Thursday, July 4, 2013

පරාක්‍රම පාණ්ඩ්‍ය මහරජතුමා

ජගත්පාල රජු සොළීන් විසින් මරණයට පත් කරන ලද අරාජික වූ රෝහණයේ රජ බවට පත්වූයේ මුලින් දක්වන ලද වික්‍රමපාණ්ඩ්‍ය රජුගේ පුත්‍රයා වූ පරාක්‍රම කුමාරයයා.සිය පියා ජගත්පාල රජු සමඟ පැවති සටනේදී දිවි පුදද්දී සිය දිවි රැකගැනීම සඳහා ඔහු සැඟවී යන්නට ඇත.ඔහු විදේශ රටකට ගිය බවක් සඳහන් නොවේ.ජගත්පාල රජුගෙන් පසු රජකමට පත්වූ පරාක්‍රම දේවර්ෂයක් රෝහණය පාලනය කළ පසු සොලීහු ඔහුද අල්ලා මැරූහ.
මුලින් අවස්ථාවක පෙන්වා දුන් අන්දමට මණිමංගලම් ලිපියෙහි සොළීන්ගෙන් විනාශ වුණු ශ්‍රී වල්ලභ මදන රාජ නම් අයකු ගැන කියවෙයි.සිංහල පොත්වල එබදු නමක් නොදැක්වේ.එහෙත් මහාවංසය දක්වන පරාක්‍රම පාණ්ඩ්‍ය රජු මෙයින් අදහස් කරතැයි පැහැදිලි කර ඇත.
වික්‍රමපාණ්ඩ්‍ය හා පරාක්‍රම පාණ්ඩ්‍ය,පාණ්ඩ්‍ය වංශිකයන් බවට සැක නැත.සොළින්ගෙන් පහර වැදුණු පාණ්ඩ්‍ය කුමාරවරුන් සිංහලයන් සමඟ මිත්‍රව සිටින්නට ඇති බවත් ලංකාවේ සොලීන් මැඩීමට ඔවුන් ක්‍රියා කරන්නට ඇති බව පෙනේ.

No comments:

Post a Comment