සද්ධාතිස්ස රජුට බල්ලටනාග නමින් තවත් කුමාරයෙකු සිටි අතර ලජ්ජතිස්ස ගෙන් පසු ක්‍රි.පූ.110 දී මොහු රජ බවට පත් විය මොහුගේ රාජ්‍ය කාලය බු.ව.433-439 දක්වා එනම් වසර හයක් ඔහු රජ පදවිය හොබවා ඇත බල්ලාට යනු තට්ටයා යන විහිළු නමක් වශයෙන්ද සමහරු හදුන්වා දෙති
මේ රජු ලෝවා මහා පායේ හා මහාථූපයේ ප්‍රතිසංස්කරණ කළ බව එනම් ප්‍රසාද හා ප්‍රකාර කර වූ බැව් සදහන්ය
එසේම සද්ධාතිස්ස රජුගේ අන්‍ය බිසවගෙන් ලත් සුමනාවතී නම් දියණියගේ දරුවන් තිදෙනෙක් බල්ලටනාග තිස්ස රජුට විරුද්ධව කුමන්ත්‍රණයක නිරත වූ අතර පසුව මෙය හෙළි වී ඇත ඒ අනුව ඔවුහු ගිරි නිගණ්ඨයාගේ ආශ්‍රමයට ගොස් ගිනි වැද මිය ගිය බව කියවේ
කෙසේ වුවත් එම කුමන්ත්‍රණයෙන් දිවි ගලවා ගත් රජුට රාජ්‍යෝදයෙන් හයවන වසරේදී ඇති වූ මහා රත්තකගේ කුමන්ත්‍රණයෙන් බේරීමට නොහැකි විය
මේ මහා රත්තක යනු මරාථ නම් භාරතීය ජන්මයක් ඇත්තෙකු විය හැකිය මේ කුමන්ත්‍රණය සිදු වූයේ මුල් කුමාරවරුන්ගේ කුමන්ත්‍රණයට පසුවය
බල්ලාට නාගගේ රාජ්‍ය කාලය වසර හයකි මහා රත්තක බල්ලාටනාග මරා දමා රාජ්‍ය බලය පැහැරගත් ද ඔහුට සිහසුනට පත්වන්නට ඉඩ නොලැබුණේ රජුගේ බාල සොහොයුරා වට්ටගාමිණී අභය හෙවත් වළගම්බා මහා රත්තක නෙරපා සිහසුන ගත්තේය බල්ලාටනාග රජ බිසව වූ අනුලා දේවිය පාවා ගත් වළගම්බා ඇයගේ පුත් වූ මහා චූලික මහා තිස්ස සිය පුත්‍ර ස්ථානයේ තබා ගත්තේය
No comments:
Post a Comment