Thursday, January 9, 2014
උපතිස්ස රජතුමා
මෙරට පැවති නොසංසුන් වාතාවරණය නිසා මොහුගේ රාජ්‍ය කාලය මාස 9 කින් කෙළනර වූයේ කීර්තිසේනගේ මයිලනුවන් වූ සිව නැමැත්තා රජු මරා දැමූ බැවිණි එහෙත් සිවද රජකම් කිරීමටද නොහැකි විය එයට හේතුව මුගලන් රජුගේ ඥාති සොහොයුරෙකු වූ උපතිස්ස නම් ලම්බකර්ණ වංශිකයෙක් සිව මරා දමා සිහසුන පැහැර ගැනීමය මෙතැනින් ලංකා රාජ්‍යයේ යළි වෙනසක් ඇති විය එනම් ධාතුසේන රජුගෙන් ආරම්භ වූ මෞර්ය රාජ වංශය අවසාන වී යළි ලම්බකර්ණ වංශයට ලංකා රාජ්‍ය හිමි වීමය උපතිස්ස රාජ්‍ය බලය හිමි කර ගත්තද ඔහුට නිසි පරිදි පාලන කටයුතු මෙහෙයවීම පහසු නොවීය රට තුළ අභ්‍යන්තර කැරළි තත්ත්වයක් පැන නැගුණි කාශ්‍යප රජු දවස දඹදිවට පළා ගොස් රජු විසින් අසිග්ගාහක තනතුරට පත් කර සිටි බැව් සදහන් විය දැඩි රාජ්‍ය ලෝභයකින් නිසා පෙළුනු මොහු සිහසුන පතා අරගල කරන්ට විය පළමුව මලය රට කධුකරයට වී සේනා සංවිධානය කරගෙන සටන් කිරීම නිසා මහළු උපතිස්ස රජුට පාලනය ගෙන යාමට හිසරදයක්ද විය එසේම උපතිස්ස මේ වන විට මහළු වියට පත් වී සිටි බැව්ද සදහන්ය මේ නිසා මහළු උපතිස්ස රජුට සීලාකාල සමග සටන් කිරීමට ශක්තියක් නොවීය එහෙත් ඔහු පුත් කාශ්‍යප කුමාරයා සිලාකාල හා සටන් කර පළවා හැරියද යළි යළිත් ඔහු රජුගේ සේනාව හා ගැටුම් ඇති කර ගත්තේය මේ නිසා සිහසුන හැරදමා යාමට ඔහුට සිදු විය
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment