Thursday, July 4, 2013

පළමුවන උදය රජතුමා

දෙවන මිහිදු රජුගෙන් පසු උදය කුමාරයා රජු බවට පත්විය ඒ ක්‍රී.ව.797 දීය ඔහු රජ පදවිය භාර ගැනීමට පෙර සිටම පිය රජුගේ සටන්කාමී ක්‍රියා මාර්ගවලට සහය දෙමින් හැඩි දැඩි දිවියක් ගත කළේය ළමා වියේදීම යුද්ධයෙහි දක්ෂයෙක් වූ බැව් කියනු ලැබේ එහෙත් රජ පවුලේ වූ අවාසනාවන්ත ගැටුම් නිසා ඉතා ඛේදජනක සිදුවීම්වලට මුහුණ දීමට ඔහුට සිදු විය
එයට හේතුව උදය රජුගේ කාලයේ අභ්‍යන්තර කැරළි ඇති වීමය රජ පැමිණ ටික දිනකින් රුහුණේ කැරැල්ලක් පැන නැගී අතර එය මැඩ පැවැත්වීමට යුව රජ තනතුරේ සිටි තම පුතා හා ප්‍රධාන සෙන්පති පිටත් කළේය එහෙත් මේ දෙදෙනා රුහුණට නොගියහ ඔව්හු මලය රට කදුකරයට ගොස් රාජ්‍ය අත්පත් කර ගැනීම සදහා කුමන්ත්‍රණයක නිරත විය මේ ද්‍රෝහි ක්‍රියාව උදය රජුට දැනගන්නට ලැබුණි ඔහු සේනා පිරිවරා ගොස් තම පුත්‍රයා හා සේනාපතියා යන දෙදෙනාම මරා දමන ලදී
දාඨශිව නැමැති ආදිපාදවරයා මේ වන විට රුහුණේ පාලනය ගෙන යමින් සිටියේය ඔහුගේ පුත් මහින්ද නම් කුමරු පියා සමඟ අමනාප වී උදය රජු හා පැමිණි ඔහුගේ පිහිට ආරක්ෂාව පැතීය සිය දියණිය මහින්ද කුමරුට ආවාහ කර දුන් උදය රජු රුහුණ ජය ගැනීම සදහා අනුග්‍රහ සලසමින් රජුගේ සේනාවක්ද ලබා දෙන ලදී ඒ සමග පියා හා සටනට ගිය මහින්ද පියාගේ යුද සේනාව පරාජය කර රුහුණු ප්‍රදේශය අත්පත් කර ගත්තේය සිය පුත්‍රයා අතින් පරාජයට පත් වූ දාඨශිව පලා ගියේද ඉන්දියාවටය
උදය රජුගේ කාලය තුළ ද වෙහෙර විහාර කරවීම ඇතුළු ආගමික වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සිදු විය එසේම වෙනත් රජවරු නොකළ වැඩ පිළිවෙළක් ඔහු අනුගමනය කර තිබේ ඒ පසු කාලීන පර්ම්පරාවල ප්‍රයෝජනය පිණිස නඩු තීන්දු සටහන් කර තැබීමය කෙසේ වුවත් උදය රජුට වර්ෂ පහකට වඩා රජකම් කිරීමට නොලැබුණි ක්‍රි.ව.802 දී ඔහු පරලෝ සැපත් විය ඉක්බිති ඔහුගේ පුතුන් තිදෙනෙක් පිළිවෙළින් තිස් වසක් රජකම් කළ බව ඉතිහාසය කියයි මේ අය අතරින් වැඩිමහල් කුමර තෙමේ මහින්ද නම් විය දෙවැනි කුමරු අටවෙනි අග්බෝ නම් විය තුන්වෙනියා දෙවැනි දප්පුල කුමාරයාය
රුහුණේ මේ වන විට රජකම් කළ මිහිදු ඈපාණන්ය ඔහුගේ පුතුන් දෙදෙනා පියා සමග භේද ඇති කරගෙන අනුරාධපුරයට පලා ගොස් ඇත අනතුරුව සිය අභිමතාර්ථය මුදුන් පත් කර ගැනීම පිණිස ඔහු දප්පුල රජුගේ ආධාර පැතීය මෙයින් වැඩිමහළු කුමාරයා කිස් අග්බෝට දප්පුල රජුගේ දියණිය ආවාහ කර දෙන ලදී එහි අවසාන ප්‍රතිඵලය වූයේ ඔහු රජ කුමරිය පාවා ගත් පසු පියාගේ අකල් මරණයෙන් පසුව රුහුණේ රාජ්‍යය භාර ගැනීමය

No comments:

Post a Comment