Thursday, January 9, 2014

දෙවන මුගලන් මහ රජතුමා

සීලාකාල රජුගෙන් පසු සිහසුන හිමි කර ගත්තේ දෙවැනි මුගලන් හෙවත් දල මුගලන් කුමාරයාය ඒ වන විට ඔහුගේ බාල සොහොයුරන් දෙදෙනාම සිහසුන අරඹයා ඇති වූ ගැටුම් වලින් මරුමවට පත්ව සිටියහ ක්‍රි.ව.535 දී රජ පත් වූ දෙවන මුගලන් ශ්‍රේෂ්ඨ නරපතියෙකු වශයෙන් චූල වංශයේ සදහන් වේ
මුගලන් රජු ධාර්මික මෙන්ම උත්තරීතර චරිතයකින් යුත් කාව්‍ය ශාස්ත්‍ර ආදියේද ප්‍රවීණත්වයක් ලැබූ පාලකයෙක් විය පණ්ඩිත භාවයෙන් මෙන්ම ශ්‍රද්ධා භක්තියෙන්ද පිරිපුන් රජු මේ රටේ සමෘද්ධිය උදෙසා විශාල මෙහෙයක් සිදු කර ඇත
ලංකාවේ පවත්නා විශාල වාරි කර්මාන්තයක් වූ පදවිය වැව කරවන ලද්දේ දෙවැනි මුගලන් රජතුමාය මල්වතු ඔය මාර්ගයෙන් ජලය බෙදා හරින ලබන සියලු වැව්වලට ජලය සපයන බවට ප්‍රසිද්ධ නච්චදූව වැවද මේ රජුගේ නිර්මාණයෙකි වැව් තැනවීම හා කෘෂිකර්ම කටයුතු පිළිබඳව මහසෙන් හා ධාතුසේන රජුන් තරමටම දැයට මෙහෙයක් කළ මේ රජුන් ඒ නිසාම කීර්තිනාමයක් අත් කරගෙන ඇත
මේ නිසා රට වැසියාගේ සහාය රජුට හිමි වූ හෙයින් ඒකීය පාලන ක්‍රමයක් පවත්වා ගෙන යාමටත් ආගමික ශාස්ත්‍රීය කටයුතුවල පුනරුදයක් ඇති වීමත් ඒ සමය තුළ සිදු විය ක්‍රි.ව.554 දක්වා මේ රජ පාලනය ගෙන ගිය බැව් දැක්වේ

No comments:

Post a Comment