Thursday, January 9, 2014

සොත්තිසේන මහ රජතුමා

සොත්තිසේන මහ රජ රජකම හිමිකම් නොවූ අයෙකි මහානාම රජුගෙන් පසු පවුලේ ඇති වූ අර්බුද නිසා රජුගේ ද්‍රවිඩ බිසවගේ කුසින් උපන් සොත්තිසේන නම් කුමාරයෙක් රජ පදවියට පත් විය මේ අතර රජුගේ අග මෙහෙසියට උපන් දියණිය සංඝා නම් වූවාය නිතී්‍යානුකූලව ඇයට රජ පදවිය හිමි විය යුතු වුවද සොත්තිසේන ඊට පළමු සිහසුන ඩැහැ ගත්තේය වහා ක්‍රියාත්මක වූ සංඝා රජ වූ දිනම සොත්තිසේන මරවා ඇයගේ සැමියා වූ ඡත්තග්‍රාඑට රජ පදවිය භාර දී ඇත සෙන් ගොත් රජු වශයෙන් දක්වන්නේ ද සොත්තිසෙන රජුය අභයනාග කුමරුද ඉන්දියාවෙන් කුලී හමුදා ගෙන්වා ගැනීමෙන් පසු සමහර රජවරු ද්‍රවිඩ කාන්තාවන් සිය භාර්යාවන් වශයෙන් පවා ගත් බව වංශ කථා කියයි අකාලයේ මිය ගිය සොත්තිසේන රජුගේ රාජ්‍ය කාල එක් දිනකටත් අඩුය

No comments:

Post a Comment