ඉලනාග රජු රජවීමෙන් පසුව තිසා වැවේ දිය කෙළි පිණිස යන ගමනේදී ලම්බකරණ වංශිකයින්ද පිරිවරාගෙන ගිය බැව් සදහන්ය මෙහිදී කිසියම් කරුණක් හේතු කර ගෙන ඔව්හු බොහෝ දෙනෙක් රජු හැර දමා ගියහ මෙයින් රජු ලම්බකර්ණයන් හා වෛර ඇති කර ගත්තේය මේ ලම්බකර්ණයන් කවුරුන්දැයි විමසා බැලීමද උචිතය
ශ්‍රී මහා බෝධි ශාඛාව ලංකාවට ගෙන එන අවස්ථාවේ ලම්බකර්ණ වංශිකයින්ද පැමිණ බව සදහන්ය පසළොස්වෙනි සියවසේ කෝට්ටේ රජකම් කළ සවැනි ශ්‍රී පැරකුම්බා රජු පවා ලම්බකර්ණ වංශිකයැයි කියා ගත්තේය කෙසේ වුවත් මොවුහු වැදගත් බලගතු ස්ථාන හෙබවූහ මුලදී මොව්හු රාජ්‍ය ලෙඛකයන් වශයෙන් ක්‍රියාකරන්නට ඇතැයි සමහර විචාරකයෝ කරුණු දක්වති එයට හේතුවක් වශයෙන් දක්වන්නේ ළමැණි යන සිංහල පද්‍ය ලේඛණ නම් වූ පාලි පද්‍යයෙන් බිදී ආ එකක් වශයෙන් සලකන බව බැවිණි
ඉලනාග රජුගේ අභෂේකයෙන් පසු ජලස්නානය සදහා සියලු පරිවාර සෙනඟ තිසා වැවට ගියේ පාරම්පරික චාරිත්‍රයක් අනුවය මේ අවස්ථාවෙහි ලම්බකර්ණ වංශිකයන්ද රජු පිරිවරා සිටීම රාජාපාක්ෂිභාවය දැක්වීමේ සලකුණක් විය එහෙත් රජු ආපසු එන විට ලම්බකර්ණයන් පිටත්ව ගොස් සිටියහ ඒ නිසා උදහස් වූ රජු ඔවුන්ගේ අහංකාර පරවශ භාවයට දඩුවමක් වශයෙන් චණ්ඩාලයකු යටතේ මහා ථූපයට යන පාර සකස් කිරීමේ කටයුතුවල ලම්බකර්ණයන් යෙදවීය මේ අවමානය නොඉවසූ ලම්බකර්ණ වංශිකයෝ රජුට විරුද්ධව කැරළි ගසා රාජ්‍ය බලය සියතට ගෙන ඉලනාග රජු සිරගත කළහ
කුමන ආකාරයෙකින් හෝ සිරගෙදරින් පැනගත් ඉලනාග ඉන්දියාවට ගොස් තුන් වසරක් එහි ගත කළේය මහා වංශයේ මේ සිද්ධිය අද්භූත ආකාරයෙන් දැක්වේ එනම් රජු සිරගත කළ විට මඟුලැතුට කන්නලව් කර ළදරුවා ඇතු පාමුල හිදුවීය කාරණය තේරුම් ගත් ඇත් රජු යදම් බිද ගෙන රජු සිරගත කළ තැනට ගොස් සිරගෙය බිද රජු නිදහස් කරගෙන ඇත
කෙසේ හෝ ඉන්දියාවට ගිය ඉලනාග දෙමළ සේනාවක් රැගෙන සක්කර සොබ්බ නම් රුහුණු පෙදෙසේ වරායකින් ගොඩබැස රහසේ සේනා රැස්කරගෙන අනුරාධපුරයට පැමිණ යළි සිහසුන දිනා ගත්තේය අනතුරුව ඔහු ලම්බකර්ණ වංශිකයන්ට දරුණු ලෙස වද හිංසා දී ඔවුන්ගේ අත පය ඇගිලි කපා රජුගේ රථයට බැද වීදි ඔස්සේ ගෙන ගිය බව මහා වංශයේ දැක්වේ
ඔහු නැවත සිහසුනට පත් වීමෙන් පසු අනුරාධපුරයෙහි කරන ලද කාර්යයන් වංශ කථාවල සදහන් නොවේ එසේ වුවත් ඔහු ඊට පෙර රුහුණේ ප්‍රධාන වැව් දෙකක් වූ තිස්ස හා දූරතිස්ස යන වැව් කරවන ලද බවත් ඒවා තිස්ස හා යෝධ කණ්ඩිය වැව් වශයෙනුත් වර්තමානයේ හදුන්වති වර්තමාන නිමලව අරණද ඒ කාලයේ ඉලනාග විසින් කරවන ලද තුලධාර විහාරය විය හැකි යයි විශ්වාස කෙරේ එසේම සිතුල්පව්ව විහාරයට විශාල ප්‍රමාණයක් කුඹුරු පූජා කිරීමද නාග රජු යනුවෙන් ශිලා ලිපිවල සදහන් ඉලනාග විසින් කර ඇතැයි සදහන්ය
කෙසේ වුවත් මහා වංශගත විස්තර හා සෙල්ලිපි සසදා බලා පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි සිය ග්‍රන්ථයේ හෙළිකර ඇති පරිදි මහා දාඨික මහා නාග රජුගේ දියණියන් සරණ පාවා ගත් බෝධාහරකුලික බුතයට එම කුමරියගෙන් ලැබුණ දරුවා ඉලනාග බවයි
ඇත්ත වශයෙන්ම ඉලනාග රජු අනුග්‍රහය සොයා දෙමළ රටට යාම බොහෝ දුරට මෙරටට අහිතකර විය මෙතැන් සිට ලංකාවේ අභ්‍යන්තර වියවුල් ඇතිවූ අවස්ථාවල එක් පක්ෂයක් ආධාර සොයා දකුණු ඉන්දියාවට යාම මෙතැන් සිට පුරුදු විය ඒ අනුව වරින් වර පැමිණ ද්‍රවිඩයෝ මෙහි ස්ථීර වශයෙන් පදිංචි වූහ පසුව පාලන කටයුතුවලටද අත පොවන්නට ඔවුහු පෙළඹුනහ මේ රජු බු.ව.582 දී මිය ගිය අතර එයින් පසු ඔහුගේ පුත් චන්ද්‍ර මුඛසීව රජ තනතුරට පත්විය
No comments:
Post a Comment