Thursday, July 4, 2013

දෙවන විමලධර්මසූරිය රජතුමා

ක්‍රි.ව.1687 දී දෙවන රාජසිංහ රජුගේ ඇවෑමෙන් රාජ්‍යත්වයට පත්වූයේ ඔහුගේ පුත් විමලධර්මසූරිය කුමරුය.ක්‍රි.ව.1664 දී අඹන්වෙල රාළගේ නිල්ලඹේ කැරැල්ලෙන් පසු රාජ අණින් රජුට සිටි එකම පුත් කුමරුවා මරා දමන ලදැයි ප්‍රචලිත වියතක්‍රි.ව.1667 දී එම පුවත ලන්දේසීන් වෙතද නිල වශයෙන් වාර්තා කරන ලදි.එසේ වුව සිදුවී තිබුණේ වෙනත් දෙයකි.තමාගේ විරුද්ධකාරයින්ගේ අතකොළුවක් බවට පත්වෙනු වැළැක්වීම සඳහා දෙවන රාජසිංහ රජු තම පුත් කුමරා ඉතා රහසිගතව බෞර්ධ විහාරයකට යවා එහි ආරක්ෂිතව හැදී වැඩීමට සැලැස්වූයේය.ක්‍රි.ව.1687 දෙසැම්බර් මාසයේ දෙවන රාජසිංහ රජුගේ මරණය තෙක් මේ පිළිබඳව දැන සිටියේ ඉතා ටික දෙනෙකු පමණි.
ඒ අනුව 1687 දෙසැම්බර් මාසයේදී දෙවන විමලධර්මසූරිය නමින් අභිෂේක කරනු ලැබුයේ එම පුත් කුමරාය.ඒ වන විට තලතුනා පුද්ගලයෙකු වශයෙන් වැඩී සිටි හෙතෙම දිර්ඝ කාලයක් තිස්සේ භික්ෂූන් ඇසුරේ හැදී වැඩීම හේතුවෙන් ස්වභාවයෙන්ම සාමකාමී අයෙකු විය.ඔහු ලන්දේසීන් සමග වුව සටන් කිරීමෙහි ඒ තරම් රුචි බවක් දැක්වූ අයෙක් නොවේ.ඔහුගේ නිවුණු සාමකාමී ගතිගුණවලින් ප්‍රෙයා්ජනගත් උඩරට ප්‍රධානීහු ඔහුගේ පාලනයේ අවසාන කාලයේදී තමන්ගේ බලතල පුළුල් කරගත්හ.
බුදුදහම සඳහා ඇල්මෙන් කටයුතු කළ හෙතෙම සංඝයා වහන්සේලාට අවශ්‍ය දේ නොපිරිහෙලා සපයා දුන් අතර දළදාව වඩා හිදුවීම සඳහා තෙමහල් දළදා මැදුරක් ද කරවූයේය.ක්‍රි.ව.1697 දී උපසම්පදාව නැවත පිහිටුවීමට කටයුතු කළ හෙතෙම වෙහෙර විහාර අලුත්වැඩියා කොට ගම්බිම් ආදියද පිදීය.උපසම්පදාව පිහිටුවීම සඳහා පේගු දේශය හෙවත් පහළ බුරුමයෙන් භික්ෂූන් වහන්සේලා වැඩම වූ අතර උන්වහන්සේලා ආරක්ෂා සහිතව උඩරටට ගෙන ඒමේ කාර්යය ලන්දේසීන් වෙත පැවරුණු අතර ඔවුන් එය සතුටින් ඉටු කිරීමද විශේෂයෙන් සැලකිය යුක්තකි.
රජු තමාගේ පාලනය ආරම්භයේදීම ලන්දේසීන් හා සාක්ච්ඡජ කොට ගැටුම් ඇති නොවීමේ තත්ත්වයක් උදාකර ගත්තද දෙවන විමලධර්මසූරිය රජු මෙන් රණශූරයෙකු හෝ කාර්යශූර අයෙකු නොවීය.තම පිය රජු අනුගමනය කළ මොහුද මදුරාපුරයෙන් කුමරියක ගෙන්වා අගමෙහෙසිය කර ගත්තේය.
මොහුගේ සමයේදී සිදුවූ තවත් විශේෂිත සිදුවීමක් මෙසේය.ලන්දේසීන්ගේ සේවයේ නියුතුව සිටි ජා නායකයෙක් පිරිවර ගෙන මහවැලි ගඟේ මෝය දෙසින් ගමන් අරඹා ගග දෙපස පෙදෙස්වල තිබූ පුරාණ දාගැබ් බිඳ නිධන් වස්තු සොරා ගනිමින් ඉහළට ගමන් ගත්තේය.ඔහු සහ පිරිස මහියංගණය තෙක් ආ බව දැනගත් දෙවන විමලධර්මසූරිය රජු සෙනෙවිවරුන් සය දෙනෙකු යටතේ සේනා යවා ඔවුන් සියලු දෙනාම අල්ලා සිරභාරයට ගැනීමට කටයුතු කළේය.ක්‍රි.ව.1707 ජුනි 04 දා දෙවන විමලධර්මසූරිය රජු මරණයට පත්විය

No comments:

Post a Comment