බු.ව.495 සිට සිහසුන ඩැහැගත් අනුලා බිසව රජ පදවි ලැබුදා සිට එකිනෙකා මරවා ඇගේ සිත්ගත් වටුක නම් දෙමළයෙකු රජකමට පත් කළාය මහා වංශයේ සදහන් වන්නේ ඔහු දෙමළ වඩුවෙකු ලෙසය අනතුරුව වටුක එක් අවුරුදු දෙමසක්ද ඉන් පසුව දුරුභතික තිස්ස නමැති අයෙක් වසරකුත් මසක්ද නිලීය කැමැත්තෙන් මාස හයක්ද රජකම් කළහ මෙසේ තම වසඟට ගත්තවුන් මරමින් රජ කරවමින් සිටි කාලය වසර තුනකුත් මාස එකොළහකි අනතුරුව නිලීය මරා දමා ඇයම සිහසුනට පත් වූවාය
කෙසේ වුවත් අතෘප්තිකර කාම පිපාසාවෙන් පෙළුන ගැහැනියක් වූ අනුලා කෙරෙහි රට වැසියා කළකිරීමට පත් වුවත් ලංකා ඉතිහාසයේ සිහසුන ලබා ගත් පළමු කාන්තාව වශයෙන් දැකීමට ජනතාව කැමැති නොවූ අතර කූටකණ්ණ තිස්ස ඇය මරා දමා සිහසුන හිමි කර ගත්තේය
No comments:
Post a Comment