කුටිකණ්ණ තිස්ස රජුගේ දෙටු පුත් භාතිකාභය බු.ව.522 රජ පැමිණියේය සිය සොයුරු මහානාම කුමරු සමග ලෙන්ගතුකමකින් ද ක්‍රියාකළ බව මේ රජුගේ අසදෘස පූජාවන් නිසා ම ලංකා ඉතිහාසයේ විශේෂ ස්ථානයක් ගනී
ලෝවා මහා පායේ ප්‍රතිසංස්කරණ කටයුතු කරවීම මහා ථූපයට මල් හා ජල පූජාවන් පැවැත්වීය ඒ අනුව අභය වැවේ ජලය රුවැන් වැලි සෑයට ඉසීම තාක්ෂණ ක්‍රමවේද අනුව කළ බැව් පෙනේ රෝම රටට දූතයන් යවා පබළු ගෙන්වා ඒවායින් දැල් කරවා රුවඅන්වැලිසෑය සුණු පිළියම් කළ පබළු දැළක් සරසවා මහා සෑයේ පූජා කටයුතු කළ බව ඉතිහාස ගතවේ
රෝමයේ ක්ලෝඩියස් රජුගේ කාලයේ එරටට දූතයන් යවා ඒ රට සමග ගිවිසුමක් ඇති කර ගත් බැව් ප්ලිනිගේ ඓතිහාසික විස්තර අනුවද තහවුරු වී ඇත මේ රජුගේ පාලන කාලය තුළ සිය ආඥා චක්‍රය දිවයින තුළ ක්‍රියාත්මක වූ අතර නොයෙක් පළාත්වල සෙල්ලිපි පිහිටුවා ඇති අතර ඒවායින් ලිපි 15 ක් පමණ හදුනා ගෙන ඇත දක්ෂිණ දේශය සිය සොයුරාට ද රෝහණ දේශය සිය පුත්‍රයාටද පවරා තැබූ බැව් හැගී යයි
එසේම මේ රජුගේ කාලයේ ලංකාවේ බටහිර වෙරළ ආශ්‍රිතව නාවික සේවාවක් පවත්වා ගෙන ගොස් ඇති බැව් පෙනේ කලා වැව නිම්නයේ ඇති අනුල පවත නම් විහාරයට කරන ලද පුද පූජා පිළිබඳව ප්‍රධානියා මේ අහල ඇමතිවරයා බැව් පැහැදිළිය රෝම රටින් පබළු ඇතුළු පූජා භාණ්ඩ ගෙන ඒමත් පසුව සේරි රටට හෙවත් චීනයට වෙළද කටයුතු පිණිස ගිය ගමන් බිමන් ආදියත් මේ කරුණු හා සැසදේ
එසේම භාතිකාභය රජු ධර්මාධිකරණ ක්‍රමයක් ක්‍රියාත්මක කළ බවත්,අධිකරණ කටයුතුවලදී ගෝදත්ත නම් තෙරුන් වහන්සේගෙන් උපදෙස් ලබාගෙන ඇත එසේම ගවයන් මැරීම හා ගවමස් කෑමද මේ රජු විසින් තහනම් කර තිබූ බැව් පෙනේ
භාතිකාභය රජුගේ රාජ්‍ය කාලය පිළිබඳව රාජ රත්නාකාරය හා රාජාවලිය යන ග්‍රන්ථවල එකිනෙකට වෙනස් තොරතුරු දැක්වේ මහා වංශයේ දැක්වෙන්නේ විසි අට වසක් රජකම් කළ බවයි ඒ අනුව බුද්ධ වර්ෂ 522-550 අතර කාලය තුළ භාතිකාභය රජු රජකම් කළ අතර එයින් පසු බු.ව.550 දී ඔහුගේ කනිටු සොහොයුරු මහාදාඨික මහා නාග රජ පදවියට පත් විය ජේසුස් ක්‍රිස්තූන් වහන්සේ ජනිත වූයේ ලක්දිව භාතිකාභය රජු සමයේය
No comments:
Post a Comment