Thursday, January 9, 2014

සංඝතිස්ස රජතුමා

දෙවන අග්බෝ රජුගෙන් පසු රාජ්‍ය බලය හිමි කර ගත්තේ අග්බෝ රජුගේ මෙහෙසියකගේ සහෝදරයෙකු වූ අසිග්ගාහක සංඝතිස්සය ලංකාවේ රජ පදවිය පිළිබඳව සලකන විට ඔහුට මෙරට සිහසුන සදහා උරුමයක් නොවීය මේ නිසා අග්බෝ රජුගේ සේනාපතියා වූ මුගලන් සෙනෙවියා සංඝතිස්සට විරුද්ධව කැරැල්ලක් මෙහෙයවීය මේ අනුව පළමු වාරයේදී රජුගේ සේනා වෙතින් පරාජය ලැබූ මුගලන් සෙනෙවි යළි සේනා රැස්කර සංඝතිස්ස හා සටනට අනුරාධපුරයට පැමිණියේය මේ අවස්ථාවේ දී සංඝතිස්ස කළේ සතුරු සේනාව පහර දී පලවා හරින මෙන් සිය සේනාපතිට විධාන කිරීමයි එහෙත් රජුගේ සේනාපතිද ඔහුගේ රාජ ප්‍රාප්තිය සම්බන්ධයෙන් නොකැමතිව සිටි අයෙක් විය උපායශීලී පුද්ගලයෙකු වූ ඔහු තමා රෝගාතුර බව ප්‍රකාශ කර සටනට නොගොස් නුවරම රැදී සිටියේය
එසේ වුවත් රජුට සතුරු බල ඇණි පලවා හැරීම අනිවාර්යෙන් ම කළ යුතු විය එබැවින් සංඝතිස්ස තෙමේ සිය පුත් කුමරු සමග සුළු සේනාවක් රැගෙන සටනට ගියේය සටන ආරම්භ වී සුළු වේලාවක් ගත විය අනතුරුව සිදු වූයේ ඔහු නොසිතූ දෙයකි එනම් රජුට විරුද්ධ වූ ඔහුගේම සේනාධිපති සේනාවක් සහිතව පැමිණ තමාට හා පුතුට විරුද්ධව සේනා මෙහෙයවීමය
මේ අනුව ඔවිහු පසු පසින් පහර දෙන්ට වූහ සතුරු සේනා දෙකකට මැදි වූ රජු හා පුත්‍රයා විශ්වාසවන්ත ඇමතිවරයෙකු කැටුව සටනින් පැන ගියේය මේ නිසා අග්බෝ රජුගේ සේනාධිපතිව සිටි මුගලන් සෙනෙවියා තුන්වන මුගලන් නමින් සිහසුනට පත් වීමය

No comments:

Post a Comment