Thursday, January 9, 2014

දෙවන ජෙට්ඨතිස්ස මහ රජතුමා

ශ්‍රී බු.ව.870 දී කිත්සිරි මෙවන් රජු මිය යාමෙන් පසු ඔහුගේ බාල සොයුරු ජෙට්ඨතිස්ස රජ බවට පත් විය ඔහු මහසෙන් රජුගේ කණිටු පුතණුවන්ය සමහරු සිරිමෙවන් රජුගේ සොහොයුරාගේ පුතෙකු වශයෙන් කරුණු දැක්වූවද එය පිළි නොගැනේ සිංහල පොත පතින් දෙටු තිස් නමින් සදහන් අතර සිරිමෙවන් යනුවෙන්ද ව්‍යවහාර වන බැව් පැවසේ
මේ රජු ඇත් දත් ආදියෙන් කෙරෙන කැටයම් ශිල්පියෙහි දක්ෂයෙක් බව අනාවරණය වේ මොහු සදුන් දැව ගල් හා කිහිරි ලී ආදියෙන් කැටයම් හා රූ නිර්මාණය කළ බව සදහන්ය එසේම ඇත් දළයෙන් නිමකළ බෝධිසත්ව රූපයකින් රජුගේ කැටයම් පිළිබඳ දක්ෂතාව හෙළි වන බැව් ප්‍රකාශිතය
නොයෙක් පිංකම්වල නිරත වූ මේ රජුගේ කාලයේ රටේ සාමකාමී වාතාවරණයක් හා ස්වයංපෝෂිත භාවයක් තිබූ බැව් කියවේ වර්ෂ නමයක් වූ රජුගේ කාලය පිළිබඳව සෙල්ලිපි තුනක් පමණක් සොයා ගෙන ඇති බවත් ඒවායේ සදහන් තොරතුරු යම් යම් පූජා කටයුතු පිළිබඳව බවත් ප්‍රකාශිතය

No comments:

Post a Comment