Thursday, January 9, 2014

බුජ්ජනාග හෙවත් චූලනාග මහ රජතුමා

කණිට්ඨ තිස්සගේ වැඩිමහළු කුමරු චූලනාග පිය රජගෙන් පසු සිහසුන හිමි කර ගත්තේය එහෙත් ඔවුන්ගේ රාජ්‍ය සමය වැදගත්කම වංශ කථාකරුවන්ට දැනී නොමැති අතර වංශ කථාවල සුළු සදහනක් පමණක් මේ රජු පිළිබඳව දක්වා ඇත රාජාවලිය දක්වන්නේ සුළු නා හෙවත් චූලනාග යනුවෙනි එහෙත් දක්ෂිණ ථූප මළුවේ තිබී හමුවූ සෙල්ලිපියක් ඇතුළු තවත් සෙල්ලිපි දෙකකින් පමණ මේ රජු විසින් කරන ලද පූජා එම සෙල්ලිපිද ඊට පසු රජ පැමිණි සිරිනාග රජු විසින් කරවන ලද බවයි කෙසේ වුවත් දක්ෂිණ ථූපයේ සෙල්ලිපිය පරිදි එම ථූපය වෙනුවෙන් විශාල කුඹුරු වැව් හා කහවණු ආදී පූජාවෙන් ඔහු විසින් කර තිබේ

No comments:

Post a Comment