Thursday, January 9, 2014

චූලාභය මහ රජතුමා



කණිරජාණු තිස්ස රජුගෙන් පසුව රජ බවට පත් වූයේ ආමණ්ඩ ගාමිණී අභය රජුගේ පුත්‍ර චූලාභය කුමරුය චූලාභය කුමරුට එක් සොයුරියක්  වූවාය රාජරත්නාකාරයේ තොරතුරු අනුව චූලාභය කණිරජාණුතිස්ස රජුගේ පුතෙකු බැව් කියවේ බු.ව.574 රජකමට පත් මේ රජුට බු.ව.575 දී රජ පදවිය අත හරින්නට සිදු විය එක් වසරක් පමණක් රජකම් කළ මොහුගේ සේවා කටයුතු පිළිබඳ වැදගත් තොරතුරු වංශ කථාවල නොදැක්වේ
නිකාය සංග්‍රහයේ කුඩා අබා යනුවෙන් සදහන් වන අතර රාජාවලියේ කුඩා අබා චූලාභය තිස්ස යනුවෙන් සදහන් කර ඇති බැව් ද සමහරු කරුණු දක්වති
චූලාභය තිස්ස හෙවත් කුඩා අබා ගොණක නදී තීරයේ චූලගල්ල විහාරය කරවූ බව මහා වංශගත තොරතුරුවල සදහන් වන අතර ගෝණ නදිය යනු කලා ඔය වශයෙන් සමහරු හදුන්වති කෙසේ වුවත් ගල්ලෙන විහාර සෙල්ලිපිද මේ රජුගේ කටයුතු පිළිබඳව සටහන් දැක්වෙන අතර ඔහු දක්ෂිණ දේශයේ පාලකයෙකු වශයෙන් කටයුතු කර ඇතැයි සමහර විචාරකයෝ කරුණු දක්වති

No comments:

Post a Comment