Thursday, July 4, 2013
හෙළයේ ගජබාහු රජතුමා
පළමුවන ගජබාහු හෙවත් ගජබාහුක ගාමිණී රජතුමා වංකානාසික තිස්ස රජතුමාගේ ප්‍රත්‍රයාය ඔහු ගැන මහාවංසය,පුජාවලිය හා රාජාවලිය යන ඓතිහාසික මූලාශ්‍රයවල සඳහන්ව ඇත ඔහු වසර 22ක් ලක්දිව පාලනය ගෙන ගියේය ගජබාහු රජතුමා අභයගිරි විහාරයට අනුග්‍රහය දැක්වූ නිසා මහාවිහාරය වංසික මහානාම හිමි ඔහු පළිබඳව සඳහන් කර ඇත්තේ මද වශයෙනි පූජාවලිය,රාජාවලිය යන ග්‍රන්ථවල දක්වා ඇත්තේ මේ රජුගේ පියා වන වංසනාසික තිස්ස රජුගේ පාලන සමයෙහි සොළී රජෙක් ලක්දිව ආක්‍රමණය කොට සිරිකරුවන් වශයෙන් සිංහලයන් දොළොස් දහසක් දකුණු ඉන්දියාවට ගෙන ගියේය මොවුන් කාවීර පටුනෙහි කුලීකරුවන් ලෙස වැඩෙහි යොදවා සිටි බව පූජාවලිය සඳහන්ව ඇත රජාවලියෙහි දක්වා ඇති පරිදි ගජබාහු රජුට නීල නැමති මහායෝධයෙක් සිටියේය ඔහු අවියක් ලෙස භාවිතා කළේ යගදාවකි පියරජුගේ පාලන සමයෙහි සොළී රජු නීල මහායෝධයාගේ ප්‍රධානත්වයෙන් සේනාවක් රැගෙන දකුණු ඉන්දියාවට ගොස් සොළී රජු බිය ගන්වා සිංහලයන් දොළොස් දහසද සොළීන් දොළොස් දහසක්ද රැගෙන ආවේය මේ සිද්ධිය දෙමළ වීර කාව්‍ය වන සීලප්පදිකාරම් නමැති ග්‍රන්තයද සනාථ කරයි ගජබාහ් රජතුමා ලක්දිවට පැමිණෙන අවස්ථාවේ පත්තිනි දේවියගේ සලබද ගෙන ආවේය එබැවින් ඔහුගේ පාලන අවධියේ සිට පත්තිනි ඇදහීම මෙරට ප්‍රචලිත වූ බව විද්වත්හු පෙන්වා දෙති එපමණක් නොව විෂ්ණු,නාථ,හා කාර්තිකේත ආදි දෙවිවරුන් ඇදහීමද මේ අවධියේ ප්‍රජලිත විය මහාවංසයෙහි දක්වා ඇති පරිදි මෙතුමා බුදු සසුනේ චිරස්තිය සඳහාද ගටයුතු කළේය ඔහු තම මව් බිසවගේ බස් අසා හිඟිරුවල් ලැහැබ යන ස්ථානයන්හි රාජමුතු නමින් විහාරයක්ද කරවීය එසේම ගැමුණු තිස් නමැති වැව කරවා බත් වැටුප් පිණිස අභයගිරි විහාරයට පූජා කළේය මෙතුමා මිරිසවැටැය චෛත්‍යයට සැට්ටයක්ද කරවූ බව මහාවංසයේ දැක්වේ
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment