Thursday, January 9, 2014

මහල්ලක නාග මහ රජතුමා

ගජබා රජු‍ගේ වසර 22 රාජ්‍ය පාලන සමයෙන් පසු ඔහුගේ සෙනෙවි වශයෙන් ක්‍රියා කළ මහල්ලක නාග කුමරු සිහසුන ලබා ගත් බව සදහන්ය ඒ බුද්ධ වර්ධ 673 දීය මහා වංශයට අනුව විස්තර සදහන් කරන විචාරකයින් ඔහු වසභ රජුගේ මුණුබුරා බැව් පවසති
විහාර සතක් මේ රජු විසින් කරවන ලද බව සදහන් වුවද ඒ පිළිබඳ තොරතුරු සනාථ කර ගැනෟම අපහසු වී ඇති බැව් ඉතිහාසඥයෝ දක්වති
ඔහුගේ සේවාවන් පිළිබඳව මහා වංශයේ එතරම් විස්තර නොවූවත් ඒ කාලය තුළ දේශීය වශයෙන් හෝ විදේශීය වශයෙන් එතරම් අර්බුදකාරී ත්ත්වයක් පැවති බවත් නොපෙනේ එසේම නොයෙක් පෙදෙස්වල දුවයින පුරාම පාහේ ඔහුගේ සෙල්ලිපිද එයට සාක්ෂි දරයි
මේ රජුගේ රාජ්‍ය කාලය වසර හයක්වූ අතර එම කාලය තුළ විහාරාරාමවලට කරන ලද පුද පූජා පිළිබඳව විශේෂයෙන් සදහන් වේ

No comments:

Post a Comment