Thursday, January 9, 2014

දෙවැනි මිහිදු රජතුමා

සත්වෙනි අග්බෝ රජුගේ සොහොයුරාගේ පුත්‍රයා වූ මිහිදු කුමරු එඩිතර කුමාරයෙක් විය මේ වන විට දක්ණු ඉන්දියාවෙන් වරින් වර සතුරු ආක්‍රමණ මෙන්ම විවිධ පිරිස්ද මෙරටට කඩා වැදීම පාලකයන්ට හිසරදයක් වී තිබුණි එම නිසා මිහිදු කුමරු දක්ෂ සෙන්පතියෙක් වූයේ සත්වෙනි අග්බෝ රජ සමයේ මාන්තොට රැදී සිටිමින් මුහුදු වෙරළ රැකවල් කළේය ඉන්දියාව දෙසින් සිදු විය හැකි සතුරු ආක්‍රමණ මැඩ පැවැත්වීම මෙහි මූලික අරමුණ බැව් හෙළිවේ
සත්වෙනි අග්බෝ රජුගේ මරණයෙන් අනතුරුව මාන්තොට රැසී සිටි මිහිදු කුමරා පොළොන්නරුවට පැමිණියේය මේ වන විට පොළොන්නරුව තාවකාලික රාජධානියක් බවට තිබුණි එසේම මේ වන විට උතුරු ප්‍රදේශයේ තැනින් තැන පදිංචි වී සිටි ද්‍රවිඩ පිරිස් කැරළි ගැසීමට පෙළඹීම නිසා ඔවුන් මර්දනය කිරීම අත්‍යවශ්‍ය විය
මේ යටතේ මිය ගිය අග්බෝ රජුගේ මෙහෙසියට රාජ්‍ය පාලනය පවරා මිහිදු කුමරු උතුරේ කැරළි මැඩ පවත්වමින් රටේ පාලනය ගෙන යාමේ වැඩ පිළිවෙළක් ගෙන ගියේය මේ අතරේ බලයට කෑදරකමින් සිටි මිය ගිය රජුගේ මෙහෙසිය මිහිදු කුමරා රහසින් මරා දැමීමට කුමන්ත්‍රණය කරන බැව් දැන ගන්ට ලැබුණි මේ නිසා රජ මෙහෙසිය සිය අත්අඩංගුවට ගත් මිහිදු කුමරු දෙවන මිහිදු නමින් අභිෂේක වී අනුරාධපුර රාජධානියේ පාලනය සියතට ගත්තේය
මිය ගිය සවැනි අග්බෝ රජුට දියණියක් වූවාය ඇගේ පුත්‍ර දප්පුල ආදිපාද සිහසුන අයිතිකර ගැනීමේ අපේක්ෂාවෙන් කැරළි ගැසීය මොහු මිහිදු රජුගේ බෑණා කෙනෙක් වූ නිසා රජ පවුලට වූ හිමිකම තම වාසියට හරවා ගැනීමට වෙහෙසුණි එහෙත් එඩිතර පාලකයෙක් වූ මිහිදු රජු , දප්පුල පරාජය කර පලවා හැරියේය

No comments:

Post a Comment