Thursday, January 9, 2014

ශීලා මේඝ වර්ණ රජතුමා

තුන්වෙනි මුගලන් මරා දැමූ අසිග්ගාහක,ජෙට්ඨතිස්ස කුමාරයාට රජකමට ආරාධනා කළද ඔහු නොපැමිණි නිසා සිලා මේඝ වර්ණ නමින් ක්‍රි.ව.623 දී අනුරාධපුරයෙහි සිහසුනට පත් විය මේ කාලයේ ද විශේෂත්වයක් වශයෙන් ඉතිහාසයේ සදහන් වන්නේ රටේ ඇති වූ දුර්භික්ෂයක් පිළිබඳවය මේ නිසා ආහාර හිඟය හා ඒ හේතු කොට ගෙන ඇති වූ නොයෙක් ප්‍රවණතා නිසා සාමාන්‍ය කටයුතු තරමක් ව්‍යාකූල විය
මේ අතරේ මලය රටට වී ජෙට්ඨතිස්ස කුමාරයාට රැකවරණය සැලසූ ඔහුගේ මාමා කෙනෙකු වූ සිංහල සෙනෙවියෙක් දකුණු ඉන්දියාවට ගොස් ද්‍රවිඩ සේනාවක් කැටුව විත් ලංකාවේ උතුරු දෙසින් ගොඩ බැස රජුට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කළහ මේ ද්‍රවිඩ අගම් පඩි සේනාව පහසුවෙන් අන්ත ලෙස පරාජයට පත් කළ ශිලා මේඝ වර්ණ රජ තෙමේ අගම්පඩි සේනාවෙන් නොමැරී බේරුනු සෙබළුන් විහාරස්ථානවල සේවා කටයුතු සඳහා වහලුන් වශයෙන් යොදා ගත්තේය
කෙසේ හෝ දස වසක් රජකම් කළ ශිලා මේඝ වර්ණ රජු කල මහා විහාරය හා රජු අතර හටගත් ආරවුලක් විශෙෂයෙන් ශාසන ඉතිහාසයේ සදහන්ව ඇත මේ හැරුණු කොට වෙනත් සිදුවීම් මූලාශ්‍රයන්හි සටහන් නොවේ ශිලා මේඝ වර්ණ රජුගේ ඇවෑමෙන් තුන්වන අග්බෝ යනුවෙන් ඔහුගේ බාල පුතණුවන් සිහසුනට පත් විය
එහෙත් තුන්වන අග්බෝ රජුට රජකම් කිරීමට ඉඩ සැලසුණේ නැත මෙතෙක් කල් සැඟ වී සිටි ජෙට්ඨතිස්ස කුමරු සේනා පිරිවරා ගෙන විත් අනුරාධපුරයට නුදුරුව රිටිගල කඳවුරු බැන්දේය දාඨාශිව නම් ඇමතියා යටතේ බටහිර දෙසින් අනුරාධපුරයට පහර දීම පිණිස හේ සේනාවක් යවා තිබුණි
මේ අතර අග්බෝ රජුගේ සොහොයුරු මාන නැමති අයෙක් උප රජකම් කරන ලද අතර ඔහු මේ සේනාව පරාජය කර ඇමතිවරයාද සිරභාරයට ගන්නා ලදී සිය සොහොයුරාගේ මේ ක්‍රියාව නිසා උද්දාමයට පත් වූ අග්බෝ රජු සිය සේනා පිරිවරා ජෙට්ඨතිස්ස විනාශ කරනු පිණිස සටනට ගියේය එහෙත් මෙහිදී රජුගේ අදහස වැරදුණ අතර රජුගේ සේනාවට පහර දී සී සී කඩ එළවා දැමුණි මෙහිදී රජු දිවි ගලවා ගැනීම සදහා ඉන්දියාවට පැන ගොස් ඇත

No comments:

Post a Comment