Thursday, January 9, 2014

චෝර නාග මහ රජතුමා

දෙමව්පියන් විසින් වළගම්බා රජු විසින් සිය පුතණුවක් වූ මේ කුමාරයාට තබන ලද නාමය නාග හෝ මහා නාග බැව් ඉතිහාසයෙන් සදහන් වේ මොහු මහා චූලිත මෙන් වළගම්බා රජු සමග කලින් කල වන ගතව සිටි බැව් සදහන් වුවත් ඔහු එහිදී කළ කී දෑ ගැන තොරතුරු වාර්තා නොවේ
එහෙත් රටේ තැනින් තැන කුමර අවධියේ සිටම දාමරිකකම්වල නිරත වූ බැවින් චෝර නාග යනුවෙන් ව්‍යවහාරයට පත් වූ ඔහුට සහය දිමට ප්‍රබූ හා භිකුෂු පිරිස අකමැති විය ඒ චෞරයෙකුට ආරක්ෂාව සැපයීමට ඉදිරිපත් වීම රාජද්‍රෝහී ක්‍රියාවක් නිසා විය හැකිය කෙසේ හෝ දාමරික කටයුතුවල යෙදුන නාග කුමරු ඒ ඒ අවස්ථාවල රැකවරණය පතා විහාරස්ථානවලට ගොඩ වැදුණද ඒවායේ භික්ෂූන් වහන්සේලා මොහුට නවාතැන් සපයා නැත අවසානයේ ඔහු රජ බවට පත් වූවද ඔහුගේ ගුණාංගවල වෙනසක් දැකිය නොහැකි විය කුමාර අවධියේ දී තමා ඇකවරණය පතා ගිය ඇතැම් ආරාම වලින් තමාට රැකවරණය නොලැබුණ නිසා වෛර බැද ගෙන තිබූ ආරාම 18 ක් ඔහු විසින් විනාශ කරන ලදී
මේ කාලයේ දඹදිව මිලින්ද රජු රජකම් කළ අතර ඒ රජු බැමිණියක පිළිබදව ඇතිවී ඇගේ සැමියා මැරවීමට ක්‍රියා කළේය මෙයින් කුපිත වූ බැමිණිය රජුට ශාප කර ගෙට වැදී දිවි හානි කර ගත්තාය මේ නිසා දඹදාව දොළොස් වසක් නියගයක් ඇති විය චෝර නාගගේ අධම ක්‍රියා නිසා එහි ප්‍රතිඵල මේ රටටද බලපා බැව් රාජාවලී කතුවරයා දක්වයි
එහෙත් පුව ජනතාවගේ වෛරය රජු කරා එල්ල විය චෝර නාග මහා සිළු තිස් යුගයේ අවසාන භාගයේ පෙරළි කළේ ඉක්මනින්ම රාජ්‍ය බලය ලබා ගන්නටය එහෙත් ඔහුට ජනතාවගේ අප්‍රසාදය හමුවේ ජීවිතය රැක ගැනීම අපහසු විය ඔහුගේ බිසව පවා ඔහුගේ ක්‍රියා පිළිවෙත හෙළා දුටුවේය අනතුරුව අනුලා බිසව නම් වීමේදී අදහස් ඇති කාන්තාවකගේ වස බදුනක් ඔහුගේ ජීවිතය තොර විය

1 comment:

  1. Betway Casino App & Download App for Android & iOS - Jtm Hub
    Betway Casino App | Betway Casino App | Betway Casino App | 남원 출장샵 Betway Casino App 상주 출장마사지 | Betway Casino App | Betway Casino App 김제 출장안마 | Betway Casino App | 정읍 출장마사지 Betway Casino 진주 출장안마 App

    ReplyDelete