Thursday, January 9, 2014

චනුද්‍රමුඛ සීව රජතුමා

බු.ව.582 දී සිහසුන හිමිකර ගත් චන්ද්‍රමුඛ සීව කුමරු ඉලනාග රජුගේ පුත්‍රයෙකි මහා වංශයේ චන්ද්‍රමුඛ සීව රජු පිළිබදව තබා ඇත්තේ ගාථා තුනක පමණ සුළු සටහනකි මේ රජු මණිකාර ග්‍රාමයේ වැවක් තනවා ඉසුරුමුණි විහාරයට පුදකළ බව වංශකථාවල දැක්වේ මෙම මණිකාර ග්‍රාමයේ ආදායම දෙමළ දේවිය සතුව පැවති බව කියවේ දෙමළ දේවී යනු චන්ද්‍රමුඛසීව රජුගේ බිරිදය විචාරකයන් කරුණු දක්වන අන්දමට ඉලනාග රජු ඉන්දියාවේ දෙමළ ප්‍රධානීන් සමග පවත්වන ලද ඇසුර අනුව රජුගේ පුත්‍රයා පසු කළ ද්‍රවිඩ කාන්තාවක් විවාහ කරගන්නට මඟ පෑදෙන්නට ඇතැයි විශ්වාස කෙරේ
චන්ද්‍රමුඛ සීව රජුගේ රාජ්‍ය කාලය වර්ෂ අටක් හා මාස 7ක් වූ බැව් සදහන්ය ඔහුගේ රාජ්‍ය කාලය අවසන් වූයේ ඉතාමත් අවාසනාවන්ත ආකාරයෙනි එනම් සිය මළනුවන් වූ යසලාලක තිස්ස විසින් වැඩිමහල් සොයුරු චන්ද්‍රමුඛසීව මරා රාජ්‍ය පැහැරගෙන ඇත
ඓතිහාසික තොරතුරු වලින් හෙළිවන පරිදි රජවරු තිසාවැවේ ජල ක්‍රීඩා සදහා උත්සවශ්‍රීයෙන් සහභාගී වීම පැරණි චාරිත්‍රයෙකි එසේ ජල ක්‍රීඩා සදහා රජු සහභාගී වූ අවස්ථාවේ ඔහු මරා දැමූ සිය කනිටු සොයුරු යසලාලක තිස්ස පැහැර ගත්තේය

No comments:

Post a Comment