අනුරාධපුර රාජධානියේ බලය තහවුරු කරගත් දෙවැනි දාඨෝපතිස්ස රජු එහි පාලනය ගෙන ගිය අතර ක්‍රි.ව.6667 දී ඔහු අභාවප්‍රාප්ත විය ඔහුගේ අභාවයෙන් පසු ඔහුගේ බාල සොහොයුරු සිව්වන අග්බෝ නමින් රජ පදවිය හිමි කර ගත්තේය සිව්වන අග්බෝ පෙර සිරිත් අනුව යමින් මහා සංඝයාට ඇප උපස්ථාන කරමින් බුදු සසුනේ චිරස්ථිය සදහා විහාරාරාම ගොඩ නගමින් කටයුතුතළේය තවද ඔහුගේ මැති ඇමතිවරු එම සිරිත අනුගමනය කළහ
කෙසේ වුවත් මේවන විට ද දමිළ බලය අනුරාධපුරයෙහි උත්සන්නව තිබුණි සිංහල රජ වාසල උසස් තනතුරු බොහොමයක් දමිළ නිලධාරීහු හිමි කර ගෙන සිටියහ මහා සෙනෙවි මහ ඇමති හා තවත් ඇමති ධුර දමිළයන් විසින් උසුලන ලද බවත් එම දමිළ ඇමතිවරු බුදු සසුනට අනුග්‍රහ දක්වමින් වෙහෙර විහාර කරවා පූජා කරමින් කටයුතු කළ බැව් චූල වංශය අනාවරණය කරයි
මේ අනුව ජනතාවගේ ගෞරව ආදරය පත්ව සිටි සිව්වන අග්බෝ වසර දහසයක් රජකම් කර අභාවප්‍රාප්ත විය පොළොන්නරුව රාජකීය වාසස්ථානයක් බවට පත් කරන ලද්දේ සිව්වන අග්බෝ රජතුමාය අග්බෝ රජුගේ අභවයද සිදු වූයේ පොළොන්නරුවේදී බැව් ඓතිහාසික මූලාශ්‍ර කියයි මෙතැන් සිට යළිත් වියවුල් සහිත කාල පරිච්ඡේදයක් උදා විය
සිව්වෙනි අග්බෝ රජුගෙන් පසු බලය නතු කර ගත්තේ පොත්ථකුට්ඨ නැමති ද්‍රවිඩ සෙනෙවියා සිහසුනට හිමිකාරයා වූ රජ වසදී මැරවීය අනතුරුව දත්ත නම් ළා බාල කුමාරයෙකු සිහසුනෙමි තබා මේ ද්‍රවිඩ සෙනෙවියා රාජ්‍ය පාලනය සියතට ගෙන සිය හිතුමතට රටේ පාලනය ගෙන යන්නට විය මේ රූකඩ පාලකයා දෙවසකින් මිය ගිය බව කියවේ එයින් පසු පොත්ථකූඨ ද්‍රවිඩයා හත්ථදාඨ නම් වූ රූකඩ කුමාරයෙකු සිහසුනෙහි තබා ගෙන රට පාලනය ගෙන ගියේය ඔහුගේ රාජ්‍ය කාලය හය මසකි
No comments:
Post a Comment