිරිවෙණ,බෙලිගල වැනි අධ්‍යාපන ආයතන ඇති කිරීමෙන්ද මෙතුමා සිංහල භාෂාවටත් සාහිත්‍යයටත් උදාර සේවයක් කළ බව සනාථ වේ පොඩ්ඩක් ලියල යන්න තවත් ලිපියක් සමඟින් හමුවෙමු

හෙළයේ සේන සලමෙවන් රජතුමා

 
 
 
 
 
 
Rate This

පොඩ්ඩක් අහල නැහැ වගේ නේ මෙම රජුනම් පොඩ්ඩක් සාහිත්‍ය පැත්තට නැඹුරු කෙනෙක් පොත් වලින් හොයා ගත්තේ ඕන වෙයි කියලා දැම්මේ ක්‍රි.ව. 831-851 අතර කාලය තුළ රජ කළ සලමෙවන් රජ සිංහල භාෂාව පිළිබඳව මනා පරිවයක් ඇත්තේක් විය සිංහල පද්‍යකරණය පිළිබඳව ලියවී ඇති සියබස්ලකර නම් සුව්ශේෂ උපදෙස් ග්‍රන්ථය සලමෙවන් රජ විසින් ලියන ලද්දක්ය නව වන සියවස් මුල් භාගයේ ලියවී ඇති සියබස්ලකර කාව්‍ය නිර්මාණකරණයෙහි යෙදෙන ආධුනිකයන්ට ගුරු හරුකම් දීමට සකසන වූවකි දණ්ඩින්ගේ කාව්‍යදර්ශනය සියබස්ලස්කරට ගුරු වී තිබේ එහෙත් සලමෙවන් රජු සිංහල පාඨකයාට තේරුම් ගැනීමට පහසුවන පරිදි සරල භාෂා රටාවකින් සියබස්ලස්කර රචනා කර තිබීම එතුමාගේ සිංහල භාෂාව පළිබඳව තිබූ මනා අව‍බෝධය ප්‍රකට කරන්නෙකි කොහොමද

හෙළයේ තුන්වන බුවනෙකබාහු රජතුමා

 
 
 
 
 
 
Rate This

හතරවන පණ්ඩිතපරාක්‍රමබාහු මියගිය පසු 1327 දී කුරුණෑගල සිංහාසනාරූඪ වූයේ තුන්වන බුවනෙකබාහුය මොහු වන්නි බුවනෙකබාහු නමින්ද රාජරාත්නාකරය රාජාවලිය හා නිකාය සංග්‍රහය හඳුන්වනු ලබයි මොහු විජයරාජ පෙළපතින් පැවත ආ මෙහෙණවර කුමරුවෙකි දුම්බර කඩඉම් පොත මොහු හදුන්වා ඇත්තේ මැණික් තිලක වන්නි උන්නැහේ කියාය මෙතුමා ගෙවල් ඉදිකොට දුම්බර ප්‍රදේශයේ ගොඩනැගූ රාජධානිය වර්තමාන උඩුදුම්බර මැදිවකය මොහු දුම්බර ප්‍රදේශය අතහැර දමා කලක් කලාවැව ප්‍රදේශයේ පදිංචිව සිටි බැවින් මේ වන්නි නම ලැබී තිබේ අද කුරුණෑගල නගරයේ දක්නට ඇති රමණීය වැව ඉදිකළේ මේ රජතුමාය මොහුගේ කාලයේ චීන දේශ ගවේෂකයකු වූ කුබ්ලායිඛාන් දන්තධාතුව තමන් වෙත ලබා දෙන ලෙස තුන්වරක්ම ඉල්ලා ඇත නමුත් 1284 දී පාත්‍රධාතුව පමණක් කුබ්ලායිඛන් වෙත ලබාදුන් බව සඳහන්ය රජතුමා අවුරුදු එකොළහක් රජ කළ බවට උඩහේවාහැට හඟුරන්කෙත විල්වල සෙල්ලිපිය සඳහන් කරයි 

හෙළයේ දෙවන බුවනෙකබාහු රජතුමා

 
 
 
 
 
 
Rate This

පළමුවන බුවනෙකබාහුගේ එක් පුතෙකි දුම්බර ගලහිටියාවේ කුමාරයෙකි වත්හිමි බුවනෙකබාහු නමින් ද ප්‍රසිද්ධය රාජ්‍ය මූලස්ථානය වශයෙන් කුරුණෑගල තෝරා ගත්තේය රජතුමා භික්ෂූන් දහසකට එකවර දන් පිළිගැන්වීමට අවශ්‍ය වූ සියලු පහසුකම් සැපයීය පොසොන් මාසයෙහි උපසම්පදා උත්සවය කරවීමටද මහා සංඝයාවහන්සේලා පෙලඹවීම සංඝයා විෂයෙහි අවශ්‍ය සිවුරු පිරිකර ආදී දානමය වස්තු අවුරුදු පතා පූජා කළේය එසේම තමාගේ රාජාභිෂේක මෞල් මංගල්‍යද අවුරුදු පතා පැවැත්වීම මොහු යාපහු බුවනෙකබාහු නමින්ද දන්නා අතර දුම්බර කඩයිම් පොත හඳුන්වන්නේ මානාපති රැන්නැහේ නමිනි රාජ රාත්නාකරය මොහු වත්හිමි බුවනෙකබාහු නමින් හඳුන්වයි මෙතුමා අද මහනුවර දිස්ත්‍රික්කයේ තෙල්දෙණිය පාරලිමේන්තු ආසනයට අයත් වේඩරුවගම ඉදිකළේය එගම අය රජතුමාගේ දරුමුණුබුරු පරම්පරාවෙන් පැවතේ මෙතුමා පඬිරට අර්යචක්‍රවර්තී නම් නායකයෙකු විසින් පැහැරගෙන ගොස් තිබූ දන්තධාතුව ආපසු කුරුණෑගලට ගෙනවිත් කුරුණෑගල දළදා මාලිගයක තැන්පත් කළේය රජතුමා සමයෙහි ජාත්‍යන්තර වෙළදාම පවා දියුණු තත්ත්වයක පැවතියේය රජතුමා මධ්‍යධරණී මුහුද අවට රටවල් සමඟ පවා වෙළඳ සබදතා ගොඩනගා ගෙන තිබිණි ලංකාවේ වෙළද දූත පිරිසක් 1283 දී ඊජිප්තුවේ කයිරෝ නුවරට ළඟා වූ බව වාර්තා වේ එම පිරිස මිසරයේ සුල්තාන්වරයා විසින් අප්‍රේල් මාසයෙදී පළිගන්නා ලදී රජතුමාගේ පාලන සමයෙහි ආර්යචක්‍රවර්තී නම් ප‌ඬිරට නායකයෙකු මෙරට පැනැවිත් රට කොල්ලකමින් රට තුළ කැරැල්ලක් ඇති කළේය මේ කොල්ලකරු මෙල්ල කිරීම සඳහා රජතුමා උතුරු ඉන්දියාවේ රාජස්ථානයෙන් ආධාර ඉල්ලා සිටියේය එදා විටෝරයේ රජ වූ හම්සිරජු ඉස්ලාම් ලබ්ධික හමීර්ෂාන්ඛාන් නමැති සෙනෙවියා යටතෙහි භට පිරිසක් මෙරටට එවීය මේ සමඟ පැමිණි හමීර්ෂන්ඛාන්ගේ පුත්‍රයෙක් රජතුමා සමගම මාලිගවෙහි වාසය කර සිට රාජස්ථානයේ බලඇණි සහායෙන් බුවනෙකබාහු මරා දමා හතරවන පණ්ඩිත පරාක්‍රමබාහු නමින් කුරුණෑගල රජවීය සමහර ඉතිහාසඥවන්ගේ මතය වී ඇත්තේ හමීර්ෂන්ඛාන් රජතුමාගේ හමුදාවේ සිටි 

හෙළයේ පළමුවන බුවනෙකබාහු රජතුමා

 
 
 
 
 
 
Rate This

පළමුවන බුවනෙකබාහු දඹදෙණිය යුගය ආරම්භ කළ දුම්භර රජෙකු වූ තුන්වන ජියබාහුගේ මුණුබුරාය දෙවන පරාක්‍රමබාහුගේ පුත්‍රයාය හතරවන විජයබාහු රජු මිත්‍ර නම් සෙනෙවියා විසින් මරා දැමීමෙන් පසු මිත්‍ර සෙනෙවියා රජ විය විජයබාහුගේ ඨකුර නම් සෙනෙවියා විසින් මිත්‍ර මරා දමා රජකරවූයේ බුවනෙකබාහුය එදා මෙම අභ්‍යන්තර වියවුල් අවස්ථාවෙහි දඹදේණි මාලිගයෙහි සිටි බුවනෙකබාහු කුමාරයා මාලිගයෙන් එළියට පැන කලුගල නම් ගමට පැමිණ එහි ඇතුන් බැද සිටි ගාලකින්  ඇතෙකු රැගෙන පිට උඩට නැග කලුගල ගමින් ගොස් කොළමුණ ඔය තරණය කොට දඹදෙණියේ සිට යාපහුවට පැන ගියේය ඨකුරක සෙනෙවියා ඉන්පසු සියලුම සිංහල යෝධයින් කැටුව යාපහු නුවරට ගොස් බුවනෙකබාහු කුමාරයා හමුවී ඔහු මහත් හරසරින් යුතුව දඹදෙණියට රැගෙනවිත් ඵළමුවන බුවනෙකබාහු නමින් එහිදී අභිෂේක කළේය රජතුමා සියලුම සතුරන් නසා ලංකාව නිදහස් කර ගනිමින් ,සිංහල වන්නි රජවරුන්ද තමන්ගේ පක්ෂයට ගෙන කාලයක් දඹදෙණි නුවරම සිට රාජ්‍ය විචාරා පසුව යාපහුවට පැමිණ එය අගනුවර කර ගනිමින් දොළොස් අවුරුද්දක් පමණ කාලයක් රට පාලනය කළේය රජතුමා පොළොන්නරුවේ තිබූ දළදාව යාපහුව සුන්දරගිරි දළදා මැදුර වෙත ආපසු රැගෙන ආවේය රජතුමා ත්‍රිපිටකය ලියවා සියලුම විහාරම්ථානයට බෙදා දී බුද්ධ ධර්මයේ අභිවෘද්ධිය පිණිස අවශ්‍ය කටයුතු සිදු කළේය භික්ෂු සංඝයාට සිවුපසවෙන් උපස්ථාන කළේය උපසම්පදාව අඛණ්ඩව පවත්වාගෙන යාමට අවශ්‍ය සියලුම පහසුකම් හා රාජ්‍ය අනුග්‍රහයද ලබා දුන්නේය මෙකල පැමිණි චීන ජාතික දේශගවේකයකු දන්ධාතුව තමා වෙත ලබා දෙන ලෙස බලපෑම් කළේය නමුත් අර්යචක්‍රවර්තී නමැති ද්‍රවිඩ නායකයකු යාපහු නුවරට පැමිණ දන්ත ධාතූන් වහන්සේ පැහැරගෙන ගොස් එය පඬිරට කුලසේකර නම් රජු වෙත භාර දී ඇත දළදාව ආපසු මෙරටට ගෙන එන ලද්දේ රජතුමාගේ ඥාති පුත්‍රයෙකු වූ 1282 සිට 1294 දක්වා දඹදෙණිවෙහි රජකළ තුන්වෙනි පරාක්‍රමබාහුය රජතුමා අන්තරජාතික බෙළදාම් කටයුතුද තම රාජ්‍යය සමඟ වර්ධනය කරගත්තේය රජතුමා අල්හා අබු උචිමන් නම් ඔහුගේ නියෝජිතයෙක් ඊිජිප්තුවේ රජතුමා හමුවීම පිණිස පිටත්කර යවා ඇත තමාගේ රාජ්‍යය මුතු මැණික් ආදී වටිනා ඛනිජ සම්පත් මෙන්ම දුර්ලබ දැව වර්ග සහිත ඝන කැළෑ තිබෙන බවද ඊජිප්තුවේ සුල්තාන්වරයාට දන්වා යැව්වේය

හෙළයේ හයවන විජයබාහු රජතුමා

 
 
 
 
 
 
Rate This

කෝට්ටේ රජ වූ අටවන වීරපරාක්‍රසබාහු රජුගේ පුතෙකි වීරපරාක්‍රමබාහුගෙන් පසුව රජ වූ නව වන ධර්ම පරාක්‍රමබාහුගේ ඇවෑමෙන් රජවූයේ ඔහුගේ බාල සහෝදර හයවන රාජසිංහ යන දෙදෙනාම කීරවැල්ලේ මහ බිසෝ බණ්ඩාර හා අනුලා කහතුඩ යන බිසෝවරුන් දෙදෙනෙක්ම තම බිසෝවරුන් වශයෙන් තබාගෙන සිටියේය මේ ඒකාබද්ධ විවාහයෙන් ලත් දරුවන් වූයේ හත්වන බුවනෙකබාහු,රයිගම් බණ්ඩාර,බාලවියේදීම මිය ගිය රාජසිංහ රාජා හා මායිදුන්නේය එක් බිසවක් මියගිය පසු විජයබාහු මාලිගය වෙත කැන්දාගෙන පැමිණ ආ දෙවන බිසව සමඟ ඇගේ බාල සහෝදර දේවරාජසිංහද රජ මාලිගාවේම ජීවත්ව සිට ඇත මෙම බිසවගේ සහෝදරයාට කෝට්ටේ රජකම ලබාදීමට රහසින් කුමන්ත්‍රණයක් පැවති බැවින් ඊට විරුද්ධ වූ පුතුන් තිදෙනා තම පියා මාලිගය වෙත කැන්දාගෙන පැමිණ ආ දෙවන බිසව සමඟ ඇගේ බාල සහෝදර දේවරාජසිංහද රජ මාලිගාවේම ජීවත්ව සිට ඇත මෙම බිසවගේ සහෝදරයාට කෝට්ටේ රජකම ලබාදීමට රහසින් කුමන්ත්‍රණයක් පවති බැවින් ඊට විරුද්ධව වූ පුතුන් තිදෙනා තම පියා මාලිගය තළම මරාදැමීය මෙය තමා ඉතිහාසයේ සඳහන් වන විජයබා නකාල්ලය ඉහත සඳහන් දේවරාජසිංහට රජකම පැවරීමට යන බව ආරංචි වූ පසු පුතුන් තිදෙනා උඩරට සිටි 2වන ජයවීර යුව රජුගේ ආධාර ඇතිව පියා රජකමින් පහ කිරීමට පිණිස සටන් ඇරඹිය විජයබාහුට මේ බව සැලවීමෙන් පසු පුතුන් තිදෙනා සමඟ සාකච්ඡා කිරීමට ඔවුන් මාලිගය තුළට කැඳවීය රජතුමාගේ අරම්ණ වූයේ මාලිගය තුළදීම සිය පුතුන් තිදෙනා ඝාතනය කාරීමයි ඒ සඳහා අවශ්‍ය හමුදා කණ්ඩායමක් ද මාලිගය තුළ රැදී සිට ඇත කුමරුන් තිදෙනා‍ගෙන් බාලයා වූ මායාදුන්නේ මේ සාකච්ඡාව සඳහා පිටත් කර යැවූ බුවනෙකබාහු හා රයිගම් බණ්ඩාර අසලින් රැදී සිටියෝය මායාදුන්නේ මාලිගාවට ඇතුළුවීමට එන විට අතර මඟ රැදී සිට දේවරාජසිංහ කුමාරයා මායාදුන්නේ ඝාතනය සඳහා මාලිගය තුළ පිරිසක් රැදී සිටින බව දැනුමු දුන්නේය මේ කැරැල්ල අවසන් වූයේ පුතුන් තිදෙනාම එක්ව පිය රජු මාලිගය තුළම ඝාතනය කිරීමෙනි ඝාතනයෙන් පසුව සහෝදරයන් තිදෙනා රාජ්‍ය බෙදාගෙන පාලනය ගෙන ගියේය බුවනෙකබාහු කෝට්ටේ රාජ්‍යද,රයිගම් බණ්ඩාර රයිගම් වල්ලාවිට හා පස්දුන් කෝරලයද,මයාදුන්නේ සීතාවක හතර කෝරලයේ හා දෙනවක භාරව රාජ්‍ය පාලනය කළෝය මෙයින් රටේ අභ්‍යන්තර පාලනය දුර්වල වූ බැවින් පෘතුගීසි හා මැලේ වෙළදුන් රජයට අයවිය යුතු බදු මුදල් ගෙවීම පැහැර හැරියෝය බුවනෙකබාහු සිය සොයුරන්ට විරුද්ධව පෘතුගීසීන්ගේ අධාර පැතීය මේ අතර රයිගම් බණ්ඩාර මියගියෙන් මායාදුන්නේ එම පළාත ද තම රාජ්‍යයට ඈදා ගත්තේය මෙයින් පසුව පෘතුගීසීන්ගේ බලපෑම් එල්ල වීම් මත ලංකා රාජ්‍යයේ බලතුලනය සහ ආධිපත්‍ය පැවති ආකාරය අපේ ඉතිහාසයෙහි සඳහන්ය මෙම රජතුමා දෙවිනුවර නාගරිස වමැති කෝවිලට නූතන පරවාහැර,පාතේගම සහ නඹටුන්න යන ප්‍රදේශවල කුඹුරු ප්‍රදානය කොට ඇත තොටගමු විහාරය නමින් අද හදුන්වන ලබන තිත්තයාගම නමින් එදා හැදින් වූ විහාරයට ප්‍රසාද මන්දිරයක් ඉදි කළේ ද මේ රජතුමාය 

හෙළයේ පස්වන විජයබාහු කුමාරයා

 
 
 
 
 
 
Rate This

මොහු මිත්‍ර ඇමතියා මරා දමනු ලැබූ හතරවන විජයබාහුගේ දෙවන පුතාය බිසව සුමිත්‍රා දේවියයි දඹදෙණිය හා යාපහුව රාජ්‍ය මූලස්ථානය කොට පාලනය ගෙන ගියේය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ලංකා ඉතිහාසය නම් ග්‍රන්ථය සඳහන් කරන්නේ මොහු කුරුණෑගල රජ කළ බවය කෙසේ හෝ මොහු අවුරුදු හයක් පමණ රජකම දැරීය පස්වන විජයබාහුගෙන් පසුව ඔහුගේම මලණුවන් වූ හතරවන බුවනෙකබාහු විසින් රාජ්‍ය මූලස්ථානය ගම්පොලට ගෙන යන ලදී ඉන්පසුව හතරවන බුවනෙකබාහු සහ පස්වන විජයබාහු සමකාලීනව එක් කාලපරිච්ඡේදයක රජකම් කර ඇත නමුත් පසුවන විජයබාහු මුළු ලංකාවේම රජු හැටියට පිළිගෙන තිබෙන බව පාරමී මහ ශතකයේ රඤ්ඤා විජයබාහු නා පිලනීය ලංකාය යනුවෙන් දැක්වෙන බව පේරාදෙණිය විශ්‍යවිද්‍යාලයේ ලංකා ඉතිහාසය නම් ග්‍රන්ථය පවසයි විජයබාහු සවලු විජයබා නමින්ද හැදින්වේ ශ්‍රී මහාබෝධිය ලංකාවට වැඩම කරගෙන ආ පිරිස සමඟ පැමිණි සූර්ය ගුප්ත කුමාරයා සෙබඩ බිජුවකින් උපන් කුමාරිකාවක් සරණයට ගත් බව පැවසේ එම පරපුරෙන් පස්වන විජයබාහු නම පටබැදුණි දුම්බර කඩඉම පොත මොහුට නකා වෙහෙර හෙට්ටිරාල යන නම භාවිතා කරයි ගම්පොල රාජධානිය ආරම්භ කළ මුල් රජවරුන් දෙදෙනා වූ 4වන බුවනෙකබාහු සහ 5වන පරාක්‍රමබාහු මේ රජතුමාගේ පුතුන් දෙදෙනාය ලැමණි රජ පරපුර දෙවන වරට ආරම්භ වන්නේ විජයබාහු ගෙනි ගඩලාදෙණිය හා ලංකාතිලක විහාර කටයුතු මේ රජතුමා විසින් ආරමිභ කළ මුත් එම කටයුතු නිමාව වූ 1314 වන විට ගම්පොළ රජ වූයේ 6වන බුවනෙකබාහුය. 

හෙළයේ හතරවන විජයබාහු රජතුමා

 
 
 
 
 
 
Rate This

බෝසත් විජයබාහු නමින් රාජරත්නාකරණය හා නිකාය සංගුහය හඳුන්වන මොහු දඹදේණිය යුගය ආරම්භක තුන්වන විජයබාහුගේ මුණුබුරාය කලිකාල සාහිත්‍ය සර්වඥ පණ්ඩිත දෙවන පරාක්‍රමබාහුගේ වැඩිමහල් පුත්‍රයාය හේ කාරුණික හා ශාන්ත ගතවලින් යුත් ගුණවත් පුද්ගලයෙක් විය දළදාව පොළොන්නරුවේ අටදාගෙයි වැඩ හිද වූයේ මේ රජතුමාය අටදාගෙය හා බුදුගෙය නවීකරණය කර උත්සව මාලාවක් පැවැත්වීය අතපසුව තිබූ ආගමික වතාවත් රාශියක් යළි ආරම්භ කර පොළොන්නරුවේදී අභිෂේක උළෙලක්ද පැවැත්වීය මේ රජතුමාගේ සමයෙහි ලංකාවේ ඉඩම් භුක්ති විදීමේ ක්‍රමය තුන් ආකාරයකින් සිදුවිය එනම් පමුණු,දිවෙල් හා ප්‍රවේණි යන ක්‍රම තුනය ඉඩමක හදවත වූයේ කුඹුරුය කුඹුරට වතුර ලබා ගැනීම සඳහා උල්පත් පිහිටි කැලෑරොදක් වෙන්කර තබන ලදී එම කැලෑරොද හැදින්වූයේ වල්පිට නමිනි දියකඩිති පිහිටි ප්‍රදේශ විල නමින් විය ගෙවල් පිහිටි ඉඩම් ගෙවතු වගාකළ ඉඩම්,ගසකොළ එළවලු වවා ඇති ඉඩම් හා ඕවිටි ඉඩම් ආදී වශයෙන් ඉඩම් වෙන්වෙන්ව තිබුණි නිවාස පිහිටි ඉඩම් හැදිවූයේ ගම්මුදල නොහොත් නට්ටම නමිනි එදා ගමක වැසියන් ද වෘත්තීය අනුව හැදින්වීය එනම් එඩේරු,ගොවීහු,සවර්ණකාර,කුම්භකාර,චර්මකාර,ලෝහකාර,උලුවඩු අයකාර,චිත්‍ර කාර දඬුවෝු යනාදී වශයෙනි අවුරුදු දෙකක් පමණ කෙටි කාලයකින් මේ රජතුමාගේ අවාසනාවන්ත මරණය සිදුවිය රජුගේම මිත්‍ර නම් වූ එක් ඇමතියෙක් රාත්‍රී කාලයේ හොර රහසින් මාලිගයට ඇතුළු වී රජතුමා මරා දැම්මේය රජතුමා මරා දැමූ මිත්‍ර ඇමතිවරයාටද රාජ්‍ය කරවීමේ වරම නොලැබුණු රජුගේ යුද්ධ සේනාවේ උන් ඨකුරකු නම් යෝධයා මිත්‍රසෙනෙවියා මරාදමා යාපහු නුවරින් දඹදෙණි නුවරට බුවනෙකබාහු කුමාරයා කැඳවා කෙන ගොස් ඔහු රජකරවීය ගම්පොළ නියම් ගම්පාය විහාරයසහ සිදුවාන වනග්ගාම ප්‍රාසාදය හා අභයරාජ පිරිවෙන ඉදිකළේ මේ රජතුමාය අනුරාධපුරයෙහි චෝල ආක්‍රමණයෙන් පසුව නටඹුන්ව තිබූ වෙහෙර විහාරද පිළිසකර කළේ

හෙළයේ දෙවන විජයබාහු රජතුමා

 
 
 
 
 
 
Rate This

ඉන්පසුව අපට හමුවන විජයබාහු නම් දෙවැනි ගජබාහුගේ පුතා වූද මහාපරාක්‍රමබාහුගේ අවැස්ස බැණාවූද එක්වසරක කලක් කිරුළ දැරූ දෙවන විජයබාහුය මොහු පණ්ඩිත විජයබාහු නමින්ද හැදින්වේ මේ රජතුමා බුරුමයේ ආරියවද්ධ රජතුමා සමඟ සමීප සම්බන්ධතාවක් ගොඩනගාගෙන තිබිණි මගධ භාෂාව දැන සිටි රජතුමා එම භාෂාවෙන්ද බුරුම රට සමඟ ගනුදෙනු කළේය බෞද්ධාගමේ දියුණුවට අවශ්‍ය කටයුතු පිළිබඳව නිරන්තරයෙන් අදහස් හුවමාරු කර ගත්තේය එමෙන්ම බුරුම රටේ භික්ෂූන් මෙරටෙහි භික්ෂූන් සමඟ අදහස් හුවමාරු කර ගත්තේය රජතුමා පළිබදව චූලවංශය දරන්නේ මෙවැන් අදහසකි මහා කාරුණික බුද්ධිමත් මෙතෙම තමාගේ මයිලනුවන් වූ පරාක්‍රමබාහු රජු විසින් බන්ධනාගාරයෙහි දමන ලද්දාවූත් වධ බන්ධනවලින් පිඩා කරන ලද්දාවූත් ලක්වැසි මිනිසුන් ඒ දුකින් මුදවීය ඒ සියලුදෙනාටම ඒ ඒ තන්හි තම තමන්ගේ ග්‍රාම ක්ෂේත්‍රාදී හැම අතින්ම ප්‍රීතිය දියුණු කරවීය රජතුමා දැහැමි පාලනයක් ගෙන යෑමට අඩිතාලම දැමීය දඟගෙයි දඬුවම් විඳිමින් සිටි වරදකරුවන් කෙරෙහි මෛත්‍රිය දක්වා ඔවුන් නිදහස් කළේය නිති දන්දීමෙන් හා භික්ෂූන්ට අවශ්‍ය දේ සැපයීමට පියවර ගත්තේය මේ රජතුමාගේ පියා වූ දෙවන ගජබාහු දුම්බර විසියෙකි උඩපිටිවෙල,පල්ලේපිටවල කලල්ගොමුව ආදී ගම් පැවත එන්නේ මේ රජතුමාගේ පරම්පරාවේ දූ දරුවන්ගෙන්ය කලක් දුම්බර කඩඉම් පොත මේ රජුගේ පියාවූ 2වන ගජබාහු කලල්ගොමුවේ වනිනි උන්නැහේ කියා හඳුන්වයි රජතුමාද පොළොන්නරුවේ සිට රාජ්‍ය පාලනය කළේය හෙළයේ

හෙළයේ මහා විජයබාහු

 
 
 
 
 
 
Rate This

ලංකාවේ බාහු නමින් රජ වූ රජවරුන් ගැන ලියන ලිපි පෙළක දෙවැන්න විජයබාහු නමින් රජ වූ රජවරුන් ගැන ලියන ලිපි පෙළක දෙවැන්න විජයබාහු නමින් රජ වූ රජවරුන් ගැනය ක්‍රි.ව.1055 සිට 1208 දක්වා අවුරුදු එකසිය පනස් පහක් පමණ වූ පොළොන්නරු යුගය ආරම්භ කළේ කීර්ති කුමාරයා මහා විජයබාහු නමින් රජවීමෙන් පසුවය ලංකාවේ අවුරුදු හැක්කෑවක් තිබූ චෝල ආධිපත්‍ය අවසන් කළේ මේ රජතුමාය අවුරුදු දහහතේදී පමණ රජ වූ මොහු පළමුවන විජයබාහු නමින්ද ඉතිහාසයේ හැඳින්වෙන අවුරුදු පනස් පහක්ම රජකම දරා ඇති රජ කෙනෙකි කවුද මේ විජයබාහු?බෝධි කුමාරයාට දාව බුද්ධා කුමරියට උපන් ලෝකිනාථා හා මුගලන් යුවළගේ දරුවන් හතරදෙනා කීර්ති,මිහිදු,රක්ඛිත පුතුන් හා මිත්‍රා නමි දුවය මේ දරුවන් හතරදෙනාගේන් කීර්ති කුමාරයා තමයි පොළොන්නරු යුගය ආරම්භ කළ විජයබාහු නමින් පසුව කිරුළ පැළැන්දුවේය විජයබාහු,ජගතිපාලගේ දුව වූ ලීලාවතී හා කාලිංග කුමරියක් වූ තිලෝගකසුන්දරී යන දෙදෙනා බිසෝවරුන් වශයෙන් තබාගෙන සිටියේය ලීලාවතී බිසවගේ ලත් දරුවන් වූයේ සුබද්‍රා,සුමිත්‍රා ලෝකනාථා,රූපාවතී යන දූවරුන් සතරදෙනාය සහ වික්‍රමබාහු කුමාරයාය තිලෝකසුන්දරීගෙන් ලත් දුව රත්නාවලී කුමරියයි රත්නාවලී කුමරියගේ සවාමිපුරෂයා වූයේ මනාභරණයි රත්නාවලී සහ මනාභරණ යුවළගේ දරුවන් වූයේ මිත්‍රා හා ප්‍රබාවතී දූවරුන් දෙදෙනා හා සැළලිහිණි සංදේශය කරන පරිදි කැලණියේ විභීෂණ දෙවියන්ට භරයක් වී ලබාගත් බව කියන මහා පරාක්‍රමබාහු රජුය නෑකම් අතින් බලන විට මහා විජයබාහුගේ මුණුබුරෙකු වූයේ මහා පරාක්‍රමබාහුය මේ දෙදෙනාම පොළොන්නරු යුගය ඔප කළ ලංකාවේ පහළ වූ ශ්‍රේෂ්ඨතම රජවරුන් දෙදෙනාය පොළොන්නරු යුගයෙන් අඩකට වඩා රජකම දරා ඇත්තේ මේ සීයා සහ මුණුබුරාය එනම් විජයබාහු අවුරුදු පනස් පහක් හා පරාක්‍රමබාහු අවුරුදු තිස්තුනක් වශයෙනි එදා රුහුණෙහි දෙමළ බලය වනසා රට එක්සේසත් කළේද මේ විජයබාහු රජුය ශසනවංශ නම් පොතට අනුව බුද්ධාගමේ පුනර්ජීවනයක් ඇති කරවාලිමේ අරමුණින් බුරුම රටේ අනුරුද්ධ නම් රජු සමයෙහි උපසම්පදාව ආරම්භ කිරීම සඳහා උගත් බෞද්ධ භික්ෂූන් වහන්සේලා මෙරටට ගෙන්වාගෙන ඇත අද පොළොන්නරුව නගරයෙහි පුරාණ නටබුන් අතර ඇති දළදා මළුවෙහි අටදාගය දළදාව සඳහා ගොඩනගා ඇත්තේ මේ රජතුමාය මෙරට සිටි උගත් තරුණයන් පවෘජ්‍යා භූමියට ඇතුළත්වීමට පෙලඹවීම සඳහා ද කටයුතු කරන ලදී රජතුමා විහාර,පන්සල් ඉදිකර බෞද්ධාගමේ දියුණුවට අවශ්‍ය කටයුතු සිදු කළේය ශ්‍රී පාදයට යන මර්ගය සකස් කොට දී වන්නාවෙහි යන බැතිමතුන්ට බත සැපයීමට ගිලීමලේ වෙල් යායක් නින්දගමක් වශයෙන් පූජා කළේය සොලී ආක්‍රමණයන් නිසා විනාශ වූ වෙහෙර විහාර රාශියක් නැවත ප්‍රතිසංස්කරණය කළේද මේ රජතුමාය රන්න අසල පිහිටි දප්පුල රජතුමා ඉදිකළ කහගල් විහාරය පුනරුත්ථාපනය කළේද මෙම රජතුමාය වලවේ ගගින් බටහිර වූ දොළොස් දහස් රට ප්‍රදේශය දියුණු කර එහි මහානාගහුල නම් ස්ථානය සිය අගනුවර කර ගත්තේය මෙම ප්‍රදේශය පරාණවිතාන ශූරීන් හදුනාගෙන ඇත්තේ නූතන අම්බලන්තොටින් හැතැම්ම අටක් පමණ වූ රම්බා විහාරය පිහිටි ප්‍රදේශ වශයෙනි මෙහි සිට විජයබාහු රජතුමා තමාගේ චෝල ආක්‍රමණය දියත් කළේය පසුව මහා රාක්‍රමබාහු රජතුමාද එම ප්‍රදේශය තෝරාගත්තේය ගජබා රජුද ඔහුගේ මාමා සමඟ සිය තරුණ කාලය ගතකළේ මෙපෙදසය ක්‍රි.ව.1070 දී රජතුමා මඩගල්ලේහි තිබූ චෝල කඳවුරු විනාශ කළේය පසුව ඔහු මන්ඩවාපංක නම් වැව ප්‍රතිසංස්කරණය කර,සිරිමන්ඩල ගම සංඝයා විෂයෙහි පූජා කළේය මෙම ප්‍රදේශ කොඩරිංටන් විසින් හදුනාගෙන ඇත්තේ පොලපිතිගම මීඔයට දකුණින් හැතැම්ම දෙකක් පමණ ඔබ්බෙහ් පිහිටි මහමඩගල වශයෙන්ය රජතුමා ශ්‍රී පාදයට යාමට මාර්ග තුනක් වැඩි දියුණු කළේය ඒවා නම් ගිලීමලේ හරහා රත්නපුරයෙන් පැමිණෙන මාර්ගය,රාරත්ත මාර්ගය නම් වූ කෙහෙල්ගමු මාර්ගය,ඌව සිට පැමිණිය හැකි මාර්ගයයි රජතුමා ශ්‍රී පාදය වන්දනාවට වෙනම ප්‍රදේශයක්ද පූජාකොට ඇත රජතුමා අනුරාධපුරයෙහිද මාලිගයක් ඉදිකළ මුත් එහි වාසය කළේ මාස කීපයකි රජතුමාගේ නිජබිම වූ එදා රුහුණට අයත්ව තිබූ අද ඌවට අයත් මොණරාගල මුප්පනේ ප්‍රදේශයයි සිය දෙමාපියන් වූ මුගලන් හා ලෝකිනාථ මුප්පනේ පදිංචිව සිටියෝය මහාවංශය සඳහන් කරන පරිදි සිය දෙමාපියන් වෙනුවෙන් රජතුමා සංඝවාස පහක් මේ ප්‍රදේශයේ ඉදිකර සංඝයා විෂයෙහි පූජාකොට ඇත රටේ ආර්ථික දියුණුව සඳහා ගොවිතැන් කිරීමට අවශ්‍ය වැව් අම්ණුද ඉදිකරවන ලදී රජතුමා උගතෙක් විය පාළි පොත් සිංහල භාෂාවට හරවා ලිා දැනීම වැඩිකර ගැනීමට සිය ජනතාවට උදව් කළේය රජතුමා කවියකු ද වූ බැවින් කාව්‍යකරණයෙහි උනන්දුව කිරීමට කවියන්ට ගම්බිම් ආදාය තෑගි වශයෙන් ලබා දුන්නේය රජතුමාගේ දහතුන් වන රාජ්‍ය වර්ෂයේදී වේලක්කාර හමුදාවක් සමඟ සටන් වැදුණු බව එච්.සී.පී. බෙල් ඔහුගේ කෑගලු පුරාවෘත පොතෙහි සඳහන් කරයි මෙම සටනේදී රජතුමාගේ සහෝදරිය හා ඇගේ දරුවන් තිදෙනාද පැහැරගෙන ගිය බව සඳහන්ය එම සටනේදී රජුගේ මාලිගාවක්ද ගිනිතබා ඇත මෙම සිද්ධිය ආරංචි වූ විගස එවකට අනුරාධපුරයෙහි සිටි රජතුමාද ඔහුගේ සහෝදර වීරබාහු සමඟ විත් සටන් කොට සතුරන් එම ප්‍රදේශයෙන් පලවා හැරියේය මෙම සටන් පැවති අවස්ථාවෙහි රජතුමා ඔහුගේ වස්තුව වාගිරිගල මුදුනේ නිධන් කළ බව වට්ටාරම අස්නෙහි සඳහන්ය එසේ සිය ධනය නිධන් කරන ලද්දේ පසු අවස්ථාවක එම ධනය යොදවා ප්‍රදේශය දියුණු කිරීමේ බලාපොරොත්තුවෙනි රජතුමා පොළොන්නරුවේදී අභිෂේක ලැබුවේ සිරිසඟබෝ විජයබාහු නමිනි ඔහු සිය සොහොයුරන් දෙදෙනාට යුව රජ පදවිය හා ආදාපාද පදවිය පිරිනැමීය වැඩිමහල් සොහොයුරා යුවරජ පදවිය සමඟ දකුණෙහි පාලනය භාරව සිටි අතර බාල සොහොයුරාට ආදිපාද පදවිය හා රුහුණු ප්‍රදේශ පාලනයද භරවිය රජතුමාගෙන් පසුව රජ වූ ඔහුගේ පුත් දෙවන වික්‍රමබාහු සමයෙහි මෙරට කොටස් තුනකට බෙදා වෙන්ව පාලනය ගෙන ගිය බව පෙනී යයි රන්න අසල පිහිටි දප්පුල රජතුමා ඉදිකළ කහගල් විහාරය පුනරුත්ථාපනය කළේ රජතුමාය 

හෙළයේ නවවන ධර්ම පරාක්‍රමබාහු රජතුමා

 
 
 
 
 
 
2 Votes

මේ රජු කාලයේ ප්‍රථම වරට පෘතුගීසීන් සෙරටට ගොඩ බැස්සේය අට වන වීර පරාක්‍රමබාහුගේ පුතෙකු වූ මොහු සහ තවත් සහෝදරයකු වූ විජයබාහු දෙදෙනාගේ ඒකාබද්ධ විවාහය වූයේ යාපනයේ සිටි ප්‍රදේශ පාලකයකු වූ පළමු වන පරරාජසේකරමිගේ දුවෙක් සමඟය මේ විවාහයෙන් ඔවුන් ලත් දරුවන් වූ බුවනෙකබාහු කෝට්ටේ රජු,මායා දුන්නේ සීතාවක රජු,දෙනවක හා හතර කෝරළයේ ප්‍රාදේශීය රජු සහ වැල්ලාවිට,පස්දුන් කෝරළයේ හා රයිගම් භාරව සිටි රයිගම් බණ්ඩාරය මොහුගේ රාජ්‍යය සමයේ කායාල පට්ටනමේ කදිරාන නමැති මුස්ලිම් වෙළෙන්දකු හලාවතට පැමිණ බලෙන් මුතු කිමිදීමටත් අලි ඇතුන් වෙළදාමටත් පටන්ගෙන ඇත මෙම ආක්‍රමණිකයන් පලවා හැරියේ රජුගේ සහෝදරයින් වූ තනියවල්ලභ හා සකලකලා වල්ලභය මේ රජුට අයබදු නොගෙවමින් උඩරට සිට පාලනය කළ රජුට විරුද්ධව සටන් කිරීමට පිටත් කර යවන ලද්දේ තමාගේ බිසවගේ පියා වූ කීරවැල්ලේ මහ රාළහාමි හා සිය සොයුරු මැණික්කඩවර රාජසිංහය මෙසමයෙහි හතර කෝරළයද කැරැල්ලක් හටගෙන එය මැඩ පැවැත්වීමටත් උඩුගම්පොල සිටි සකලකලා වල්ලභට සේනාවක්දී පිටත් කර හරින ලදී මෙසේ ගැටුම් පැවැති මෙහෙුගේ රාජ්‍ය කාලය තුළ රජතුමා පෘතුගීසීනට ඇතුන් දහදෙනෙක් තෑගි වශයෙන් යවා ඔවුන් සමඟ සාමයෙන් විසීමට ගිවිසගත ඇත අවුරුදු විසි දෙකක මේ රජුගේ රාජ්‍ය කාලය අවසන් වූයේ ඔහුගේ සොයුරු හත්වන විජයබාහු රජ වීමෙනි තවත් 

හෙළයේ අටවන වීර පරාක්‍රමබාහු රජතුමා

 
 
 
 
 
 
1 Vote

පණ්ඩිත පරාක්‍රමබාහු නොහොත් හත්වන පරාක්‍රමබාහු මරා දමා අටවන වීර පරාක්‍රමබාහු රජ විය සපුමල් කුමාරයා නොහොත් හයවන බුවනෙකබාහු යාපනයේ සිට පැමිණ ජයවීර පරාක්‍රමබාහු මරා දමා රජවීමෙන් පසුව කෝට්ටේ ඇති වූ සිංහල පෙරළිය මැඩ පැවැත්වූ අටවන වීරපරාක්‍රමබාහුය රාජාවලිය පවසන පරිදි ඔහුගේ දරුවන් මෙසේය මොහුට පස්ව රජ පැමිණි නව වන ධර්ම පරාක්‍රමබාහු,මැණික්කඩවර සිටි ශ්‍රී රාජසිංහ,ගිරුවාපත්තුව දොළොස් දහස් රට හා දෙවුනුවර බාරව සිටි විජයබාහු වලල්ලාවිට පස්දුන් කෝරළයේ හා රයිගම භාරව සිටි රයිගම් බණ්ඩාර හා දුවක්ය රජුගේ බිසවගේ සහෝදරියගේ වු තවත් කීරවැල්ලේ බිසවකට උපන් උඩුගම්පොළ සිටි සකල කලා වල්ලභ හා මාදම්පේ ප්‍රදේශය භාරව සිටි තනියවල්ලභයි වීර පරාක්‍රමබාහුගේ විසි වසක රාජ්‍ය කාලයෙන් පසුව ඔහුගේ වැඩිමහල් පුත් නව වන 
 
 
 
 
 
 
Rate This

කෝට්ටේ රජ කළ මොහු පණ්ඩිත පරාක්‍රමබාහු නමින්ද රාජාවලිය හඳුන්වන අතර යාපනයේදී ඔහු හැඳින්වූයේ කයිපුර බණ්ඩාර නමිනි එච්.බී.පී බෙල්ගේ මතය පරිදි මොහු පරාක්‍රමබාහුගේ පුතාය මොහුට විරුද්ධව අම්බුලුගල කුමාරයා සේනාවක් රැස් කර ගෙන සියනෑ කෝරළය හරහා කැලණිය දක්වා පැමිණියේය ඉන්කොන්දගම නම් ස්ථානයේ පැවති සටනකින් පරාක්‍රමබාහුගේ යුද්ධ හමුදාවේ මුල් පෙළේ නායකයන් වූ පතිරාජ හා කුරගම යන දෙදෙනාම මරණයට පත්විය අම්බුලුගල කුමාරයා පහසුවෙන්ම කෝට්ටේ රජ මාලිගයට ඇතුළු වී රජ පවුල මරා දමා අටවන වීර පරාක්‍රමබාහු නමින් කෝට්ටේ රජ විය පණ්ඩිත පරාක්‍රමබාහු නමින් හැඳින්වූ තුන්වැනියාද ඔහුය මහාචාර්ය මංගල ඉලංගසිංහ ඔහු හඳුන්වා ඇත්තේ හය වන බුවනෙකබාහුගේ පුතෙකු හෝ හදාගත් පුතෙකු ලෙසය මොහු අවුරුදු හතරක් රජකර ඇත

හෙළයේ පස්වන පරාක්‍රමබාහු රජතුමා

 
 
 
 
 
 
Rate This

සෙංකඩගල පරාක්‍රමබාහු මිය ගිය පසු ඔහුගේ පුත් කුමරා ිසංකඩගල අතහැර දැදිගමට ගියේය එබැවින් ඔහු දැදිගම පරාක්‍රමබාහු නමින්ද හැදින්වේ මෙකල ලියූ ච්‍රත්තමාලා සන්දේශ ශතකයේ මේ රජුන් වර්ණනා කර ඇත්තේ රාධිරාජ යනුවෙනි එනම් රජුන්ගෙන් අධිරාජයා වශයෙනි මේ වන විට දැදිගම ලංකාවේ අගනුවර වූ අතර පරාක්‍රමබාහු ලංකාවේ අගරජු විය තිසර සන්දේශය පරාක්‍රමබාහු රජතුමා ආරක්ෂා කර දෙන ලෙස දෙවිනුවර උපුල්වන් දෙවියන්ට යැවූ ආයාචනයක් රැගත් සංදේශ කාව්‍යකි මෙම කාව්‍ය ලියා ඇත්තේ දෙවිනුවර සිටි මෙම රජතුමගේ මිත්‍ර හිමිනමක් විසිනි මහනුවර මැදවල රජමහා විහාරයද නටබුන්ව තිබී එය අද පවතින තත්ත්වයට පිළිසකර කර ඇත්තේද මේ රජතුමා විසිනි එහි ඇති ශිලා ලිපියෙහි සඳහන් වන්නේ මෙම විහාරය නටබුන්ව ඇති බව දැදිගම සිටි රජකෙනෙකුට රජතුමා රාජ්‍ය සාභාවේ වාඩිවී සිටියදී වාර්තා කළ බවය නටබුන් විහාරය නැවත ප්‍රතිසංස්කරණය කළ බවත් ආපසු රජතුමාට වාර්තාවී ඇත්තේද එතුමා රාජ්‍ය සභාවත් සමඟ ගම්පොල සිටින අතරතුරය මෙයින් පෙනී යන්නේ ගම්පොල බුවනෙකබාහු සමඟ පරාක්‍රමබාහු සමසේ රාජ්‍ය පාලනය කළ බවය නමුත් 1351 වන විට බුවනෙකබාහු මිය ගොස් සිටි නිසා මෙම විහාරයේ ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් වූ බවට වාර්තා වී ඇත්තේද පරාක්‍රමබාහු රජු වෙතම බව ඉතිහාසඥයන්ගේ මතයයි දැදිගම පුර ඇත්හැර යෑමට පරාක්‍රමබාහු රජතුමාට හේතු වූ සිද්ධියද රසවත් කාන්තාරයකි රයිගම් පුරයෙහි සිටි අලකේෂ්වර ප්‍රදේශ රජතුමාට වීර අලකේෂ්වර නමින් පුතෙකු විය මේ වීර අලකේෂ්වර යනු දුම්බර වේඬවරුවෙන් බිහිවූ තුන්වන බුවනෙකබාහු (1326-1335)නොහොත් වන්නි බුවනෙකබාහුගේ මුණුබුරාය වීර අලකේෂ්වර රයිගම් පුරයේ සිටි සිය පියා වූ අලකේෂ්වර රයිගම් පුරයේ සිටි සිය පියා වූ අලකේශ්වරගේ ඇස් අන්ධ කොට තම පියාගේ සහෝදරියගේ පුතා වූද නිශ්ශංක අලකේශ්වර සමඟ සටනකට එළැඹියේය මෙහිදී ආරියචක්‍රවර්තී නිශ්ශංක අලකේශ්වර හා ආරියචක්‍රවර්තී,පරාක්‍රමබාහු පරදවා ජයගත්බැවින් රැකවරණය ලබා පසුව ජාවා රටට පැන ගියේය පසුව දැදිගම සිට ප්‍රාන්ත රජෙකු ලෙස පස්වන බුවනෙකබාහු හෙවත් කෝට්ටේ අලගක්කෝනාර(1372-1408) රජු සමයේ පාලනය ගෙන ගියේ රත්නපුරයේ ප්‍රදේශ පාලකයෙකුගේ පුතෙකු වූ තකුරා නමැත්තේකි මොහුගේ දූ වූයේ සවර්ණමාලි නොහොත් කීරවැල්ලේ රංමැණිකාය පසුව රජ වූ හය වෙනි පරාක්‍රමබාහු රජුගේ අග බිසව වූයේ ඇයයි වෘතමාලා සංදේශ කාව්‍යද ලියා ඇත්තේ මේ රජු සමයේදීය රජතුමා රාජ්‍ය සභාව හා රට වැසියන් සතුරු උපද්‍රවයෙන්ගෙන් ආරක්ෂා කරවා රට එක්සේසත් කරවන මෙන් ඉල්ලා උපුල්වන් දෙවියන්ට ආයාචනා කොට යැවූ තිසර සංදේශයයි එදා ගලතුරු මුල,සේනාපතිමුල,මහා නේත්‍ර පාද මූල,විල්ගම්මුල ආදී ග්‍ුරු කුලයන් හතරටම අයත් මහා පඬිවරුන් වූ ස්වාමීන් වහන්සේලා දැදිගම රාජධානියේ වැඩ සිටියහ ආසියාතික සංගමයේ 1968 තොටගමුවේ ශ්‍රී රාහුල නමින් ප්‍රසිද්ධ වූ පසුව තොටගමුවේ විහාරයේ වැඩ සිටියහ ජයබාහු කුමාරයගේ උපන්ගම වූයේ ද දැදිගම නම් ගමය පරාක්‍රමබාහු රජතුමාගේ මව වූ සුමිත්‍රා දේවියටද ආශිර්වාද කිරීමට තිසර සන්දේශය අමතක කළේ නැත

හෙළයේ ඈපා පස්වන පරාක්‍රමබාහු රජතුමා

 
 
 
 
 
 
Rate This

හතරවන පරාක්‍රමබාහුගෙන් පසුව අවුරුසු අසූ පහක පමණ කාලයක් ඇවෑමෙන් නැවතත් පරාක්‍රමබාහු රජ කෙනෙකු හමුවන්නේ සංකඩගලිනි කෝට්ටේ සහ රයිගම සිට 1397 සිට 1409 දක්වා රජ කළ වීර අලකේශ්වර චීනයට අල්ලා ගෙන යෑමෙන් පසු ගම්පොළ සිට වීරබාහු හා සේනාධිලංකාර කුමාරවරුන්ගේ මුණුබරුකු වූ පරාක්‍රමබාහු කුමාරයා 1409 දී සෙංකඩගල රජ විය වීර අලකේෂ්වර චීනයට අල්ලාගෙන යාමට උදව් කර ඇත්තේද මොහු බවට සැකයක් මතුවන්නේද චීන රාජය සභාවෙහි අනුමැතියද මේ කුමරාට සෙංකඩගල රජු වීම සඳහා ලබාදී ඇති බැවිනි (අස්ගිරි තල්පත-මැදනිස් රෝහණාදීර )මෙහුගේ බිසව වූයේ පණ්ඩිත වික්‍රමබාහු රජුගේ දුව වූ සුමිත්‍රා කුමරියයි 

හතරවන පරාක්‍රමබාහු රජතුමා

 
 
 
 
 
 
Rate This

ලංකා රාජාවලියේ 163 වැනි රජුය කුරුණඋගල අගනුවර කොට රජ කළ දෙවන බුවනෙකබාහු (1294-1302)මරා දමා රජ වූයේ මොහුය  මහාවංසය මොහු දෙවන බුවනෙකබාහුගේ පුතෙකු ලෙස හඳුන්වයි නමුත් දුම්බර කඩයිම් පොත අනුව මේ රජතුමා දෙවන බුවනෙකබාහු රජතුමාගේ පුත්‍රස්ථානයේදී හැදී වැඩුණු කුමාරයෙකි මෙහු චෞහන් ගෝත්‍රික හමීර්ශන්ඛාන්ගේ පුතාය මව සරස්වතී කලිකාල කුමරියයි මොහු රජවීමෙන් පසු කවි සිළුමිණ ආදී ග්‍රන්ථ රැසක් රචනා කර ඇත මොහු පණ්ඩිත පරාක්‍රමබාහු නමින්ද ප්‍රසිද්ධය හමීර්ශන්ඛාන්ගේ පුත් වූ මෙම රජු හා විවාහ වීමට සිදුවුවහොත් සිය කුල ගෝත්‍රයට වන අපහාසය මග හරවා ගැනීමට බුවනෙකබාහු රජතුමාගේ දූ කුමරිය වූ පද්මිණී දර සෑයට පැන දිවි නසාගත් බව දුම්බර කඩඉම් පොත කියයි දළදාව සඳහා තෙමහල් මාලිගයක් කුරුණෑගල ඉදිකළේ මේ රජතුමාය එපමණක් නොව දළදාව වැදීම සඳහා තිස් අට වැදෑරුම් නීතියක්ද සම්පාදනය කළේය එය දාඨාධාතු චරිත්ත නමින් හැදින්වේ පන්සිය පණස් ජාතකය සිංහලට පෙරළා ලියවා ලක්දිව හැම විහාර ස්ථානයකටම බෙදා හැරියේය තොටගමුවේ විජයබා පිරිවෙනෙහි තිබී විනාශ වූ හතළිස් පස් රියන් බුදු පළිමය තිස් රියන් වන පරිදි පිළිසකර කළේ මේ රජතුමාය පොල් ග්ස් පන්දහසකින් යුත් ඉඩමක් තොටගමුව විහාරයට පූජා කළේය දෙවිනුවර ප්‍රතිමා මන්දිරයක් තනවා එහි ආරාමයද ගැටමාන්න ගමද ශාසනයට පූජා කළේය රත්ගම ශ්‍රී ඝනානන්ද පිරිවෙන ඉදි කළේද මේ රජතුමාය මේ ආදී පින්කම් රැසක් කළත් මේ රජතුමාට අත්වූයේ ඛේදජනක මරණයකි පිරිත් දේශනයක් සවන් දීමට මොහු ඇතුගල මුදුනට ගෙන ගොස් ගලින් ස්ථානයෙහි ඇතුගල් විහාරයද මළ සරුර පුළුස්සා ආචාහනය කළ ස්ථානයෙහි ගලේ බණ්ඩාර දේවාලයද පිහිටුවා ඇත

හෙළයේ බාහුලාගේ මහා පරාක්‍රමබාහු රජතුමා

 
 
 
 
 
 
1 Vote

පරාක්‍රමබාහු නමින් රජවරු නව දෙනෙක්ම මේ රටේ රජකර ඇත මේ නවදෙනාගේ හත්දෙනෙක්ම දුම්බර පන්සිය පත්තුවට කෙළින්ම සමබන්ධ රජවරුන්ය දෙදෙනකු සොළී සම්භවයක් (මදුරාසිය,නූතන චෙන්නායි)ඇති අයයි අද වැඩි වශයෙන්ම කතාබහට ලක්ව ඇත්තේ පොළොන්නරුවේ සිට තිස්තුන් අවුරුද්දක් රාජ්‍යය මෙහෙය වූ 1 වන පරාක්‍රමබාහු නොහොත් මහා පරාක්‍රමබාහු (1153-1186)රජතුමා ගැනය මොහු සිරිසඟබෝ පරාක්‍රම නමිනුත් සමහරු හඳුන්වති මොහු ලංකා රාජාවලියේ එකසිය හතළිස් දෙවැනි (142) රජුය අවුරුදු එකසිය පනස් තුනක් පමණ පැවති පොළොන්නරුව යුගය ආරම්භ කළේ එහි අවුරුදු පනස් පහක් පමණ රජ කරමින් සිටි මහා විජයබාහු නොහොත් 1 වන විජයබාහුය ඔහුගේ මවුපියන් වූයේ ලොකික දේවිය හා මුගලන් ඈපාය නිජබිම මෙණරාගල මුප්පතේය (1055-1110)මහා විජයබාහු ජයතිපාලගේ දුව වූ ලීලාවතී හා කාලිංග කුමරියක් වූ තිලෝකසුන්දරී සිය බිසෝවරුන් වශයෙන් තබාගෙන සිටියේය මින් ලීලාවතී බිසවට සුභද්‍රා,සුමිත්‍රා,ලෝකනාථ හා රූපාවතී යන නමින් දූවරු හතරදෙනෙකුද වික්‍රමභාහු නමින් එක් පුතෙක්ද විය තිලෝකසුන්දරී බිසවගේ දුව රත්නාවලීය මේ පරමිපරා විස්තරය සඳහන් කළේ පසුව මෙම අය දුම්බරට ඇතිකරගත් ඥාති සම්බන්ධය අවබෝධ කිරීමේදී පහසුවටයි රත්නාවලී කුමරිය බිසව වූයේ මහා විජයබාහුගේ නැගණිය වූ මිත්තාගේ වැඩිමහල් පුත් මනාභරණයන්ටය මිත්තා කුමරියගේ ස්වාමිපුරෂයා වූයේ පාණ්ඩ්‍ය දේශයේ (අද අන්ද්‍රා ප්‍රදේශයේ)අයෙකි මහා පරාක්‍රමබාහු මනාභරණ හා රත්නාවලී කුමරියගේ එකම පුතාය රත්නාවලී බිසවට පුතෙකු නැති වූ බැවින් මනාභරණයන් පුතෙකු ලබා ගැනීමට කැලණියේ විභීෂණ දෙවිදුන්ට භාරවී පරාක්‍රමබාහු කුමරා ලබාගත් අන්දම සැළලිහිණි සන්දේශය විස්තර කරන්නේ මෙසේය මහාචාර්ය සී.ඊ.ගොඩකුඹුර ඔහු සභාපතිත්වය දැරූ රාජකීය ආසියානික සංගමයේ 76.12.18 දින කරන ලද දේශනයේදී සඳහන් කළේ මහා පරාක්‍රමභාහු දක්ඛිණ දේශයට අයත් වූ පුත්කාගම උපන් බවයි මෙය දැදිගම වශයෙන් හඳුනාගෙන ඇත දැදිගම සුතිගාර චෛත්‍ය ගොඩනගා ඇත්තේ රජතුමා විසින් ඔහුගේ බාල කාලය අනුස්මරණය කිරීම පිණිසය දූවරුන් දෙදෙනා වූයේ මිත්‍රා හා ප්‍රභාවතිය පරාක්‍රමබාහු උපන්නේ එදා රුහුණට අයත්ව තිබූ අද ඌවට අයත් අලුපොත අසල සත්ඛන්තලී නම් ගම් ප්‍රදේශයේ බව හිගින්ස් මැතිණිය සිය අපේ උරුමය පොතෙහි දක්වා ඇත පරාක්‍රමබාහු කුමරාගේ කුමර අවධිය ගෙවුණේද මෙම ගමෙහිය විජබාහුගේ මරණයෙන් පසු රජකමට පැමිණියේ ඔහුගේ පුත් 2වන වික්‍රමබාහුය එදා පොළොන්නරුවේ රජකළ මනාභරණයන් 2වන වික්‍රමබාහුට විරුද්ධව රජකම අරභයා යුද වැදුණත් මනාභරණයන්ට එම යුද වලින් ජය ගැනීමට නොහැකි විය දුම්බර වැසියන් සිය ඥාතිවරයා වූ 2වන වික්‍රමබාහුගේ පැත්ත ගත් නිසාය මනාභරණයන් තරුණ කාලයේදීම මිය ගායෙන් ඔහුගේ පුත් මහා පරාක්‍රමබාහු කුමාරයා ඇති දැඩි කළේ ඔහුගේ සුළු පියා වූ ශ්‍රී වල්ලභ රත්නාවලී බිසවට සහ දූ වරුන් දෙදෙනාට රැකවරණය සැලසුවේ ඔහුය පරාක්‍රමබාහු කුමාරයා රජ වූ පසු ඔහු ද වික්‍රමබාහුට විරුද්ධව යුද්ධ ආරම්භ කළේය මෙම යුද වියවුල් නිසා ප්‍රදේශය හැරගොස් කලාවැවේ පදිංචිව සිටි වික්‍රමබාහුගේ සහ සුන්දරී දේවියගේ පුතා සිය පියාගේ ඇවෑමෙන් ආපසු පැමිණ පොළොන්නරුවේ රජ විය ඔහු දෙවන ගජබාහුයි (1132-1153)ඔහු දුම්බර කඩ ඉම් පොත හඳුන්වන්නේ කලල්කොටුවේ වන්නි උන්නැහේ නමිනි දුම්බර උඩපිටිවල පල්ලේපිටවල කලල්ගොමුව ආදී ගම් පැවතෙන්නේ මේ රජතුමාගේ දරු මුණුපුරු පරම්පරාවලින්ය 2වන ගජබාහුට විරුද්ධව යුද්ධ කිරීමට පඬි කුමාරවරුන් දෙදෙනා කුලී ගෙවා වේලක්කාර බල ඇණි මෙරටට ගෙන්වා ගත්තෝය මෙසේ ගෙන්වාගත් හමුදා ලවා මනාභරණ අවුරුදු දෙකක්ද පරාක්‍රමබාහු අවුරුදු හයක් පුරාමද යුද්ධ කළ බව යටන්වල තෙරුන්ගේ පරාක්‍රම නරේන්ද්‍රසිංහ චරිතාවලේඛනය ප්‍රදීපිකාව සඳහන් කරයි නමුත් මේ යුද්ධවලින් ඔවුන්ට ජය ලැබීමට නොහැකි වූ විට යොදා ගත්තේ වෙනත් උපක්‍රමයකි මනාභරණගේ දූවවූද මහා පරාක්‍රමබාහුගේ එක් අක්කා කෙනෙකු වූ ලීලාවතී(සමහර පොත්වල හද්‍රාවතී)දුම්බර රජ කෙනෙකු වූද 2වන ගජබාහු නෙහොත් කට්ටගොටුවේ වන්නි උන්නැහේට පාවාදීමෙන් අලුත් ඥාති සම්බන්ධතාවක් ඇති කර ගැනින එදා පොළොන්නරුවේ සිට මහවැලි ගඟ හරහා දුම්බරට විත් මහා පරාක්‍රමබාහු 2වන ගජබාහුට විරුද්ධව සටන් කළ ස්ථාන වශයෙන් රන්දෙණිගල,රඹුක්වැල්ල,උඩිස්පත්තුව,නිල්ගල,රේටියගම,දුනුවිල නාපාණ ආදී ස්ථානයන් හඳුනාගෙන ඇත පෙළොන්නරුවේ රජවරුන් රාජ්‍ය ආක්‍රමණවලදී බේරීම සඳහා පැන ආයේ දුම්බර ,දියතිලක නුවර ,හෝවාහැට ආදී ප්‍රදේශය රැක්කිටියේ ශිලා ලිපිය,බෝපිටියේ ශිලා ලිපිය ආදිය පෙළොන්නරුව රජවරුන් ැප්‍රකටව විසූ ස්ථාන සඳහන් කරයි කල්‍යාණවතී බිසවද අප්‍රසිද්ධව වාසය කළේ ලියුම්කරුගේ උපන්ගම වූ මාරස්සනට යාබද බෝපිටිය ගමේ වූ අතර තවත් පොළොන්නරුවේ රජකෙනෙකු එු අසළ උන්ත්තැන්න ගමේ සැඟවී සිටියේය මහා පරාක්‍රමබාහුගෙන් දෙවන බිසවගේ පුත්‍රයකුගේ පැවත එන දුම්බර පරම්පරා ගැන වෛද්‍ය ඔබේසේකරගේ ශ්‍රී ලංකාදීප වර්ණනා පෙතෙහි සඳහන් වෙයි අමුණුගම රාජනායක බණ්ඩාර පරමිපරාවද  සාලිඇල්ලේ භාරද්ධවාජ කුල සාලිගම බ්‍රාහ්මණයාගේ පරම්පරාවද අමුණුගම රාජනායක ‍අබේකෝන් පරම්පරාවද දෙවන රාජසිංහගේ ආමාත්‍යයකු වූ පළමුවන අධිකාරම් අත්තනායගේ පරම්පරාවද එම අයවලුන්ද කෑගල්ලේ ගලබොඩ කෝරළේ හිටි බණ්ඩාරවරුන්ද මහා පරාක්‍රමබාහුගෙන් පැවත එන්නන් බව එච් සී.පී. බෙල් පවසයි හිටි බණ්ඩාරවරුන්ගේ වළව් කීපයක් හතර කෝරළේ ඇත දෙවන කොටසත් සමඟ ළඟදීම හමුවෙමු
පරාක්‍රමභාහු රජතුමා රෝහණ දේශය අත්පත් කරගැනීම සඳහා යුද්ධය මෙහෙයුවේ ද දීඝවාපි නම් වූ නූතන ගල්ඔය මිටියාවගේ පිහිටි අම්පාරේදීය රෝහණයේ සිටි රජුන් රජරටට විරුද්ධව කළ ආක්‍රමණවලදී මූලස්ථානයක් වූ දීඝවාපියයි එදා පරාක්‍රමබාහුගේ සියලු සටන් සිදු වූයේ මහවැලි ගඟ ඉවුරෙහිදී සහ පොළොන්නරුවේදීය මනාභරණ මෙම යුද්ධවලින් පරාදවී සටන් නතර කරදැම්මේය මනාභරණ අවසාන මරණ මංචකයේදී රෝහණයේ කුමාරවරුන්ගෙන් ඉල්ලා සිටියේ පරාක්‍රමභාහුට යටත් වන ලෙසය රජකම සංකේතවත් කරන දන්ත ධාතූන් හා පාත්‍ර ධාතුව සතුව තිබුණේ මනාභරණයන් වෙතය මනාභරණයන්ගේ මරණින් පසු ඔහුගේ මව වූ සුගලා රැජින එම ධාතූන් සමඟ පලා ගියාය මෙයින් සිදුවූයේ ගජබාහුගේ ඇවෑමෙන් පරාක්‍රමබාහු පොළොන්නරුවේ ඔටුනු පැළදූ අවස්ථාවෙහි දන්ත ධාතුව හා පාත්‍රධාතුව ඔහු සතු නොවීමය පසුව පරාක්‍රමබාහුගේ සෙන්පතියා ලංකාධිකාරි කිත්ති,බූ. හා මන්ජු යන නායකයන්ගෙන් ප්‍රධානත්වයෙන් මෙ‍හෙය වූ සටනින් පසු මොනරාගල ඇතිමොලේ ප්‍රදේශයේදී මෙම ධාතූන් රජුගේ සේනාවන් විසින් අත්පත් කරගන්නා ලදුව සුගලා රැජින රුහුණට පලා ගියාය පරාක්‍රමබාහු රජුගේ සහෝදරයන් වූ හිටි බණ්ඩාර වරුන් කෑගල්ලේ ගලබොඩ කෝරළයේ ජීවත් වූ බවද හිටි බණ්ඩාරවරුන්ගේ වළව් කීපයක් හතර කෝරළයේ තිබූ බවද එච්.සී.පී බෙල් ඔහුගේ කෑගලු වාර්තාවෙහි සඳහන් වෙයි මහා පරාක්‍රමබාහුගේ යුද්ධ නිසා ආහාර හිඟයකින් රට වැසියන් බේරා ගත්තේද වැව් අමුණු හා ජලාශයන් විනාශ කිරීමට නොදී ආරක්ෂා කර ගත්තේද 2වන වික්‍රමබාහු හා 2වන ගජබාහු රජවරුන් විසින්ය එදවස කාම්බෝජයේ රජකෙනෙකු හා විවාහ අපේක්ෂාවෙන් සිංහල කුමරියක් විදේශ ගතවිය රාමඤ්ඤ දේශයේ වර්තමාන මියන්මාර දේශයේ ප්‍රදේශ රජ වූ අරියවද්ද රජු විසින් මෙම කුමරිය ඇත්‍රළු පිරිස පැහැර ගන්නා ලදී මෙම සිද්ධිවයෙන් කෝපයට පත් රජතුමා විශාල සිංහල සේනාවක් එම දේශයේ පප්පාහල නම් නැව් තොටින් රට තුළට ගොඩබස්සවා මියන්මාර දේශ‍යේ රජු මරා දමා ඒ රට අත්පත් කර ගත්තේය රජතුමාගේ සේනාව මෙහෙයවූ ලංකාපුර සෙනෙවියා සුදු අශ්වෙයෙක් පිට නැඟී අණබෙර වයමින් රට තුළ සංචාරය කරමින් එම ජයග්‍රහණය ප්‍රකාශ කළේය පසුව රජතුමාගේ රූපය සහිත කාසිද එරට භාවිත විය මෙයින් පස්ව රජතුමා පාණ්ඩ්‍ය දේශය හා චෝළ දේශයද ජයගෙන විශාල පිරිසක් සිරකරුවන් වශයෙන් මෙරටට ගෙන් බවද එරට රජු අප රටේ  රජුට කප්පම් ගෙවූ බවද සඳහන්ය එච්.ඩබ්ලිව්.කොඩිරිංටන්ගේ (short history of ceylon)පවසන පරිදි රාතුමා මියන්මාර දේශය සමඟ යුද වැදුණේ ලංකාවෙන් ගිය තානාපතිවරුන්ට එරටදී කළ අපහාසයක් නිසාය එය අලින් වෙළදාම පිළිබඳව ජාත්‍යන්තර නීතියක් උල්ලංඝනය කිරීමෙන් ඇති වූ සිද්ධියකි ලංකාපුත්‍ර සෙනෙවියා සමඟ හමුදාවක් ත්‍රිකුණාමල වරායෙන් පිටත් කර හරින ලදුව ඔවුහු 1169 වර්ෂයේදී ෂෙගු ගඟ අසබඩ වූ කුසුමියා නගරයට පහරදී එය විනාශ කර දැමූහ පරාක්‍රමබාහු රජුගේ හමුදාවේ ප්‍රධානියා වූයේද මාතලේ උපන් දණ්ඩනාථ සෙනෙවියාය මෙම යුද්ධ දණ්ඩනාථ සෙනෙවියා විසින් මෙහෙයවා ජය ලැබුවා පමණක් නොව සෙනෙවියාගේ එකම පුතාද තරුණ වියේදීම මව්බිම වෙනුවෙන් යුද්ධ පිටියේදී මිය ගියේය ඒ පිළිබඳව අදත් ප්‍රචලිත ජනකව පවතී පරාක්‍රමබාහු ගොවිතැනට හා යුද්ධයට පමණක් නොව වෙදකමට ද දක්ෂයකු විය පොළොන්නරුවේ රෝහල් පුද්ගලිකවම පරීක්ෂා කර බැලුවේය සතුන්ටද රෝහල් ඉදිකර දුන්නේය වරක් තුවාලයක් නිසා ඉගිලී යෑමට නොහැකි වූ කපුටෙකු අතින් ගෙන වෙදකම් කර සුවපත් කළේය සුවපත් වූ කපුටා ඇතෙකු පිට නංවා පොළොන්නරු නගරය පැදකුණු කරමින් රජතුමාගේ ගුණ මහිමය කියා පෑවේය රජතුමා දෙවරක්ම අභිෂේක ලැබ්වේය රජතුමාගේ පොළොන්නරු මාලිගය මාලිගය වෛජයන්ති ප්‍රසාදය නම් වූ අතර එය කාමර දහසකින් හෙබි සත්මහල් ප්‍රසාදයක් විය රජතුමාගේ එක් බිසවක් වූ රූපාවතී දේවිය පොළොන්නරුවේ රන්කොත් වෙහෙර ඉදි කළේය ලීලාවතී බිසව වරින් වර තුන් වතාවක්ම රජකම් කර ඇත සිය අත්තම්මා වූ සුගලා දේවිය රුහුණට පැහැරගෙන ගිය ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ ආපසු පොළොන්නරුවට ගෙනවිත් දළදා මාලිගයක තැන්පත් කළේද මේ රජතුමාය අනුරාධපුරයෙහි ථූපාරමය හා ථූපගාරය පිළිසකර කළේය අහසින් වැටෙන දිය බිදුවක්වක් අපතේ නෙහරින ප්‍රතිපත්තියක සිටි මේ රජතුමා වැව් 1471 ක් ඉදි කළේය කුඩා වැව් 467 ක් ප්‍රතංත්කරණය කළේය වැව් බැමි 1395 ක් පුනරුත්ථපනය කළේය ඇළ මාර්ග 534 ක් අලුතින්ද තනවා කුඩා ඇළ මාර්ග 3300 ක් පුනරුත්ථපනය කළේය දිනපතා දළදාව වැද දානයද දුන්නේය භික්ෂූන් වහන්සේලාට අවශ්‍ය පරිදි චීවර පිණ්ඩපාතය ආදිය දී ධර්මයෙන් රට පිලනය කළේය

අනුරාධපුර රාජධානියේ අවසානය

 
 
 
 
 
 
1 Vote

සියවස් දාහතරකට ආසන්න කාලයක් ලක්දිව පැවති අනුරාධපුර රාජධානිය ක්‍රි.ව.1017 දී බිඳවැටී ගියේය මෙහි පරිහානියට හා බිඳ වැටීමට හේතු කීපයක් බලපාන්නට ඇතැයි ඉතිහාසඥයෝ පවසති විදේශීය සතුරු ආක්‍රමණ,අභ්‍යන්තර දේශපාලන අරගල,ද්‍රවිඩ ජනගහනය වැඩිවීම,හමුදා බලය ද්‍රවිඩයන් සතුවීම,ආගමික මතභේද,දුර්වල පාලකයන් ඇති වීම,රජවරුන් විදේශ ප්‍රතිපත්ති හ‍ෙ ප්‍රබල චෝළ අධිරාජ්‍යයක් දකුණු ඉන්දියාවේ ඇතිවීම ආදී කරුණු මේ අතර වෙයි
                                                                                                                       විදේශ ආක්‍රමණ          
ශ්‍රී ලංකාව දකුණු ඉන්දියාවට ආසන්නව පිහිටීම නිසාත් එහි රාජධානිය පිහිටි අනුරාධපුර නගරය වනදුර්ග,ගිරිදුර්ග ආදියෙන් තොරව අනාරක්ෂිත පරිසරයකින් පැවති නිසාත් දකුණු ඉන්දීය ආක්‍රමණිකයින්ට පහසුවෙන් එය අල්ලා ගැනීමට හැකි විය අනුරාධපුර යුගයේ මුල් කාලයට අයත් සූරතිස්ස රජතුමාගේ පාලන අවධියේ පටන් ත්‍රි.ව 1017 වන තෙක්ම විටින් විට මේ ආක්‍රමණ සිදුවූ බව වංසකථාව අනුව පැහැදිලි වේ
                                                                                                                       ආර්ථික පරිහානිය
මුල් අවධිවල ආක්‍රමණවලින් මෙරට ආර්ථිකයට එතරමි නරක බලපෑමක් එල්ල නොවූ නමුත් ක්‍රි.ව.9 වන සියවසෙන් පසුව සිදුවූ ආක්‍රමණවලින් එම ක්‍රෂේත්‍රයට බලවත් හානි  පැමිණීම පළමුවන සේන රජතුමාගේ පාලන සමයෙහි ශ්‍රී මාර වලිලභ රජු සමඟ පැමිණි පාණ්ඩ්‍ය සේනාව අනුරාධපුර ආක්‍රමණය කොට ගම්බිම්,විහාරස්ථාන මෙන්ම රටවැසියන් සතුව තිබුණු වස්තුව කොල්ල කෑහ අන්තිමේදී ඔවුන් මෙරටින් පිටව ගියේ එම වස්තුව රැගෙන යාමටත් තවත් කප්පමක් ගෙවීමටත් රජු එකඟ කරවා ගෙනය මේහිදී ලක්දිව උතුරේ සිටි ද්‍රවිඩයෝ ඔවුන්ට එකතු වූහ විශේෂයෙන් අනුරාධපුරයේ මෑත කාලය වන විට මෙබඳු ආක්‍රමණ ලක්දිවට සිදු වූ බැවින් රටේ ආරක්ෂාව තර කිරීමටත් ඒ පිළිබඳ විමිසිල්ලෙන් සිටීමටත් සිදු වූ බැවින් රටේ ආරක්ෂාව තර කිරීමටත් ඒ පිළිබඳ විමිසිල්ලෙන් සිටීමටත් සිදු වූ බැවින් එකල සිටි රජවරුන්ට වැව් අමණු සෑදවීමට හෝ කැඩී බිඳී ගිය ඒවා ප්‍රතිසංස්කරණය කිරීමට හෝ අවස්ථාවක් උදා නොවීය මේ කාර්යයෙහි තරමක් දුරට හෝ නිරත වූයේ දෙවන උදය,දෙවන සේන යන රජවරු සමණි එහෙත් ඔවුන්ගෙන් පසුව යළිත් රටට උදා වූයේ දුර්භාග්‍ය කාල වකවානුවකි මේ හේතුවද අනුරාධපුර රාජධානිය බිඳ වැටීමට බොහෝ දුරට බලපාන්නට ඇත
                                                                                                                       රාජවංශ අතර ගැටුම්
එපමණක් නොව කාලයක සිට රාජවංස අතරද දේශපාලන බල අරගල පැවිතිණි විජයරාජ වංසය,ලම්භකර්ණ රාජවංසය හා මෞර්ය රාජවංසය අතර විටින් විට සිහසුන උරුම කර ගැනීම සඳහා ගැටුම් ඇති විය මේ තත්වය ක්‍රි.ව පළමුවන සියවසේ පටන්ම පැවිතිණි ඉළනාග රජුත් ලම්භකර්ණ වංසිකයුනුත් අතර පැවති අරගලය මහාවංසයේ පැහැදිලි වෙයි ඉළනාග රජු රජ පැමිණි පළමුවන අවුරුද්දේහි නිසා වැවට ගිය කල බොහෝ ලම්භකර්ණයෝ රජු හැර නුවරට ආහ රජු ඔවුන් නොදැක කිපී ඔවුන්ට දඬුවමක් වශයෙන් මහාසෑයක් ඉදිකිරීමට නියම ‍කොට එහි වැඩ පරීක්ෂා කිරීමට සැඩොල්න් යෙදවීම එයින් කිපුණු ලම්භකර්ණ වංශිකයෝ එකතුව රජු අල්ලා සිරකොට රාජ්‍ය විචාරන්නට වූහ සිරගෙයින් ගැලවීගිය ඉළනාග තුන් වසරක් විදේශ ගතව සිට යළිත් රුහුණට අවුත් සේනා සංවිධානය කොට සිය රාජ්‍ය ලම්භකර්ණයන්ගෙන් අල්ලා ගත්තේය විජය රාජවංසිකයන්ගේ පාලනය අවසන් වන්නේ සුභ නම් බලතා රාජ්‍ය අල්ලා ගැනීමත් සමඟය ඉන්පසු සුභ රජු මරා ලම්භකර්ණ වංසික වසභ කුමරා රාජ්‍යයට පැමිණියේය ඉන්පසු වරෙක මෞර්ය රාජවංසිකයන්ටත් තවත් වරෙක ලම්භකර්ණ වංසිකයන්ටත් සිහසුන මාරු වූ අතර මෙයින් රටේ පාලන තන්ත්‍රය අවුල් වී එහි ප්‍රගතියට මෙන්ම සාමයට එල්ල වූයේ බලවත් තර්ජනයකි අනුරාධපුර රාජධානියේ පරිහානිය ඉක්මන් වීමට මේ කරුණද බොහෝ දුරට බලපෑවේය
                                                                                                                       අභ්‍යන්තර යුධ අරගල
අනුරාධපුර රාජධානියේ රුහුණත් වෙන්වීම හේතු කොටගෙන ඇති වූ අභ්‍යන්තර දේශපාලන අරගලද මීට බෙහෙවින් දායක වූ බව පෙනේ ක්‍රි.ව.හත්වන සියවසේ මුල් කාලයේදී පටන් මේ තත්ත්වය දැකගත හැකිය දෙවන අග්‍රබෝධි රජුට පසුව බලයට පත්වූ සංඝතිස්ස රජුත් රුහුණේ මුගලන් සෙනෙවියාත් අතර සටන් ඇතිවූ අතර එයින් සංඝතිස්ස රජු මරණයට පත් විය මුගලන් සෙනෙවියා තුන්වන මොග්ගලාන නමින් රජ වූවද ඔහුට රුහුණේ තර්ජන එල්ල වී සිලාමේඝවර්ණ අතින් මරණයට පත් විය පසුවන අග්‍රබෝධි ,දෙවන මහින්ද ආදී රජවරුන්ගේ කාලයේදීද රුහුණ ස්වාධීනව පැවතිණි දුටුගැමුණු,වළගම්බා ආදි රජවරුන් විදේශීය සතුරන්ට විරුද්ධව නැගී සිටීමට ශක්තිමත් වූයේ රුහුණේ සිටය දේශීය අභිවෘද්ධිය රුහුණු ප්‍රදේශයෙන් ඉමහත් පිටුවහලක් විය එහෙත් පසු කාලයේ මෙසේ රාජ්‍යයන් දෙකකට වෙන්වීම නිසා රටේ අභ්‍යන්තර වියවුල් උත්සන්න වූ අතර එයින් රටේ සාමයත් සමෘද්ධියත් පරිහානිය කරා ගමන් කළේය මේ හේතුවෙන් අනුරාධපුර රාජධානිය දුර්වල වූ අතර ද්‍රවිඩ ආක්‍රමණිකයන්ටඑය පහසුවෙන් අල්ලා ගැනීමට අවශ්‍ය පසුබිම සකස් විණ
                                                                                                                       ද්‍රවිඩ බලයේ වර්ධනය 
අනුරාධපුර යුගයේ මුල් අවධියේ පටන් මෙරට සිදු වූ ද්‍රවිඩ ආක්‍රමණ නිසාත් ඇතැම් සිංහල රජවරුන් විසින් තම ජයග්‍රහණය ආක්‍රමණ කිරීමත් නිසාත් ඇතැම් සිංහල රජවරුන් විසින් තම ජයග්‍රහණය සඳහා දකුණු ඉන්දීය ද්‍රවිඩ හමුදාවල සේවය ලබාගැනීම නිසාත් ලක්දිව ද්‍රවිඩ ජනගහනය ක්‍රමයෙන් වර්ධනය විය අභයනාග ,පළමුවන මුගලන්, හා තුන්වන අග්‍රබෝධි,පළමුවන හා දෙවන දාඨෝපතිස්ස ආදි රජවරු සිහසුන උරුම කරගැනීම සඳහා දකුණු ඉන්දීය ද්‍රවිඩ සේනාංකවල ආධාරය ලබාගත්හ මානවම්ම රජු පල්ලව සේනාංකයත් සමඟ ලක්දිවට එන විට දේශපාලන ක්ෂේත්‍රයෙහි ද්‍රවිඩ බලය උච්චාස්ථාවක පැවති බව පෙනේ එවකට රජකම දැරූ හත්ථදාඨ රජු සිහසුනට පත්කර තිබුණේ පොත්ථකුට නමැති දමිළ සේනාධිපතියකුට විසිනි රජයේ උසස් තනතුරු වැඩිහරියක් සතුවී තිබුණේ ඔවුන්ටය මානවම්ම රජතුමා ඔවුන් සමඟ සටන් කොට රජකම ලබාගත්  පසු ඔවුන් උසස් තනතුරුවලින් බැහැර කළ අතර ද්‍රවිඩ බලය මැඩලීමට හැකිතාත් උත්සාහ ගත්තේය පළමුවන සේන රජුගේ පාලන සමයෙහිදී හ්‍රී මාරවල්ලභ ද්විතීය භාගයෙහි සඳහන්ව ඇත මෙයින් පැහැදිලි වන්නේ අනුරාධපුර රාජධානියේ පරිහානියට ද්‍රවිඩ බලයේ වර්ධනයද හේතුවූ බවය
                                                                                                                          විදේශීය ප්‍රතිපත්ති
ක්‍රි.ව. දහවන සියවසේ මැදභාගය පමණ වන විට දකුණු ඉන්දියාවේ සොලී බලය වර්ධනය වෙමින් පැවතිණි මේ නිසා පාණ්ඩ්‍ය හා කේරළ ආදී රාජ්‍ය ඔවුන්ට විරුද්ධව තම දේශපාලන බලයෙහි සමතුලිතතාවක් ඇතිකර ගැනීම සඳහා මාණ්ඩලික ප්‍රතිපත්ති අනුගමනය කළහ මේ අතර අනුරාධපුර යුගයේ මෑත කාලීනව සිටි රජවරුන්ද චෝළ විරෝධී ප්‍රතිපත්තියක් අනුගමනය කළහ මේ අනුව ඔවුහු පාණ්ඩ්‍ය හා කේරළ රාජ්‍යට උදවු කළ බව පෙනේ පස්වන කාශ්‍යප රජතුමා සොළී රජුට විරුද්ධව සටන් කිරීම සඳහා පාණ්ඩ්‍ය රටට සේනාවක් යැව්වේය මේ ප්‍රතිපත්තිය නිසා සොළීහු ලක්දිව තමන්ට විරුද්ධ රටක් ලෙස සිතූහ එබැවින් කෙදිනක හෝ ලක්දිව තම අධිරාජ්‍යට ඈදා ගැනීම ඔවුන්ගේ අභිප්‍රාය විය
                                                                                                                           දුර්වල පාලකයෝ
ක්‍රි.ව. දෙවන සියවසෙන් පසුව ලක්දිව පාලනය කළ රජවරු වැඩි දෙනෙකු දුර්වල පාලකයෝ වූහ මේ අය අතරින් පස්වන කාශ්‍යප,හතරවන මහින්ද, යන රජවරු දෙදෙනා පමණක් සැලකිය යුතු දක්ෂ රජවරුන් දෙදෙනෙකු හැටියට පෙන්වා දිය යුතුය හතරවන මහින්ද රජතුමා දෙවතාවක්ම සොළී ආක්‍රමණ දෙකක් මැඩ පැවැත්වූ බව වංසකථාවේ දැක්වේ දුර්වල පාලකයෝ නිසා කඩා වැටැණු රාජ්‍ය පාලන කන්ක්‍රය යථා තත්ත්වයට ගෙන ඒමට ඔවුන්ට හැකි වූවත් ඔවුන්ට පසුව ඇති වූ දුර්වල පාලකයන් නිසා යළිත් රට පරිහානියට පත්විය හතරවන උදය රජු ඉතා දුර්වල පාලකයෙකු විය මත්පැනට දැඩි ලෙස ගිජුකමක් දැක්වූ ඔහු රාජධූරයට අයත් වගකීම හරිහැටි ඉටුකළේ නැත මේ හේතුවෙන් රටේ අභ්‍යන්තර පාලනය පිරිහී ගියේය සාමය හා සංවරය නැතිවී ගියේය හතරවන දප්පුල රජුගේ පාලන සමයෙහි යුද ආධාර පතා මෙහි පැමිණි පාණ්ඩ්‍ය  රාජසිංහ රජු අවශ්‍ය ආධාර නොලැබූ නිසා සිය රාජ කකුධ භාණ්ඩ සිහල රජුගේ භාරයේ තබා ගොස් තිබිණි තුන්වන උදය රජුගේ පාලන සමය වන විට සොළීහු පාණ්ඩ්‍ය දේශය අත්පත් කොට ගෙන සිටියහ එහි පරන්තක නමැති සොළී රජුට පාණ්ඩ්‍ය දේශයේ අභිෂේකය ලැබීමට රාජකකුධ භාණ්ඩ අවශ්‍ය විය ඒ වන විටත් ලක්දිව රාජ්‍ය පාලනයේ පැවති අවුල් වියවුල් දැනගත් පරන්තක රජු රාජකකුධ භාණ්ඩ ඉල්ලා රජු වෙත හසුනක් එවීය එහෙත් එය නොලැබූ බැවින් පරන්තක ලක්දිව ආක්‍රමණය කොට කොල්ල කෑහ හතරවන මහින්ද රජුගෙන් පසුව රජකම අත්වූ පස්වන සේන රජුද සුරා සොඩෙකු වූ අතර රාජ්‍ය පාලනයෙහි දුර්වලයෙකු විය ඔහු තම පියාට උදව් දුන් සේන නමැති සෙනෙවියා බලවෙන් පහකළ නිසා ඔහුත් සමඟ අරගල කරගැනීමට සිදුවිය පසුව මේ අරගලය සමථයකට පත්කළ ගත්තේ රජු සේන සෙනවියාගේ දුව විවාහ කර ගැනීමෙනි එහෙත් සටන් පැවති සමයේ වේළක්කාර භටයන් විසින් මහජන දේපළ කොල්ල කෑම නිසා රජවැසියන් බලවත් පීඩාවකට පත්විය ඔහුට පසුව රජවූයේ ඔහුගේ පුත්‍ර පස්වන මහින්දය පස්වන මහින්ද රජතුමාද ඉතා දුර්වල පාලකයෙකු විය ඒ වන විටත් සේන රජු යුද සේවයට ගෙන ආ වේළක්කාර භටයන්ගෙන් අනුරාධපුරය පිරී පැවති අතර ඔවුන්ට වැඩුප් ගෙවීම සඳහා විශාල මුදලක් වැය විය රජු දුර්වල පාලකයෙකු වීම නිසා රටේ සාමය හා නීතියද අන්තයටම පිරිහී ගොස් තිබිණි රජවැසියෝ අයබදු ගෙවීමෙන් වැළකී සිටියහ එබැවින් භාණ්ඩාගාරය හිස් විය වැටුප් නොලැබීම නිසා වේළක්කාර භටයෝ රජමාලිගය බටකොට රජුට තර්ජන කළේය රජු රුහුණට පලාගිය අතර රටෙහි අරාජික ත්ත්වයක් ඇතිවිණි මේ අතර වේළක්කාර හමුදා භාර නායකයෝත් සිංහල යුද සෙනෙවියෝත් රිසි පරිද්දෙන් මංකොල්ල කමින් දාමරිකකම්වල යෙදුනහ
                                                                                                                 සොළීහු රජරට අල්ලා ගනිති
මේ කාලවකවානුව වන විට දකුණු ඉන්දියාවේ ප්‍රබල සොළී අධිරාජ්‍යක් ගොඩ නැගී තිබිණ ඔවුන් සතු නාවිග බලයද උසස් මට්ටමද පැවතිණි ඉන්දියන් සාගරයේ නැව් ගමනාගමනයේ පාලනයද තමන් සතුව පවත්වා ගැනීමට ඔවුහු සමත් වූහ බෙංගාලය,බුරුමය හා මලයාව ආදී රටවල චෝළ යටත් විජිත ඇතිවිය පස්වන මහින්ද රජුගේ පාලන අවධියේ පැවති දුර්භාග්‍ය අවස්ථාව දැනගත් සොළීහු ලක්දිව ආක්‍රමණය කිරීමට තීරණය කළහ මේ අනුව රාජ රාජ නමැති සොළී රජු විශාල සොළී බල සෙනඟක් එවා කිසිම බාධාවකින් තොරව අනුරාධපුර රාජධානිය අල්ලා ගත්තේය ඔවුහු රටවැසියන්ට හිරිහැර කරමින්ද වස්තුව කොල්ල කමින්ද ගොඩනැගිලි ගින් තබමින්ද අනුරාධපුර රාජධානිය විනාශ කළහ ඔවුන් රජරට ප්‍රදේශ අල්ලාගෙන සොළී අධිරාජ්‍ය කොටසක් හැටියට ඇඳා ගත්තද රුහුණු ප්‍රදේශය සිංහල රජු යටතේ පැවතිණි සාම සාකච්ඡාවක් පැවැත්වීම ව්‍යාජයෙන් ක්‍රි.ව.1017 සිහිඳු රජු ගෙන්වා අල්ලාගත් ඔවුහු ඔහු සිරකරුවකු වශයෙන් සොළී රටට ගෙන ගියහ රුහුණු ප්‍රදේශයෙන් එල්ල විය හැකි සතුරු ආක්‍රමණවලට සාර්ථකව මුහුණ දීමට සුදුසු කේන්ද්‍රිස්ථානයක් ලෙස පැවති පොළොන්නරුව ඔවුහු අගනුවර කරගත්හ එතැන් පටන් එය හැදින්වූයේ ජනනාථපුරම් යන නමිනි වසර දහස් ගණනක අධික දහස් ගණනකට අධික කාලයක් ලක්දිව අගනගරය වශයෙන් පැවති අනුරාධපුරය ඉන්ලසු අභාවයට ගියේය

හෙළයේ මානවම්ම රජතුමා

 
 
 
 
 
 
Rate This

පළමුවන දාඨෝපතිස්ස රජුගේ සොහොයුරියගේ පුත්‍රයා වූ හත්ථදාඨ හෙවත් දෙවන දාඨෝපතිස්ස රජු පරාජය කොට මානවම්ම කුමරා ලක්දිව සිහසුන අත්පත් කරගත්තේය මොහුගේ පාලන කාලය ශ්‍රී ලංකා ඉතිහාසයේ නව පරිච්ඡේදයක ආරම්භයක් ලෙස ඉතිහාසඥයෝ පෙන්වා දෙති මානවම්ම රජ පෙළපත ශතවර්ෂ තුනකටත් වැඩි කාලයක් ලක්දිව පැවතිණි ඒ අනුව එය ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ පැවති ඉතා දිග පෙළපත්වලින් දෙවැන්න හැටියට සැලකේ නමුත් මේ පෙළපතේ අවසාන භාගයේදී ලක්දිවට එල්ල වූ විදේශ ආක්‍රමණ හේතුවෙන් රටේ සාමය කෙමෙන් අතුරුදහන් වී ගියේය මානවම්ම පෙළපතට අයත් දීර්ඝ කාලයක් සිහසුන හෙබවූ රජුන් ලෙස මානවම්ම,හතරවන අග්බෝ,දෙවන මහින්ද,පළමුවන සේන,දෙවන සේන, යන රජවරුන් පෙන්වා දියහැක්ය එකල සිටි රජවරුන් විසින් මහාසංඝයාට කරන ලද පරිත්‍යාගවලින්ද පවත්වන ලද විවිධ ආගමික උත්සවවලින්ද පැහැදිලි වන්නේ ඔවුන් ධනයෙන් ආඪ ්‍යව සිටි බවය පළමුවන සේන රජු දවස ශ්‍රී මාර වල්ලභ යටතේ අනුරාධපුරය ආක්‍රමණය කළ පාණ්ඩ්‍ය සේනාව අනුරාධපුර කොල්ල කෑහ මානවම්ම රජතුමා ගැන මහාවංසය දෙවන භාගය හා පූජාවලිය ආදි ඓතිහාසික මූලාශ්‍රයවල තොරතුරු සඳහන්ව ඇත විශේෂයෙන් මහාවංෂය දෙවන භාගයෙහි ඔහු මැනවින් වර්ණනාවට පාත්‍ර වී ඇති බව පෙනේ එහි දක්වා ඇති පරිදි මානවම්ම කුමරු ථූපාරාමය බේදකළ දෙවන කස්සප රජුගේ පුත්‍රයෙකි ඔහු හත්ථදාඨ රජුට බියෙන් දඹදිවට පලාගොස් නරසිංහ වර්මන් රජු හා වල්ලභ රජු අතර යුද්ධයක් හටගත්තේය මානවම්ම කුමරු තම මිත්‍රයා වූ නරසිංහ වර්මන් රජු හා එකතුව වල්ලභ රජු පරාජයට පත් කළේය එම සටනේදී මානවම්ම කුමරු විදහා දැක්වූ රණශූරත්වය නරසිංහ වර්මන් රජුගේ ඉමහත් ප්‍රසාදයට ලක්විය මානවම්ම කුමරු ලක්දිව සිහසුන අතුකර ගැනීම සඳහා කළ ප්‍රථම උත්සිහය නිෂ්ඵල විය ඊට හේතුව වූයේ නරසිංහ වර්මන් රජු ලබාදුන් පල්ලව සේනාව එතුමා අසනීප වූ බැවින් අසා අතරමඟදී ආපසු ඉන්දියාවට යාමය එබැවින් තම දිවි ගලවාගෙන නැවත වරක් එම රජු වෙත පලාගිය ඔහු එම රජු ඇසුරේ වාසය කළහ නරසිංහ වර්මන් රජුගේ අභාවයෙන් පසු තවත් රජවරුන් දෙදෙනෙකු යටතේ සිටියේය ඔහු දෙවෙනි වර ලක්දිව ආක්‍රමණය කළේ වසර විස්සකට පමණ පසුවය ආධාරයට පැමැණි පල්ලව සේනාවක් සමඟින් එක්ව හත්ථදාඨ රජුට විරුද්ධව කරන ලද සටනින් ජයගත් ඔහු ලක්දිව සිහසුන අත්පත් කර ගත්තේය එතුමා විසින් වසර තිස්පහක් දැහැමිව සෙමින් රජ පාලනය කළේය පෙර සිංහල රජදරුවන් පරිද්දෙන් ඔහුද බුදුසසුනේ චිරස්ථිය සඳහා විශාල වැඩ කොටසක් ඉටුකළ බව පෙනේ කැඩී බිදී ගිය වෙහෙර විහාර පිළිසකර කිරීම භික්ෂූන්ට සිවිපසයෙන් සංග්‍රහ කිරීම ආදී පුණ්‍ය කටයුතු රාශියක් ඔහු විසින් ඉටුකරන ලද බව ඓතිහාසික මූලාශ්‍රවල සඳහන්ව ඇත පූජාවලිය දක්වා ඇති පරිදි උතුරුමුළ,වාදුම්මුළ,කපුගම පිරිවෙන,දෙමටගල්,ඇළගිරි,සත්වැලිය ,උතුරු පිරිවෙන හා දෙවිනුවර යව ආගමික සිද්ධස්ථාන එතුමා විසින් කරවන ලදී ලෝවාමහාපාය,ථූපාරාමයෙහි ගෙඩි ගෙයද සෙවෙනි කරවූ අතර පාංශුකුලිංකාංශ රක්ෂෘ කරන භික්ෂූන්ට ථූපාරාමයෙහි ප්‍රසාදයක් ඉදිකොට දුන් බව මහාවංසයෙහි දෙවන භාගයෙහ සඳහන්ව ඇත එසේම එහි චෛත්‍ය මස්තකයෙහි තිබුණු ඡත්‍රයද ප්‍රතිසංස්කරණය කරවීය 

හෙළයේ පළමුවන අග්‍රබෝධි රජතුමා

 
 
 
 
 
 
Rate This

වසර තිස් තුනක් සිංහල සිහසුන හෙබවූ පළමුවන අග්‍රබෝදී රජතුමා මහානාග රජුගේ මයිලනුවන්ගේ පුත්‍රයාය මෙහු මෞර්ය වංශයට අයත් වූවකි මහානාග රජුගේ අභාවයෙන් පසු පළමුවන අග්‍රබෝධි නමින් රජකමට පත් වූ ඔහුගේ රාජ්‍ය පාලන සමය ලක්දිව සෞභාග්‍ය පැවති අවධියක් ලෙස දැක්විය හැකිය ධාර්මික පාලකයකු වූ එතුමා කැඩී බිදී ගිය වෙහෙර විහාර ප්‍රතිසංස්කරණය කරවූ අතර අලුතින් විහාරස්ථාන රාශියක්ද කරවීය ඔහු තම මාමාට උපරජ තනතුරද සොහොයුරාට යුවරජතනතුරද බෑණාට මලය රජ තනතුරද පිරිනැමුවේය ඔහු ගිරිවෙහෙර තනා සඟ සතු කොට භෝග පිණිස කෙත් දෙසීයක්ද පූජා කළේය සිරිසඟබෝ නමින් පිරිවෙනක්ද මහාසිව නමැති තෙරුන්ට සිය නමින් පිරිවෙනක්ද කරවීය කුරුන්ද නම් වූ සර්ව සාංඝික විහාරය කරවා එම නමින් යුක්ත වැවද තුන් යොදුන් නෙරළු අරමක්ද ‍ගොයම් කරවනු සඳහා මහත් සීමා දෙකක්ද පුදන ලද අතර එහි ඇප උපස්ථාන සඳහා ආරාමිකයින් සියයක්ද යොදවන ලදී ඇඹුල්පස නම් මහාවිහාරික වෙහෙර කරවා මහාවිහාරික භික්ෂුවට පූජා කළේය රුවන් නම් සෙලමුවා පළිමයක්ද කරවීම,ලෝවාමහාපාය ප්‍රතිසංස්කරණය කිරීම,ගොළු සෙනෙවියා විහාරය හා එනම් ඇති පිරිවෙන කරවීම මෙතුමාගේ ශාසනික කටයුතු අතර වෙයි ඇත්කඳ විහාරයෙහි ප්‍රසාදයක්ද,දක්ෂිණ ගිරිදළ වෙහෙර,මානාගල වෙහෙර,කලා වැව් වෙහෙර ආදී විහාරස්ථානවල පොහෝ ගෙවල්ද කරවන ලදී මෙතුමා අභයගිරි විහාරයෙහිද සෑගිරියෙහිද පොකුණු දෙකක් කරවූ අතර මිහින්තලා වැව කරවා එම වැව සීමාවෙන් තෙරුන් වඩාගෙන ඒමට නියෝග කළේය මේ ආදී වශයෙන් බුදුසසුනේ දියුණුවට විශාල මෙහෙයක් ඉටුකළ එතුමා කෘසිකර්මාන්තයේ දියුණුව සඳහාද අවධානය යොමු කළේය කැඩී බිදී ගිය වැව් අමුණු ප්‍රතිසංස්කරණය කරවීම මිනිමෙව්ලා නම් වැව් බැම්ම මෙතුමා විසින් බඳවන ලද අතර මිණිගිරි වැවෙහි මහා මොවු ඇළ සෑදවීය අග්‍රබෝධි රජුගේ පාලන සමයෙහිදී වෛතුල්‍යවාදය යළිත් ඉස්මතු විණි මේ වෛතුල්‍යවාදීන් විවාදයකින් පරාජය කරන ලද්දේ ජෝතිපාල නමැති මහාස්ථවිර කෙනෙකු විසිනි රජුගේ මාමා වන උපරාජ ධූරය හෙබවූ දාඨාපභූති මෙහිදී වෛතුල්‍ය වාදීන්ගේ පක්ෂය ගෙන සිටියේය වාදයෙන් පැරදී ලැජ්ජාවට පත් ඔහු ජෝතිපාල තෙරුන්ට පහරක් ගැසීමට අත එසවූ කල්හි එකණෙහිම ඔහුගේ අතෙහි ගඩුවක් හට ගත්තේය අග්‍රබෝධි රජතුමා එයින්ම තෙරුන් කෙරෙහි පැහැදී උන්වහන්සේ ආරක්ෂා කිරීමට පියවර ගත්තේය මේ සඳහා තම බෑනා වූ අක්බෝට ඈපා තනතුර දී ඒ කටයුත්ත භාර කළේය පළම් වන අග්‍රබෝධි රජතුමා දක්ෂ කිවියකු විය එතුමාගේ රාජ්‍ය සභාව උගත් බුද්ධිමත් පඬිවරුන්ගෙන් සමන්විත වූවකි සක්දාමල,අසක්දාමල,දැමී,බෑබරි,දළබිසෝ,අනුරුත් කුමරු දළගෝස් කුමරු,දළසර කුමරු ,කිත්සිරි කුමරු ,පුරවඩු කුමර්, සූරියබාහු සහ කසුප්තොට ඈපා යන දෙළොස් මහාකිවිදූ මේ රජුගේ පාලන සමයෙහි සිටි බව නිකාය සංග්‍රහයෙන් පැහැදිලි වේ

කුමාර ධාතුසේන රජතුමා

 
 
 
 
 
 
Rate This

මුගලන් රජුට පසුව රජ වූයේ ඔහුගේ පුත්‍රයා වූ කුමාර ධාතුසේන හෙවත් කුමාරදාස රජුය ඉපැරණි පොත්පත් හා සෙල්ලිපි කීපයක ඔහුගේ නම සඳහන් වී ඇත්තේ කුමාරදාස යන නමිනි ඔහු සංස්කෘත බස මැනවින් හදාළ පඬිවරයකු මෙන්ම කවියකු වශයෙන් ප්‍රකටව සිටියේය සංස්කෘත කාව්‍ය ග්‍රන්ථයක් වන ජනාකීහරණය කරන ලද්දේ ඔහු විසින් බව සැලකේ කෝට්ටේ යුගයෙහි ලියන ලද පැරකුම්බා සිරිතෙහි දැක්වෙන පරිදි කාලිදාස නමැති මහා කවිවරයාගේ මරණයෙන් කම්පාවට පත් වූ ඔහු චිතකයට පැන සිය දිවි පිදුවේය 

හෙළයේ මුගලන් රජතුමා

 
 
 
 
 
 
Rate This

කාශ්‍යප රජුගේ ඒ නිර්භීත ක්‍රියාවෙන් පුදුමයට පත් මුගලන් කුමරු ඔහු කෙරෙහි පැහැද ආදාහන කටයුතු කරවා සියලු උපකරණද රැගෙන අනුදධපුරයට ගියේය භිකුෂූන් වහන්සේලා ඔහු සාදරයෙන් පිළිගත්හ අනුරාධපුරයෙහි රජකමට පත් වූ ඔහු පළමුවෙන්ම කළේ තම පියා මැරීමට සම්බන්ධ වූ සියලු ඇමතියන්ට දඬුවම් පැමිණවීමය පසුව යහපත් ක්‍රියාවන්ට නැඹුරු වූ ඔහු වෙහෙර විහාර ඉදිකොට භික්ෂූන්ට සිව්පසයෙන් සංග්‍රහ කළේය සීගිරි දළහ නම් විහාරයද දාඨාකොණ්ඩඤ්ඤ නම් විහාරයද අභයගිරි හා ජේතවන නිගායික භික්ෂූන්ට පිදීය සීගිරිගල කරන ලද විහාරය මහානාම නමැති භික්ෂූන්ට පූජා කළේය මුගලන් රජුගේ පාලන සමයෙහි සිදුවූ වැදගත් සිදුවීමක් ලෙස දැක්විය හැක්කේ ලක්දිවට කේශධාතු වැඩම කිරීමය මුගලන් කුමරා කසුප් රජුට බියේ දදිවට පලා යද්දී සිලාකළ නමැති ලම්භකර්ණ වංසයට අයත් තරුණයෙක්ද ඔහු සමඟ ගියේය මොහු කසුප් රජුට කලකිරී ඔහුගෙන් වෙන් වී ගිය දාඨාපභූති නමැත්තෙකුගේ පුත්‍රයාය සිලාකාළ දඹදිව බෝමැඩදී පැවිදිව ප්‍රතිපත්තිගරුකව කාටත් ප්‍රියශීලීව එහිම විසීය එක් අවස්ථාවක ඔහුට ලැබුණු අඹ භික්ෂූන්ට පරිත්‍යාග කළ බැවින් එතැන් පටන් ඔහු අඹහෙරණ නමින් ප්‍රකට විය මුගලන් රජු රාජ්‍ය විචාරණ සමයෙහි ඔහු කේශාධාතු ලැබ ලක්දිවට වැඩම කළේය මුගලන් රජු ඉමහත් භක්ත්‍යාදරයකින් කේශධාතු පිළිගෙන රන් කරඬුවක තැන්පත් කොට පිළිම ගෙයක තබා ඊට නිරතුරු පුද පෙරහැර අතර එහි ආරක්ෂාවට සිලාකළ යෙදවීය ඔහුට අසිග්ගාහක පදවියද පිරිනමන ලදී 

හෙළයේ කාශ්‍යප රජතුමා

 
 
 
 
 
 
2 Votes

මෙයින් කුපිත වූ මිගාර කස්සප කුමරු හා කුමන්ත්‍රණ කොට ධාතුසේන රජතුමා සිහසුනෙන් පහ කළේය එතැන් පටන් රජකමට පැමිණි කස්සප පවිටු මිතුරන් ඇසුර ලබ පියරජුට හිතවත්ව සිටි පිරිසද නසමින් පාලනය ගෙන ගියේය මේ අතර මුගලන් කුමරු දඹදිවට පලා ගියේය සිරගතව සිටි ධාතුසේන රජුට තවතවත් හිරිහැර කරවීම සඳහා මිගාර කස්සප රජු පෙළඹවීමට කටයුතු කළේය මුගලන් කුමරු සඳහා ධාතුසේන රජු නිධාන් රකින බව කියමින් මිගාර බොරු චෝදනා එල්ල කළේය තමා නිර්දෝශී බව ඔප්පු කිරීමට ධාතුසේන රජු උත්සාහ කළද එය සාර්ථක නොවීය තම එකම වස්තුව කලා වැව යයි එතුමා අන්තිමේදී කියා සිටියේය එයින් කුපිත වූ කසුප් රජු එහු කලා වැවෙහි සිටුවා බැඳ මැටි ගසා මරා දැමීය තමාගේ ඉක්මන් වීම හේතු කොට ගෙන කරන ලද පීතෘඝාතක පාපකර්මය නිසා විපිළිසර වූ කසුප් රජු ඉන් මිදීමට මාර්ගයක් වශයෙන් නොයෙකුත් පුණ්‍ය කටයුතුවල නිරත විය මුගලන් කුමරු පලා ගිය බව දැනගත් ඔහු එයින් බියපත්ව ආරක්ෂාව පතා සීගිරියට පැමිණ එය අවට සුද්ධ කරවා දියඅගල්,පවුරු,ආදියෙන් සමන්විත බලකොටුවක් එහි සකසා කල් ගෙවීය තමා සතු වස්තුවද එහි තැන්පත් කරවීය එහි ආලකමන්දාව සදිසි රජමාලිගයක් කොට වෙසවුණු මහරජු සෙයින් ඔහු එහි වාසය කළ බව මහාවංසය දක්වයි එයින් නොනැවතුණු ඔහු නුවර දොරටුවල මහවතුද ලක්දිව යොදුනක් යොදුනක් පාසා අඹ උයන්ද කරවූ අතර නටඹුන් වූ වෙහෙර විහාර පිළිසකර කිරීමටද පියවර ගත්තේය ඉසුරුමුණිය විහාරය පිළිසකර කිරවා ඊට පෙරට වඩා භෝගග්‍රාමයන්ද පූජා කළේය බෝ සහ උපුල්වන් යන නම් ඇති දූවරුන් දෙදෙනෙක් කස්සප රජුට සිටියහ පිළිසකර කරවන ලද ඉසුරුමුණිය විහාරයට තම නම සහ දූ වරුන් දෙදෙනාගේ නම් යොදා බෝඋපුල්වන් කසුප්ගිරි වෙහෙර යනුවෙන් නම් කොට මහාවිහාරයේ භික්ෂූන්ට පූජා කළනමුත් එය පිළිගැනීමට උන්වහන්සේලා මැලි වූහ පීතෘ ඝාතකයකු ලෙස කසුප් රජුට රටවැසියන් නින්දා කළ නිසා එවැනි අයකුගේ දෙයක් පිළිගැනීමට බියවීම එයට හේතුවයි එබැවින් රජතුමා එය බුදු පිළිමයට පූජා කළේය සීගිරිගල සමීපයෙහි සංඝයාට පුදන ලද උයනක සීගිරි කාශ්‍යප නමින් විහාරයක් කරවා ධර්මරුචික භික්ෂූන්ට පූජා කළේය පීතෘඝාතක පාපකර්මය නිසා විපිළසර වූ කාශ්‍යප රජු සිත සනසා ගැනීමේ අරමුණින් පෙහෙවස් විසීම ,භාවනා කිරීම ආදී පුණ්‍ය කර්මවලද නියුකත වූ බව පෙනේ දහම් පොත් ලියවීමට  භික්ෂූන් වහන්සේලාට අවශ්‍ය පහසුකම් ලබාදී සිවුපසයෙන් සංග්‍රහ කළේය පිළිම ගෙවල් හා දන්හල් රාශියක්ද ඔහු විසින් ඉදිකරවන ලද බව මහාවංසය කියයි එහෙත් කස්සප රජුට රජකම් කිරීමට හැකි වූයේ වසර දහඅටක් පමණි ඉන්දියාවට පලාගිය මුගලන් කුමරා විශාල සේනාවක් පිරිවරාගෙන අවුත් ලක්දිව අඹකොළ පටුනට ගොඩ බැස එහි පොරෝ වෙහෙරෙහි කඳවුරු බැන්දේය නිමිත්ත පාඨකයන් වළකද්දී කසුප් රජුද මහාසේනාවක් පිරිවරාගෙන මහබල ඇතිව ඔහු සමඟ සටන් කිරීමට ඉදිරියට ගියේය කසුප් රජු ඉදිරියෙහි මහමඬලක් තිබුණෙන් වෙනත් මඟකින් යාම සඳහා ඇතු ආපස්සට හැරවීමේදී රජු පසුවසින්නේයැයි වරදවා තේරුම් ගත් ඔහුගේ සේනාවෝ පසුබැස පලා යන්නට වූහ සතුරන් අතින් මරණයට පත්වනවාට වඩා තමා අතින් මරණය සිදු කරගැනීම මහපතැයි සිතූ කසුප් රජු සිරියෙන් සිය හිස සිඳ අහසට දමා 
 
 
 
 
 
 
1 Vote

වසභ රජතුමාගෙන් ආරම්භ වූ ලම්භකර්ණ වංසිකයන්ගේ පාලනය මහානාම රජුගෙන් පසුව අවසන් වෙයි මහානාම රජුගේ අභාවයත් සමඟ රටේ ඇති වූයේ අවුල් සහගත වාතාවරණයකි මහානාම රජුට පසුව සිටි රජවරු දුර්වල පාලකයෝ වූහ මේ අතර පණ්ඩු නමැති දෙමළ රජකු විසින් ලක්දිව ආක්‍රමණය කොට සිහසුන අල්ලාගන්නා ලදී මේ කාලයේදී ධාතුසේන නම් කුමරෙක් බාල කාලයෙහි පැවිදිව සිටියේය ඔහු මෞැ්ය වංසයට අයත් වූවකි මෞර්ය වාංසිකයන්ගේ ප්‍රභවය පිළිබඳව පැහැදිලි තොරතුරු නැත එවුන්ද ලම්භකර්ණ වංසිකයන් මෙන් ශ්‍රී මහාබෝධිය ලංකාවට වැඩම කිරීමේදී පැමිණි පිරිසක් බව පශ්චාත් කාලීන පාරම්පරික කථාවලින් පැහැදිලි වන බව ඉතිහාසඥයෝ පෙන්වා දෙති ධාතුසේන කුමාරයාගේ පියා වූයේ දාඨා නමැති මෞර්ය වංසිකයෙකි ඔහු ශුභ රජුට බියේ පලාගිය මෞර්යවංශික පරපුරකින් පැවැතෙන්නෙක් විය ධාතුසේන කුමරා පැවිදිව සිටියේ ඔහුගේ මවගේ සහෝදරයා වන තෙරනමක් ළඳය උන්වහන්සේ වැඩ සිටියේ දික්සඳ සෙනෙවියාගේ පිරිවෙනෙහිය කුමරා ළඟ රජවීමට සුදුසු ගතිලක්ෂන ඇති බව දුටු එම තෙරණුවෝ ඔහුගේ ආරක්ෂාව පතා ඔහුත් රැගෙන පිටිසර පළාතකට වැඩියහ මේ අතර පණඩු නමැති දෙමළ රජු පස් වසක් රජකම් කොට මළ පස් ඔහු පුත් පාරින්දට සිහසුන උරුමවිය ඔහු රජකම් කළේ වසර තුනකි ඉන්පසු ඔහුගේ සොහොයුරා කුඩා පාරින්දට බලය හිමිවිය ඕ වන විට උපැවදිව තරුණ වියට පත්ව සිටි ධාතුසේන කුමරා ද්‍රවිඩ පාලනයට එරෙහිව සටන් කිරීමට පටන් ගත්තේය දේශප්‍රේමී විශාල පිරිසක් ඔහු වටා රොක්වූහ කුඩා පාරින්ද රජු ධාතුසේන රජුගේ අනුගාමිකයින්ට හිරිහැර කළේය එහෙත් ධාතුසේන කුමරු තම සටන දිගටම කරගෙන ගියේය වසර දාසයක් පමණ රජකම් කළ කුඩා පාරින්ද රජුගේ අභාවයෙන් පස්ව තිරිතරට සිහසුන හිමි විය එහෙත් ඔහුට රජකම් කිරීමට හැකි වූයේ තෙමසක් පමණ කෙටි කාලයකි ධාතුසේන කුමරා විසින් කරන ලද දුණු සටනේදී ඔහු මරණයට පත් විය ඉන්පසුව දාඨිය හා පීඨිය යන රජවරුන් පිළිවෙළින් රජකමට පත්වූවද ධාතුසේන කුමරු නිරන්තරයෙන් ඔවුන්ට යුද ප්‍රහාර එල්ල කොට ඔවුන් මරා දැමීය මේ අනුව ධාතුසේන කුමරුගේ රණශූරත්වය හේතු කොට ගෙන ලක්දිව දෙමළ පාලනය අවසන් විය කාලාන්තරයක් තිස්සේ ද්‍රවිඩ පාලනයට එරෙහිව කොපසු බස්නා දෛර්යයකින් ජය අත්කර ගත් ධාතුසේන කුමාරයා සිහසුන උරුම කරගැනීම පිළිබඳව රට,ජාතිය, හ‍ෙ ආගම කෙරෙහි භක්තිය දැක්වූ ලක්වැසියෝ බෙහෙවින් සතුටු වූහ තමා විපතේ වැටී සිටි අවස්ථාවේදී කිසිම සහයෝගයක් නොදක්වා මගහැර ගිය සියලුම ජන ප්‍රධානීන්ට දඬුවම් පැමිණවීමට ධාතුසේන රජු පළම්වෙන්ම පියවර ගත් අතර තමාට සහයෝගය දැක්වූ අයට මහත් ප්‍රසාද දුන්නේය අනතුරුව බුදුසසුනේ දියුණුවටත් රටේ කෘෂිකාර්මික කටයුතු දියුණු කිරීමටත් එතුමා වැඩි අවධානයක් යොමු කළේය රජතුමා නිතිපතා මහාපාළි දානාශාලාවෙහි භික්ෂූන් වහන්සේලාට ඇල්බත් දන් දුන් අතර වෙනත් ආබාධිත පුද්ගලයන් සදහාද විශ්‍රාමශාලා ආදිය කරවා උපස්ථාන කරවීය මහාවිහාරයෙහි දර්ශනීය බෝධිඝරයක් කරවීමද එම පරම්පරාවට අයත් භික්ෂූන්ට කැප සරුප් භෝග සහිතව කලාවැව වෙහෙර,කෙළපසව,දකුණුගිර,වඩමන් වෙහෙර,පණුවල,බදුලු වෙහෙර,පහණ බදරට දාසෙන් පව්ව,මියුගුණ වෙහෙර,සැවටිය උතුරු දාසෙන් වෙහෙර,නැගෙනහිර අඹවිටය,අතුරු මේගිර,ඇතලාවෙහෙර,කසපිට දාසෙන් වෙහෙර,රුහුණු දෑගම,සල්වාන් වෙහෙර,විභීෂණ වෙහෙර,බෙල්වාන් වෙහෙර, යන අටලොස් විහාරයක් කරවා තිබීමෙන් පැහැදිලි වන්නේ ධාතුසේන රජු බුදුසසුනේ දියුණුවට දරා ඇති දායකත්වයයි එසේම ඒ වන විට කැඩී බිඳී ගොස් තිබුණු මොනර පිරිවෙන,ලෝවාමහාපාය,අභයගිරි විහාරය ආදී පූජ්‍යස්ථාන පිළිසකර කරවීමටද එතුමා පියවර ගත්තේය මහසෑ තුනෙහි දිරාගාය ඡත්‍රයන්ද කරවීය එතුමා විසින් පාදුලකය,තඹලවිටිය,මහාදත්තය, ආදී වශයෙන් මහාවැව් අටළොසක් කළ බව මහාවංසය දක්වයි මේවායෙහි ප්‍රකට වැව් වූයේ කලා වැවයි බළලු වැවත් සමඟ මේ වැවෙන් අක්කර 6000ක භූමි ප්‍රදේශයක් යටවී ඇත මෙය පුරාණයේ ශ්‍රී ලංකාවේ පැවති අතිවිශාල ජලසම්පාදන ක්‍රියාවලින් එකක් ලෙස සැලකේ මල්වතු ඔයත් කලා ඔයත් අතර පිහිටි විශාල ප්‍රදේශයකට මෙයින් ජලය ලැබිණ රට විදේශීය සතුරන් මුදවාගෙන බුදුසසුනටත් රටේ සංවර්ධනයත් මහඟු මෙහෙයක් ඉටුකළ ධාතුසේන රජතුමා අවසානයේ අවාසනාවන්ත ඉරණමකට ගොදුරු විය ඔහුට කස්සප හා මුගලන් නමැති පුතුන් දෙදෙනෙක්ද රූමත් දියණියක්ද වූහ මෙයින් කස්සප කුමරා අඩු තත්ත්වයක සිටි බිසවගේ තුසින් උපන්නෙකි රජුගේ දූකුමරිය සරණ පාවා දෙන ලද්දේ තම සොහොයුරියගේ පුත්‍රයා වූ මිගාර සේනාධිපතියටය ධාතුසේන රජුගේ ඛේදජනක මරණයට හේතු වූයේ නැන්දාත් ලේලිත් අතර සිදු වූ දබරයකි රජදියණිය මිගාර සෙනෙවිගේ මවත් සමඟ කලහ කර ගැනීම නිසා මිගාර සෙන්පතියා ඇයට දඬුවම් කළේය එය දුටු ධාතුසේන රජතුමා ඊට පළිගැනීමක් වශයෙන් තම සොහොයුරිය හෙවත් මිගාර සෙනෙවියාගේ මව නග්න කොට ගින්නෙන් දවා මැරවීය 

මහානාම රජතුමා

 
 
 
 
 
 
Rate This

පළමුවන උපතිස්ස රජතුමා රජකම් කරන අවිධියේ එතුමාගේ බාල සොහොයුරු මහානාම කුමරා සසුන්ගතව සිටියේය උපතිස්ස රජුගේ මෙහෙසියන් ඔහුත් අතර රහසිගත ප්‍රේම සම්බන්ධයක් පැවතිනි ඇය විසින් තම සැමියා මරවන ලද්දේ මහානාම කුමරුට රජකම ලබාදීමේ බලාපොරොත්තුව ඇතිවය එබැවින් උපතිස්ස රජුගේ අභාවයත් සමඟම උපැවදි වූ මහානාම කුමරු සිහසුන භාර ගත්තේය මිය ගාය රජුගේ වැන්දඹුව සිය මෙහෙසිය කර ගත්තේය මේ රජුද අභයගිරි භික්ෂූන්ට වැඩි වශයෙන් උදව් උපකාර කළ බව පෙනේ ඔහු විසින් ඔවුන්ට ලොහොදොර,රලගමුව,කෙළපසවන යන විහාර තුන කරවා පූජා කළේය එසේම ගිලන්හල් රාශියක්ද  කළ අතර මහාපාළි නම් වූ දානශාලාවෙහි මහදන් පැවැත්වීය මෙතුමාගේ කාලයෙහි පැවති විශේෂ සිදුවීම් තෙරුන්ගේ හා චීන දේශාටක ෆාහියන් හිමිගේ ලංකා ගමනය බුද්ධඝෝෂ හිමියෝ ලංකා විහාරයේ වැඩ සිටිමින් තම හැකියාව තම හැකියාව පෙන්වීම සඳහා පළමුවෙන්ම සංයුක්ත නිකායට අයත් ගාථා දෙකක් විස්තර කරමින් මුළු ත්‍රිපිටකයම ඇසුරු කොටගෙන විසුද්ධි මාර්ගය නමැති මාහැඟි ධර්ම ග්‍රන්ථය කළේය ධර්ම ග්‍රන්ත ලාළි අටුවා කිරීම සඳහා උන්වහන්සේට දුන්හ එතැන් පටන් බුදුධඝෝෂ හිමියෝ මහාවිහාරයට අයත් දූරසංකර ග්‍රන්ථාකර පිරිවනෙහි වැඩ වෙසෙමින් බෞද්ධ ජනතාවගේ ඇප උපස්ථාන ලබමින් පාළි අටුවා ග්‍රන්ථ කළහ චීන දේශාටක ෆාහියන් භික්ෂුව ක්‍රි.ව.411 දී ලක්දිව වැඩ සිටියේය උන්වහන්සේ වසර දෙකක් පමණ ලක්දිව වැඩ සිට සිය රට බලා ගොස් ලියන ලද දේශාටන වාර්තාව ලක්දිව ඉතිහාසය සම්බනිධයෙන් ඉතා වැදගත්කමක් දරයි එකල ශ්‍රී ලංක‍ාවේ පැවති ආගමික පසුබිම මෙන්ම අනුරාධපුර රාජධානියට අයත් තොරතුරු රැසක් එමගින් අනාවරණය කරගත හැකිය මහාවිහාරය,අභයගිරිය හා මිහින්තලය ආදි විහාරස්ථාන පිළිබඳවත් විස්තර ඊට ඇතුළත්ය එම දේශාටන වාර්තාව අනුව අනුරාධපුර නගරයෙහි බෞද්ධ වූ සාමාන්‍ය ගෘහස්ථ ජනයත්,සිටුවරුන්,නොයෙක් ද්‍රව්‍ය වෙළදාම් කළ වෙළෙන්දන් වාසය කළ අතර ඔවුන්ට අලංකාර නිවාසද තිබිණ සෑම සන්ධිස්ථානයකම ඉදිකර තිබුණු ධර්මශාලා සෑම මසකම අටවක් හා පසළොස්වක පොහෝ දිනයන්හි ධර්ම දේශනා පැවැත්විණි ගිහියන් පමණක් නොව භික්ෂූන් වහන්සේලාද ධර්මශ්‍රවනය කිරීම සඳහා ඒ ස්ථානවල රැස් වූහ එකල මුළු රටේම භික්ෂූන් වහන්සේලා 60000 ක් පමණ වාසය කළ බව ෆාහියන් හිමි කියයි

උපතිස්ස රජතුමා

 
 
 
 
 
 
Rate This

විසිනව වර්ෂයක් රාජ්‍ය පාලනයෙහි යෙදුණු බුද්ධදාස රජතුමාගේ අභාවයෙන් පසුව සිහසුන උරුම වූයේ එහුගේ දෙටුපුත් උපතිස්ස කුමරුටය ක්‍රි.ව.368-410 දක්වා වසර හතළිස් දෙකක් පළමුවන උපතිස්ස නමින් ඔහු රට පාලනය කළේය ඔහු තම පියා වූ බුද්ධදාස රජු මෙන්ම ධාර්මික පාලකයෙක් විය මහාපාළි දන්හලෙහි මහදන් දු‍න්නේය පිළුන්ට,ගර්භනී ස්ත්‍රීන්ය මෙන්ම අන්ධයන්ට හා රෝගීන්ට සියලු සම්පතින් හෙබියා වූ ශාලා කරවීය අනුරාධපුරයෙහි දාගැබක්,පිළිමගෙයක් හා බුදු පිළිමයක් කරවූ අතර රජපුලු,ගිජුගුල,පොකුරුපස,වලහස ආදී විහාර රාශියක් ඉදි කරවූ බවට වංසකථාවේ අඳහන් වී ඇත දෙවන උපතිස්ස රජුගේ කාලයේදී ලක්දිව දරුණු දුර්භික්ෂයක් හටගත්තේය මෙයින් රට මුදා ගැනීමේ අරමුණින් එතුමා සංඝයා වහන්සේලාගේ උපදෙස් පිට ගංගාරෝහණ පූජාවක් පැවැත්වීය සර්වඥ ධාතුවට ඝනරන් පිළිමයක්ද කොට එම පිළිමය දෝතින් ගෙන මහා රථයක තබා සිලිසමාදන්ව මහජනයාද සිල් සමාදන් කරවා භික්ෂූන් වහන්සේලා පිරිවරා දෙව්පුරයක් මෙන් සරසන පද නගරයෙහි මඟට පිළිපන්නේය මේ අතර භික්ෂූන් වහන්සේ රතන සූත්‍රයෙන් පිරිත් දෙසමින් ඒ අවට එයින් සියලු රෝගාතුරයෝ සුවපත්ව සැණකෙළි පැවැත්වූහ මෙතුමා විසින් ථූපාරාමයට රන්තොත් සහ සැට්ටයක්ද කරවන ලදී වසර සතළිස් දෙකක් රජකම් කළ මෙතුමා සිය මෙහෙසිය අතින් මරණයට පත්වූයේ

බුද්ධදාස රජතුමා

 
 
 
 
 
 
Rate This

ආගමික කටයුතු සහ ශුභසාධන සේවාවන් මැනවින් ඉටුකළ බුද්ධදාස රජතුමා කිත්සිරිමෙවන් රජුගේ කණිටු සොහොයුරු දෙවන ජෙට්ටතිස්ස රජුගේ පුත්‍රයාය ගුණාත්මක බව,ත්‍යාගශීලී බව,ශ්‍රද්ධාව මෙන්ම කරුණාව ආදි ගුණාංගයන්ගෙන් පිරිපුන් මේ නරපතියාට සිංහල රාජවංසයේ අද්විතීය ස්ථානයක් හිමි වේ මෙතුමා වඩාත් ප්‍රකට වූයේ කෘතහස්ත වෛද්‍යවරයෙකු වශයෙනි තිරිසන් සතුන්ට පවා ඉතා කරුණාවෙන් ප්‍රතිකාර කළ බව මහාවංසයෙහි දක්වා ඇති පුවතකින් පැහැදිලි වේ දිනක් රජතුමා මඟුලැතු පිට නැඟී නෑම සඳහා තිසාවැවට යමින් සිටියේය එබඳු ගමනක් යන විට පවා බෙහෙත් හා වෙදකමට අවශ්‍ය සැන් ආදිය සිරිතක් වශයෙන් ගෙන ගියේය මෙසේ යන අතරමඟ පුත්තභාග නම් විහාරය පසෙක තුඹසක් මත කුස රෝගයකින් පෙළෙන මහානාගයෙක් දුටුවේය මේ නාගයා රජතුමා එනු දැක තම කුසෙහි හටගත් ගෙඩිය දැක්වීමට මෙන් උඩුකුරුව සිටියේය එෟ බැව් ද්ට් රජතුමා නාගයාගේ අදහස දැන ඇතු පිටින් බැස කුසෙහි හටගෙන තිබුණු ගෙඩිය ඉවත් කොට බෙහෙත් ගල්වා සුවපත් කළේය සැත්කම් කරන අතරේ නාගයා තුඹසේ බිලට හිස දමා සිටි බව කියැවේ රජතුමා සැතෙන් නාගයාගේ කුසෙහි තිබුණු ගෙඩිය සැත්කමකින් ඉවත් කොට බෙහෙත් දමා සුවපත් කළේය එයින් තුටු වූ නාගයා තම නාග මාණාක්‍ය රජුට පරිත්‍යාග කළ බවත් රජු එම නාග මාණික්‍ය ගෙන අභයගිරි විහාරයෙහි සල පිළිමයෙහි නේත්‍ර කළ බවත් මහාවංසයේ දැක්වේ මේ අයුරින් බුද්ධදාස රජතුමා නොයෙකුත් රෝගවලින් පීඩා විදින ලද රෝගීන් කීපදෙනෙකුම ස්වපත් කළ අයුරු මහාවංසයේ දැක්වේ එපමණක් නොව පක්වැස්සන්ගේ හිත පිණිස ගමක් ගමක් පාසා වෙදහල් කරවා එහි වෛද්‍යවරුන් සේවය පිණිස යෙදවීය සියලු වෛද්‍ය ශාස්ත්‍රීයන්හි සාරය එක්තැන් කොට එතුමා විසින් රජිත වෛද්‍ය සාර්ථක සංග්‍රහය නමැති සංස්කෘත බසින් රචිත මාහැගි වෛද්‍ය ග්‍රන්ථය අදද සිංහල වෛද්‍යවරු ඉමහත් ගෞරවයෙන් පරිහරණය කරති එසේම රටවැසියන්ගේ සෞඛ්‍ය කටයුතු වැඩිදියුණු කිරීම සඳහා ගම් දහයකට එක එක වෛද්‍යවරයා බැගින් පත්කළේය කේතවලින් ලබාගන්නා අයබදු වලින් විස්සෙන් අඩක් යොදවන ලද්දේ එම වෛද්‍යවරුන්ගේ වැටුප් සඳහාස ඇතුන්,අසුන් සහ යුද සේනාවේ වෛද්‍ය ප්‍රතිකාර සඳහාද වෛද්‍යවරුන් පත්කර කිබිණ සමාජ ශුභසාධනයට බෙහෙවින් අගය කළ රජතුමා පිළුන් හා අන්ධයන් සඳහා මහාමාර්ගයෙහි තැින් තැන ශාලා ඉදිකරවූ අතර ඔවුන්ට මුදල්ද වැටුප්ත වශයෙන් දුන්නේය නිරන්තරයෙන් ධර් ශ්‍රවනයට ඇලුම් ගළ එතුමා ධර්ම දේශකයන්ට සිවිපසයෙන් සංග්‍රහ කළේය මහාවිහාරයෙහි පස්විසි රියන් පහකින් හොබවා මොනර පිරිවෙන කරවා ඊට සමණය කොළපාණුව යන ගම් දෙකද පිදීය මහාධර්මකථික නම් වූ භික්ෂූන් වහන්සේ බෞද්ධ ත්‍රිපියකය සිංහල බසට පෙරළුවේය බුද්ධදාස රජුගේ පාලන සමයේදී බුදුධදාස රජුට මනා රූප සම්පත්තියෙන් හෙබියා වූ පුත් කුමාරවරුන් අසූදෙනෙක් සිටි බව වංසකථාවෙහි සඳහන් වෙයි  ඔවුන්ට යොදා තිබුණේ අසූ මහා ශ්‍රාවකයන්ගේ නම්ය

හෙළයේ කිත්සිරිමෙවන් රජතුමා

 
 
 
 
 
 
Rate This

මහසෙන් රජුගේ පුත්‍රයා වූ මෙතුමා මහාවංසයේ දෙවන කොටසට අයත් පළමු රජතුමාය මෙතුමා සිරිමේඝවණ්ණ,කීර්ති ශ්‍රී මේඝ වණ්ණ යන නම් වලින්ද හැඳින්වේ තෝනිගල සෙල්ලිපියේ මෙතුමාගේ නම සඳහන් වී ඇත්තේ මහසෙන් රජුගේ පුත් මෙතුමාගේ සිරි මේඝවණ්ණ අභය යනුවෙනි එයින් ඔහු ගැන වංසකථාවල දැක්වෙන පිපුතු සම්බන්ධය මැනවින් තහවුරු වෙයි මෙතුමාගේ පාලන කාලය යුද්ධ ආදියෙන් තොර සාමකාමී කාල පරිච්ඡේදයකි එසේම පියරජු විසින් රට සංවර්ධනයට කටයුතු කර තැබීම නිසා එහුට ඒ පිළිබඳ වැඩි වෙහෙසක් දැරීමට සිදු වූයේ නැත එනිසා ඔහු තම රාජ්‍ය කාලය පියරජු විසින් කඩා විඳදමන ලද මහාවිහාරයට අයත් ආගමික ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කිරීමට අවස්ථාව කර ගත්තේය මහසෙන් රජු මහාවිහාරයට කරන ලද විනාශකාරී ක්‍රියා නවත්වා දැමූවත් ඒවා යලිත් ප්‍රතිසංස්කරණය කිරීමට නොහැකි විය මහාවිහාරික භික්ෂූන් කෙරෙහි පැහැදීමක් එහු තුළ නොතිබිණි එබැවින් ජේතවන චෛත්‍ය ආදී විශාල ඉදිකිරීම් සඳහාත් වැව් අමුණු සෑදීමටත් මහසෙන් රජු කාලය මහසෙන් රජු පියවර ගත්තේය ඔහුගේ පව් ගෙවන ලද්දේ කිත්සිරිමෙවන් රජතුමාය එතුමා පළමුවෙන්ම ප්‍රකෘතිමත් කළේ සත්මහල් ලෝවාමහාපායයි විනාශයට පත්ව තිබුණු සියලු පිරිවෙන්ද ප්‍රතිසංස්කරණය කොට යළිත් පිහිටුවේය එමෙන්ම ආරාමිකයන් අවශ්‍ය භෝගද ලබා දුන්නේය එතැන් පටන් භික්ෂූන් වහන්සේලා විශාල පිරිසක් අනුරාධපුරයෙහි වැඩ විසූහ කිත්සිරිමෙවන් රජතුමා මිහිඳු මහරහතන් වහන්සේ පිළිබඳ සියලු විස්තර අසා උන්වහන්සේගේ ගුණයෙහි පැහැද එසේම උන්වහන්සේ විසින් ලක්දිවට කරන ලද සේවයට කෘතගුළු දැරක්වීමක් වශයෙන් මිහිඳු පෙරහැරක් පැවැත්වීම ආරම්භ කළේය මේ සඳහා මිහිඳු මහරහතන් වහන්සෙගේ ශරීර ප්‍රමාණයේ රන් පිළිරුවක් නිර්මාණය කරවා මිහින්තලාවේ සිට අනුරාධපුරය දක්වා මාර්ගය විසිතුරු අන්දමින් සරසවා විශාල සෙනඟක් රැස් කරවා එම පිළිරුව පෙරටු කරගෙන මහපෙරහැරක් පැවැත්වීය හේමමාලා කුමරියන් දන්ත කුමරුන් කාලිංග නුවර සිට ශ්‍රී දළදා වහන්සේ වැඩම කරවූයේ කිත්සිමෙවන් රජුගේ කාලයේදීය එතුමාගේ රජ වීමෙන් නවවන වර්ෂයේදී සිදුවූ මෙයශ්‍රී ලංකා ඉතිහාසයේ අමරණීය සිහිවටනයක් ලෙස දැක්විය හැකිය රජතුමා දන්ත ධාතූන් වහන්සේ ඉමහත් භක්ථ්‍යාදරයෙන් පිළිගෙන නිසි පුද සත්කාර කොට අගනා රන් කරඬුවක් තනවා එහි තැන්පත් කොට දෙවනපෑතිස් රජතුමා විසින් රාජරාමයෙහි කරවන ලද දම්සක් ගෙයි තබා වසරක් පාසා පුර පෙරහැර පැවැත්වීය එතැන් පටන් එම දම්සක් මන්දිරය දළදා මන්දිරය නමින් ප්‍රකට විය ඊට පසු කාලයේ රජවූ සෑම පාලකයෙකුගේම ඉෂ්ට දේවතාව වූ යේ ශ්‍රී දළදා වහන්සේය කිතිසිරිමෙවන් රජු සාමකාලීන වූ ඉන්දියානු පාලකයා වූයේ සමුද්‍රගුප්ත අධිරාජ්‍යයාය ඔහුත් සමඟ මිත්‍ර සම්බන්ධතා පැවැත්වූ බවට විදේශීය ඓතිහාසික සාධක ඇත හිංචෙවන් නැමැති පැරණි චීන ග්‍රන්ථයෙහි කිත්සිරිමෙවන් රජතුමාත් සමුද්‍රගුප්ත අධිරාජ්‍යයාත් අතර පැවති සබඳතා විස්තර වෙයි මෙය ලියා ඇත්තේ වංහුවෙන් සුචේ නැමති චීන දේශාටකයා විසිනි ලක්දිව සිටි භික්ෂූන් වහන්සේලා දෙනමක් දඹදිව ශ්‍රී මහාබෝධිය වඳින්නට ගොස් පෙරළා පැමිණ එහි නවාතැන් පහසුකම් නොමැති වූ බැවින් විදින්නට වූ දුක්ගැහට ගැන රජුට දැන්වීය ඉන්පසු රජතුමා සමුද්‍රගුප්ත රජු පඩ්‍රරුසහිත දූත පිරිසක් යවා විහාරයක් කරවීමට සමුද්‍රගුප්ත රජුගෙන් අවසර ඉල්ලීය ඔහු ඊට අවසර දුන්නේය වංහුවෙන් සුචේ දක්වන පරිදි ඔහු මේ විහාරයට එනවිට එහි බොහෝ භික්ෂූන් වහන්සේලා නවාතැන් ගෙන සිටියහ ලක්වැසියන්ද සමුද්‍රගුප්ත රජුට ගෙෘරව කළ මනුෂ්‍ය වර්ග අතර සිටි බවට අලහබාද් ටැම් ලිපියෙහි සඳහන් වන්නේ කිත්සිමෙවන් රජු පඩුරු සහිත දූත පිරිස යැවිමේ සිද්ධිය මුල් කරගෙන වියහැකි බවට ඉතිහාසඥයෝ ැක පහළ කරති ඒ කෙසේ වෙතත් ලක්වැසියන් සමුද්‍රගුප්ත රජුට ගරු බුහුමන් කළ පවට හෝ එහු සමඟ කිත්ිරිමෙවන් රජු මිත්‍ර සබඳතා පැවැත්වූ බවට හෝ තොරතුරක් ලක්දිව පාළිවංසකථා සිංහ ග්‍රන්ථ මෙන්ම ශිලාලේඛන ආදී කිසිවක සඳහන් නැත 

මින්නේරි දෙවියෝ හෙවත් හෙළයේ මහසෙන් රජතුමා

 
 
 
 
 
 
1 Vote

ගෝඨාබය රජුගේ කණිටු පුත්‍රයා වූත් ජෙට්ඨතිස්ස රජුගේ බාල සොහොයුරා වූත් මහසෙන් කුමරා ක්‍රි.ව.276 වසරේදී රජ විය ඔහු සිහසුනට පත් වූයේ ඊට පෙර වසර දහසක් රජකම් කළ ජෙට්ටතිස්ස රජුගේ අභාවයෙන් පසුවය දීපවංස හා මහාවංස යන පැරණී වංසකථා මහසෙන් රජුගේ පාලන කාලයෙන් කෙළවර වෙයි මහසෙන් රජුගේ පුත්‍රයා ඇතුළු එයින් පසුව එන රජවරු අයත්වන්නේ මහාවංසයේ දෙවන කොටසටය මෙය පසුව ලියන ලද්දක් බැවින්  චූලවංසය නමින්ද ඇතැම් වියත්හු හඳුන්වති එහෙත් එහි සෑම පරිච්චේදයක්ම අවසනම දක්වා ඇත්තේ මහාවංසයේ එකි පරිච්චේදය ලියා අවසන් කරන ලද බවය ඇතැම් වියත්හු මහාවංසයේ දෙවැනි භාගයට අයත් රජවරු චූළවංසයේ රජවරු නමින් හඳුන්වමින් සුළු රජ පෙළපතක් යන හැඟීම ඇතිකිරීමට උත්සාහ ගෙන ඇත එය වැරදි බව වැටහෙමින් මහසෙන් රජුගේ පුත්‍රයාද එම දෙවන භාගයට අයත්ව සිටීමෙනි කාර්යශූර සිංහල රජවරුන් අතර මහසෙන් රජතුමාට වැදගත් තැනක් හිමි වේ ඔහු මුල් අවධියේ මහාවිහාරයට එරෙහිව කටයුතු කිරීම නිසා මහාවිහාරවාසීන්ගේ බලවත් අප්‍රසාදයට පත් විය ඔහු හෙඳ වැඩ මෙන්ම නරක වැඩ කළ අයකු ලෙස මහාවංසයේ කතුවරයා හදුන්වා දී ඇත චෛතුල්‍යවාදී භික්ෂුවක් වන ධම්මරුචි තෙරුන් සමඟ එක්වී ඔහු මහාවිහාරය විනාශ කර එහි උදු වැපිරවීය මෙයින් දේශපාලන වශයෙන්ද කිසියම් අර්බුදයක් ඇතිවූ බව පෙනේ පිරිසිදු ථෙරවාදී බුදුදහම සුරැකි විනයානුකූලව ජීවිතයක් ගතකළ සිල්වත් භික්ෂූන් වහන්සේලාට මෙසේ හිරිහැර කිරීම මැති ඇමතිවරුන් පමණක් නොව රජපවුලේ අයගේද අප්‍රසාදයට ලක්විය මහාවිහාර වාසී බොහෝ භික්ෂූන් වහන්සේලාට නිරාහාරව සිටීමට සිදුවිය ඇතැම් අය රුහුණට හා මලය රටට වැඩම කළහ ලෝවාමහාපාය ආදී ආගමික ගොඩනැගිලි රාශියක් බිද හෙලා ඒවායෙහි තිබුණු භාණ්ඩ අභයගිරියට ගෙනගිය අතර එය සමෘද්ධිමත් පැවතිණි රජුට ඉතාමත් කුළුපගව සිටි මේඝවර්ණාභය ඇමතියා ඔහු සමඟ සටනට සූදානම් වීමෙන් රජු වෙත නැගී ආ විරෝධය මැනවින් පැහැදිලි වේ මහසෙන් රජතුමා විසින් මහාවිහාරයට කරන ලද අපරාධය නොඉවසූ ඔහු මලය රටට ගොස් විශාල සේනාවක් රැස් කරගෙන රජුට එ‍රෙහිව සටනට ආවේය එහෙත් මේ සටන වැළකී ගියේ පැරණී මිත්‍රත්වය මතක් වීමෙනි රජුගෙත් ඇමතියාගේත් හමුදා මුහුණට මුහුණලා කදවුරු බැඳගෙන සිටිනා අතර එදින රාත්‍රියේ මලය රටින් ගෙනා ප්‍රණීත පානයකුත් මාංස ආහාරයකුත් අමාත්‍යාට ලැබිණ එය රජුටත් දී අනුභව කිරීමට අමාත්‍යා සිතුවේ පෙරීදත් එසේ කර ඇති බැවිනි එබැවින් අමාත්‍යවරයා කාටත් නොදැනෙන පරිදි රාත්‍රියේ රජු හමුවට මේවාත් රැගෙන ගියේය රජුද අවිශ්වාසයකින් තොරව එතැනට පැමිණ ඒවා භූක්ති වින්දේය අනතුරුව දෙදෙනා අතර සාකච්ඡාවක් පැවැතිණි තමාට එරෙහි වීමට හේතුව කවරේදැයි රජු අමාත්‍යාගෙන් විමසුවේය අමාත්‍යා ඊට හේතුව පහදා දුන්නේය එබැවින් රජුගේ එම අපරාධ කටයුතු නැවතුණේය මේ අතර රජුගේ එම අපරාධ කටයුතු නැවතුණේය මේ අතර රජුගේ බිසවක විසින් වඩුවකු ලවා සංඝමිත්‍ර භික්ෂුව මරවන ලදී මේ නිසා අර්බුදය බොහෝ දුරකට සමථයකට පත්වූ බව පෙනේ රජු මහාවිහාරයට කරන ලද මහාවිනාශය නවතා දැමූවද මහාවිහාරික භික්ෂූන්ට එතරම් පක්ෂපාතීත්වයක් දැක්වූ බවක් නොපෙනේ එහු මහාවිහාර සීමාව තුළ දී සංඝාවාසයක් ගෙඩනැගූ අතර දැනට ලංකාවේ විශාලතම ස්තූපය මෙන්ම දැනට ලෝකයේ ගඩොලින් ගරන ලද උසම නිර්මාණය ලෙස සැලකෙන ජේතවන චෛත්‍ය කරවීය එම කර්මාන්තය කරන ලද්දේ මහාවිහාරික භික්ෂූන්ගේ බලවත් විරෝධය පිටය එම අවස්ථාවේදීද භික්ෂූහු මහාවිහාරය අතහැර ගියහ ඔවුන් යළිත් එහි පැමිණියේ වැඩ නිම වූ පසුවය රජතුමා විසින් විහාරය පූජා කරන ලද්දේ දක්ෂිනාරාම වාසී සංයමයකින් තොර වූ කොහොන්තිස්ස නමැති භික්ෂුවටය එහෙත් විනය කර්මයකින් පසු සිවුරු හරවා ඔහු සසුනෙන් නෙරපා දැමීමට මහාවිහාරික භික්ෂූහු කටයුතු කළහ එයින් රජතුමාගේ සිත තව තවත් මහාවිහාරික භික්ෂූන් ගෙරෙහි කලකිරීමට පත්විය ඉන්පසු දක්ෂින විහාරයෙහි සිට සාගලික නිකායට අයත් භික්ෂූහු බොහෝ දෙනෙක් එහි අවුත් පදිංචි වූහ එතැන් පටන් එවුහු සාගලික නිකාය යන නම වෙනුවට ජේතවන නිකාය යන නම භාවිතා කිරීමට පටන් ගත්හ මේ අයුරින් බලන කල පැහැදිලි වන්නේ මහසෙන් රජුගේ පාලන කාලයේ මුලු අවධියේ ආගමික පසුබිම අතින් ව්‍යාකූල තත්ත්වයක් පැවති බවය කෙසේ වෙතත් ඔහු පසු කාලය වන විට බුදුසසුනේ චිරස්තිය සඳහා බොහෝ යෙහෙර විහාර කරවීය භික්ෂූන් වහන්සේලා සඳහා සිවුපසයෙන් සංග්‍රහ කිරීම ආදී පුණ්‍ය ක්‍රියාවල යෙදුණේය ඓතිහාසික මූලාශ්‍රවල දක්වා ඇති මින්නේරි විහාරය,දේවාලයක් බිඳ දමා එතැන ගෝකර්ණ විහාරය හා එකලපිල්ල යන විහාර,දාසෙන්ගල විහාරය,රූපාරාම විහාරය,සුළුපිටි විහාරය,උත්තර හා අභය යන මෙහෙණවර දෙක,කලන්දක විහාරය,මුවගම විහාරය,ගඟසෙන්වැලි විහාරය මහසෙන් රජතුමා ඉදි කරවන ලදී එතුමාගේ රාජෘ පාලන සමයෙහි ශාසනික අර්බුද පැන නැගුණද ආර්ථික අතින් එතරම් පරිහානියක් නොතිබිණ එතුමා රට සශ්‍රීක කිරීම සඳහා විශාල වැව් දහසයක් කරවීය මින්නේරි වැව,ජල්ලූර වැව,ඛානුනම් වැව,මාමිණියා වැව,කෝකවාත වැව,පරක වැව,කුම්බාලක වැව,වාහත වැව,රත්මල් කඩ වැව,තිහව නම් වැව,වෙලංවිටි වැව,මාගල් වැව,සීරු වැව,මහාදාරු ගල්ලක වැව,කුළුපහන් වැව එතුමා විසින් කරවන ලදී මහවැලි ග‍ගෙන් පර්වත නම් වූ මහා මොවු ඇළක්ද කැප්පවීය රට සමෘද්ධිමත් කිරීම සඳහා මේසා විශාල වාරිකර්මාන්ත කරවූ වැවින් රටවැසියන් එතුමාට හත්රජුජුරුවෝ හෙවත් මින්නේරි දෙවියෝ නමින් දේවත්වයෙන් ආරෝපණය කළහ