Thursday, January 9, 2014

පළමුවන අග්බෝ මහ රජතුමා

යළිත් මෞර්යයන් අතට සිහසුනේ බලය හිමි කරගත් රුහුණු දනව්වෙන් පැමිණි මහානාමගෙන් පසුව අනුරාධපුර රාජධානිය හිමි කර ගත්තේ පළමුවන අග්බෝ රජතුමාය ඔහු ක්‍රි.ව.575 දී රජකමට පත් විය මේ රජු මහානාග රජුගේ සොහොයුරියකගේ පුත්‍රයා බැව් චූල වංශ කතුවරයා සදහන් කරයි
කෙසේ වුවත් ලක්දිව සාමයෙන් හා සමගියෙන් යුත් කාල සීමාව වැදගත් වේ එසේම අඛණ්ඩ දීර්ඝ කාල සීමාවක් හෙතෙම රජ පදවිය ඉසිලීය එනම් වසර තිස් හතරක කාලයක් වේ උදාර චරිතයකින් හෙබි ශ්‍රේෂ්ඨ පුද්ගලයෙකු වූ මොහුගේ කාලයේ ආගමික වශයෙන්,ශාස්ත්‍රීය  හා සමාජ සංස්කෘතික අංග අතින්ද දිවයිනේ වැදගත් සිද්ධීන් සිදු විය
මේ රජුගේ සභාවේ දොළොස් මහා කවීන් සිටි බැව් වාර්තා වී ඇත භාෂාව,කාලය හා සාහිත්‍යයේ පෝෂණය සදහා මේ රජු විසින් අවශ්‍ය කටයුතු හා පහසුකම් සලසන ලදී
නව විහාර කර්මාන්ත ඇරඹීම ද පෙර රජ දරුවන් කර ගෙන ආ පරිදි මහා ථූපය හා අනිකුත් පැරණි විහාරාරාමවල ප්‍රතිසංස්කරණ හා නවකම් කිරීමද මේ රජුගේ කාර්යයන් අතර වේ
කෘෂිකර්මය අතින් ජනතාව සුඛිත මුදිත කරවීම සදහා හෙතෙම මහා වැව් කීපයක් නිර්මාණය කළ බැව් ඉතිහාසයේ එයි මහවැලි ගංගාව හරස් කර මිනිපේ වේල්ල කරවා මින්නේරිය හා ගන්තලාව දක්වා ජලය ගෙන ඒමට සැලැස්වීම විශේෂ සිද්ධියෙකි වර්තමානයේ පවා මේ රජුගේ වාරි කර්මාන්ත ව්‍යාපාර පැසසුමට ලක් වන්නේ ඒ නිසාය

No comments:

Post a Comment