Thursday, January 9, 2014

කණිට්ඨතිස්ස රජතුමා

භාතිය තිස්ස රජුගෙන් පසුව ඔහුගේ සොයුරු කණිට්ඨ තිස්ස කුමාරයා රජ වූයේ භාතිය තිස්ස රජුගේ රාජ්‍ය කාලය වූ වසර විසි හතකට පසුවය මේ රජු චූල තිස්ස වශයෙන්ද පූජාවලිය රාජ රත්නාකාරයේ යන ග්‍රන්ථවල සදහන් වේ
මේ රජු දිවයිනේ නොයෙක් පෙදෙස්වල සෙල්ලිපි පහළොවක් පමණි පිහිටුවා තිබී ඇත මහා වංශයේ තොරතුරු හා සසදන විට මේවායේ සදහන් පුද පූජා හා කරුණු වැදගත් වේ රජු රෝහණ දීඝවාපි සෑයේ ප්‍රතිසංස්කරණ කටයුතු කර ඇති අතර කැලණිය මණ්ඩලගිරි දුරතිස්ස වාපිය යන ආරාමවල උපෝෂථාගාර ඉදි කර ඇත
කුන්කුමා ගිරි පිරිවෙන් පෙළ කිරීම,මහා මේඝවන සීමාව ඉක්මවා දක්ෂිණ විහාරයේ දන්සල් කරවීම හා මහා විහාරයේ ප්‍රකාරය කරවා දක්ෂිණ විහාරයට මාවතක් තැනීම යනාදිය ඔහු මහා විහාරයෙන් නොවිමසා කරන ලද ‍ඓතිහාසික කාරයයන් වේ
වසභ රජුගේ සිට කණ්ට්ඨ තිස්ස රජු දක්වා වර්ෂ එකසිය පනහකට අධික කාලයක් තුළ රටේ කලබලකාරී වාතාවරණයක් නොවූ අතර වංකනාසික තිස්ස සමයේ වූ ද්‍රවිඩ ආක්‍රමණ හැරුන විට වෙනත් කිසිවක් ගැන වාර්තා නොවේ එසේම සොළීන් පිළිබඳ එම සිද්ධියද කාලයක් මෙරටට පීඩාකාරී ලෙස බලපෑ බවක් නොපෙනේ වසභ රජුගේ කෘෂි කර්මාන්ත දියුණුව හේතු කර ගෙන රට ස්වයං පෝෂිත විය
එසේම කණිට්ඨ තිස්ස රජුගෙන් ඔච්චාප්පු කල්ලු ලිපියේ සදහන්  අනුව මගන නගර නමින් සදහන් තොරතුරු විමසන විමසන විචාරකයින් එය ස්වාභාවික වරායන් සම්බන්ධ කර ගෙන පිහිටි නගරයක් බැව් විශ්වාස කරති මෙයින් පෙනෙන්නේ ද ජාත්‍යන්තරව ආනයන අපනයන කටයුතු සිදු වූ බවයි එසේම විදේශ රටවලින් පූජා භාණ්ඩ පබළු සේද රෙදි යනාදිය මෙරටට ගෙන ඒමත් වරායන් සමග සබදතා පැවතීමත් මෙහිදී අමතක කළ නොහැක කණිට්ඨ තිස්ස ක්‍රි.ව.164 – 192 දක්වා අටවිසි අවුරුද්දක් රජකම් කළ බැව් දැක්වේ
මහා වංශගත තොරතුරු අනුව කණිට්ඨ තිස්ස රජුට පුත්‍රයෝ දෙදෙනෙකි මෙයින් වැඩිමහළු කුමාරයා බුජ්ජනාග නම් විය කණිට්ඨ තිස්සගෙන් පසු බුජ්ජනාග රජකමට පත් විය ඒ බු.ව.731 දීය එහෙත් ඔහුට රජකම් කිරීමට හැකි ලැබුණේ වසරක් පමණ කාලයක් බැව් සමහරු කියන අතර සමහරු ඒ කාලය වසර දෙකක් බැව් කියනු ලැබේ

No comments:

Post a Comment