Thursday, July 4, 2013

කාශ්‍යප කේශධාතු නායක

ලෝකේෂ්වර සෙනෙවියා මරණයට පත්වීමෙන් පසු පාලනය භාරගත්තේ කවරෙක්ද?යනු පැහැදිලි නොවේ.එහෙත් විජයබාහු රජුගේ මූලික ප්‍රවෘත්තිය ප්‍රකාශ කරන මහාවංසයලකේශධාතු නායක කාශ්‍යප නම් අයකු කතරගම සිට රෝහණයේ පාලනය ගෙනගිය බව සඳහන් කරයි.එනිසා පැහැදිලි වන්නේ ලෝකේෂ්වර සෙනෙවියාගේ අභාවයෙන් හිස්වූ තැනට කේශධාතු නායක කාශ්‍යප පත්වූ බවයි.මොහු ගැනද විස්තරයක් ලේඛනවල සඳහන් වී නැත.
කාශ්‍යප රෝහණයේ පාලනය ගෙනයන බව දැනගත් සොළීහු ඔහුට විරුද්ධව සටනට පැමිණියහ.මේ වනවිට බලවත්ව සිටි කේශධාතු නායක තෙමේ ඔවුන්ට විරුද්ධව සටන් කළේ සොළී සෙනග පලවා හැර රක්ඛපාසාණ සීමා දක්වා බලය පතුරුවා ආරක්ෂා විධිවිධාන සලසා කතරගමට ගියේය.ඔහු ලැබු ජයෙන් ඔද වැඩී බව මහාවංසය කියයි.ඉහත කියූ රක්ඛපාසාණ යනු වර්තමාන රක්වානයි.
විජයබාහු කුමරුගේ පක්ෂයට කේශධාතුනායක විරුද්ධව සිටි බව පෙනේ.මහජනතාවද ඔහුට අවනත නොවී කුමරුගේ පක්ෂය ගත්තේයමෙයින් පැහැදිලි වන්නේ නායකත්වයක් නැතිව සිටි රෝහණ ජනතාව සොළීන්ට විරුද්ධව ආ ඕනෑම නායකයකු වටා තාවකාලිකව එක් වුවද නීත්‍යානුකූල නායකයනු හමුවේ ඔහුට සහාය වීමට පෙරමුණ ගත් බවයි.කාශ්‍යප,විජයබාහු කුමාරයාට එරෙහිව සේනාව ගෙන සිප්පත්ථල නම් පෙදෙසට පැමිණි නමුත් සටන් කිරීමට නොහැකිව බදිරංගණියට පලා ගියේය.විජයබාහු කුමාරයා කතරගම ගියේය.
ඉහත සඳහන් සිද්ධි සිදුවෙද්දී පලාගොස් සිටි කේශධාතු නායකා සේනාව ගෙන කුමාරයාට විරුද්ධව කතරගමට ළඟා විය.මෙහිදී ඇති වූ යුද්ධයේදී කේශධාතු නායකයා මරණයට පත්විය.මහාවංසය දක්වන හැටියට ඔහුගේ පාලන කාලය මාස හයකි.

No comments:

Post a Comment