Thursday, July 4, 2013

ලෝක හෙවත් ලෝකේෂ්වර සෙනෙවියා

පරාක්‍රම පාණ්ඩ්‍ය රජු සොළීන් විසින් මරණයට පත් කරන ලද පසු පාලනය බාරගන්නා ලද්දේ ලෝක නම් සෙනෙවියෙකි.සිංහල ග්‍රන්ථවල ඔහු සඳහන් වන්නේ ලෝකේෂ්වර නමිනි.ඔහුද කාගේ කවරෙක්ද යනු දැනගැනීමට කිසි තොරතුරක් ලේඛනවල සඳහන් වී නැත.මකඛකුදෑස වාසියෙකු බවත් සෙනෙවිනායකයෙකු බවත් චාරිත්‍රවිධියෙහි දක්ෂයකු බවත් මහාවංසය දක්වයි.
ලෝකේෂ්වර සෙනෙවියා සොලීන් මර්දනය කර කතරගම සිට රට පාලනය කළ බව විස්තර වේ.ඔහුගේ රාජ්‍ය කාලය වර්ෂ හයකට සීමා වූ බව කියැවේ.වික්‍රමබාහු රජුගෙන් පසු මේ කාලය තුළ රෝහණය පාලනය කළ රජවරුන් අතුරින් ලෝකේෂ්වර සෙනෙවියා වැඩි කලක් ජීවත් විය.මෙයින් පෙනි යන්නේ ඔහු මහජන ප්‍රසාදය එක්තරා ප්‍රමාණයකට දිනාගෙන ක්‍රියා කළ බවය.
මහා විජයබාහු පුවතට සම්බන්ධ වන බුද්ධරාජ සෙනෙවියා ලෝකේශ්වරට විරුද්ධව සිටියකු බවද පෙනේ.කීර්ති කුමාරයා ගැන තොරතුරු එළිදරව් වන විට ඔහු කෙරෙහි විශ්වාසය තැබූ ජනනායකයන් අනෙකුත් නීත්‍යානුකූල රාජ උරුමයක් නැති රෝහණ පාලකයන් අතහැර කීර්ති කුමාරයා වටා එක්වීමක් සිදුවෙමින් පැවත බව මෙයින් අනාවරනය වෙයි.
මේ නිසා ලෝකේශ්වර කීර්ති කුමාරයාට එරෙහිව සටනට එළඹීයේය.බෝධිවාල,ච්ණ්ණසාල,රෝමුණසේල යන තැන්වල දෙපිරිස අතර සටන් විය.මේ හැම තැන දීම ලෝකේෂ්වර පරාජයට පත්විය.මෙයින් පසු යුද්ධ කිරීමේ ආශාව අතහැර දැමූ ලෝකේශ්වර හයවන රාජ වංශයේදී මිය ගියේය.

No comments:

Post a Comment