Thursday, July 4, 2013

පස්වෙනි කාශ්‍යප රජතුමා

තෙද බල පැතිර වූ පාලකයෙකු වූ දෙවන සේන රජුට කාශ්‍යප නමින් පුතෙක් විය ක්‍රි.ව.914 දී පස්වෙනි කාශ්‍යප යනුවෙන් සිහසුන හිමි කර ගත්තේ මේ කුමාරවරයාය ශ්‍රේෂඨ පඬිවරයෙකු වූ පස්වෙනි කාශ්‍යප ධාර්මික පාලකයෙකු වශයෙන්ද ලංකා ඉතිහාසයේ විශේෂ ස්ථානයක් හිමි කරගෙන තිබේ දැනට විද්‍යාමාන ඉපැරණි කෘතියක් වන ධම්පියා අටුවා ගැටපදය ද මේ රජු විසින් ලියන ලද සිංහල ග්‍රන්ථයකි
දෙයිසො ජා අබිහයි සලමෙවන් යනුවෙන් සිංහල සෙල්ලිපිවල සදහන් වන්නේ පස්වන කාශ්‍යප රජ තුමාය බේද්ධ ශාසනයේ උන්නතියට විශාල කැපවීමක් කළ මේ රජතුමා ආදර්ශමත් නරපතියෙකු ලෙස චූල වංශයේ සටහන් තබා තිබේ මේ කාලයේදී අසල්වැසි ඉන්දියාවේ පාලනයේ වෙනස්කම් යළිත් ලංකාවට බලපෑම් කරන්නට විය දකුණු ඉන්දියාවේ සොළී බලය මේ වන විට උත්සන්න විය තදාසන්න රාජ්‍යයන් ඔවුන් විසින් අල්ලා ගත්හ සොළීහු පඬි රටද ආක්‍රමණය කළහ මේ නිසා මානවර්මන් පඬි රජ සිය රජය බේරා ගැනීමට කාශ්‍යප රජුගෙන් ආධාර ඉල්ලා සිටියේය සොළීන්ගෙන්ද ලංකාවට විපත් සිදුවිය හැකි බව තේරුම් ගත් රජ තෙමේ පඬි රජුට උදව් පිණිස හමුදාවක් යැවීය ඒ අනුව සිංහල පාණ්ඩ්‍ය සේනාවන් එක්ව සොළී හමුදාවට විරුද්ධව වෙල්ලූර් නම් ස්ථානයේ බිහිසුණු සටනක් කළ බැව් ඉතිහාසගතය මේ සටන ස්ථීර ජය පරාජයක් සිදු නොවී අවසන් වූ බැව් කියති මේ තත්ත්වයට හේතු වූයේ වසංගත රෝගකයක් පැතිර යාම නිසා හමුදා ශක්තිය පිරිහී යාමය

No comments:

Post a Comment