Thursday, January 9, 2014

පස්වෙනි අග්බෝ හා තුන්වෙනි කාශ්‍යප රජවරු

මානවම්ම රජු පල්ලව දේශයේ සිටියදී උපත ලැබූ කුමාරවරු තිදෙනෙකි වැඩිමහල් කුමරා පස්වෙනි අග්බෝ නමින් මානවම්ම රජුගෙන් පසුව කිරුළ හිමි කර ගත්තේය ඒ ක්‍රි.ව.718 දීය
පස්වෙනි අග්බෝගෙන් පසු සිහසුනට පත් වූයේ තුන්වෙනි කාශ්‍යපය ඒ මානවම්ම රජුගේ දෙවැනි පුත්‍රයාය මහා අවිහිංසාවාදියෙකු වශයෙන් ඉතිහාසගත හෙතෙම සතුන් මැරීම තහනම් කර නීති පැනවීය එයින් පසුව කාශ්‍යප රජුගෙන් අනතුරුව රාජ්‍ය බලය හිමි වූයේ මානවම්මගේ තෙවැනි පුත්‍රයා වූ පළමු වැනි මිහිදු කුමරාටය මේ රජු රාජාභිෂේකය නොලබා මහාදිපාද නමින් රාජ්‍ය අනුශාසනා කළ බැව් කියනු ලැබේ ලංකාවේ සිහසුන තමා අතට පත්ව තිබියදීත් මේ රජු නියම රජෙකු මෙන් කටයුතු නොකිරීම විශේෂ ලක්ෂණයක් විය ඒ අනුව රාජ්‍ය බලය හිමි වී තිබියදීත් රජෙකු මෙන් රට පාලනය කිරීමට අකමැති වූ එකම සිංහල රාජවංශිකයා මිහිදු කුමාරයා වශයෙන් හැදින්විය

No comments:

Post a Comment