Thursday, January 9, 2014

ඡත්තගාහක රජතුමා

සොත්තිසේන රජු මරණයට පත් කළ සංඝා කුමරිය සිය සැමියාට රජකම පැවැරුවාය ඒ බු.ව.972 දීය ඡත්තගාහක ලම්බකර්ණ වංශිකයෙකු වූ අතර ඔහුගේ නම තිස්ස නම් විය මේ තැනැත්තා මහානාම රජුගේ ඡත්තගාහක නිලය දැරූ නිසා ඡත්තග්‍රහක ලෙසද සමහරු ඡන්තග්‍රාහක ජන්තු ලෙස දක්වන බවද සදහන්ය මේ අනුව ජන්තු යනු ඔහුගේ නාමයක් බැව් සමහරු සලකති රජුගේ බෑණා වීම හැර ඔහුට රජකමට උරුමයක් නොවීය ඒ කාලයේ රාජ්‍යයේ වැදගත් නිලයක් දැරීමත් රජුගේ දියණියගේ ස්වාමි පුරෂයා ලෙසත් රජ පවුලේ කටයුතුවලදී ඔහුටද කිසියම් බලයක් හිමිවන්න ඇත මොහු කරන ලද සේවා ගැන සදහනක් නොමැති අතර මහා වංශ දක්වන්නේ වැවක් කරවීම පමණි ඡත්තගාහක රජුට සිහසුන දැරීමට හැකි වූයේ වසරක් පමණි මිත්තසේන නැමති ද්‍රවිඩයෙකු විසින් ඔහු මරා දමා සිහසුන පැහැර ගත් බැව් සදහන්ය

No comments:

Post a Comment