මේ රජුගේ නාමය යනුවෙන් දීප වංශයේ සදහන් අතර මහා වංශයේ දක්වන්නේ මහා දාඨික මහා නාග යනුවෙනි මේ රජු කලක් රෝහණ දේශයේදී දක්ෂිණ දේශයේද පාලකයා වශයෙන් කටයුතු කළ අතර භාතිකාභය රජු අතර දැඩි සහෝදරත්වයක් හා සබදතාවයක් පවත්වාගෙන ගොස් ඇත
මහාවංශයේ සදහන් අන්දමට මහා ථූපයේ සෑමළුවට විශාල කරවීම හා පේසා වළල්ලට යටින් නෙළුම් මල් රූ සටහන් ඇතුළත් ගල් ඇල්ලීම විශේෂ වේ එසේම අඹතලා මහා සෑය ඉදිකිරීමද මේ රජුගේ කාර්යයෙකි එසේම සෑ ගිරියේ හා අනෙකුත් තැන්වල කරන ලද ගිරි භණ්ඩ මහා පූජාවද ජනතාවට ධාර්මික වින්දනයක් ලබා දුන් රටේ සශ්‍රීකත්වය ද පෙර දැරි කරගත් පූජාවක් විය තවද ඔහු විසින් පිහිටුවන ලද සෙල්ලිපි 15 වැඩි ගණනක් සොයා ගෙන ඇති අතර ඒවායින් කියවෙන්නේ ඔහු විසින් කරන ලද පුද පූජාවෙන් පිළිබඳ තොරතුරුය
මේ රජු වැව් වාරිමාර්ග ඇතුළු රජය සතු දෑ විහාරස්ථානවලට පූජා කර ඇත ඒ අනුව වාරිකර්මාන්ත ව්‍යාපාර ආදිය සැළකිය යුතු දියුණු තත්ත්වයකින් තිබෙන්නට ඇතැයි විශ්වාස කෙරේ මහා නාග රජුට ගාමිණී අභය හා තිස්ස යනුවෙන් පුතුන් දෙදෙනෙකු සිටි බැව් මහා වංශ කියයි සෙල්ලිපි අනුව කරුණු දක්වන සමහරු මේ රජුට තවත් පුතෙක් හා දියණියක් ද සිටි බව පැවසේ එසේම රෝහණ දේශය දක්ෂිණ හා උතුරු පෙදෙස යන ප්‍රදේශවල සිටි පාලකයන් නවත්වා දිවයින තුළ ඒකීය පාලනයක් ගෙන ගිය බැව් කියවේ
No comments:
Post a Comment