Thursday, January 9, 2014

පළමුවන සිරිනාග මහ රජතුමා1

සිරිනාග රජු පිළිබඳව ඔහු කාගේ කවුද යන්න විමසීමේදී මහා වංශයේ හා පූජාවලියේ සදහන් තොරතුරු තරමක් වෙනස් වේ
බු.ව.734 සිහසුන හිමි කර ගත් සිරිනාග කුඩ්ඩනාග රජුගේ බිසොවගේ සොහොයුරා ලෙද හැදින්වේ මහා වංශයේ එසේ හැදින්වූවත් පූජාවලියේ සදහන් වන්නේ ඔහු කුඩ්ඩනාගගේ බෑනා යනුවෙනි ඉසුරුමුණි විහාරයේ තිබී හමු වූ සෙල්ලිපි අනුව අර්ථ දක්වා ඇති ඇතැම් විචාරකයින්ගේ මතය පරිදි චූලාභය රජු හා සිරිනාග රජු සොහොයුරෝය
මේ දෙදෙනාගේ පියා දෙවන භාතිය තිස්ස රජු වශයෙන්ද දක්වති වැඩිමහල් සහෝදරයාගේ පුත් වූ චූලාභයට රජකම හිමි වූ අතර එයට විරුද්ධ වූ කණිෂ්ඨ තිස්ස රජුගේ පුතා වූ කුඩ්ඩනාග කුමරු ඔහු මරා රජ වූයේය එම අකටයුත්තට එකඟ නොවූ සේනාපති තනතුරේ සිටි චූලාභය රජුගේ සොයුරු සිරිනාග කුමරු පෙරමුණ ගෙන කුඩ්ඩනාග මරා රජකම ගත් බැව් මෙයින් ඒත්තු යයි අයියා සහ මල්ලීගේ දරුවන් තිදෙනා අතර හට ගැණුන මේ ආරාවුලෙන් සොහොයුරන් දෙදෙනෙකුගේ ජීවිත වැනසුණි
පාලි රසවාහිනීයේ සදහන් කථාවක මෙසේ දැක්වේ බ්‍රාහ්මණ වංශිකයෙකු වූ සිරිනාග ධනය ලබා ගැනීම පිණිස අනුරාධපුරයේ දකුණු සෑය බිදීමට සැඩොලුන් යෙදවීය එහෙත් සැඩොලුන් එයට අකමැති වූයේ ඔවුන් දිවැස් හුල හිදුවා මරා දැමූ බවත් පසුව පාවීන පස්සෙහි මධු පිටඨික සෑය බිද ධනය ගෙන සේනාවට සංග්‍රහ කළහ අනතුරුව අනුරාධපුරයට පැමිණි රජු මරා රජ විය මේ නිසා උදරාබාධයක් වැළදී ඔහු මිය ගොස් ඇත
මහා වංශ ගත තොරතුරු පරිදි මහා ථූපයේ ඡත්‍රයෙහි රන්කම් කර වීය ලෝවා මහාපායේ අලුත්වැඩියා මහා බෝ මළුව පිය ගැට පෙළ හතර ඡත්‍ර ප්‍රාසාදය කරවීම මේ රජුගේ පුණ්‍ය ක්‍රියා අතර වේ බෞද්ධ කුඹුරු වලින් ගන්නා බදු බර අඩුකොට වැසියාට සහන සලසා ඇත

No comments:

Post a Comment