ඇමතියෙකු රජුගේ නමින් රට පාලනය කිරීම පාලනය දුර්වල වීමට හේතුවක් බැව් මම කලින් ලිපියේ සදහන් කළෙමි ඒ අනුව මිත්‍රසේන රජු වර්ෂයක් රට පාලනය කළ පසු ඔහු මරා ඉන්දියාවෙන් පැමිණි ද්‍රවිඩ සේනාවේ නායකයෙකු වූ පණ්ඩු රජකමට පත් වූයේය පණ්ඩු රජකමට පත් වූයේ ක්‍රි.ව.431 දී යයි බු.ව.974 දී යයි ප්‍රකාශිතය
පණ්ඩු සමග නායකයන් හය දෙනෙක් පැමිණි බව ඓතිහාසික පුවත් වලින් වාර්තා වේ සමහරු මොවුන් පාණ්ඩ්‍යය බැව් කියන අතර තවත් සමහරු ඔව්හු සොළීන් හැටියටද සලකති සිව්වන සියවස සිට සයවන මැද දක්වා අවිනිශ්චිත නායකයන් චෝල,චේර පාණ්ඩ්‍යය ප්‍රදේශවල බලය පතුරුවා ගෙන සිටයදී පාණ්ඩ්‍යයන් මෙරටට කඩා වදින්නට ඇති බැව් මහාචාර්ය සෙනරත් පරණවිතාන ශූරීහු අදහස් දක්වා ඇත
මොවුන්ගේ බලය වැඩිවන විට රජරට සිටි බලවත්තු රැකවරණය පතා රුහුණට පලා ගොස් ඇත පණ්ඩුගෙන් පසු ඔහු පුත් පාරින්ද හා කුඩ්ඩ පාරින්ද රාජ්‍ය අත්පත් කර ගත් අතර ඔව්හු වසර විසි හතරක් අනුරාධපුරයේ පාලනය ගෙන ගියහ පණ්ඩු වර්ෂ හයක්ද පාරින්ද වර්ෂ තුනක්ද කුඩ්ඩ පාරින්ද වසර දහසයක්ද ඒ කාල සීමාවට අයත්ය එයින් පසු තිරීතර දෙමසක්ද දාඨිය තුන් වසක්ද පිඨීය සත් මසක්ද වශයෙන් මේ ආක්‍රමණික ද්‍රවිඩ නායකයන් හයදෙනා වසර 25 වැඩි කාලයක් පාලනය ගෙන ගියහ එහෙත් කුඩ්ඩ පාරින්දගේ සමසේ සිට ද්‍රවිඩ බලයට එරෙහිව තැනින් තැන දිවයිනේ කැරළි ඇති විය
පාරින්ද හා කුඩ්ඩ පාරින්ද යන මේ දෙදෙනා ම බෞද්ධයන් හැටියට පෙනී සිටිමින් විහාරස්ථානවලට ගම්බිම් පූජා කළ බැව්ද අසන්නට ලැබී ඇත සිව්වැන්නා වූ තිරීතරගේ පුත්‍රයා වූ දාඨිය කතරගම කිරි වෙහෙරට කරන ලද පූජාවන් දැක්වෙන සෙල්ලිපියක් ගැන සදහනක් ඇත කුඩ්ඩ පාරින්දගේ කාලය වසර 16 ක් නිසා ඔහුගේ බලය රෝහණයේද ව්‍යාප්ත වූ බවත් තිරීතර ඔහුගේ උප රජු වශයෙන් සිටි අතර ඔහුගේ පුත් දාඨිය රෝහණයේ කොටසක පාලනය හිමි කර ගෙන සිටි බැව් නිගමනය කරන අතර පසුව ද්‍රවිඩ බලයට විරුද්ධව රෝහණයෙන් අරගල ඇති වූ බව පැහැදිලිය
No comments:
Post a Comment