සමහර ග්‍රන්ථවල තිස්ස මහ රජු හදුන්වන්නේ කුඩා තිස් නැතිනම් කුඩා තිස්ස වශයෙනි බු.ව.492 දී ක්‍රි.පූ.5 රජු බවට පත් තිස්ස කුමාරයා මහා චූලිත තිස්ස රජුගේ පුත්‍රයාය
රිදී විහාරයෙහි ඇති ලිපියක සදහන් තිස මහරජ කුඩා තිස්ස බැව් සෙනරත් පරණවිතාන ශූරීහු කරුණු දක්වා ඇත චෝර නාගගේ බිසව තනතුරේ සිටි අනුලා කුඩා තිස්ස රජුගේද බිසව් වූ බැව් ඉතිහාසයේ සදහන්ය
චෝර නාග කිසියම් කුමන්ත්‍රණයකින් මරා දමා කුඩා තිස්ස පිළිබඳ හැගීමක් ඇති කරගෙන අනුලා බිසව කුඩා තිස්ස රජ කරවීමට ඉටා ගත්තා විය හැකිය කෙසේ හෝ ඓතිහාසික තොරතුරු ඇසුරෙන් කරුණු දක්වන බොහෝ දෙනා සදහන් කරන්නේ චෝර නාගට මෙන්ම කුඩා තිස්සට ද ඇය වස දී මරා දැමූ බවයි
මෙහිදී සිදූ වී තිබෙන්නේ රජ ගෙදර දොරටුපාලයා කෙරෙහි පෙම් බැදගෙන ඇය සිවනාථ බලතා යනුවෙන් සදහන් ඔහුව රජ කරවූ බවයි මේ අනුව සිව නම් දොරටුපාලයා අහම්බෙන් රජකම ලබා වසර තුනකුත් මාස දෙකක් රජකම් කර තිබේ
ඉහත කරුණු අනුව කුඩාතිස්සට රජුය රජකම් කරන්නට ලැබුණේ වසර තුනකි මෙසේ අනුලා තමන්ට වුවමනා අය රජ කරවීම සදහා සිහසුන ඩැහැ ගත්තාය
No comments:
Post a Comment