Thursday, January 9, 2014

අභය නාග මහ රජතුමා

නීති විශාරද වෝහාරික තිස්ස රජුගේ රාජ්‍ය කාලය වසර විසි දෙකක් වූ අතර අභය නාග ඔහු මරා දමා බු.ව.725 දී ලක්දිව සිහසුන හිමි කර ගත්තේය
ඉහත දැක්වූ පරිදි කූට ප්‍රයෝගයක් කරමින් නරක ආදර්ශයක් අනාගතයට ඉතිරි කරමින් දකුණු ඉන්දියාවෙන් ඔහු විසින් ‍ගෙනෙන ලද සේනාව ලංකාවේ පාලනය කෙරෙහි කුමන ආකාරයක ක්‍රියා කළේ දැයි පැහැදිලි නැති වුවද එයින් මෙරටට අනර්ථයක් සිදු වූ බැව් පිළිගත යුත්තකි
පූජාවලියේ අමාසෙන් වශයෙන්ද රාජ රත්නාකාරය අබාතිස් යනුවෙන්ද දීප වංශය අභය යනුවෙන් ද හදුන්වා ඇත්තේ මේ අභය නාග රජතුමා බැව් අමුතුවෙන් කිව යුතු නොවේ මොහුගේ ක්‍රියා කලාපය පිළිබඳව වංශ කථාවල එතරම් විස්තර නොමැත දෙලක්ෂයක් වටිනා නොයෙක් වස්තු ගෙන්වා ඒවා මහා සංඝයාට පිරිනමන ලද බැව් සටහන් කර ඇත එසේම ඔහුගේ ක්‍රියා පිළිවෙළ සෙල්ලිපි හා අනිත් ඓතිහාසික මූලාශ්‍ර විරලය ලෝවා මහාපාය අංගනයේ මණ්ඩපයක් කරවීම හා මහා බෝධිය වටා ගල් පිල්කඩක් කිරීම රජුගේ විශේෂ කාර්යයන් අතර වේ මේ රජුගේ රාජ්‍ය කාලය අට වසරකි

No comments:

Post a Comment