මහාදාඨික මහා නාග රජුගේ බාල පුත්‍රයා වූ කණිරජාණු තිස්ස රජකමට පත් වූයේ බු.ව.571 දීය මහා දාඨික මහා නාග රජුගෙන් පසු ඔහුගේ වැඩිමහල් පුත්‍රයා ආමණ්ඩ ගාමිණී රජකමට පත් විය අතිශයින් සැදැහැවත් වූ මේ රජු කිසිදු හිංසාකාරී ක්‍රියාවකට නොපෙළඹුන පාලකයෙකු විය එහෙත් කණිරජාණු තිස්ස,ආමණ්ඩ ගාමිණී රජු මරා සිහසුන පැහැර ගත්තේය ඒ කාලය තුළ දිවයිනේ එතෙක් පැවති සාමය අතුරුදහන් වී යළිත් අවුල් වියවුල් හට ගැනීම විශේෂ සිද්ධියක් විය
රජවරු කීප දෙනෙක් යටතේ සසුනට ලැබුණු අනුග්‍රහ මත සඟ සසුනට ඇතුළු වූ නොයෙක් විෂම පුද්ගලයන් නිසා දහමටත් සසුනටත් නිගා ඇති විය මිහින්තලා විහාරයේදී රජුගේ විනිශ්චයක් නොපිළිගත් භික්ෂූන් හැට නමක් රජු වටකොට ගෙන ඔහු මරා දැමීමට තැත් කර තිබේ
එහෙත් කෙසේ හෝ අවසානයේදී ඔවුන්ගෙන් ගැලවී ගත් රජ තෙමේ එම කුමන්ත්‍රණය පරාජය කර ආයුධ සහිතව ඔවුන් අල්ලා විචරධාරීන් සැම දෙනාම මිහින්තලේ කණිර පර්වතයෙන් පහළට පෙරළා මරා දමා ඇත රාජ්‍ය ලෝභය නිසා සිය සොයුරා මරා දැමීමත් පූජනීය භූමියක් එනම් මිහින්තලේ කණිර නම් වූ ප්‍රපාතයෙන් භික්ෂූන් පහළට හෙළා මැරවීමත් නිසා මේ රජු අදමිටු කෲර පාලකයෙක් බැව් රාජාවලිය සදහන් කරයි ඒ අනුව මේ රජුට කණිරාජාණුතිස්ස යනුවෙන් ව්‍යවහාර කරනු ලබන්නේ කණිර පබ්භාරයෙහි දුසිල් මහණුන් හෙළා මැරවීම නිසා යයි ඇතැම් අය කරුණු දක්වති
මේ රජු රජකම් කළේ නගරය තුළ බැව් සදහන් වන අතර ඔහුගේ රාජ්‍ය කාලයද වසර තුනකි බෙහෝ විට නාම මාත්‍ර රජෙකු වශයෙන් ඉතිහාසයේ සටහන් වන මේ රජු චෝර නාග වැනි දුෂ්ඨ රජෙකු බව ජනතාවගේ විශ්වාසය විය
No comments:
Post a Comment