Thursday, January 9, 2014

මහානාම මහ රජතුමා

බුද්ධදාස රජුගේ බාල පුත් මහානාම කුමරු මුලින් පැවදි වී සිටියේය සිය සොයුරු උපතිස්ස රජුගේ බිසව සමඟ රහස් සබදවයක පැටලී සිටි ඔහු බිසවගේ දුෂ්ඨ ක්‍රියාවෙන් රජු මරණයට පත් වීමෙන් පසු සිවුරු හැර දමා විත් රජකම බාරගත් බව කියවේ අනතුරුව සිය සොයුරාගේ බිරිද තම බිසෝ තනතුරට පත් කර ගත්තේය සිය සොයුරා හා පිය රජු ගිය අඩි පාරේම ගමන් ගත් මහානාම රජු ද අභිනව විහාර කරවා සඟ සතු කිරීමෙන්ද පැරණි විහාර අලුත්වැඩියා කිරීමෙන්ද සසුනට සංග්‍රහ කළේය සමහරු අර්ථ දක්වන ආකාරයට ඔහු වැඩිපුර ආරාම පිදුවේ අභයගිරි විහාරයටය එහෙත් ඔහුගේ බිසව දිඹුලාගල ආරාමයක් කරවා ථෙරවාදී භික්ෂූන්ට පූජා කර ඇත
මහානාම රජුගේ රාජ්‍යොදය වි‍ශේෂයෙන් වැදගත් වී තිබෙණුයේ දඹදිවින් පැමිණි අටුවාචාරී බුද්ධඝෝෂ ස්ථරවියන් වහන්සේ විසින් ත්‍රිපිටකය පාලියට නැගීම නිසාය දඹදිව බමුණු තරුණයෙකු වූ උන් වහන්සේ දඹදිව රේවත නම් තෙර කෙනෙකු වෙත පැවිදිව සියලු අටුවා මේ දිවයිනේ පවතින බව දැන මෙරටට වැඩම කර ඇත බුද්ධඝෝෂ තෙරුන්ට එකී කාර්යය භාර කරන ලද්දේ උන් වහන්සේ ඊට සුදුසු දැනුමක් තිබූ නිසාය
මහානාම රජු විසින් යවන ලද දූත පිරිසක් ක්‍රි.ව.428 දී චීනයට ළගා වූ බව වාර්තා වේ 405-415 අතර චීනයේ න්සිං පෙළපතේ හියා ඕ රජු වෙත බුදු පිළිමයක් තෑගි යවා ඇත ලංකාවේ නිෂ්පාදිත ද්‍රව්‍ය රැගෙන දූත පිරිසක්ද චීනයට ගිය අතර චීනයේ මෙහෙණි සස්න පිහිටුවීම සදහා ලංකාවෙන් ගිය මෙහෙණින් වහන්සේලා සහභාගී වූ අතර මේ භික්ෂු පිරිසේ තෙසේරා මෙහෙණියන්ගේ උපාධ්‍යයෙන් චීන සාමණේරවරියන් උපසම්පදා කර භික්ෂුණි ශාසනය පිහිටුවා තිබේ මේ අතර චීනය සමග පෙර සිට පැවති වෙළද සබදතා තවත් දියුණුව තිබූ බව විශ්වාස කෙරේ ප්‍රසිද්ධ චින සංචාරකයෙක් වු පාගියන් තෙරුන් වහන්සේ මෙහි පැමිණ ඇත්තේ මහානාම රජු දවසය
වසභ රජුගෙන් ඇරඹුන ලම්බකර්ණ වංශික රජ පෙළපතට කෙළින්ම සම්බන්ද වන රජ පරපුර මහානාම රජු අභාවප්‍රාප්ත වීමත් සමග අවසන් විය මේ රජු වසර විසිදෙකක් රජ පදවිය දරා ඇත

No comments:

Post a Comment