දෙවන අග්බෝ රජුගේ සේනාධිපතිව සිටි මුගලන් සෙනෙවි සංඝතිස්ස පලවා හැර ජයග්‍රාහීව තුන්වන මුගලන් නමින් සංහාරූඪ විය මේ අතර සංඝතිස්ස රජුගේ පුත් කුමරුවන්ගෙන් දෙදෙනෙක් අනුරාධපුරයේ රැදී සිටි අතර එයින් එක් අයෙක් පලා ගියේය අනිත් කුමරුවාගේ අත පය කපා දමනු ලැබීය භික්ෂුවක් මෙන් වෙස් වලාගෙන සිටි රජු සහ පුත් කුමරුවාත් , ඇමතිවරයාත් මුගලන් රජුගේ ආරක්ෂකයන් විසින් අල්ලා ගත්හ මුගලන් රජුගේ නියමය පරිදි සීගිරියට ගෙනෙන ලැබූ ඔව්හු මරා දමනු ලැබීය කෙසේ හෝ මලය රටට පළා ගිය පුත් කුමරා එනම් ජෙට්ඨතිස්ස සිය පවුලට කරන ලද අපරාධය වෙනුවෙන් පළි ගැනීමට අවස්ථාවක් ලැබෙන තුරු බලා සිටියේය
මුගලන් රජු සංඝතිස්ස රජුට ද්‍රෝහි කම් කළ ඔහුගේ සේනාධිපතියාට මලය රට රාජ පදවිය ලබා දෙන ලදී මලය රට රජ පදවිය දුන්නත් ද්‍රෝහි සෙනෙවියා තමාටද කිසියම් දිනක ද්‍රෝහි වේයයි සිතූ මුගලන් රජු උපායෙන් ඔහු තමා වෙත කැදවා අත් පා කපා දැමවීය මෙයින් කෝපයට පත් අසිග්ගාහක පදවිය ලැබූ ඔහුගේ පුත්‍රයා මලය රටට පැන ගියේය
මේ වන විට සංඝතිස්ස රජුගේ ඉතිරිව සිටි පුත් ජෙට්ඨතිස්ස මලය රටට වී මුගලන්ගෙන් පළි ගැනීමට බලා සිටින අතර අසිග්ගාහක තනතුර ලබා සිටි සෙනෙවි පුත්‍රයා ගොස් ඔහු හා එක් විය අනතුරුව දෙදෙනාම සේතා රැස් කරගෙන මුගලන් රජු හා සටනට පිවිසීය මේ වන විට එක්තරා ජනපද රෝගයක් පැතිර ගොස් තිබූ නිසා රජුගේ සේනාවේ හේවාකම් කළ වැඩි දෙනෙක් රෝගාතුරව සිටියහ අසිග්ගාහක මේ අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගැනිමට කල්පනා කළේ රජුගේ සේනාවට පහරදී එය පළවා හැරියේය එයින් පසු ඔවුන් ලුහුබදිමින් සටන් කළ අසිග්ගාහකගේ සේනා රජු හා පිරිස මරා දමා අනුරාධපුරයට පැමිණ ජෙට්ඨතිස්ස කුමාරයාට දැන්වීය තමා රජකමට කැදවීම තමාගේ දිවි තොර කිරීමට කළ උපක්‍රමයක් යැයි සැක කළ කුමාරයා මලය රටට වී සැඟ වුණේය
No comments:
Post a Comment