Thursday, January 9, 2014

වංකනාසික තිස්ස මහ රජතුමා

වසභ රජු ඇවෑමෙන් බු.ව.648 දී ඔහු පුත් වංකනාසික තිස්ස හෙවත් වක් වූ නාසයක් ඇති තිස්ස සිහසුන ලබා ගත්තේය. සෙල්ලිපි ගණනක මේ රජුගේ නම තිස්ස මහ රජ වශයෙන් දක්වා ඇති බව සඳහන්ය. සිහසුන පැහැර ගෙන රජු වූ සුබ රජු සිය දියණිය උළු වඩුවෙකුට භාර කළ බව පෙරදී සදහන් විය. මොහු මහා විහාරයෙහි උළුකම් කරන්නා බවත් ඔහුට දිනපතා ආහාර ගෙන යන අතර ඇය මහ රහත් තෙරනමක් දැන උන් වහන්සේට ද දානය දුන් බවත් කියවේ. මේ අතර වසභ රජු සිය පුත්‍රයාට කුමරියක සොයන්නේ මේ කුමරිය ගැන අසා දැන උළු වඩුවාට පණිවිඩ යවන ලදී. උළු වඩුවා සියලු පුවත් හෙළි කර කුමරිය රජුට භාර කළේය. එපරිදි රජ තෙමේ ඇය සිය පුතුට සරණ පාවා දී තිබේ.
කෙසේ වුවත් මේ රජුගේ රාජ්‍ය කාලය වසර 3 පමණක් විය ඔහුගේ කාලයේ දකුණු ඉන්දියාවේ සොළීන් බලවත් වීම ලංකාවටද කිසියම් ආකාරයක බලපෑමක් විය එසේම වංභගෙන් පසු රුහුණු රට හා මායා රට යන ප්‍රදේශවල ඔහුගේ පුතුන් දෙදෙනෙකු ස්වාධීන පාලකයන් මෙන් ක්‍රියා කර ඇති බැව් සමහර විචාරකයින් කරුණු දක්වති කෙසේ වුවත් අභ්‍යන්තර වශයෙන් බෙදා හදාගෙන ඔවුන් පාලනය ගෙන යන්ට ඇතැයි විශ්වාස කළද පාලනයේ කිසියම් දුර්වලතාවයක් සිදු වූ බවත් විශ්වාස කෙරේ රාජාවලියේ එන තොරතුරු මත සොළී ආක්‍රමණයක් සිදු වී දොළොස් දහසක් ජනතාව පැහැර ගෙන ගොස් ඇත්තේ වංකනාසික තිස්ස රජ සමයේ යයි කරුණු දැක්වේ ඒ අනුව වංකනාසිකතිස්ස රජුගේ පාලන කාලය වූ වසර තුනේදී ඔහු පිහිටි රට ප්‍රදේශය පමණක් පාලනය කරන්න ඇති බවද අනුමාන කෙරේ දුටග මහ රජ හා උතර මහ රජ ු යනුවෙන් වසභ ඇතැම් අය කරුණු දක්වන්නේ දුටග යන්න වංකනාසික තිස්ස රජුට ව්‍යවහාර වන්නට ඇති බවය

No comments:

Post a Comment