මහල්ලක නාග රජුගෙන් පසු ඔහුගේ වැඩිමහල් පුත් භාතිය තිස්ස බු.ව.679 දී රජ බවට පත් විය මේ දෙදෙනා නිවුන් සොහොයුරන් බැව් සමහරු කරුණු දක්වති
මේ රජුගේ කාලයට අයත් සෙල්ලිපි නවයක් පමණ උතුරු නැගෙනහිර ද ඇතුළුව දිවයින පුරාම පිහිටුවා තිබී ඇත ඒ වායින් වෙල්ගම විහාර ලිපියෙන් ත්‍රිකුණාමලයේ වෙල්ගම විමාරය පිළිබඳව සදහන් වන අතර කලක් එම පෙදෙස ඔහුගේ අමාත්‍යවරයෙකු වූ අභය සේනාධිපති විසින් පාලනය කර ඇත
කෙසේ වුවත් මේ සමය වන විට සාමකාමී වාතාවරණයක් ලක්දිව පැවැති අතර ජනතාව මෙන්ම රජුද දැහැමි ආගමික සේවාවල නිරත වෙමින් කටයුතු කර ඇත
No comments:
Post a Comment