Thursday, January 9, 2014

සුබ මහ රජතුමා

බු.ව.598 දී දොවාරික හා බලත් යනුවෙන් හදුන්වා ඇති සුබ සිහසුන උරුම කරගත් බව මහා වංශයේ දැක්වේ සුභ රජු හදුන්වා දීමේදී සදහන් කර ඇත්තේ දත්ත නම් දොවාරිකගේ පුත්‍රයා වශයෙනි ඒ අනුව වයඹ පළාතේ කදුරුවැව විහාරයේ තිබූ සෙල්ලිපිවල තොරතුරු පරිදි පරම්පරා හතරක පමණ සිට මොහුගේ පරපුර රජයේ විවිධ බලවත් තනතුරු දරා ඇත ඔවුන්ගේ ආදිතමයා වහිටි මහ ඇමතිවරයෙකු වූ අතර ඔහුගේ පුත්‍ර තිස රදළ ප්‍රධානියෙකි තිස රජයේ වාර්තා සටහන් තැබූ නිලයක් දැරූවෙකි තිසගේ පුත්‍රයා දත්තය එසේම මොවුන් බ්‍රාහ්මණ වංශිකයන් විය හැකි යයි කියති
සුබ රජු මහා වාහාර දෙකේ මනරම් පිරිවෙන් පන්සියයකි කරවන ලද අතර පුත්තලම් දිසාවේ වල්ලි විහාරයක් කරවූ බවත් පොන්පරිප්පු පෙදෙසේ වැලි වෙහෙර යනුවෙන් හැදින්වෙන නටඹුන් වලින් සපිරි භූමිය මේ වල්ලි විහාරය බැව් සමහරු කරුණු දක්වති එසේම ඒක ද්වාරික විහාරය නන්දිගාම විහාරයද මේ රජුගේ නිර්මාණ බව කියනු ලැබේ මෙසේ මේ රජු විසින් කරන ලද විහාර පිළිබඳව විනා වෙතත් කටයුතු ගැන වංශ කථා තොරතුරු හිගය
මේ රජුට දියණියක් සිටි අතර අනාගත ආරක්ෂාව පතා ඇය උළු වඩුවෙකුට බාර කළ බවත් ඇගේ නම මහ මෙත්තා දේවිය බවත් විලේ වැව සෙල්ලිපියකින් තොරතුරු ගෙන හැර දක්වන අය කියති
සුබ රජුට පුත්‍රයෙක් සිටි බවටද තොරතුරු සටහන් ඇත සුබගේ පුත්‍රයා තිස මහ රජ යනුවෙන් සදහන් වූවද ඔහු පිළිබඳ එසේ සදහන් වන්නේ රජුගේ මරණයෙන් පසුව ඔහු රුහුණේ තාවකාලික පාලකයෙකු වශයෙන් පෙනී සිටීමට ක්‍රියාකළ නිසා විය හැකි යැයි අන්මාන කෙරේ එහෙත් සුබගේ රාජ වංශයක් පිහිටුවීමට කරන ලද ක්‍රියාමාර්ග සතුටුදායක වූයේ නැත සුබගෙන් පසු සුබ මෙන්ම ඔහුගේ පරපුරද අවසාන විය ඒ බු.ව.604 දීය

No comments:

Post a Comment