වික්‍රමපාණ්ඩ්‍ය රජු මරණයට පත්කර ජගත්පාල නම් තැනැත්තා රජකමට පත්විය.අපේ ලේඛනවල මෙසේ සඳහන් වුවද මණිමංගලම් සෙල්ලිපියෙහි දක්වා ඇත්තේ වික්‍රමපාණ්ඩ්‍ය රජු සොළීන් විසින් මරණ ලද බවකි.මෙතෙම රාම ගෝත්‍රෙයහි උපන්අයෙක් බව මහාවංසය දක්වයි.එහෙත් එබඳු ගෝත්‍රයක් මේ රටට ආවේණික නොවේ.ඔහු පැමිණියේ අයෝධ්‍යා පුරයේ බවද වංසකථා කියයි.මෙසේ වුවද පළමුවන විජයබාහු රජුගේ තොරතුරු විස්තර කරද්දී මහාවංසය ජගත්පාල රජුගේ දියණිය වූ ලීලාවතී කුමරිය සරණ කර ගත් බව තහවුරු වූයෙන් බිසොව ලෙස අභිෂේක කරන ලද බවද මෙහිලා දැක්වේ.
ජගත්පාල රජු අයුජ්ජපුරයෙන් පැමිණි බව සඳහන්ය.මේ ගැන සොයා බැලීමට ඇති සාධක විරල වේ.අයුජ්ජ යන පාලි වචනය සංස්කෘත භාෂාවෙන් අයෝධ්‍ය යනුවෙන් සිටී.අයෝධ්‍ය යනුවෙන් නගරයක් ගැන රාමායණයෙන් සඳහන් වෙයි.එය කේශල දේශයට අනුරූපීය.රාම රජුගේ වාසභූමිය ලෙස අයෝධ්‍යා නගරය එම ග්‍රන්ථයෙහිම විස්තර කර තිබේ.ලංකාවේ රජවරුන් ඉන්දියාවේ අයෝධ්‍යායෙහි සුර්යය වංශික ඉක්ෂ්වාකු වංශයට නෑකැම් කී බව මහාචාර්ය සෙනරත් පරණවිතාන කියයි.මුලින් සඳහන් කරන ලද මණිමංගලම් ලිපියෙහි කණ්ණකුච්චියෙන් පැමිණි වීරසලාමෙඝන් නම් කුමාරයෙකු සොළීන් විසින් මරාදමන ලද බවත් ඔහුගේ ඥාතීන්ට ඔවුන් හිරිහැර කරන ලද බවත් එම ලිපියෙහිම පැහැදිලි කර තිබේ.මෙබඳු රජකු පිළිබඳව අපේ ලේඛනවල නොදැක්වෙයි.එහෙත් සමාන විස්තරය අනුව පෙනී යන්නේ වීරසලාමේඝ යනුවෙන් සොළීන් දක්වා ඇත්තේ මහාවංසයයෙහි එන ජගත්පාල රජුම බවයි.
අයුජ්ජ නම් වචනය තමත් විදියකින් විස්තර කළ හැකිය.සියම් රාජ්‍යෙයහි පැරණි අගනුවර වූ අයුධ්‍යා නම් වේ.එම සම්පූර්ණ නම ද්වාර්වතී ශ්‍රී අයුධ්‍යා වේ.දැනටද මේ නම එහි භාවිතා වේ.පාලි මහාවංසය අයුජ්ජපුර නමින් හැදින්වූයේ සියමෙහි වූ මේ නගරය නම් ජගත්පාල පැමිණියේ මේ ප්‍රෙද්ශයෙහි සිට යැයි අළුත් අර්ථ විග්‍රහයක් කළ හැකිය.ද්වාරතිය ඉන්දියාවෙහිද පැවති පැරණි නගරයකි.මේ නාමයද අපේ ඉතිහාසයට අලුත් දෙයක් නොවේ.අපේ සෙල්ලිපිවල සඳහන් වන තවරකිය යනු එහි ප්‍රකෘත සිංහල රූපයයි.අතීතයේ සිටම සියම්-ලංකා සම්බන්ධය හොදින් පැවති බව පෙනෙන බැවින් ලංකාවට සොළී උවදුරු පැමිණි වකවානුවෙහි සිංහල කුමාරයන්ට ඉන්දියාව ආරක්ෂක ස්ථානයක් නොවූ බැවින් සොළීන්ගෙන් ආරක්ෂාවීම පිණිස ඔවුන් සියම් දේශයේ පිහිට පැතීමටද ඉඩ තිබේ.අයෝධ්‍යා නගරය ගොඩනැගූ කාලවකවානුව පොළොන්නරුව කාලයෙන් මදක් මොබට වැටෙන බැවින් කාලය පිළිබඳ ප්‍රශ්නයක් තිබේ.එහෙත් ද්වාරතිය ඊට පැරණි බව සැලකිය හැකිය.
ජගත්පාලට වික්‍රමපාණ්ඩ්‍ය රජු මරණයට පත් කිරීමට හැකි වූයේ කෙසේද යනු ගැටළුවකි.ඔහු පිටරටකින් සේනාවක් ගෙන ආවේ නැත.වික්‍රමපාණ්ඩ්‍ය මේ රටේ කුමාරයෙක්ද නැත්නම් වෙන රටක අයෙක්ද යන්න පැහැදිලි නැත.මහාවංසය ඒ ගැන දක්වන්නේ බියෙන් සිය රට හැර ගිය අයෙකු යනුවෙනි.සියරට යනු ඒ ගැන නිශ්චිත අර්ථයක් නොදේ.ඔහු රජකම් කළේද මීට පෙර රජවරුන් විසූ කතරගම සිට නොවේ.ඔහුගේ රාජ්‍ය කාලය වර්ෂයක් වූ බව අපි දනිමු.ඔහු මරණයට පත් කළ ජගත්පාල වර්ෂ හතරක් රෝහණයේ රාජ්‍ය කළේය.ජගත්පාල රජු රෝහණ වැසියන්ගේ ඉල්ලීමක් අනුව මෙහි පැමිණියේදැයි සමහරු අනුමාන කරති.ඔහුට රෝහණයෙහි ජනයාගේ පක්ෂපාතීත්වය බොහෝ දුරට ලැබී තිබූ බව පැහැදිලි වෙයි.ඔහු කතරගම රාජධානිය කරගන්නට ඇත.එහෙත් විද්‍යොදය විශ්වවිද්‍යාලයේ හිටපු ඉතිහාස මහාචාර්ය හාන්දුපැල්පොල පඤ්ඤරතන නාහිමියන් පවසන්නේ ඔහුද කාලතිත්ථයෙහි සිටිමින් රාජ්‍ය විචාල බවය.
සොළීහු නැවතත් රුහුණ ආක්‍රමණය කළහ.ජගත්පාල රජු ඔවුන්ට මුහුණු දුන්නද ජයගත නොහැකි විය.සොළීහු රජු අල්ලා මැරූහ.එපමණක් නොව ඔහුගේ බිසොව හා දියණිය වූ ලීලාවතී කුමරියද අල්ලාගෙන කොල්ලකාගත් සාරධනයද ද සොළී දේශයට යැවූහ.රෝහණය අරාජික විය.
No comments:
Post a Comment