Thursday, January 9, 2014

ආමණ්ඩ ගාමිණී රජතුමා

මහා දාඨික මහා නාග රජුගේ වැඩි මහල් පුත්‍රයා වූ ආමණ්ඩ ගාමිණී අභය රජකම භාරගෙන ඇත්තේ බු.ව.562 දීය මේ කුමාරයා දක්ෂිණ දේශයේ යුව රජු වශයෙන් කලක් කටයුතු කර තිබේ රාජාවලියේ අඩ ගැමුණු වශයෙන්ද රාජ රත්නාකාරයේ අමඩ ගැමුණු යනුවෙන්ද මේ රජු පිළිබඳව විස්තර සදහන් වේ මහා වංශයේ සදහන් අන්දමට මේ රජු පළතුරු හා කොමඩු දන්දීම ඒ නම ආමණ්ඩ යන්න යෙදී තිබේ මේ රජුද සිය පිය පරපුර අනුව යමින් ලෝවාමහාපාය,ථූපාරාමය හා රුවැන්වැලිසෑය, යන පුද බිම්වල නවකම් කළ බව සදහන් වේ තවද රුවැන්වැලිසෑයේ කටයුතුවලට රිදී පහළ වූ බව කියන වර්තමාන රිදී විහාරයේ පැවැත්ම වෙනුවෙන් ගම් දෙකක ගංවර පූජා කළබැව් සෙල්ලිපි වලින් තහවුරු වන බැව් පැවසේ මත්ත්ව ඝාතනය හා පර පණ නැසීම මුළු දිවයිනටම බල පැවැත්වෙන පරිදි මේ රජු විසින් තහනම් කරන ලදී
සියලු සත්ත්වයන්ට අභය දානය දෙන ලෙස නියෝග පැනවූවත් රජුට ඉතා අවාසනාවන්ත තත්ත්වයක් උද්ගත විය එනම් සිය සහෝදරයා වූ කණිරජාණු තිස්ස අතින් මරණයට පත්වීමට සිදු විය මේ රජුගේ කාල සීමාව වසර නවයකට සීමා වූ බැව් කියනු ලැබේ ලංකා ඉතිහාසය පිළිබඳව කරුණු දක්වන විචාරකයින් සදහන් කරන්නේ මකලන්තිස්ස රජුගේ සිට ආමණ්ඩ තිස්ස අභය රජු දක්වා වසර හැත්තෑවක පමණ කාලය විදේශීය සතුරු ආක්‍රමණ මෙන්ම රටේ අභ්‍යන්තර ආරවුල් වලින්ද තොර සාමකාමී අවධියක් වූ බවයි ඒ අනුව රජු මෙන්ම වැසියා ද දැහැමි දිවි පෙවෙතක් ගත කළ බැව් සදහන් වේ

No comments:

Post a Comment