වළගම්බා රජුගෙන් පසුව මහා චූලිත තිස්ස නැතිනම් මහා සළු මහ තිස් කුමරු බු.ව.466 දී රජකමට පත් විය ඔහු වළගම්බාගේ සොහොයුරු මිය ගිය බල්ලටනාග රජුගේ පුත්‍රයෙකි පසු කල මොහු වැඩුණේ වළගම්බා රජුගේ පුත්‍ර ස්ථානයේය
රජුගේ නාමය අනුව නම් ඔහුගේ මහා කොණ්ඩයක් නැති නම් හිස මැද කැපී පෙනුන කෙස් රොදක් නිසා ඒ නම යොදන්නට ඇති බැව් කියති මොහු වළගම්බා රජු සමග 14 වසක් වන ගතව සිට රජුගේ සේනා සංවිධානය පිළිබඳව අවබෝධයක් ලැබූ අයකු වේ එහෙත් මහා වංශ කතුවරයා ඔහුගේ දක්ෂතා කෙසේ වුවත් ඔහු විසින් පෞද්ගලිකව ම කරන ලද පුණ්‍යකර්ම සදහන් කර තිබේ
රජු වෙස් වළාගෙන ගොස් ගොයම් කපා මහා සුම්ම තෙරුන්ට දන් දුන් බැව් කියවේ එසේම උක් යන්ත්‍රයක වැඩ කර ලත් වැටුපෙත් සංඝයාට ආහාර පූජා කළ බැව් කියවේ එසේම විහාරාරාම කීපයක්ද කරවා ඇත මේ තොරතුරු බොහොමයක් සෙල්ලිපි වලින් සනාථ වන බැව් සොයා ගෙන තිබේ
රාජාවලියේ කතුවරයා සදහන් කරන අන්දමට නම් මහා සිළු මහා තිස් රජුගේ කාලයේදී පන්සියයක් රහතුන් හිදුවා පොත් ගුල් කරවූ බවයි මෙය කරුණු වැරැදීමක් සටහන් වී ඇති බවත් වළගම්බා සමයේ සිදුවූ ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීම මෙසේ සදහන් වූවා දැයි විමසිල්ලට බදුන් වේ
කෙසේ වුවත් සමහරු කරුණු දක්වන අනුදමට මේ රජුගේ අවසාන භාගයේ රටේ සාමය විරහිත කාලයක් විය එයට හේතුව වළගම්බා රජුගේ පුත්‍ර නාග කුමරු රටේ විවිධ ස්ථානයෙහි හැසිරෙමින් දාමරිකම් කරන්නට වූ බැව් වාර්තා වීමයි පසුව අත්වැසියන් පිරිවරා ඔහු දාමරිකම්වල නිරත වූ බැවින් චෝර නාග යනුවෙන් ව්‍යවහාර විය මහසිළු තිස් රජුගේ වසර 16 කාලය ඉකුත් වීමත් සමග බු.ව.480 නැතහොත් ක්‍රි.පූ.63 දී චෝර නාග රාජ්‍ය බලය හිමි කර ගත්තේය
No comments:
Post a Comment