Thursday, January 9, 2014

මහානාග රජු

මෞර්ය වංශිකයෙකු වූ මහානාග රුහුණු පුරවරයේ අධිපතියෙකු වූ බැව් සදහන්ය සීලාකාල රජු දවස සිටම ලක් රජය අයත් කර ගැනීමේ උපායන් පිළිබඳව කල්පනා කරමින් සිටි ඔහු එයට අවස්ථාවක් බලමින් කල් යැවීය
සීලාකාල රජ සමයේදී කැරළිකරුවෙකු වශයෙන් පෙරළි කළ මොහු පසුව රාජ්‍ය සේවයට බැදී රුහුණට වී සිටියේය රුහුණු ප්‍රදේශය භාරව සිටියදී රජුට අවනතව කටයුතු කළේය එහෙත් පසුව කීර්ති ශ්‍රී මේඝ රජ වීමෙන් පසු රටේ තත්ත්වය නොසන්සුන් වූයේය එය සිය අභිමතාර්ථ මුදුන් පත් කර ගැනීමට සුදුසු වාතාවරණයක් බැව් ඔහුට තේරුම් ගියේය මේ නිසා රුහුණේ සිට සේනා පිරිවරාගෙන අනුරාධපුරයට පැමිණ අනුරාධපුරය අයත් කර ගත්තේය මෙයින් පැහැදිලි වන්නේ ඒ වන විට කීර්ති ශ්‍රී මේඝ රජු කෙරෙහි වැසියා බෙහෙවින් කලකිරී සිටි බවයි

ඔහු අනුරාධපුර රාජධානිය තතු කර ගන්නා විට වයස්ගතව සිටි බැව් සනාථ වේ ක්‍රි.ව.573 දී ඔහු සිහසුන හිමි කර ගත්තද වැඩි කාලයක් රජ පදවිය දැරීමට අවස්ථාවක් නොලැබුණි හොඳටම මහළු වියේ සිටි මේ රජු තුන් වසරකින් කළුරිය කළේය

No comments:

Post a Comment