Thursday, January 9, 2014

පළමුවන දප්පුල රජතුමා

මේ තත්ත්වය යටතේ ද්‍රවිඩ බලය තමන්ට තනිව මෙල්ල කළ නොහැකි බව තේරුම් ගත් මාන කුමරු සිය පියාණන් වන රුහුණේ විසූ දප්පුල ඈපාණන් කැදවා ගත්හ ඔහු පැමිණ ද්‍රවිඩයන් හා සම්මුතියක් ඇති කර ගැනීමට උත්සාහ ගත්තේය ඒ අනුව දප්පුලට ද්‍රවිඩයන් හා තාවකාලිකව සමනයකට පත්වීමට හැකි විය මේ අනුව පළමුවන දාපුට හෙවත් දප්පුල රජු අනුරාධපුරයෙහි අභිෂේක කරවීය
‍කෙසේ වුවත් මේ තත්ත්වය යටතේ ද ද්‍රවිඩ බලය පාලනය කිරීම පසු නොවීය දඹදිවට පළා ගිය දාඨෝපතිස්ස රජුගේ ෑණා වූ හත්ථදාඨ දෙමළ සේනාවක් කැටුව යළි ලක්දිවට පැමිණියේය ඒ සමග ලක්දිව විසූ ද්‍රවිඩ පිරිස්ද මේ දෙමළ සේනාවට එක්ව අනුරාධපුරය ජය ගැනීමට ගමන් කළේය
මේ අවස්ථාවේ සතුරන් සමඟ සටන් වැදීමට මානට කළ නොහැකි බව වැටහී ගියේය ඒ නිසා ඔහු සිය පිය රජු රුහුණු දේශයට පිටත් කර යැවීය රුහුණේ පාලකයෙකු වූ ඔහු රාජකීය වස්තු සම්භාරයක්ද රැගෙන ගොස් ඇත හෙතෙම අනතුරුව දිගාමඉුළු ප්‍රදේශයට ගොස් ස්වාධීන රජෙකු මෙන් එම ප්‍රදේශය පාලනය කර ඇත
තවද අනුරාධපුරය අල්ලා ගත් හත්ථදාඨ දෙවන දාඨෝපතිස්ස යනුවෙන් අභිෂේක විය එහෙත් මොහු රජකම ලබාගත්තේ ද්‍රවිඩ සේනාවේ සහයෝගයෙන් බැවින් රජුට සෙනෙවියන්ගේ ඕනෑ එපාකම් ගැන විමසිල්ල යොමු කරන්නට සිදු විය ඒ නිසා ද්‍රවිඩ බලවත්තු රජුට යම් යම් බලපෑම් කළහ රුහුණේ ස්වාධීන පාලකයෙකු මෙන් කටයුතු කළ පළමුවන දප්පුල රජු වැසියාගේ හිත සුව පිණිස ක්‍රියා මාර්ගගත්තේය ශාසන දියුණුව ඇති කිරීමට පියවර ගත් අතර වෙහෙර විහාර කරවීය මේ නිසා චූල වංශය ඔහු ධාර්මික පාලකයෙකු බැව් සදහන් කරයි
එසේම නැගෙනහිර දිසාවට පාලනය ගෙන ගිය දප්පුලගේ පුතු මාන සිය පියාගේද උපකාරයෙන් යුද්ධ සේනාවක් රැස් කර ගත්තේය අනුරාධපුරය ජය ගැනීම පිණිස ඔහු සටන් මෙහෙයවීය මානගේ සතුරු සේනා පිළිබඳ ආරංචිය ලත් වහාම එම සේනාවට මුහුණ දීමට දෙවන දාඨෝපතිස්ස රජ සේනාවක් රැගෙන නගරයෙන් පිටත් විය මේ පිරිස තම් බල ගම අසල දී මුණගැසී මහ සටනක් කළ බැව් අනාවරණය වේ මෙහි අවසාන ප්‍රතිඵලය වූයේ මාන කුමරු යුද බිමෙහි මිය යාමය මේ අතර සිය පුත්‍රයාගේ මරණය ගැන ඇසීමෙන් සංවේගයට පත් දප්පුල රජ එම ශෝකයෙන් මිය ගියේය

No comments:

Post a Comment