බු.ව.780 දී විජයාදුගෙන් පසු රජකමට පත් වූයේ සංඝතිස්ස නම් කුමාරයෙකි මේ කුමාරයා හා මහියංගණයෙන් පැමිණි තවත් ලම්බකර්ණ වංශික කුමාරවරු දෙදෙනෙකු පිළිබඳ සිත් ගන්නා කථාවක් මහා වංශයේ එයි මේ මිතුරු කුමාරවරු තිදෙනා අනුරාධපුරයට පැමිණෙන අතර තිසා වැවේ ඇල මත ඒදණ්ඩ මතින් ගියහ මේ අසල තිබූ පැලක සිටි අන්ධ බමුණෙක් ඔවුන්ගේ පා හඬ අසා තිදෙනා මතු රජ වන බව ප්‍රකාශ කළේය මෙයින් පසුපස ගිය ගෝඨභයට මේ කථාව ඇසී වැඩි කලක් රජකම් කරන්නේ කවුදැයි විමසා තමා බව දැන ගත්තේය ඒ අනුව තිදෙනාම අනුරාධපුරයට ගොස් විජයිදු රජුට පක්ෂපාතිව සේවය කළහ
පැරණි මිණිපේ ජනපදයෙහි සිට පැමිණි සංඝ තිස්ස සංඝබෝධි හා ගෝඨාභය නම් වූ ලම්භකර්ණ වංශික කුමාරවරු තිදෙනා අනුරාධපුර රාජධානියෙහි වගකිව යුතු රාජ්‍ය තනතුරු ලබා ගත්තේ කෙසේද යන්නය මෙයින් පැහැදිලි වේ මොවුන් අනුරාධපුර රජ පවුල සමග සැළකිය යුතු ඥාති සම්බන්ධතාවක් තිබූ බැව් විශ්වාස කළ හැකිය එහෙත් මහා වංශගත මේ පුවත හැර ඔවුනට රජු සමඟ ඥාතිත්වයක් හෝ රාජ්‍ය උරුමයක් තිබූ බවට කිසිදු ග්‍රන්ථාරූඪ සාක්ෂි නොමැත
කෙසේ වුවත් මේ පිරිස අනුරාධපුර රාජධානිය පැහැරගෙන ඇත්තේ ක්‍රි.ව.242-243 දක්වා රටේ රජකම් කළ විජයයිදු රජුගෙන් වන අතර විජයයිදු ක්‍රි.ව.240-242 රජ කළ දෙවැනි සිරිනාග රජුගේ පුතා බැව් ඉතිහාසඥයෝ දක්වති එසේම තිඹිරි වැව සෙල්ලිපියෙන් ප්‍රකාශ වන පරිදි ගෝඨාභය සොහොයුරෙකු බවටද කරුණු දක්වති තවද සිරිනාග රජුගේ වැඩිමහල් පුත්‍රයා සංඝතිස්ස කුමරු විය හැකි බවත් ඔහු රජ පවුලේ කිසියම් අර්බුදයක් නිසා අනුරාධපුරයෙන් පලා ගොස් මහියංගණ ප්‍රාද්ශයෙහි පාලනයට සම්බන්ධව සිටියා විය හැකි බවත් සමහරු අනුමාන කරති
මේ අනුව මහියංගණයෙන් පැමිණි සංඝතිස්ස කුමරුට නීත්‍යානුකූල රාජ්‍ය උරුමයක් තිබූ බවද විශ්වාස කෙරේ
මේ යුගයේ සිහසුන හිමි කර ගත් සෑම රජකෙනෙකුම පාහේ මහා ථූපයේ ප්‍රතිසංස්කරණ කරවීම සිරිතක් කරගෙන තිබුණි ඒ අනුව සංඝතිස්ස රජුද මහා සෑයේ ඡත්‍රයේ රන් ආලේප කරන ලද අතර අකුණු සැර වලින් දාගැබ රැක ගැනීම පිණිස චජ්‍රචුම්බථක සවි කරවූ බවද ප්‍රකාශිතය
එසේම මේ සමයේ භික්ෂූන් වහන්සේලා හතළිස් දහසක් පමණ වැඩ සිටි බවත් උන් වහන්සේලා අවවාද අනුශාසනා පරිදි සංඝතිස්ස රජ දානමය පිංකම් හා පුද පූජා කළ බැව් සදහන්ය
සංඝතිස්ස රජු සිය තත්වයට නොගැලපෙන පරිදි දඹ කෑම සදහා ගිජුවූ අතර ඒ සදහා අන්තප්පුරයද සමග මහා තිත්ථයට එහායින් පිහිටි පෙදෙසට නිතර පැමිණෙන්නට විය මෙය ගම්වාසීන්ට මහත් ගැහැටක් වූ බවත් ඒ නිසා ඔව්හු දඹ ඵලවලට විෂ යෙදූ බවත් එම දඹ පල කෑම නිසා රජු මිය ගිය බව කියවේ
කෙසේ හෝ රාජ්‍යත්වයට පත් වී සිව් වසක් තුළ සංඝතිස්ස රජු මිය යාම විශේෂ සිද්ධියක් විය
No comments:
Post a Comment