Thursday, January 9, 2014

දෙවැනි සේන රජතුමා

පළමුවන සේන රජුගේ අභාවයෙන් පසුව රජ බවට පත් වූයේ දෙවැනි සේන රජුය ලංකා ඉතිහාසයේ කීර්තිමත් රජ කෙනෙක් වූ ඔහු නැව් තැනවීය පඬි රජු පැමිණි අනුරාධපුරය විනාශ කර වස්තු කොල්ල කාගෙන යාම ගැන උරණව සිටි දෙවැනි සේන ඒ සඳහා පළිගැනීමට අවස්ථාවක් බලමින් පසු විය මේ අතරේ ලක්දිව ආක්‍රමණය කළ ශ්‍රී මාරගේ පුත්‍ර වරගුණ නම් ද්‍රවිඩ කුමාරයා සිය පියා හා භේද වී දෙවැනි සේන රජුගේ ආධාර පතා මෙරටට ළගා විය මෙහිදී ලංකාවට ඔවුන් විසින් සිදු කළ අවමානය මකා ගැනීම පිණිස විශාල යුද්ධ හමුදාවක් පිළියෙළ කරවා කුන්ථන නම් සෙනෙවියෙක් යටතේ වරගුණ කුමාරයාද සමග පඬිරට ජය ගැනීම පිණිස යවන ලදී මේ සදහා සිය සේනාංකය දිරි ගැන්වීම පිණිස මේ පිරිස නැව් නගින තුරු රජු මාන්තොට විත් ඔවුන් දිරිමත් කර ආපසු යැවූ බව ‍ඓතිහාසික තොරතුරුවල සදහන් වේ
වරගුණ කුමරුගේ බලමුළුවද,පඬිරටට ගොඩබට සිංහල යුද සේනාවට එක් විය මේ වන විට නුදුරින් පිහිටි පල්ලව රාජ්‍ය සමග යුද වැදී සිටි පඩි රජු හා බල ඇණිවලට පඩි රටේ අගනුවර වූ මධුරාපුරය රැක ගැනීමට නොහැකි විය ජය ගත් සිංහල සේනාව මධුරා පුරය අල්ලා ගත්තේය එහෙත් කල් නොයවා එහි පැමිණි ශ්‍රී මාර ශ්‍රී වල්ලභ රජු සේනාව රැගෙන සිංහල හමුදාව සමග සටන් කළේය සටනින් පරාජයට පත් වූ පඬි රජු මිය ගියේය ඔහු මිය ගියේ සටනින් වූ බරපතල තුවාල නිසා බැව් කියති
චූල වංශයේ සදහන් අන්දමට මධුරාව කොල්ලකා ගත් සිංහල සේනාව මෙරටින් එරටට ගෙන සිය වස්තුවද පැහැර ගෙන ආපසු පැමිණියහ මෙසේ ආපසු පැහැර ගෙන ආ දේවල් අතර අනුරාධපුරයේ විහාරාරාමවලින් පැහැර ගිය මුතු මැණික් හා රන් බුදු පිළිම ආදියද බැව් සදහන් වේ
පඬි රට විජයග්‍රහණය කළ සිංහල හමුදාව වරගුණ කුමරු පඬිරට සිහසුනෙහි තබා අභිෂේක කර අභිෂේක මංගල්‍යයක්ද පවත්වා ඇත එතැන් සිට ටික කාලයක් යන තුරු පඬි රට ලංකාවට අවනත වූ රාජ්‍යයන් වශයෙන් තිබී ඇති බැව් වංශ කථාවල එයි මේ නිසා දෙවන සේන රජු වීර රජෙක් වශයෙන් ඉතිහාස ගත වූ අතර ඔහුගේ නාමයට මධුරා දිනූ යන විරුදාවලියද යෙදූ බැව් කියනු ලැබේ
එසේම ජයග්‍රාහී වූ සිංහල සේනාව ආපසු නැව් නැගී මාන්තොටට සේන්දු වන විට සේන රජු නැව් තොටට පැමිණ සිය සෙනෙවි ඇතුළු ජයග්‍රාහී බල මුළුව ආදර ගෞරවයෙන් කැඳවා ගෙන ගියේය
එපමණක් නොව දෙවන සේන රජු කල්පනාකාරී පුද්ගලයෙක් විය ඔහු ද්‍රවිඩයන්ගෙන් මතුවට සිදු විය හැකි ආක්‍රමණ ගැන කල්පනා කර එවැනි උපද්‍රවයකින් රට රැක ගැනීම පිණිස මුහුදු බඩ වෙරළ තීරය රැකවල් යෙදූ අතර ආක්‍රමණ මැඩ පැවැත්වීම පිණිස සේනා සංවිධානය කළ බැව් සදහන් වේ
ලක්බිම ස්වාධීනත්වය රැක ගත් සේන රජුගේ රාජ්‍යය සමෘද්ධි සම්පන්න යුගයක් විය යළිත් බෞද්ධ වෙහෙර විහාර පුනර්ජීවනය කළ අතර කෘෂිකර්ම කටයුතුවල උන්නතිය සදහාද වෙහෙස දැරීය වාරි කටයුතු කෙරෙහි අවධානය යොමු කළ රජු මිනිපේ ඇල වඩාත් දීර්ඝ කර මහවැලි ගංගාවේ ජලය මහ කනදරා වැව දක්වා බෙදා හැරීමට කටයුතු යෙදීය

No comments:

Post a Comment