Thursday, January 9, 2014

සීලාකාල රජතුමා

මේ අතර මුගලන් රජුගෙන් අසිග්ගාහක පදවිය ලැබූ සිලාකාල මලය රට කඳුකරයට වී සේනා සංවිධානය කරමින් උපතිස්ස රජුට විරුද්ධව කැරළි ගැසීය ඔහු මුගලන් රජුගේ සොහොයුරියක් විවාහ කර ගැනීම නිසා රජ පවුලට ඥාති සබදතාවක්ද ගොඩ නැගී තිබුණි ඒ අනුව ඔහු යුද සේනාව රැගෙන අනුරාධපුරයට කඩා පැන ඇත මේ වන විට මහළු උපතිස්ස රජුගේ පුත් කාශ්‍යප කුමාරයා සිලාකාල පලවා හැරීමට සමත් විය කාශ්‍යප අතින් පරාජය වී පසු බැස ගියද සිලාකාලට රාජ්‍ය ලෝභය ඇති වී තිබුණි ඒ නිසා ඔහු නැවත සේනා රැගෙන අනුරාධපුරය වටලා දින හතක් රැදී සිටියේය මෙහිදී ඇති වූ සටන් වලින් රජුගේ සේනාව පරාජය අත්විය එබැවින් කාශ්‍යප කුමරු සිය මහළු මව්පියන් කැටුව මලය රටට පැන යාම පිණිස රාත්‍රියෙහි පිටත් වූහ අවාසනාවට ඔවුන්ට රාත්‍රියේ මග වැරදී ගිය හෙයින් වල්මත් වූහ මෙහිදී සිලාකාලගේ සේනාව කාශ්‍යපගේ සේනාව පලවා හරිමින් සටන් කළහ සටනින් පරාජය වූ කාශ්‍යප කුමාරයා සිය දිවි හානිකර ගත්තේය මේ ශෝකයෙන් ඔහුගේ මහළු පියාද මරණයට පත්විය සිලාකාල තෙමේ රජ පදවියට පත් විය
සිලාකාල ඉතිහාසයේ හැදින්වෙන්නේ අඹහෙරණ සිලාකාල යනුවෙනි දැඩි රාජ්‍ය ලෝභයක් තිබුණද බුදු දහම ගැන දැඩි ඇල්මක් තිබූ මේ රජු ධාර්මික ලෙස රටේ පාලනය ගෙන යන ලදී අභයගිරියට විශේෂ අනුග්‍රහයක් දැක්වූ ඔහු එයට බොහෝ වස්තු පූජා කළ බැව්ද සදහන් වේ එසේම සතුන් මැරීම ඇතුළුව දුශ්චරිත තහනම් කළ රජතුමා අනිකුත් රටවල් සමග සබදතා පවත්වා ගැනීමටද උත්සුක විය ඒ අනුව චීනයට දූල පිරිසක් යැවූ බව කියවේ ක්‍රි.ව.527 මෙය සිදු වූ බව චීන මූලාශ්‍ර වලින් හෙළිවී තිබේ
සිලාකාල රජුට පුතුන් තිදෙනෙක්ද වූ අතර වැඩිමහල් කුමරු මුගලන් නම් විය මේ කුමාරයාට ලක්දිව දිගා මඩුල්ල ප්‍රදේශයද දෙවන පුත්‍රයා වූ දාඨාපභූති කුමරුට මලය දේශයද පවරා දී ඒඒ ප්‍රදේශවල නතර කරවා සාමය හා පාලනය පවත්වා ගෙන යාම පිළිබදව කටයුතු පවරා ඇත මේ අනුව බාල පුතණුවන් වූ උපතිස්ස කුමරු සිය මාළිගයක නවත්වා ගෙන ඇත එහෙත් බලකාමය මත ඔහුගේ දරුවන්ගේ අවසානය ද ඔහුගේ සමග ළගා විය
එනම් සිලාකාල රජු මිය යාමෙන් අනතුරුව රාජ්‍ය බලය හිමිකර ගත් දෙවන පුත් දාඨාපභූති සිය බාල සොහොයුරා වූ උපතිස්ස කුමරු මරා දැම්මේය එහෙත් මේ වන විට සිහසුනට උරුමකම් තිබූ මුගලන් කුමරු සේනාව පිරිවරා යුද්ධයට පැමිණියේය කෙසේ හෝ අවසානයේ දෙසොහොයුරන් ද්වන්ධ සටනකට පෙළඹුන අතර මේ සටනින් දාඨාපභූති පරාජය විය හේ සියතින් දිවි නසා ගත් බැව් ඉතිහාසයේ සදහන් වේ

No comments:

Post a Comment